IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නවසීලන්ත අගමැති ලංකාවට

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ඇතුළු දූත පිරිසක් සිංගප්පුරු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකින්  කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් අද අළුයම  දිවයිනට පැමිණියේය.

 තෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාව ගුවන් යානය පා මුලදී කුඩා දරුවන් දෙදෙනෙකු විසින් මල් දම් පළඳවා පිළිගත් අතර අග්‍රාමාත්‍ය වරයාද එම දරුවන්ට ත්‍යාග පිරිනමා සුභ පැතුවේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජෝන් කී මහතාව ඉතා උනුසුම් අයුරින් පිළිගෙන   ගුවන් හමුදා උත්තමාචාර මැද රතුපලස මතින්   විශේෂ අමුත්තන් අත්සන තබන ස්වර්ණමය පුස්තකය වෙත කැඳවාගෙන ගියේය. එහිදී ජෝන් කී මහතා ස්වර්ණමය පුස්තකයෙහි සිය අත්සන තැබීය.

 තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන 26 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අතර  අග්‍රාමාත්‍ය ජෝන් කී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

දෙරටේ දේශපාලනික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සංචාරයේ අරමුණයි.

නවසීලන්ත අගමැතිවරයා සමග පැමිණි එරට වෙළඳ නියෝජිතයන් 25 වනදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇමතීමට නියමිතයි.

සංචාරය අතරතුර නවසීලන්ත අගමැති ජෝන් කී  මහතා විසින් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රීය සංගමයේ විධායක කමිටු රැස්වීමක මුලසුන දරනු ඇත.

.මෙම  සංචාරය අතරතුරදී නවසීලන්ත - ශ‍්‍රී ලංකා ව්‍යාපාරික හමුවක් පැවැත්වීමට නියමිත අතර එතුළින් දෙරට අතර නව ව්‍යාපාරික සබඳතා බිහිවනු ඇති බවට රජය විශ්වාස කරයි. 

 

 1  4 5 7 8 11 15 16 17 18 DSCF6631 

 

 



අදහස් (0)

නවසීලන්ත අගමැති ලංකාවට

අනුලා Wednesday, 24 February 2016 01:34 AM

කිරිපිටි මිල පහත හෙළාගැනීමට හොඳ අවස්ථාවක්. (නි)

:       0       0

සශිලා Wednesday, 24 February 2016 01:55 AM

ලෝක වෙළඳ පොලේ පිටිකිරි මෙට්‍රික් ටොන් එකක මිල බලනකොට දැනට පවතින මිලට වඩා පිටිකිරි කිලෝ එකක් රුපියල් 100 ක් විතර අඩුවෙන් දෙන්න පුළුවන්. මෙතුමාගේ සංචාරයෙන් තවත් වාසිදායක ගිවිසුම් වලට ඇවිල්ලා කොහොමහරි රුපියල් 150 ක්වත් අඩුකරලා දෙනවා නම් ඒක අපිට ලොකු සහනයක්. නිරෝගී ජාතියක් බිහිකිරීමට කිටිපිරි මිල අඩු කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 24 February 2016 02:46 AM

එනවා යනවා. අපිට වැඩක් නැහැ. හැබැයි නවසීලන්තේ ජාතික ගුවන් සේවයක් නැද්ද? ඇයි මෙතුමා වෙන ගුවන් යානයකින් ආවේ? (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 24 February 2016 03:15 AM

ලොව ධනවත්ම රටක ජනාධිපතිවරයෙක් අන්රටක සාමාන්‍ය ගුවන්යානයක ..ලොව දුප්පත්ම අප රටේ රජවරු තනි ගුවන්යානයක සැපට ගමන වෙනසක අරුමය කොතරම්ද (බ)

:       0       0

ශෂී Wednesday, 24 February 2016 03:33 AM

දියර කිරි බොන්න හුරු වෙයල්ලා. පිට රටින් එනකන් බකන් නිලන් ඉන්නේ නැතුව. (බ)

:       0       0

කෝසල Wednesday, 24 February 2016 03:44 AM

ශෂී කියන්නේ දේශපාලකයෙක්ද ? අපිට දියර බොන්න කියල ඕගොල්ලෝ රජ සැපට කනවා බොනවා ඇති. (බ)

:       0       0

රවී Wednesday, 24 February 2016 03:53 AM

ඉමේෂ් ගේ ලපටි මොලේ ට ඕව තේරෙන්නේ නැති පාටයි (බ)

:       0       0

චමිලා Wednesday, 24 February 2016 04:01 AM

ඉමේෂ්, ලංකාවේ ඉඳලා නවසීලන්තයට යන්නවත් නවසීලන්තයේ ඉඳලා ලංකාවට එන්නවත් ඍජු ගුවන් සේවාවන් නැහැ. සිංගප්පුරුව හරහා අදාළ රටවලට යාම තමයි සාමාන්‍ය ක්‍රමය. ඉතින් මෙතුමාත් සිංගප්පුරුවේ සාමාන්‍ය ගුවන් සේවයකින් ලංකාවට ආවා. ඔහුටම කියලා විශේෂ ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව. (නි)

:       0       0

සෝමසිරි Wednesday, 24 February 2016 04:14 AM

ශෂී, දියර කිරි මිල, පිටිකිරි වලට වඩා ගොඩාක් අඩුවුණොත් කැමති මිනිස්සු දියර කිරි බොයි. තමුන් කැමති දේ කන බොන ඒක මිනිසුන්ගේ අයිතියක්. මොනවා වුණත් රටේ ජනතාවගේ පෝෂණය නම් හොඳටම මදි (නි)

:       0       0

ධම්මික Wednesday, 24 February 2016 05:11 AM

නවසීලංතේ අපි වගේ පෝසත් රටක් නොවන නිසා එයා වෙන රටක ගුවන්යානයකින් එන්න ඇති. (ර)

:       0       0

සිරි Wednesday, 24 February 2016 05:40 AM

අපේ නායකයෝ හරිහමන් රටවල්වලට යනවා හරි හමන් රටවල් වල නායකයෝ අපේ රටට එනවා. මේක පැහැදිලි වෙනසක්. (ර)

:       0       0

ශානක Wednesday, 24 February 2016 05:45 AM

ඉමේෂු එතනෙකාට අපේ ජවාධිපති ජර්මන් ගියේ කොහෙද? කටාර් එයාර්වේස් කියන්නේ අපේ රටේ දෙයක්ද? (කෞ)

:       0       0

ගාමිණී Wednesday, 24 February 2016 05:53 AM

නිව්සීලන්ඩ් එයාලයින්ස් නමින් හොඳ ධනවත් ගුවන් සමාගමක් ඒ රටට තියෙනවා. කුවේටයේ බන්ඩාර නම් නිවැරදිව එතුමාගේ ක්‍රියාව සටහන්කොට තිබෙනවා. නවසීලන්තයේ ඕනෑම කෙනෙක් එතුමාට ජෝන් යනුවෙන් මුල්නමින් අමතන බව දන්නවාද! මේ, ඒ රටවල දේශපාලනඥයන්ගේ ස්වරෑපයයි.රාජ්‍ය නිලධාන්ද එහෙමමයි. සර්ලා මෙහේ නැහැ. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 492 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3211 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1139 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 595 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1977 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site