(අංජුල මහික වීරරත්න)
ආවාට ගියාට සාම විනිසුරු පත්වීම් දෙන්නේ නැතැයි අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
පොලිසිය, ග්‍රාම සේවක මෙන්ම ආගමික නායකයන්ගෙන් විස්තර ලබාගෙන අදාල පත්වීම් ලබාදෙන බව කී අධිකරණ අමාත්‍යවරයා එලෙස පත්වීම් දෙන අයගෙන් රාජකාරී අකුරටම ඉටු කිරීම බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
පසුගිය කාලයේ අනවශ්‍ය පුද්ගලයින්ටත් සාම විනිසුරු පත්වීම් ලබා දී තිබූ බව කී අධිකරණ අමාත්‍යවරයා එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ පත්වීම් අහෝසි කළ බව සඳහන් කළේය.
සමාජ ක්‍රියාකාරීන් සහ දහම් පාසල් ගුරුවරුන් පිරිසක් වෙත සාමදාන විනිශ්චකාර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නුසුදුසු අයගේ සාම විනිසුරු පත්වීම් අහෝසි
Perera Sunday, 24 December 2023 01:08 PM
JP සේවය නොමිලේ ලබාදිය යුතු අතර සමහරුන් ඒක වෘත්තීය කරගෙන මුදල් හම්බ කරනවා...
ජයවීර Sunday, 24 December 2023 01:49 PM
ග්‍රාම නිලධාරි හරහා තොරතුරු ලබාගෙන පත්කරන ක්‍රමයක් හදන්න... මෙතෙක් දේශපාලන හිතවතුන්ට ඔය තනතුරු දුන්නා. එහෙම නැත්නම් ඉල්ලීම කළාම දෙන්නත් ඇති. දැනට ලංකාවේ සමහර ගම්වල ගෙයක් ගානෙම ඉන්නවා. සමහර ගමක කිසිවෙකු නැහැ. අඩුම ගණනේ දිවුරුම් ප්‍රකාශයක් හෝ සකසා දෙන්න පුළුවන් අයට සාම විනිසුරු පදවි දෙනවා නම් හොඳයි...
Prabha Sunday, 24 December 2023 02:28 PM
ග්‍රාමනිලධාරීන්ට බෝතලයක් දුන්නාම ඔක්කොමලා JP...
Jeganathan Dalayan Sunday, 24 December 2023 04:38 PM
මැති ඇමැතිවරුන් හරහා සාම විනිසුරු පත්වීම් ලබා දීම වහාම නතර කළ යුතුයි. එසේ නැතිනම් මැති ඇමැතිවරුන්ගේ පස්සෙන් ගිහිං පෝස්ටර් අලවන අයට තමයි ඒ සාම විනිසුරු පට්ටම යන්නේ...!
සුරංගොඩ Sunday, 24 December 2023 05:00 PM
මෑතකදී මම දැක්කා හිටපු සාම විනිසුරු කියලා යොදපු දැන්වීමක්. මම එතෙක් අහලා නොතිබුණු වචනයක් නිසා මෙහෙම වෙන්නේ ඇයි කියලා කල්පනා කළා... ඒත් තේරුම් ගන්න බැරිවුණා... දැන් තමයි තේරෙන්නේ නුසුදුසු කෙනෙක් නිසා තනතුර අහෝසි කරන්න ඇති කියලා....