අත්තනගල්ලේ හෝටලයක පැවති මංගල සාදයකදී ගුවන්විදුලි සංස්ථා සේවකයකුගේ නාසය සපා කෑ බව කියන ප්‍රාදේශීය දේශපාලනඥයා අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තුෂාර හේමචන්ද්‍ර නම් වන ඔහු එක්සත් ජාතික පක්ෂයේ මහර හිටපු සංවිධායකවරයෙකි.
නසාය සපා කා ඇත්තේ ගුවන් විදුලි සන්ස්ථාවේ එච් ජී සුජිත් රොෂාන්ගේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ විපක්ෂ බහුතර පළාත් සබා මන්ත්‍රීන්ට නොහදුනන රෝගයක් වැළදී ඇති බව පෙනේ. ඒ නිසා පළාත් සබා අහෝසි කළ යුතුයි (නි)
පලාත් සභා ක්‍රමය අපේ පුංචි ලංකාවට හෙණයක්, පිළිලයක්. මේක තේරුම් ගන්න බැරි ඇයි?(නදී)
පිස්සු බල්ලෝ හැම තැනම.(නදී)
අපේ රටේ හැමදේටම සුදුසුකම් බලනවා , නමුත් දේශපාලනයට හැරෙන්න. එහි විපාක ගෙවන්න වෙලා තියෙන්නේ ඡන්දදායකයන්ටයි. දැන්නම් ඉතින් මේ පිළිබදව සුදුසු තීරණයක් ගන්න කාලේ හරි වගෙයි (නි)
නැහැ නැහැ. එක විදියකට හිතනකොට ඒකත් හරි. අද කාලේ සමහර අය කරන දේවල් වල හැටියට මෙයා හරි. (නි)
මෙයාගේ මේ ආවේගයට ඉක්මන් ප්‍රතිකර්මයක් නොයෙදුවොත් තව කාට කාට රෝහල්ගත වෙන්න වෙයිද දන්නේ නැහැ. (නි)
ඌරන්ට මොන සෞඛ්‍යද ? (නදී)
දැන් කී දෙනෙක්ගේ හැපුවද මෙහෙම? ගුවන් විදුලි සංස්ථාවේ නහය තියෙන අය දැන් ඉන්නවද කියලත් සැකයි මෙහෙම බලද්දී (නි)
මාධ්‍ය වේදීන්ට එල්ල වෙලා තියන තර්ජන හමුවේ මෙයත් සුළු කොට සැලකිය නෙහැකියි.(නදී)
ජේ.ආර් ජයවර්දන ජනාධිපති තුමාගේ මනාප ඡන්ද ක්‍රමයටත්, මේ වගේ නොමිනිසුන්ට ඡන්දය ඉල්ලන්න දෙන අයටත්, ඔවුන්ට ඡන්දය දෙන අයටත් සාප කරනවා හැර වෙන කරන්න දෙයක් නැත.(නදී)
ඒකනේ අපි පළාත් සභා අහෝසි කරන්න කියන්නේ. (නි)
හැමතැනම පළාත් සභා හා ප්‍රාදේශීය සභා කට්ටියනේ දැන් බලනකොට ශල්‍යකර්ම වලට මුල්වෙන්නේ. හරිම ලැජ්ජයි මේ වගේ වැඩ (නි)
වහාම ආදර්ශයක් හැටියට තම කරන්ඩ. (අ)
හරක් මස් වලට විකල්පයක් එජාපය සොයා ගනී. (අ)
ගෝමරන්කඩ සභාපතිය අන්න පොලිසියට තර්ජනය කරලාලු නේද? (නදී)
මම මේ නොදන්නා නිසා අහන්නේ. හැබෑටම ඔය ප්‍රාදේශිය මැති ඇමතිවරුන් ගැන මේ පත්තර වල පලවෙන දේවල් අපේ වගකිවයුතු ඉහළ නිළධාරීන් දකින්නෙ නැතුවාවද්ද? (නි)
නාහේ 'ඥොරොක්' වෙලා කියලා දැන් හැමෝම කියාවි (නි)
මොහු විපක්ෂයේ කෙනෙකි. මෙහි වරදක් මට නම් නොපෙනේ (නි)
මානසික ව්‍යාධි ආදී රෝගවලින් පෙලෙන දේශපාලකයින් සෑම කෙනෙකුටම මනෝ වෛද්‍ය සායනයක් දමා අංගොඩ ඉස්පිරිතාලයේ මාසයක් තබාගෙන පුනරුත්තාපනයක් කරන්න ඕනෑ. නැත්නම් ලොකු ලෙඩක් ඇතිවේවි. මිනිසුන්ගේ නහයවල් සපාකාලම නැතිවේවි (නි)
ඔන්න රට හදන්න ඉන්න උදවිය. (නි)
අපි පිටරට ජීවත් වුනත් අපේ ගම රට ගැන හොඳ අවදානයෙන් ඉන්නේ. පලාත් සබා සහ ප්‍රාදේශීය සබා වලට අපරාධකාරයින් බොහොමයක් එකතුවෙලා සිටියා වගේම ඒ අතර හොඳ මිනිසුන් කීපයකුත් උන්නා. අපේ ගමට යන්න තියෙන්නේ අලි ලගින වලවල් තියෙන පාරකින්.ගමෙන් ප්‍රාදේශීය සබාවට ඉදිරිපත් වුන කෝටිපති ව්‍යාපාරිකයාට කව්රුත් ඡන්දෙ දීලා ඔහු සබාපති කරලා පත් කරගත්තා ගමට යන පාර සහ ගමේ දුප්පතුන්ගේ දුකට පිහිට වේවි කියා කියලා. ඒත් ගමේ පාර හදන එක තියා මිනිසුන්ට එයා දකින්නවත් නැහැ දැන් (නි)
කෝ අපේ නායකතුමා ගිහින් නැද්ද? (නි)
දැන් බලාගෙන යනකොට කවුරුත් එකයි (නි)
කවුරු හරි එක් කෙනෙක්ව අල්ලගෙන මතක හිටින දඩුවමක් දුන්නා නම් ඔය පළාත් සබා මන්ත්‍රි කෙනෙක්ට, අන්න එතකොට ඕවා ඔක්කොම නවතීවි (නි)
ප්‍රාදේශිය සභාවල ඉන්නෙ පිස්සු බල්ලො.(නදී)
නොදියුණු මිනි මස් කන අප්‍රිකානු රටවල අය දැන් දියුණු වන කාලයේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දැන් එම තත්වයට පත් වෙමින් මිනි මස් කන තත්වයට පත්ව ඇත. හේතුව නුගත් සමාජ අවබෝදයක් නොමැති අය ප්‍රාදේශීය සභා වලට පත් කිරීමය.(නදී)
නහයේ ආරක්ෂාව පිණිස පොඩි පහේ හෙල්මටයක් වගේ ආරක්ෂක උපකරණයක් හදන්න කාලය හරි වගෙයි (නි)
මෙතුමාගේ පෙර වැරදි එහෙමත් තියෙනවද? (නි)
අනෙක් අය වාර්තා තියන කොට මේ නිර්මාණශීලී එක්කෙනත් වෙනස් දෙයක් කරන්න හිතාගෙන නහයක් කන්න ඇති. (දී)
බලනකොට හැමෝම නාස් ටයිසන්ලානේ (නි)
සෙම් සොටු කන කෙනෙක් ද දන්නේ නෑ (අ)
පක්ෂ බේදයක් නැතුව එයාලා වැඩ. විපක්ෂ නායකතුමා මොකද කියන්නේ බලමු මේ කෙනා ගැන. (නි)
රට කාල මද්වට නාසයක් කාල? (අ)
මේ පලා බබලා මිනිස්සුන්ගෙන් වෙන් කරලා තියන්න කාලේ හරි. (අ)
තවත් චන්ද පතිපලයක් යමු යමු ඔහම යමු (අ)
බලන් යනකොට දෙපැත්තේම පලා බබා ලා එක වගේ නේ (අ)
නාසය කෑව මදිවට නෑදෑයින්ටත් ගහලා...විපක්ෂේ ඉන්නකොට මේ...?.කොහොමද මේ ගොල්ලන්ගේ ආණ්ඩුවක් තිබුනානම්....?(අ).
ඕක නේ අපේ ආතා කියන්නේ නාහෙටත් ආවරණයක් දාන්න කාලේ බොලන් කියල (අ)
මෙයාලට පිස්සු (අ)
අනේ මෙහෙම රටක් . රට කනවා මදිවට මිනිසුන්ගේ අවයවත් කනවා . (අ)
නව නිපයුමකට කාලය ඇවිත්."නාස් කොපු"(අ)
පව් වැඩේ, මගුල් ගෙදර කන්න කෑම නැතුව ඇති. (අ)
අපේ දේශපාලඥයින්ට නාසය සුළු දෙයක්. (නි)
ලඟදි චන්දය ඉල්ලගෙන අවම මන්ත්‍රි තුමාගේ නහය කපන්නයි තියෙන්නේ චන්ද දායකයන්ට. (දී)
කෑම මදි වෙන්න ඇති අනේ පව් වැඩේ නහය කාල තියෙන්නේ,, (දී)
සොටු කන්න අස කෙනෙක් වෙන්න ඇති (අ)
සති ගණනක්ම ගුවන්විදුලි සංස්ථාවේ ..මල්ලිට සනීප නැතිවයි ඉදල තියෙන්නේ...? මේ එක්කෙනා නහය හපා කනකොටත් රේඩියෝ මල්ලිට ඇට්ටි හැලෙන්න හෙම්බිරිස්සාව හැදිලාලු හිටියේ ..? (අ)
ඇසල මමත් මේ බලන් ඉන්නේ ඒක තමා (අ)
අපේ ඡන්දය අරන් මෙහෙම කරන්න පුළුවන් ද ලැජ්ජාවක් නැතිව (අ)
දැන් දේශපාලනයට එන්නේ තක්කඩි සහ පාතාලයෝ ජනපති තුමනි යුද්ධ අවන් කළා වගේම මේ ජාතික විනාශයත් වළක්වන්න දේශපාලනයෙන් සමුගන්න කලින් ඔබට ගොඩාක් පින් සිද්ධ වෙනවා එය ජතික මෙහෙවරකි (අ)
පලාත්සභා ලංකාව වෑනි පුංචි රටකට නොගෑලපෙන්නේ පලාත් සභා තුලින් හා එම ආයතන පාලනය කරන තනතුරු වල ඈති නුසුදුසු භාවය නිසයි.අද පුන් පෝයදිනෙ කදාන ප්‍රාදේශිය සභාවට අල්ලපු මාර්කට් එකේ ගජරාමෙට මස් විකුනනවා. අලුත් මස් යයි හගවන්නනට මස් ලේ බිමටත් වක්කරලා. ඉතින් මෙහෙව් රටක බයි ට් එක මදිවෙලා නාසය කඩා කන එකට පුදුම විය යුතු නෑ නේද.? ෂුවර් එකටම දෙවන ලෝක යුද්ධයේ ලංකාවට ආපු ඉඩි අමින්ලාගෙ ජාතක සම්භාවයක් ඈති කෙනෙක් වෙන්න ඇති. මෙයාට මිනි මස් රස දෑනටමත් දෑනිලා ඈති. අතිගරු ජනාධිපති තුමෙනි අපේ රටේ නීති ලිහිල් වෑඩියි. ඔබතුමාට පින් මේ රට යහපත් රටක් කරදෙන්න.(නදී)
සමාවන්න මට ඉරු දිනය වෙනුවට පෝය දිනය ලියවුනේ.(නදී)
මෙයාගේ ගුරා "මයික් ට්යිසන් "ද දන්නේ නැහැ.(නදී)
මගුල් ගෙදර මස් දුන්නේ නැතී ද?(නදී)
රට කනවා මදිවට මිනි මසුත් කනවා හරි ශෝක් දේශ පාලුවෝ.(නදී)
විපක්ෂයේ මන්ත්‍රීලටත් ලෙඩේ බෝ වෙලාද?(නදී)