IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පී එස් ඩී දහයකට වසර හතර හමාර බැගින් සිර දඩුවම්

රූකාන්ත  චන්ද්‍රෙල්ඛා ගායක   නඩුවේ විත්තිකරුවන් දස දෙනකු වරදකරු කළ  පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ආර් බී සෝමරත්න නිදොස් කර නිදහස් කළාය. සෙස්සෝ චෝදනා පහටම වැරැදි කරුවෝ වුහ.

රූකාන්තට හා චන්ද්‍රෙල්ඛාට රුපියල් දෙලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස  ඔවුන් දස දෙනාට නියම කළ විනිසුරුවරිය එය නොගෙවන්නේ නම් බරපතල  වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කරන බව ප්‍රකාශ කළාය.

පළමුවැනි චෝදනාවට බරපතල වැඩ සහිත මාස 6  බැගින්ද සෙසු චෝදනා 4 ට බරපතල වැඩ සහිත වසර බැගින්ද සිර දඩුවම් නියම විය.සිර දඩුවම් වෙනවෙනම ගෙවී යා යුතු බව විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

5 වැනි විත්තිකරුට ලිහිල් දඬුවම් නියම විය.

තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව සැකකරුවන් වෙන් වෙන් පෙනී සිටි නීතීඥයකු වන යු ආර් ඩී සිල්වා මහතා පැවසීය.

ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වු ඔවුහු වසර 13 කට වැඩි කාලයක් මේ නඩුවට පැටලී සිටියහ.රැකියාවද අහිමි විය.ඔවුන්ගේ නම් මෙසේය.

 ඒ බන්දුල මධුෂාන් කුමාර , නිහාල් විජේසිරි , සරත් කුමාර රූපසිංහ, ආර්. බී කාරුණාසේන ජයලත් (සිවිල් සේවක), ලෙස්සි චන්ද්‍රසිරි, අතුල සේනාරත්න, , ආර් ධර්මසේන, බී ලලින්ද රාජරත්න, සම්පත් රණසිංහ, උපාලි ආරියදාස,

රූකාන්ත හා චන්ද්‍රලේඛා පදිංචිව සිටි පොල්ගස් ඕවිට මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවසට 2000 ජනවාරි 26 වැනිදා රාත්‍රී 8 ට පමණ මේ ප්‍රහාරය එල්ල විය.

 

 



අදහස් (0)

පී එස් ඩී දහයකට වසර හතර හමාර බැගින් සිර දඩුවම්

බණ්ඩාර Thursday, 01 August 2013 11:43 AM

හොඳ ආරංචියක්. (ස)

:       0       0

අමිල Thursday, 01 August 2013 11:44 AM

එතකොට අනෝජා වීරසිංහගේ ගෙවල් ගිනි තියපු ෆයිල් එක එලියට ගන්නේ කවද්ද ? (ස)

:       0       0

කසුන් Thursday, 01 August 2013 11:44 AM

දැන් එතකොට මේක කරවපු ප්‍රධානියාට මොනවද උනේ. (ස)

:       0       0

ප්‍රදීපා ඩුබායි Thursday, 01 August 2013 11:37 PM

ප්‍රමාද වෙලා හරි නිතිය ක්‍රියාත්මක උන එක ලොකු දෙයක්,, (දී)

:       0       0

චමි Thursday, 01 August 2013 11:47 AM

මට අධිකරණය ඉබින්න හිතුන (දී)

:       0       0

ගයාන් Thursday, 01 August 2013 11:46 AM

කරන කලට පව් මිහිරිය මි සේ (දී)

:       0       0

දෛවය Friday, 02 August 2013 09:11 AM

ලොක්කන්ගේ කටු කන අයට මේක හොඳ ආදර්ශයක් වේවි. පිලිපදිවිද දන්නේ නැ.

:       0       0

රත්නසිරි Thursday, 01 August 2013 11:54 AM

මේක හැම කොස්තාපල්වරයෙක්ම හිතට ගත්තොත් හොදයි. වැරදි කරලා පටි ගැහුවත් කවදාවත් බේරුමක් නෑ. ස්භාවධර්මයෙනුත් දඩුවම් ලැබෙන බවත් පේනවා නේද? (ස)

:       0       0

ස්ටැන්ලි Thursday, 01 August 2013 04:34 PM

හිතන්න යමක් : මේ දස දෙනාට රූකාන්තට මෙහෙම දෙයක් කරන්න අවශ්‍යතාවයක් කොහොමත්ම තිබෙන්නේ නැතුො ඇති. රස්සාව බේරාගන්න ඕනෑකමට කළ දෙයක් පමණක් විය හැකියි. මෙතන නියෝග දීපු අයට ලැබෙන දඩුවම මොකක්ද? නීතියේ පිහිට කා වෙනුවෙන්ද? (නි)

:       0       0

සනා Thursday, 01 August 2013 04:34 PM

ප්‍රමාද වෙලා හරි යුක්තිය ඉටු වුණ එක හොදයි (නි)

:       0       0

ශාන්ත Thursday, 01 August 2013 12:03 PM

ලෝකය පෙරළෙයි කාලේ ගෙවීයයි මරුවා ළගාවෙනවා... සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කැරකෙනවා.... (නි)

:       0       0

සුමන Thursday, 01 August 2013 12:07 PM

"පිටි කරට බෙහෙත් බැදලා තියෙන්නේ" නියෝග දීපු අයට කිසිම දඩුවමක් නැද්ද? (ස)

:       0       0

රවී Thursday, 01 August 2013 12:10 PM

අනේ! පී එස් ඩී එකේ මහත්තුරු ටිකට කියන්නේ. ලොක්කෝ කියන ඒවා කරන්න ගියහම කවදාහරි පාවලා දෙනවා. එතකොට ලොක්කෝ කව්රුවත් උදව් කරනවද? (නි)

:       0       0

පිටිගල Thursday, 01 August 2013 04:45 PM

දැන් ඔය දඩේ ගෙවන්නේ කව්ද හැබෑටම? මම මේ නොතේරෙන නිසයි ඇහුවේ. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 01 August 2013 12:21 PM

මේ අපරාධය කිරීමට අනුබල දුන් කෙනෙක් නැතිවෙන්න බැහැ නේද? (නි)

:       0       0

වරුණ Thursday, 01 August 2013 12:24 PM

අයුතු ජන රාශියක් රැස්කිරීම හා තර්ජනය කර බිය වැද්දීමේ චේතනාවෙන් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මේකේ මොළකාරයාට හා උපදෙස් දීපු අයට නඩු පවරන්න බැරිද?ඇයි මේ විත්තිකරුවන් පාපොච්චාරණයක් කරන්නේ නැත්තේ මේ දේ කරන්න නියෝග දුන්නේ කවුද කියලා? (නි)

:       0       0

අමිල Thursday, 01 August 2013 04:54 PM

නීරෝ ගොට්ස්,මෙතන ජාතිවාදය අපට ඕනෑ නැහැ. (නි)

:       0       0

රන්ජිත් Thursday, 01 August 2013 12:37 PM

නීතිය ක්‍රියාත්මක වෙන්න ලොකු කාලයක් ගිය එක ගැනත්, තීන්දුවක් දෙන්න වසර දහ තුනක් රස්සාවක් නැතුව නඩු කියපු එකත් දඬුවමක් වගේ නිසා දැන් ලිහිල් කරන්න, අපි ඔක්කොම මැරෙන ය බව රූ කාන්ත මහත්තය තේරුම් ගනීවි ඒක ඔබට කල හැකි වේවා. (ස)

:       0       0

රෝහණ Thursday, 01 August 2013 12:37 PM

හොඳ වෙලාවට මේ අය මෙමෙ රටේ නැහැ. හිටියනම් අද අපට අහන්න ලැබෙන දේවල් අනුව ජීවිත වලට අනතුරු වෙන්න තිබුන.(දී)

:       0       0

සු‍රෙෂ් Thursday, 01 August 2013 05:08 PM

පොදු සමාව ලැබිලා ඉක්මනට නිදහස් වෙයි නේද? (නි)

:       0       0

දනේ Thursday, 01 August 2013 12:46 PM

මේ මිනිස්සු පවු, කරවපු ලොකු කට්ටිය එළියේ, මෙයාල ඇතුලේ, එහුවොත් කියයි මම දන්නෙත් නේ කියල (දී)

:       0       0

ශ්‍රීලාල් Thursday, 01 August 2013 05:17 PM

කවුරුත් කලබල වෙන්න එපා. සියලු දෙනාටම ඉතා ඉක්මනින් අමතක වෙනවනේ. මාස කිහිපයකට පස්සේ කිසිම ප්‍රසිද්ධියක් නැතුව යමක් සිදුවෙන්න පුළුවන් (නි)

:       0       0

පීටර් Thursday, 01 August 2013 12:50 PM

හොඳ පුවතක්. පුවතින් අනිකුත් වරදිකරුන්ටත් හොඳ පණිවිඩයක්! (දී)

:       0       0

නිල්මිණි Thursday, 01 August 2013 01:05 PM

නිහාල් කරුණාරත්නට මොකද උනේ (දී)

:       0       0

විරාජ් කාලිංග Friday, 02 August 2013 01:00 AM

අයියෝ මේ බන්දු කියන මනුස්සයට මොළය කළදක් නැහැ. මේක උසාවි තීන්දුවක් මිස ආගම බලා දුන් එකක් නොවේ. (නි)

:       0       0

දිලීප Thursday, 01 August 2013 01:06 PM

මේ දඩුවම් දුන්නේ ස්වාභාව දහමින්ද .......... අපි හැමෝටම වැරදිලා තියෙන්නේ මේකනේ හැම එකක්ම කවුරුහරි කරවී කියල ඉන්නවා (දී)

:       0       0

බණ්ඩා Thursday, 01 August 2013 01:10 PM

අහිංසකයන්ට දස වද දෙන කොට මෙහෙම වේවි කියල හිතුනද? (ස)

:       0       0

වරුණ Thursday, 01 August 2013 01:16 PM

එතකොට සංගීතා නෝනගේ සියත නාලිකාවට ගිනිතිබ්බ අයියලව උසාවි ගේන්නේ කවදද? (ස)

:       0       0

සුනෙත් Thursday, 01 August 2013 01:20 PM

ලොක්කන්ට කඩේයන කට්ටියට වෙන දේ.. (දී)

:       0       0

සේනක Thursday, 01 August 2013 01:20 PM

කවුද දැන් එ මිනිස්සුන්ගේ දරු පවුල රකින්නේ

:       0       0

සේනක Thursday, 01 August 2013 01:20 PM

මේ මිනිස්සු අසරණයි නීතියේ තියෙන විශාල සිදුරු තමයි මේ (දී)

:       0       0

අසංග Thursday, 01 August 2013 01:23 PM

මේ අයට දුන්න කාලසීමාව මදි අවරුදු 10 විතර ඇතුලේ තියන්න ඕනා.

:       0       0

සේනාදීර Thursday, 01 August 2013 01:24 PM

මේ මිනිසුන්ගේ දරුවෝ ගැනවත් හොයා බැලුවොත් හොදා (දී)

:       0       0

දුන්හිද Thursday, 01 August 2013 01:27 PM

මේ දීපු දඩුවම හොදටම මදි. (දී)

:       0       0

පොඩි Thursday, 01 August 2013 01:38 PM

අණ දුන්න අයට මොකද වෙන්නේ..? මේක හරිම අසාධාරනයකි !!! (ස)

:       0       0

පුබුදු Thursday, 01 August 2013 01:40 PM

බලය තියෙනකොට මොළේ නැහැ. මොළේ තියෙනකොට බලය නැහැ. (ස)

:       0       0

වසන්ත Thursday, 01 August 2013 01:41 PM

මුලු රටම අගයකරනවා මේ තීන්දුව.කලාකරුවන්ට,ලේඛකයන්ට නිදහස් මතදාරීන්ට විතරක් නොවෙයි හැම පුරවැසියෙක්ටම නීතිය මේ විදියට සළකනවානම් මේ රට කොයිතරම් දියුණුවේවිද.රූකාන්තට සහ චන්ද්‍රලේඛාට සුභ පතනවා.මම අද උදේත් එයාලගේ ගීත වගයක් රස වින්දා. (ස)

:       0       0

පහන්, ෆ්‍රංශය Thursday, 01 August 2013 06:07 PM

ඔය කට්ටියට හිරේට යනවට වැඩිය හොඳයි එයාලට මේ වැඩේ කරන්න කියලා කියපු කෙනා කව්ද කියලා එයාට විරුද්ධව නඩුවක් දමන්න. (නි)

:       0       0

නලිත Thursday, 01 August 2013 01:49 PM

එතකොට කරවපු කට්ටියට දඬුවම් දෙන්නේ නැද්ද. (දී)

:       0       0

නිහාල් Thursday, 01 August 2013 01:49 PM

කසුන්,ප්‍රදානිය ගලක් උඩ පාහරලා වහගන්න බැරිව ඉන්නවා.අණ දීපු එයාට දඩුවම් නැහැනේ.එදා අණට අකීකරු උනානම් අද මෙයාලව හොයාගනත් නෑ. (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 01 August 2013 10:03 PM

මේක අධිකරණ තීණ්දුවක් (නි)

:       0       0

බන්දු Thursday, 01 August 2013 02:06 PM

බලවත් ක්‍රිස්තියානි කෙනෙක් හැටියට රූකන්තට තිබුනේ සමව දෙන්න රූකන්තම අපිට කියල තියෙනවා ජේසු අවේ සමව දෙන්න මිසක් දඬුවම් දෙන්න නෙමෙයි කියල අනිත් එක ඔය හිරේ ගිය පවුල් වල ඉන්න දරුවන් ගැන පොඩ්ඩක් හිතන්න තිබුන, රූකන්තගේ ක්‍රිස්තියානි කම ගැන ප්‍රශ්නයක් තියෙනවා? (දී)

:       0       0

සදුනි Thursday, 01 August 2013 02:07 PM

තෝරුන්ට මෝරුන්ට මොකද වුනේ...?? (දී)

:       0       0

රේණුක Thursday, 01 August 2013 10:12 PM

බන්දු තීන්දුව දුන්නේ රූකාන්ත නෙවෙයි උසාවිය .ඒකට කවුරුත් ගරු කල යුතුයි.රුකාන්තගේ ක්‍රිස්තියානිකම එය බලාගනියි බන්දු ඔයා කලබල වෙන්න එපා (දී)

:       0       0

චමින්ද Thursday, 01 August 2013 02:08 PM

බලේ තියෙද්දී මොලේ නැහැ. මේවා හොද පාඩම් මේ කාටත් කළකම් පලදෙනවා. (ස)

:       0       0

බමුණු Friday, 02 August 2013 04:06 AM

ඇපෑලේදී දඬුවම තවත් වැඩි කරනමෙන් ඉල්ලමි. පොලිසියෙන් හමුදාවෙන් මෙරටේ කිසිම මිනිහෙකුට අසාධාරනයක් සිදු නොවේවා! (නි)

:       0       0

බමුණු Friday, 02 August 2013 04:11 AM

රේණුක, ඔබගේ කතාව හරි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 01 August 2013 02:22 PM

බොහොම හොඳ තීන්දුවක්, මෙයාලව උසි ගන්නවපු කෙනාවත් නීතියට ගෙනවානම් සුන්දරද මල් කීවලු ? අදිකරණය දිනේවා !!!!! විනිසුරු ,විනිසුරිවරියන්ට ආයුබෝවේවා !!!! (ස)

:       0       0

ඉන්ද්‍ර ලාල් Thursday, 01 August 2013 10:14 PM

කරපු දේවල් මෙලොව දීම පටිසන්දීල . (දී)

:       0       0

ලංකා Thursday, 01 August 2013 02:29 PM

කවදාවත් හිතන්න නැතුව ඇති මෙවන් විපතක් වෙයිය කියලා

:       0       0

නීරෝ ගොට්ස් Thursday, 01 August 2013 02:28 PM

එතකොට අර බම්බලපිටියේ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයාගේ මිනීමෙරුම විසඳුවේ නෙද්ද? කෝ ඒ ෆයිල් එක,යට ගෙහුවද?ළඟදීම බලාපොරොත්තුවෙන්න,මුස්ලිම්/සිංහල යුද්ධයක්. (දී)

:       0       0

රනිල් Thursday, 01 August 2013 07:00 PM

මේ අය විදවන ඒවත් සමගම එයාලට සොබා දහමෙන් ලැබේවි. බයවෙන්න එපා. (නි)

:       0       0

අනුර Thursday, 01 August 2013 02:33 PM

රූකාන්තට පාඩුවෙලා නැහැ වගේ

:       0       0

අනුර Thursday, 01 August 2013 02:33 PM

දැන් ඉන්න ඇමති අරක්ෂකයොත් දැනගන්න ඕනේ බලය නැති කලෙක මේකාලේ කරපුවට වන්දි ගෙවන්න වෙනවා කියලා (දී)

:       0       0

සුනී Thursday, 01 August 2013 02:40 PM

මොන සදාරනයක්ද ? සියලු දෙනා නිතිය ඉදිරියේ සමාන වේද ? ? ? ? ?

:       0       0

රුපවති Thursday, 01 August 2013 02:39 PM

සේනක... ඔය මිනිසුන්ට ඕව කරන්න පෙර තිබුන දරු පව්ලත් රැකගෙන රැකියාවත් රැකගෙන ජීවත් වෙන හැටි හොදට හිතල බලන්න ...? ඔයා උනත් වරදක් කරන්න පෙර හොදට හිතල බලන්න මම මේදේ කලොත් මොකද වෙන්නේ? ප්‍රතිපලය මොනවගේ දෙයක් වේවිද ..? ඉදිරිය ගැන හිතන්න දෙපාරක් තුන්පාරක් ..එවිට අපි අතින් වැරදි වෙන්නේ නැහැ ...?කාටවත් කරදරයකුත් නැහැ ..?මේ මිනිසුන්ට දුන්න දඩුවමනම් මගේ හිතෙහටියට මදි අවරුදු 10 ක් වත් උනානම් ...? (දී)

:       0       0

විරාජ් කාලිංග Thursday, 01 August 2013 10:43 PM

කාලෙකින් අහන්න ලැබිච්ච හොද ප්‍රවර්තියක්,නිතිය හැමෝටම සාදාරන වේවා,රුකා -ලේකා කියන්නේ හොද සංගීත වේදීන් දේපලක්,පාදඩ දේශපාලනය විසින් පාග දැමුවාට මෙය අමානුෂික ප්‍රහාරයක්,2003 මේ දේ දිද්ධ උනාට අද වෙද්දී මීටත් වඩා රට අමානුෂික වී අවසානයි, (දී)

:       0       0

අරුණ Thursday, 01 August 2013 03:26 PM

විනිසුරුවරියට මගේ ප්‍රණාමය ! (නි)

:       0       0

කැළුම් Thursday, 01 August 2013 03:45 PM

නියර මිටි තැනින් තමයි වතුර යන්නේ (නි)

:       0       0

නදීෂා Thursday, 01 August 2013 03:48 PM

මේවා කරන්න ඇත්තටම වුවමනා වුණේ කාටද ? අද ඒ අය කොතනද? මේ මිනිස්සු කොතනද ? (නි)

:       0       0

ඉන්දික Thursday, 01 August 2013 03:49 PM

ඕක කරවපු අය‍ටත් දඩුවම් කරන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 94 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 129 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1809 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2684 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2031 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 529 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site