ඔහු මෙයට වසර 15කට පෙර ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි. කාලයාගේ ඇවැමෙන් බීමට ඇබ්බැහිවු ඔහුට අවසානයේ උරුමවුයේ රෝමයේ පදික වේදිකාවයි. රැකියාවට අමතරව ඉතාලියේ රැදිසිටීමේ බලපත්‍රය පවා අහිමිවූ ඔහු අවසානයේදී යාචකයෙක් විය.
මෙයට වසර ගණනාවකට පෙර තෙරේසා මව්තුමිය ආරම්භ කළ ආනාත මඩමක පුජකවරියෝ පිරිසක් ඔහු සොයා පැමිණියහ. සියලු සැප සම්පතින් පිරි එම අනාත මඩම ඔහුගේ නාවාතැන විය. කාලයත් සමග රෝද පුටුව උරුම වූ ඔහුට සැත්කමක් කිරීමට අවශ්‍ය බව රෝහල් වෛද්‍යවරු නිගමනය කළහ.
එහෙත් ප්‍රශ්නය නම් ලාංකිකයාට ලියවිලි නොමැති වීමයි. අනාථමඩමේ පුජකවරියෝ රෝමයේ තානාපති කාර්යාලට ප්‍රශ්නය දැන්වුහ . විගස තාවකාලික ගමන් බලපත්‍රයක් මඩමට යැවිණි.
රෝම කුස්තුරා පොලිසියද පසුගිය 19 වැනිදා ආදාල ශ්‍රී ලාංකිකයා රැගෙන එන්නැයි පුජකවරියන්ට දැන්වීය. පරණ කොම්පියුටර් දත්ත ඔස්සේ ඉතාලි රැදීසිටීමේ බලපත්‍රයක් ලබාදීම සදහාය. එහෙත් අවාසනාවක තරම. 18වෙනිදා සවස් යාමයේ තට්ටු තුනකින් පහලට පැන ඔහු ජිවිතයෙන් සමුගෙන ගියේය.
ඔහු එම ගොඩනැගිල්ලෙන් පැන්නේදැයි සැකයකි. තවත් ලාංකිකයෝ දෙදෙනෙක් අනාථමඩමේ සිටිති. කුලියාපිටියේ විපුලද කිසිත් කරකියාගත දෙයක් නොමැතිව එහි අසරණව සිටියි. ඉතාලි රජයෙන් නිකුත් කළ කිසිදු ලියවිල්ලක් ඔහුටද නොමැත. තානාපති නිලධාරින් කියනුයේ විපුලට ඉතාලි රැදිසිටීමේ බලපත්‍රය ලබාදීමට උපරිම උත්සහා කරන බවයි. විපුල තානාපති නිලධාරීන්ට කියා තිබෙනුයේ රෝමයේ සිටින ප්‍රසිද්ධ වංචා කරුවෙකු රැදිසිටීමේ බලපත්‍රය ලබාදීමට තමන්ගෙන් යුරෝ 2000ක් ( රුපියල් 344000) ලබාගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩා දිසා 'ලොකු ටෝක්' එකක් දීලා තියෙන්නේ.... (නි)
මේ මිනිස්සු දිවි නසා ගන්න එක නම් මම අනුමත කරන්නෙ නැහැ. ජීවිතය ලැබෙනුයේ ජීවත් වෙන්න මිසක් නැතිකර ගන්න නොවෙයි (නි)
අපිත් ඔය බැංකුවේ වැඩ කරන ලංකාවේ කෙනාව අදුරනව, අපෙත් ගිණුම් තියෙන්නේ ඒ බැංකුවේ , හැබැයි අපිට නම් ඔය කරදර මුකුත් නැ. අනිත් එක ඒ මනුස්සයා ඒ තැනට ආවේ එයාගේ උගත් කම නිසා. ලාංකිකයෝ විදියට අපිට නම් එයය ගැන තියෙන්නේ ආඩම්බරයක්.(අ)
වෙරෝනා වල තෙජසිරි මහත්මයාට ඔය කියන ආයතනයේ සේවය කරන කාන්තාවකගෙන් ළගදි දවසක සෙරප්පු පාරක් ලැබුන කියන්නේ ඇත්තද ?(නදී)
මෙම සිදුවීම එක් දෙයක් පමණි. බීමත්කම නිසා මෙහි පවුල් විශාල සංඛ්‍යාවක් කැඩෙනවා, නැත්නම් තුන්වැන්නෙක් රිංගනවා. සිංහලයන් තරම් 'බේබද්දෝ' කොටසක් තවත් මේ මිහිපිට නැත.(නදී)
ඉතාලිය දෙන් මැදපෙරදිග රටක් වෙලා. ලංකාවේ අයට සලකන්නේ නරකම විදියට. හේතුව අපේ බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරිම නුගත් කම නිසා. සමහර මැද පෙරදිග රටවල් මෙහෙට වැඩිය හොඳයි . එය දැන ගැනීමට ඉතාලි වලම ජිවත් විය යුතුය. (නදී)
මොකට ඉතාලි යනවද මන්දා? මෙහෙ ප්‍රාදේශීය සබාවකට සෙට් වුනානම් ගොඩ තමයි. බැරිනම් ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රී කෙනෙක්ගේ ගෝලයෙක්වත් වුනානම් කොච්චර හොදට ඉන්න තිබුනද? (නි)
සේරමට මුල බීමත් කමට ගිජු වීමයි, කණගාටුයි. (ස)
එතකන් අපේ කිසිදු ලාංකිකයෙක් මොහු ගැන දැන සිටියේ නැද්ද? තානාපති කාර්යාලයට කලින් දන්වලා නැද්ද? (නි)
පෙර පවු ඕවා (අ)
දැන් අපි විදේශ කටයුතු අමාත්‍යංශයට බනිමුද? (නි)
පැරිස් වලත් ඉන්නවා තුට්ටු දෙකේ ලාබෙට ඕනෑම වංචාවක් කරන අය... අනේ අනිච්චන් මෙහෙමත් නාටක ! (නි)
තෙජසිරිගේ කතාවෙන් පෙන්නේ ඉතාලියේ නීති රීති බොහොම ලිහිල් වගේ ! (අ)
කියන්න කණගාටු තත්වයක් මේ රටේ වෙසෙන ලංකාවේ ජනතාව ගැන තියෙන්නේ.හැම දේම මුදල් වලට යටවෙල .එකම ගෙවල් කොන්ත්රාත්තුව කිප දෙනේකුටම විකුණමින් මුදල් හම්බකරන අය හෙමතැනම යහමින් සිටී .මීට වසර කීපයකට උඩදී මෙවැනි අමන දේවල් මෙහි සිදු උනේ නැත .මෑත කාලයේදී නොයෙක් නම් වලින් පටන් ගත්ත කාර්යාලයන් ගොඩක් නගර වල දැකගන්න පුළුවන් .අහිංසක ජනතාවගේ මුදල් ගසාකෑම ඔව්න් ගේ පරමාර්ථයයි .විශේෂයෙන් වෙරෝනා හී බැංකු රැකියාවක නිරතුව සිටින කෙනෙකු විසින් පවත්වාගෙන යන මේ හ සමාන කාර්යාලයකින් මෙවැනි අමන දේවල් සිදුවෙමින් පවතී.මීට අමතරව නය පහසුකම් ලබා දීමට ලිංගික අල්ලස් ,රැකියා ලබාදීමට අල්ලස් මේ වැනි දේවල් සිදුවෙමින් පවතී .තව ද ඔහු සතුව ඇති ආයතනයෙන් රැඳී සිටීමේ බලපත්‍රය දික් කරගන්නේ නැති අය හට බැංකු කටයුතු වලදී ඉතා කරදර වලට මුහුණ දීමට සිදුවේ .ඔව්න් ගේ ණය පහසුකම් කපා හැරේ .ඉතාලි භෂාව නොදත් අහිංසක ජනතාවට මොහුගේ ගැටවලට හසුවී අදත් කරකියාගත නොහැකිව සිටි .කරුණාකර බලදාරින්ගේ ඇස මේවෙත යොමුවේව . (අ)
මම හිතනවා මෙය මිනිස් ඝාතනයක් බව මේ ගැන වහාම පරීක්ශා කරන්න ඉතාලි පොලීසියටම බාර දිය යුතුයි ! අසරනයෙක්නේ .(අ)
ගොඩාක් කණගාටුදායක ආරංචියක්. මේ වගේ ගොඩාක් අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවා මෙහෙ. හැබැයි වරද 100% ක් වෙන කෙනෙකුට පටවන්න බැහැ. මොකද අවුරුදු 15ක් වගේ කාලයක් මෙහෙ හිටපු කෙනෙක් නිකම්ම නිකම් හිටියා කියන එක බොරුවක්, කුමක් හෝ ඔහුට දරුණු මානසික පීඩනයක් තිබෙන්නට ඈති. (නි)
ලංකාවේ මිනිස්සු හිතන් එන්නේ රට සැප කියල කීයක් හරි හොයාගෙන ලංකාවට යන්නේ නැතුව මහා ලොකු සැපක් ගැන කතා කරනවා, අන්තිමේදී තමන් තමන්ගේ දෙමු පියෝ බැලුවේ න රට සැප ගත්ත, අන්තිමට තමුන්ගේ දරුවෝ කරන්නෙත් ඔය ටිකම තම, මහලු මඩම් වල මැරෙන්න වෙන්නේ අන්තිමට, රට මොන සැපද (අ)
අහෝ දුකකි . ඉතාලි ඇවිල්ලත් හෙදෙන්න බේරී වුනු අය කීප දෙනෙක් ඉන්නවා . මොන උනත් සර්වබලදරී දෙවියන්ගේ ආශීර්වාදය පතමි (අ)
මොලයක් නැති හින්දනේ මෙහෙම කරන්නේ (නි)
ලංකාවෙත් කාත් කව්රුත් නැද්ද හැබෑට? අනේ ඇයි මෙහෙම සල්ලි හොයන්න ගිහින් අනාත වෙන්නේ? (නි)
මිනිසුනේ මස් කෑවත් කමක් නැහැ අරක්කු සිගරට් බොන්න එපා .මම බොන්නේ නැහැ .බියර් වයින් වත් නැහැ .අපිත් එක්ක හිටපු ගොඩක් මත්පැනින් වැලැක්වුවා.මගෙන් අහනවා අවුරුදු 120 ඉන්නද හදන්නේ කියලා? මම කියන්නේ, නැහැ මම දන්නවා මැරෙනවා කියලා, ඒත් මට සල්ලි දීලා මැරෙන්න ඕනෑ නැහැ කියලයි (නි)
දිට්ටධම්මවෙදනීය කර්මය...(අ)