කොළඹ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 22000ක් සොරකම් කළැයි සැකපිට පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයකි ද අස්ලිවස් මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මොහොමඩ් යූසුෆ් නම් ව්‍යාපාරිකයා කියා සිටියේ පොලිස් අන නොතකා දෙමටගොඩ දෙසට තම වාහනය ධාවනය කළ බවට චෝදනා කළ ඔව්හු තමන්ගේ මුදල් පසුම්බිය ගෙන, එහි තිබූ ඒ ටී එම් ටෙලර් කාඩ්පත හා රුපියල් දෙදහසක් ගත් බවයි.
තමා මරදානේ ඒ ටී එම් යන්ත්‍රයක් ළගට රැගෙන ගොස් එයින් රුපියල් 20000ක් ඒ දෙදෙනා බලෙන් ගත් බව ද යූසුෆ්ගේ පැමිණිල්ලේ සඳහන්ය.
මොවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් පොලිස් ප්‍රථිපලයක්. තුවක්කුවයි පතොරම් විස්සයි මුස්ලිම් ජාතිකයන්ටත් නිකුත් කරන්න වෙයි වගේ (නි)
පොලිසියෙන් බේරන්න හරි අමාරුයි වගේ (නි)
ලංකාවේ හැම ආයතනයකම කප්පම් ගන්න අය ඉන්නවා. හැබැයි කප්පම් දෙන අය හැම තැනම ඉන්නවා. අපි සදුදට සහ සිකුරාදාට නුවර කොළඹ නගරාන්තර සීග්‍රගාම් දුම්රියේ ගමන් කරන්න සති දෙකකට කලින් ටිකට් ගන්න ඕනෑ. හැබැයි එදාට ටිකට් පරීක්ෂකවරුන්ට සල්ලි දීලා හොරෙන් යන සමහර අය ඉන්නවා.ඉතින් මේවා ගැනත් බලධාරීන් හොයලා බලනවා නම් හොදයි . (නි)
අපි මෙහෙම දෙයක් කරමුද..? පොලිසියෙන් අල්ලන්න හොරු කණ්ඩායමක් දාමුද..? හපොයි, දෙයියනේ මගේ මව් බිමට ගිය කලක්!!!! (නි)
වැටම් පොල්ල දීලා, ඉස්සර වගේ කොට කලිසම් අන්දන්න ඕනෑ. එතකොට තමයි මේ අයගෙන් නියම ප්‍රතිපල ලබා ගන්න පුළුවන් වෙන්නෙ (නි)
හොරා පොලිස් ද? පොලිස් හොරුද? (නි)
එන්න එන්නම පොලිසිය හොරු බවට පත්වීගෙන එනවා. අනේ අපිව බේරගන්න කවුරුවත් නැද්දෝ. (නි)
ඕක මොකක්ද? සමහර ලොකු ලොකු අය ලක්ෂ ගණන් කොන්ත්‍රාත් ගන්න කාලේ පී.සී. ලා සොච්චමක් ගත්තාම එක අතකින් මොකෝ? (නි)