ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගනිද්දී දකුණු කළුතර පොලිස් රථ වාහන අංශයේ කොස්තාපල්වරයෙක් අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසම විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබීය. දකුණු කළුතර පොලිසීයේදී මෙම අල්ලස ගෙන ඇත.
නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේදී සහනයක් ලබා ගැනීම සදහා මෙම අල්ලස් මුදල ලබාගත් බව විමර්ශනවලදී හෙළි වීඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස අද අපිව පාලනය කරන ඉහලම පුටුවේ සිට පහලම පුටුව දක්වා රජයන කාලයක් . අල්ලස නොදී බේරෙන්න ජිවත් වෙන්න අද සමාජයේ ඉඩක් නැහැ . එකට අද පවතින රාජ්‍ය ක්‍රමයම සහ ඒවායේ සිටින මුහුණු ඉවත් කර යුතුය (අ)
අජිත් කරුණාරත්න, සරා, දුක් වන්න එපා. අහුවුනේ ඕක විතරයි. අහම්බෙන් සිදුවුන සිදුවීමක් නොවෙන්න පුළුවන් (නි)
මේ කුමාරි, නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා (නි)
ඔය පොලිසියෙ පගා මහත්තයට හොද වැඩෙ,අපෙ රටෙ උසාවි ගානේ රස්තියදු නොවි අනිත් රටවල වගෙ සාධරණ දඩ මුදලක් නියම කරානම් කොහෙටහරි ගෙවන්න පොලිසිවල පගා මහත්තුරු බිහිවෙන් නැහැ,ඔය ලයිසන් එක අරගෙන පොලිසියට එන්න කියන එව එහෙම දියුනු රටවලම් නැහැ.ඒ වෙලාවෙම දඩ කොලෙ ලිව්ව රෙස්පට් එකෙ ගෙවලා දැම්ම.දියුනු රටවල නිතිය අකුරටම තියෙන නිසා මිනිස්සු බයයි,බිලා වාහන එලවන්නෙම නැහැ.මොකද ලොකු දඩයක් ගහනවා.අපෙ එහෙමද වාහනෙ ගෙදරින් එලියට දාපු වෙලෙ ඉදන් ස්ල්ලි කොල ටිකක් අතෙ තියාගෙනම ඉන්න ඔන, (අ)
ඔය කිව්වට පොලිසිය නැතිදාට ඇඳගන ඉන්න අමුඩෙත් උදුරන හොරු ඉඳීවි.පොලිසිය නැති කරන්න එපෝ! (නි)
රුපියල් කෝටි ගණන් වංචා කරන රටේ මේක සුලු දෙයක්. පොඩි අවවාදයක් කරලා ඔය මනුස්සයාගේ රස්සාව බේරලා දෙන්න බැරිද? මොකද දරු පවුල් කාරයෙක් නම් පවු නේද? (නි)
මේ වැඩ නිසා පොලිසියේ විනෝද අංශයක් බවට පත්වෙලා වගේ දැන්. (නි)
මම මේ මුලින් හිතුවේ පීසී වෙන දෙයක් කරලා කියලයි (නි)
අල්ලස නැතිනම් මේ රට ශ්‍රී ලංකාව නෙමේ.(නදී)
මෙන්න තවත් පොලිස් ප්‍රතිපලයක්. අර උඩින් තියනවා නේද මොනවද සම්මන්ත්‍රනයක් පොලිසියට තිබුණා කියලා. වැටයි නියරයි වැට හදන්න ගෙනාපු ආම්පන්නයි ඔක්කොම ගොයම් කනවා (නි)
අපේ රටේ පොලිසිය නොහද රට හදන්න බැහැ. පොලිසියේ ලොකු පුටුවල සිට පහලටම මෙය තිබෙනවා . එනිසා ලෙහෙසි දෙයක් නෙමේ හදන එක . වැරද්ද කරන එක රජයේ මැති ඇමති වරු දන්නවනම් . ප්‍රසිද්ද නීතිඥයෙක් ගන්න පුලුවන්නම් ඔවුන් බේරිලා (අ)
නියමයි හොද වැඩේ, මගෙනුත් අල්ලස් ගත්තා කාළුතර දකුණ පොලීසියේ කටිටිය.(නදී)
රටේ බොහෝ තැන්වල මෙය සුලබව සිදුවෙන අතර පොලිසිය ඉන් එක ආයතනයක් පමණි. අධර්මය රජකරන රටක මේවා බලාපොරොත්තු විය හැක.(අ)
වරදට සාධාරන දඩ මුදලක් රස්තියාදුවක් නැතිව ගෙවන්න පුළුවන් කමක් තියෙනවනම් කව්රුත්පොලීසියට පගාව දෙන්නේ නෑ..ආණ්ඩුවට හිමිවිය යුතු විශාල මුදලක් ජරා පප්පන්ට යනවා මේ තියෙන ක්‍රමයෙන්..අනේ මේක තේරෙන්නේ නැති එකනේ වැඩේ මේ බලධාරින්ට (අ)...
දැන්නම් ලංකාවේ පොලිසිය නම් ගන්නම දෙයක් නැහැ (නි)
ගත්ත කෙනයි දුන්නු කෙනයි දෙන්නම අත්අඩංගුවට ගන්න. නැත්නම් මේ දේවල් කවදාවත් අපේ රටින් තුරන් වෙන්නෙ නැහැ (නි)
මම හිතන්නේ පොලිසියක් ඕනෑ නැහැ කියලයි දැන් රටට (නි)
රාලහාමි රුපියල් දෙදාහකින් මොනවා ගන්නද හිතාගෙන හිටියේ? ළදරු කිරිපිටි පැකට් නම් හයයි. ගෑස් ටැංකියක් ගන්නත් තව රුපියල් හාරසීයක් ඕනෑ. පවු අපරාදේ රැකියාව. (නි)