දොඩම්ගොඩ දී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගැනීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පොලිස් මූලස්ථානය කියයි.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතියේ 162වැනි රීතියට අනුව තොරතුරු ලබා ගත යුතුව ඇති බවත්, එම තොරතුරු රැස් කර ගැනීමෙන් පසුව ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත හැකිද නොහැකිද යන්න තීරණය කළ යුතුව ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා විසින් කොස්තාපල්ට ලිඛිතව දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජරට කොල්ලෙක් පාඩමක් ඉගැන්නුවා එහෙනම්? (නි)
මේ අයට දැන් තියෙන ප්‍රශ්නය තමයි මොහු කොන්ද ඇති බව පෙන්වීම. ඒක අනෙක් පොලිස් නිලධාරීන්ට ආදර්ශයක් වෙනවට පොලිසිය කැමති නෑ. හැමදාම හැමකෙනාම දෙකට නැමිලා ඉන්න කියල තමයි කියන්නේ. (අ)
කාලකන්නි දේශපාලකයෝ ටික ඉන්නකම් අපේ රටට හොඳක් වෙන්නේ නැහැ. (ස)
දැන් මේ පොලිස් නිලධාරියාටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට වගේ තැනක් තියෙනවානේ.පහුගිය දවස් වල මන්ත්‍රී කෙනෙකුගේ ඉල්ලා අස්වීම පක්ෂ නායකයෙක් බාර ගත්තේත් නැහැ නේද? (නි)
ඉල්ලා අස්වීම භාර ගන්න බැරි නම් සේවය හැර ගියොත් මොනවා කරන්නද ? (නදී)
සපුනිකා (කැකිල්ලේ තීන්දුවක් නැතුව තනතුරින්වත් උසස් කළොත් නීතියට කරන ලොකු ගෞරවයක් වේවි. එතකොට අනිත් පොලිස් නිලධාරීනුත් නීතිය අකුරට කරාවි.) ඔයාගේ වගේ අදහස් තියෙන අය දැන් නෑ. අවංක අයට තැනක් නෑ, දැන් රටේ. මමත් රජයේ රැකියාවක් කරන්නේ. මෙහෙත් එහෙම තමයි. මට එපා වෙලා තියෙන්නේ. (නදී)
මුළු පොලිස් දෙපාර්තුමෙන්තුවටම ඉන්න එකම ගට්ස් තියෙන පොලිස් නිලධාරියා කියල ඉතිහාස ගතවේවි. (නදී)
මේ රටේ අවශ්‍ය විදියට එයාලට හොරකම් කරන්න නොදුන්නොත් වැරදියි වෙන්න ඇති (නි)
මොකද ප්‍රමාද? (නි)
මෙයාව පොලියේ අදිකාරී තනතුරට උසස් කරන්ඩ. නීතියට කරන ගෞරවයක්.(අ)
දැන්නේ දැනගත්තේ මේ අලුත්ම පුවත.... (නි)
මෙවැනි එක පොලිස් නිලධාරියෙක් හෝ සිටීම ගැන සතුටු වෙනවා. (නි)
ඔහු පගාව නොගෙන නීතිය හරියාකාරව කිරීම නිසා ඔහුට ගැටලු ගොඩයි. කැකිල්ලේ තීන්දුවක් නැතුව තනතුරින්වත් උසස් කළොත් නීතියට කරන ලොකු ගෞරවයක් වේවි. එතකොට අනිත් පොලිස් නිලධාරීනුත් නීතිය අකුරට කරාවි. (නි)
මොකද දන්නෙ නැහැ නේද ප්‍රමාද? (නි)
මෙයයි යථාර්ථය... (නි)
මෙතුමාට දැන් තිබෙනවා ඔන්න හොඳ අවස්ථාවක් (නි)
දැන් එම නිලධාරියාට තියෙන්නේ සියල්ල අමතක කරලා පාඩුවේ ඉන්න (නි)
අවංක සේවය වෙනුවෙන් ඔහුට උසස්වීමක් දී සේවයේ තබා ගැනීමයි කළයුත්තේ. අවාසනාවට ශ්‍රි ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
ඇයි ඕක කියන්න ඔච්චර කල් ගත්තේ? ලියුම එවලා ටිකක් කල් නේද? (නි)