IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පක්ෂය තර කරන්න එජාපය කරත්තෙන්, සයිකලෙන් යයි

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා එහි මන්ත්‍රීවරු ද, ප්‍රාදේශීය නායකයෝ ද ආනමඩුවේ සහ හලාවත සැරිසැරූහ.

ඇතැමෙක් පාපැදිවලින් ගියහ.

ඇතැමෙක් ගොම් බැඳි කරත්තවලින් ගියහ.

 

 

 



අදහස් (0)

පක්ෂය තර කරන්න එජාපය කරත්තෙන්, සයිකලෙන් යයි

දයා අලහාකෝන් Saturday, 18 May 2013 10:16 AM

මහජනයා රවට්ටන්න එපා. ඔය කවුරුත් බලයට ආවට පස්සේ කොහොමද කියලා රටම දන්නවා. (ස)

:       0       0

බන්දුල Saturday, 18 May 2013 10:21 AM

මේ ගොන් සහ කරත්ත තීරු බදු රහිත මිලටද ගත්තේ. (ස)

:       0       0

සේරම් පැරිස් Saturday, 18 May 2013 07:40 PM

ගොනාට ඔලුවක් තියෙනවා අද ඉන්න සමහර දේශපාලුවන්ට වඩා. (නි)

:       0       0

ආනන්දආර් Saturday, 18 May 2013 10:27 AM

තමන්ගේ මන්ත්‍රීකමට නොමිලේ ඉන්ධනත් සමග ලැබුන සැප වාහන ගෙදර තියලා, අනුන්ගෙන් ඉල්ලගත්තු බයිසිකලුයි ගොන් කරත්තයි අරගෙන මොනවද මේ කරන විකාර? ඕව හොඳයි අවුරුදු උත්සවයක විකට ජවනිකා තරඟයකට. විපක්ෂයක් කියලා ඉතිරිවෙලා තියෙන පොල්කුඩු ටික හරි වැළලිලා යනවා මේ වැඩවලින්. පක්ෂයක් ශක්තිමත් වෙන්නේ සාමාජිකයන්ගෙන්. පක්ෂේ ඉන්න අයට ඔවුන් බඳවාගැනීම භාරධූර කටයුත්තක් හැටියට නොපෙනේ නම් එය මෙවැනි විකට ජවනිකාවක් ලෙස ගැනේ නම් පක්ෂය ගැන කුමන කතාද? (නි)

:       0       0

ආනන්ද Saturday, 18 May 2013 10:29 AM

මෙවැනි දේවල් වලින් ප්‍රගතියක් ලැබේද ? (ස)

:       0       0

කුෂාන් Friday, 17 May 2013 08:15 PM

මේ දන්නේ නැති නිසා අහන්නේ,කරත්තේ ඇදගෙන යනකෙනත් ඔයාලගේම පක්ෂයට සම්බන්ධ කෙනෙක්ද? (නි)

:       0       0

දිනේෂ් Friday, 17 May 2013 08:17 PM

වසර 65 කට ආසන්න ඉතිහාසයක් ඇති එජාපය මේ වනවිට සිය දේශපාලන දිවියේ ගැඹුරුතම අර්බුදයට මුහුන පා ඇති බව නොරහසකි. 1994 සිට 2011 දක්වා එන දාහත් වසර තුල එක් වතාවකදී හැර පැවති සෑම ඡන්දයකින් ම එජාපය පරාජය වී ඇත. මෙම දීර්ඝ කාලීන පසුබෑම තුළ එම පක්ෂයේම වාර්තා අනුව ප‍්‍රධාන පෙළේ නායකයින් 88 දෙනෙකු පක්ෂය හැරගොස් ඇති අතර තවත් බොහෝ ප‍්‍රාදේශීය මට්ටමේ නායකයින් ද අහිමි වී ඇත. කැපුවත් කොළ පාට යැයි කියනු ලැබූ එජාප පාක්ෂිකයින් ද ගුජුප්සාවට පත්ව ජන්ද පොලක පස් නොපාගන තත්වයට පත්ව ඇත. (නි)

:       0       0

දිනේෂ් Friday, 17 May 2013 08:20 PM

සිහින නිරන්තරව අපවටා භ්‍රමනය වුවද මෙලොව කළහැකි සහ කළ නොහැකි දෑ සියල්ල එකී ෆැන්ටසිය තුල අඩංගුය. මේ සරල සත්‍ය රනිල් වික්‍රමසිංහ වටහා ගත යුතුව ඇත. රජ වී නම් රනිල්ට ගේම දිය හැක, නොහැක්කේ රජ වීමය... (නි)

:       0       0

කෝලිත Friday, 17 May 2013 08:22 PM

බැරි වෙලාවත් රෙදි මිල ඉහල ගිහින් තිබුනා නම් , රෙදි නැතිව යාවි නේද ? (නි)

:       0       0

චන්ද්‍රපාල Saturday, 18 May 2013 08:45 PM

මෝඩ වැඩ

:       0       0

හේරත් Saturday, 18 May 2013 11:19 AM

දොස්තරත් කිව්වාලු නේ ව්‍යායාම් කොරන්න කියලා. (නි)

:       0       0

සමන්ත Friday, 17 May 2013 09:41 PM

සරත්, ඔයා කියන කෙනාටත් දීලා බලමු (නි)

:       0       0

තාරා Friday, 17 May 2013 09:46 PM

අපේ පක්ෂය

:       0       0

හේරත් Friday, 17 May 2013 09:45 PM

දෙන්නම් මගේ මැණිකා -ගෙදර ගිහින් පැණි වරකා .....ඒ ඉස්සර. දැන් කියන්නේ බොරු ගුලි පැණි වරකා -මොකටද ගොන් හරකා කියලයි. (නි)

:       0       0

අනුර Saturday, 18 May 2013 11:55 AM

මේ ගමන්ම සත්තු වත්ත පැත්තට යවමුද? (නි)

:       0       0

මිණිපේ Friday, 17 May 2013 09:50 PM

මේවා කිරීමෙන් පක්ෂය විහලුවක් බවට පත්වෙනවා.මේ ක්‍රම බොහොම පරණ ක්‍රම.දැන් කාලයට මේවා ඔබින්නේ නැ.මේක හරියට අර "අපි මොනවා හරි කොරන්න ඕනෑ" යන මතය උඩ කරන වැඩ. (නි)

:       0       0

පෙරේරා Saturday, 18 May 2013 11:55 AM

මේවා පුහු වැඩ. විපක්ෂෙ විදිහට පලක් ඇති දෙයක් කරන්න නාඩගම් නටන්නේ නැතුව.(ස)

:       0       0

හේරත් Friday, 17 May 2013 10:07 PM

අන්න එනවෝ. ජඃ හරකා ජඃ.... ජඃ..ජඃ...කෝ අහන්නේ නෑ නේ..... (නි)

:       0       0

රනිල් Friday, 17 May 2013 10:16 PM

බැසයන ආර්ථික සමාජීය දේශපාලනය තුල නැගීඑන විප්ලවීය යුගයක් සමානුපාතික සංවර්ධිත කෘෂිකාර්මික ජීවන රටාවක් ඇතිකර ගොවීයා සවියේ දෙවියා වේ යන සංකල්පය යටතේ රට සංවර්ධනය කිරීමට මෙම ගෙන යන්නාවු වැඩ පිලිවෙළ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වීම රටතුල ජනතාව ලැබුවා වු ජයග්‍රහනයේ සංකේතයක්ම වන්නේය. (නි)

:       0       0

බන්දුල Friday, 17 May 2013 10:37 PM

ඔයාලගේ පක්ෂයේ උදවිය කටයුතු කරන්නේ හරියට මොන්ටිසෝරි ළමයි වගේ.ඔයාල නිතරම කියන්නේ ආණ්ඩුව පෙරලනවා කියලනේ, නමුත් ඡන්දයක් තිබ්බම පේනවා ඔයාලගේ බලය. ඔයාල බොරුවට දැගලුවට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. මහජනතාවට යම්කිසි සේවයක් කරලා ඡන්දෙකට යන්න. එතකොට ඔයාලා ගැනත් සලකලා බලයි. (නි)

:       0       0

ගිම්හානී Saturday, 18 May 2013 12:36 PM

මෙයාලා මොකද මේ සිල්ලර වැඩ කරන්නේ අයියෝ..(ස)

:       0       0

චතුල වෙරෝනා Friday, 17 May 2013 10:42 PM

එතකොට ගොන්නුන්ට අරගෙන තියෙන්නෙත් දන්න කියන කට්ටියක්ද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඩී.උපුල් Saturday, 18 May 2013 12:47 PM

නූගතුන්ගේ දේශපාලනය ! අපේ රටේ ප්‍රමිතියක් ඇතිවන්නේ කවදාද දෙවියනේ?(ස)

:       0       0

සුජානී දෙවප්ප්‍රිය Friday, 17 May 2013 10:52 PM

තවත් දවසක තවත් ගෝලබාලයෙක් ඉබ්බගෙ පිටෙත් යන්න තෝරා ගනීවී පක්ෂය ඉදිරියට යනවද බලන්න. අනේ මෙහෙමත් නාටක! (නි)

:       0       0

ආනන්ද Saturday, 18 May 2013 01:08 PM

වලන් බිඳලා හෝන් ගහලා කරත්තෙන් තව ගොඩක් දුර යන්න වෙයි රාජ්‍ය බලය පේන තෙක් මානයකටවත් යන්න.(ස)

:       0       0

සුමිත් Friday, 17 May 2013 11:09 PM

මේවා විහිලු වැඩ. මෙහෙම දේවල් කරන්න තමයි මෙයාලා දන්නෙ. (නි)

:       0       0

තිසල් Saturday, 18 May 2013 01:51 PM

නඩත්තු කරන්නත් බැරි තරමට පක්ෂයේ අරමුදල් බංකොලොත් වෙලා නිසාද මේ කරත්තවලින් යන්නේ? (නි)

:       0       0

නිහල් Saturday, 18 May 2013 12:17 AM

මේ පක්ෂයට කරත්ත ටිකක් ලබාදුන්නා නම් මැනවි. බදින්න අය ඕනෑ තරම් ඉන්නේ (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 18 May 2013 02:22 PM

නිකන් බාල වැඩ නොකර අද සමාජයට ගැලපෙන දේශපාලන ක්‍රමයක් හදුන්වල දෙනකන් මේ පක්ෂය ගොඩ ගන්න වෙන්නේ නැහැ. (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 18 May 2013 02:23 PM

අපේ ‍ගොනා අපිට හොදා... (නි)

:       0       0

ෆර්නන්ඩෝ පැරිස් Sunday, 19 May 2013 05:40 AM

මට පොටෝ එක පැහැදිලි මදි ,කරත්තයේ අය හරියටම ඉන්නවා නේද ස්ථානගත වෙලා? (නි)

:       0       0

ධම්මික Saturday, 18 May 2013 02:32 PM

දෙවෙනි පින්තුරේ ඉස්සරහින්ම ඉන්නේ පක්ෂේ නායකයා වෙන්න ඇති නේද?(නදී)

:       0       0

සත්‍යා Saturday, 18 May 2013 01:44 AM

බොරු වැඩ කරන්ඩ එපා ,ඕන ශක්තිමත් දේසපාලන වැඩ පිළිවෙලක්. (නි)

:       0       0

සුනිල් Saturday, 18 May 2013 02:05 AM

දැන් එහෙනම් අඩු කරයි

:       0       0

රංජනී Saturday, 18 May 2013 02:14 AM

දෙගොල්ල මාරුවෙලා පොඩි වැරදීමක් වගේ. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 18 May 2013 04:03 AM

මෙවැනි ප්‍රාථමික වැඩවලින් රටට හෝ ජනතාවට සේවයක් නොවේ. පැමිණෙන්නේ පාපැදියකින්ද ගොන් කරත්තයකින්ද යන්නට වඩා වැදගත් වන්නේ මොවුන්ගේ ප්‍රතිපත්ති සහ දර්ශනයයි.ජනතාවට විහිලු සැපයීමට අහිංසක සත්වයකුට හිංසාකිරිම කොහෙත්ම අනුමත නොකරමි. (නි)

:       0       0

විමල් Saturday, 18 May 2013 03:17 PM

කවදා මේ රටට බුද්දිමත් දේශපාලකයෝ පහලවෙයිද? අපේ රට දවසින් දවස ප්‍රපාතයට යන හැටි! (ස)

:       0       0

ජයන්ත Saturday, 18 May 2013 05:47 AM

අපේ පක්ෂය තර කරන්න සහය දෙමු

:       0       0

නිමල් Sunday, 19 May 2013 08:40 AM

වැඩේ නම් ඉතාමත් වැදගත්.නමුත් එයට ප්‍රථම පක්ෂයේ ඉන්න අයගේ එක්සත්කමක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

චානක Saturday, 18 May 2013 04:01 PM

මේවා කළා කියලා හරියයිද

:       0       0

සෑම් Saturday, 18 May 2013 07:17 AM

කරත්තේ බදින්න ඕනෑ කවුද කියලා මට මෙතන කියන්න බැහැ. (නි)

:       0       0

හේරත් Saturday, 18 May 2013 07:52 AM

ආයුබෝවන්ඩ මොකද මේ අරුමක්කේ?ගොන් කරත්තයකින්ම?කෝ අර ප්‍රාඩෝ? (නි)

:       0       0

චමි කුවෙට් Saturday, 18 May 2013 04:56 PM

අපේ සජිත් මහත්තයා අවොත් අපි සේරම ගොඩ. පේමදාස මහත්තයා දෙවියෙක් දුප්පත් අපිට.සජිත් මහත්තත් ඒ මග තමයි එන්නේ. (නි)

:       0       0

අතපත්තු Saturday, 18 May 2013 04:59 PM

කරත්තේ බඳින ,ගොනාටත් අගෞරව කරනවා ,මේ අය (ස)

:       0       0

හේරත් Sunday, 19 May 2013 10:22 AM

පක්ෂය 21 වන සියවසට (න) තර කරන්න එජාපය කරත්තෙන්, සයිකලෙන් යයි (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 19 May 2013 10:30 AM

කාගේද ගොන් වස්සා, ආණ්ඩු පක්ෂෙට පැනගත්තා, හොඳ ගානක් උස්සා, ඇමතිකමකුත් ගත්තා. (නදී)

:       0       0

ප්‍රභාත් Saturday, 18 May 2013 05:09 PM

දැන් රට එකම නාඩගම් මඩුවක් වෙලා. (ස)

:       0       0

සනත් Friday, 17 May 2013 06:40 PM

රටක් හරියට ගෙනියන්න නම් ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. ලංකාවේ එහෙම දෙයක් පෙනෙන මානයක නැහැ.ඔය මහත්තුරු දැන් කරත්ත වලින් ගියාට පස්සේ යන වාහන මොනවද කියලා අපේ රටේ මිනිස්සු දන්නවා. (නි)

:       0       0

මංගල Friday, 17 May 2013 06:43 PM

කොහොම වුණත් මේ ඔක්කොම විකාර. ඡන්ද දායකයා තාම අමු මෝඩයි. මොලේ පෑදිච්ච දවසට මේ ගොල්ලන්ට ඕවා දාලා දුවන්න තමා වෙන්නෙ. (නි)

:       0       0

වසන්ති Saturday, 18 May 2013 08:44 AM

ඔබේ නායකයා ට ජනතාවට එම ආණ්ඩුවකින් කරන සේවය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න කියන්න. පක්ෂයේ තරුණ කොටස් වලට තැනක් මීට වැඩියෙන් දෙන්න. ජනතාව ඔවුන් සමග නැගිටියි. (නි)

:       0       0

චන්දන Friday, 17 May 2013 06:49 PM

මේ සත්තුත් පක්ෂයටම අයිති උන්ද? (නි)

:       0       0

චන්දන Friday, 17 May 2013 06:50 PM

ඔහොම නම් ඔයාලට ගොඩඑන්න අමාරුයි (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 17 May 2013 06:59 PM

ඇයි මේක මිට වැඩිය පිළිවෙළකට කරන්න බැරි? (නි)

:       0       0

සරත් ඩු Friday, 17 May 2013 06:59 PM

ඕවා වැඩක් නැති වැඩ. රටේ මිනිස්සුන්ගේ ඉස්සර තිබුණු විශ්වාස දැන් නැහැ. ඔබතුමාලා කරත්ත වලින් නෙමෙයි බඩගාගෙන ගියත් ඔයාලගේ අහවලා ඉන්නකන් හීන තමා දකින්න වෙන්නේ (නි)

:       0       0

සජිත් Friday, 17 May 2013 07:14 PM

ගවයෙකුගෙන් වෙන ‍සේවය තරම්වත් සේවයක් අද අපේ දේශපාලඥයින්ගෙන් රටට වෙන්නෙ නැහැ. ඌ කන්නේ තණකොළ වුණත් එයාලා කන්නේ රට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 126 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 517 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 102 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 541 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 330 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 961 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site