IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පක්ෂය සහ රට වෙනුවෙන් ගත් තීරණයක්

තමන් ජනාධිපති සටනින් ඉවත් වීමට තීරණය කළේ තම ඩිමොක්‍රටික් පක්ෂයේ යහපත වෙනුවෙන් සහ රටේ යහපත වෙනුවෙන් යැයි 81 හැවිරිදි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි.

බයිඩන් යනු ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම පුද්ගලයාය. බයිඩන්ට ඔහුගේ වයස හරස් වුණු අතර, කතා කරද්දී සහ තීන්දු තීරණ ගැනීමේදී එය නිවැරදිව සහ ක්ෂණිකව කළ නොහැකි වී ඇත. ජනාධිපති ධුර සටනින් ඉවත් වෙන්නැයි බයිඩන්ට ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය තුළින්ම විරෝධයක් නැගුණි.

තමන් කිසිම අවස්ථාවක ජනාධිපති සටනින් ඉවත් නොවන බව පැවැසූ බයිඩන්, අවසානයේ ඉවත් වීමට තීරණය කළේ පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වුණු එම විරෝධය සැලකිල්ලට ගනිමිනි.

හිටපු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇත්තේ බයිඩන් නිවැරදි තීරණය ගත් බවත් දැන් ඔහු ගෞරවණීය ලෙස ජනාධිපති ධුරයෙන් සමුගනු ඇති බවත්ය. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල හිටපු කතා නායිකාව නැන්සි පෙලෝසී ද බයිඩන්ට ප්‍රසංශා කර තිබේ.

ඇමෙරිකන් ජනතාවගේ යහපත වෙනුවෙන් බයිඩන් ගත් තීරණය ගෞරවාන්විත යැයි එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් ඇතුළු ලේක නායකයෝ පැහැදිලි කර තිබේ.

ඇමෙරිකා ජනාධිපතිවරයකුට හිමි වන්නේ ධුර කාල දෙකකි. බයිඩන්ගේ පළමු ධුර කාලය මෙම වසරෙන් අවසන් වෙයි. බයිඩන් එම ධුර කාලය සම්පූර්ණ කර, දේශපාලනයට සමුදෙනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ, ඔහුට එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවිනි.

ඉන්දීය සම්භවයක් ද ඇති 59 හැවිරිදි කමලා හැරිස්, දේශපාලනයට පිවිසීමට පෙර, කැලිෆෝනියා ජනපදයේ නීතිපති ලෙස කටයුතු කළාය. ඇය කණිෂ්ඨ සෙනෙට් සාමාජිකාවක් බවට තේරී පත් වූයේ 2017 වසරේදීය. කැලිෆෝනියාවේ නීතිපති බවට පත් වුණු පළමු කළු සමක් ඇති පුද්ගලයා ද කමලා හැරිස්ය.

2020 ජනාධිපතිවරණ සටනට, ඩිමොක්‍රටික් පක්ෂයෙන්, බයිඩන් පමණක් නොව, ඇය ද ඉදිරිපත් වූවාය. කෙසේ නමුත් ඇයට ඉදිරියට යෑම කළ නොහැකි විය. හැරිස් යළි මැතිවරණ වේදිකාවට ගෙන්වා ගත්තේ බයිඩන් විසිනි. ඒ, බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමෙන් පසුවය. බයිඩන් සිය දෙවැනියා මෙන්ම උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් තෝරා ගත්තේය. 2020 ජනාධිපතිවරණයෙන් බයිඩන් ජය ගත් පසු උප ජනාධිපති ධුරය කමලා හැරිස්ට හිමිවිය.

බයිඩන්‍, ජනාධිපති සටනින් ඉවත් වී, ඒ සඳහා තමන් සුදුසු යැයි යෝජනා කිරීම ගැන කමලා හැරිස් සතුට පළ කරයි. එය 'පරාර්ථකාමී, නිර්භීත, දේශප්‍රේමී ක්‍රියාවක්' යැයි කමලා හැරිස් පවසා තිබේ. ජනාධිපති ධුර අපේක්ෂිකාව වීම තමන්ට ලොකු ගෞරවයක් බව ද කමලා හැරිස් පැහැදිලි කර ඇත.

ඊට අමතරව, ඩිමොක්‍රටික් පක්ෂයේ ජය තහවුරු කිරීමට තමන්ට හැකි බව ද කමලා හැරිස් මාධ්‍ය හමුවේ පවසා ඇත. කමලා හැරිස් ජනාධිපති ධුරයට පත්වුවහොත්, එම ධුරයට පත්වන පළමු කලු ජාතික කාන්තාව වනු ඇත්තේ ද ඇයයි. දකුණු ආසියානු සම්භවයක් ඇති, කළු ජාතික, පළමු ඇමෙරිකන් කාන්තා ජනාධිපති වනු ඇත්තේ ඇයයි.



අදහස් (5)

පක්ෂය සහ රට වෙනුවෙන් ගත් තීරණයක්

චතුරි Monday, 22 July 2024 05:40 AM

ඇයි මේ වගේ අපේ නාකි කාලකණ්ණින්ට අයින් වෙන්න බැරි? අතේ සතේ නැහැ මග යන්න පණ නැහැ... තනිතීරණ ගන්න කොන්ද පණ නැහැ. රට බන්කොළොත්. ඒත් කියනවා රට ගොඩ කෙරුවා කියලා. තවත් තරග කරනවා. අවුරුදු 70ක් තිස්සේ බැරිවුණා. ඒ කාලේ... මොවුන්ට කරන්න තිබුණු දේවල් කෙරුවේ නැහැ. මොවුන්ගේ පවුල් යාලු මිත්‍රයින් හොඳට හැදුණා තවමත් ඒ වගේ. මොවුන්ව එළවලාත් යන්නේ නැහැ... මොවුන්ගේ බූදලයක් වගේ. කරපු වැරැදිවලට වන්දි ගෙවන්න වෙන නිසා... සේරම ගොබ්බයෝ නාකි රනිල්ව දිනවන්න ලෑස්ති වෙන්නේ. කිසිම කෙනෙක් මේ පුද්ගලයාට වටිනා ඡන්දය දෙන්න එපා. මොවුන්ට ගෙදර යන්න කියන්න එපා. මොවුන්ට කියන්න හිර ගෙදරට යන්න ලෑස්ති වෙන්න කියලා රටේ ජනතාවට කරපු අපරාධ වලට. මොවුන්ට රටේ ආදායමට ලැබෙන දේකට අත තියන්න සම්පූර්ණ තහනම්. වෙන රටක මේ දේ වුණා නම්. මේ අයව කරන්ට් පුටුවේ තියනවා

:       0       1

ranjith Monday, 22 July 2024 06:32 AM

ඒකට අපේ රටේ ජනතාවගෙන් සහ පක්ෂයෙන් විරෝධය තිබුණොත් දාලා යන්න නෑ මේ රට වලපල්ලට ගියත්

:       0       4

kamalani Monday, 22 July 2024 06:45 AM

ඇමෙරිකාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ

:       0       3

ජයනාත් Monday, 22 July 2024 08:03 AM

නෑ...නෑ... මේ ලංකාවේ නෙවෙයි ... ඇමරිකාවේ ..

:       0       3

Perera Monday, 22 July 2024 09:20 AM

අපේ බයිඩන් නම් අමාරුවෙන් එල්ලිලා ඉන්නවා රටේ යහපත වෙනුවෙන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 805 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1731 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1639 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 410 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 671 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 488 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24317 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site