
ඉන්දියාවේ පැවැත්වෙන කලාපීය සමුළුවකට සහභාගී වීම සඳහා පාකිස්තාන අමාත්‍යවරයකු ඉන්දියාවට පැමිණීමට නියමිත බව පාකිස්තාන රජය නිවේදනය කර තිබේ.
ඉකුත් 2025 වසරේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති සිවුදින යුද්ධයෙන් පසු දෙරට අතර හොඳහිත තවත් පළුදු විය. පාකිස්තාන අමාත්‍යවරයකු ඉන්දියාවට පැමිණෙන්නේ මෙවැනි පසුබිමක බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එම සිවුදින යුද්ධයෙන් පසු පාකිස්තාන අමාත්‍යවරයකු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
ඉන්දියාවට පැමිණෙන්නේ පාකිස්තානයේ දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය මුසාදික් මලික් ය. ඒ, ලබන නොවැම්බර් 20 සිට 22 දක්වා නවදිල්ලි නුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ අතුරු සමුළුවකට සහභාගී වීමේ අරමුණින් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd