පාකිස්තාන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජනරාල් පර්වේස් කයානි තුන් දින නිල චාරිකාවක් සඳහා අද (27) සවස දිවයිනට පැමිණියේය.
කටුනායක ගුවන් තොටේ ප්‍රභූ පර්යන්තයේදී ශ්‍රී ලංකා යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය ජනරාල් කයානි පිළිගත්තේය.
ජනරාල් කයානි හමුදා ප්‍රධානීන් මුණ ගැසෙන අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එහිදී වෘත්තීය වශයෙක් වැදගත් කරුණු සාකච්ඡා කිරිමට නියමතය.
දියතලාව හමුදා ඇකඩමියේ සිකුරාදා (28) පැවැත්වෙන විසිරයාමේ පෙළපාළියේ විශේෂ ආරාධිතයා ද ඔහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදරුවන් වැනි කලගුණය ගැන දන්නේ නැති ඕලමොට්ටයෝ ඉන්නකම් අපේ රට හදන්න බැහැ.(නදී)
[චිරාන් ජීවන්ත ධර්මසේන/කසුන් කැලූම් ], එල්.ටී.ටී.ඊය පරාජය කෙරුණු ශ‍්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුමට පාකිස්තානය ආයුධ සැපයීමෙන් මෙන්ම දැනුමෙන්ද සහාය වූ බව එරට යුද හමුදාපති ජෙනරාල් අස්ෆාක් ෆර්වේස් ක්යානි පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ දියතලාව යුද හමුදා පුහුණු පාසලේ අද පැවති කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයක් අමතමින්. වසර දෙකහමාරක පුහුණුවක් සම්පූර්ණ කළ කැඩෙට් නිලධාරීන් 64 දෙනෙකු එහිදී විසිර ගියා. එම උත්සවය අමතමින් ජෙනරාල් අස්ෆාක් ෆර්වේස් ක්යානි වැඩිදුරටත් කියා සිටියේ ශ‍්‍රී ලංකාව මෙන්ම පාකිස්තානය ද සාමයට කැමැති රටක් බවයි. දෙරට අතර ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා. (නදී)
අපි ජාතිවාදියෝ කියන ලංකන්ලා වගේ අය මුස්ලිම් රටක ජිවත් වෙලා බලන්න ඕනෑ (නි)
මම හොදට කෙලෙහිගුණ දන්නවා. අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන තත්වය අනුව අපිට දැන් ජාතිවාදියෝ වෙන්න වෙනවා. නැත්නම් අපේ රටත් තව ඇෆ්ගනිස්ථානයක් වෙනවා . (නි)
ශ්රී ලංකා හමුදාපති දයා රත්නායක මහතා නේද ?(නදී)
අපට උදව් කළ ඔබතුමාව සාදරයෙන් පිළිගනිමු. (නි)
රංග ශානි කෙලෙහි ගුණ දන්නේ නැති කෙනෙකු වගෙයි (නි)
ප්‍රදීප්, ඔයාගේ තමයි අද දවසේ කියමන. (නි)
ඉම්රාන් වගේ අය මුස්ලිම් රටවලින් අපට දෙන උදව් ගැන කතා කරන අයගෙන් පරිස්සම් විය යුතුයි.(නදී)
යුද්දය දිනන්න අපට වැඩිපුරම උදව් කරපු රට පාකිස්ථානයයි. සමහර අවි ආයුධ දීර්ඝකාලීන ණය පදනම යටතේ පවා දුන්නා. අපේ නිලදාරීන්ට පුහුණුව දුන්නා. ඒවා ඉවසා ගන්න බැරුව එල්. ටී.ටී. ඊ. එක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහා කොමසාරිස්වරයාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් පවා එල්ල කළා. ඒවා අමතක කරලා කතා කරන සදරුවන්, රංග වැනි ශ්‍රී ලාංකිකයින් සිටීම ලැජ්ජාවට කරුණක්. (නි)
පකිස්ථානය අපේ හොදම මිතුරන්ගෙන් කෙනෙක්. අපේ කොල්ලෝ යාපනේ වැටුණු වෙලාවේ අපේ උදව්වට අවේ පකිස්ථානය. ඉන්දියාව අහක බලා ගත්තා. අපි ආදරෙන් ඒවා මතක් කරනවා ඔබ තුමා එන දවසේ. (අ)
මුස්ලිම් නායකයන් සමග කතා බහ කරන විට තනි කරන්න එපා ඒ ගොල්ලන්ව (අ)
නියමයි, රටේ තියෙන තත්වය ගැනත් පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. අන්තවාදීන් සමග කතා කරන්න දෙන්න එපා දන්නවනේ එයාලගේ තරම.(නදී)
මම පකිස්ථානයට කීපවාරයක් ගිහිල්ල තියනවා බිස්නස් වලට. ඒඅය ලංකාවේ අයට තියෙන්නේ පුදුම ආදරයක්. කතා කාරන්නෙත් බොහොම අගය කරලා. පොඩි පොඩි දෙවල්වට සණ්ඩු කරගන්නේ නැතිව අපි කා සමගත් සාමයෙන් ඉන්න බලමු.(අ)
සාදරයෙන් පිලිගන්නවා ඔබ තුමාව (අ)
සඳරුවන්, පකිස්ථානය එදා කොටිත් එක්ක සටනේදී කරේ දාගත්තේ නැත්නම් අපේ ලංකා හමුදාවට අද වෙනතුරුත් සටන ජය ගන්න හම්බ වෙන්නේ නැහැ. පාකිස්ථානයේ ගුවන් හමුදාව තමා ගුවන් ප්‍රහාරක යානා ක්‍රියාත්මක කලේ. ඉන්දියාව හා පකිස්ථානය කියන්නේ ලෝකේ ඉන්න බලවත් රටවල්. ඔවුන්ට තියෙන්නේ බලවත් හමුදාවක් අපිට වඩා.(නදී)
අපිට කවදත් පාකිස්ථානය උදවු කළා. ඔබව සාදරයෙන් පිලිගන්නවා (නි)
පකිස්තාන් කාන්තාවන් නම් හොඳ ලස්සනයි. ම්ම්ම් (නි)
හැබැයි පාකිස්ථානයේ පර්වෙස්ලා ලංකාවට ඇවිත් යන්නේ පකිස්ථානයේ ජනාධිපතිලා වෙලා. මතකනේ ඔයාලට පර්වේස් මුෂාරෆ් මහත්තයා... ලංකාවට ඇවිත් යනකොට මොකද වුනේ කියලා,මැඩම්ගේ කාලේදී.... (නි)
මෙයත් ආපසූ යනකොට ජනරාල් පර්වේස් මුෂාරෆ්ට වෙච්ච දේ වෙයිද දන්නෙ නැහැ? (නි)
කලගුණ සැලකීම අතින් අපි ලෝකයා ඉදිරියේ පළමු ස්තානය කවදත්. මම හරිද? (නි)
සාදරයෙන් පිලිගන්නවා ඔබතුමාව! (නි)
පාකිස්තානයේ බලවත්ම පුද්ගලයා හැටියට විරුදාවලිය ලත් හමුදාපති පර්වේස් කයානි දෙවෙනි වතාවටත් ලංකාවට පැමිණීම අගයකොට සැලකිය යුතුයි.අනාදිමත් කාලයක සිට අපේ හමුදා නිලධාරීන්ට පුහුණුව ලබා දුන්නේ එංගලන්තයේ සැන්ඩාස් යුධ අභ්‍යාස විදුහලත්,පාකිස්තානයත්,ඉන්දියාවත් කීවොත් නිවැරදියි.යම් මතභේද තිබුනත් කර ඇති උදව් උපකාරද අමතක නොකළ යුතුයි (නි)
සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා ඔබතුමාව (නි)
සාදරයෙන් පිළිගනිමු අපේ රණවිරුවන්ගේ විනීත භාවයත් අගේ කොට සලකමු.(අ)
ඉන්දියාවෙන් නිතරම අපිට වෙන කරදර වලට . මෙවැනි පිළියම් යොදන්න ඕනේ . අපිට කොටි සමග සටන් කරන්න ලොකු උදව්වක් දීපු රටක් පකිස්ථානය . ඔබව අපි සාදරයෙන් පිළිගනිමු (අ)
ඉන්දියාවට රිදවන්න ගෙන්නගත්තට කමක් නෑ කරේ දාගන්නනම් එපා (අ)
ටී.එන්.ඒ නඩේ මුණ ගැහෙන්නේ නැද්ද, අර ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, කැනඩාවෙන්, එංගලන්තෙන්,ප්‍රන්සෙන්, නොර්වේ වලින් එන අය වගේ.