IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පකිස්තාන හමුදා නායකයෙක් එයි

පාකිස්තාන යුද හමුදා මාණ්ඩලික  ප්‍රධානි ජනරාල් පර්වේස් කයානි තුන් දින නිල චාරිකාවක් සඳහා අද (27) සවස  දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන් තොටේ ප්‍රභූ පර්යන්තයේදී ශ්‍රී ලංකා යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය   ජනරාල් කයානි  පිළිගත්තේය.

ජනරාල් කයානි හමුදා ප්‍රධානීන්  මුණ ගැසෙන අතර  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා පැවැත්වීමට  නියමිතය. එහිදී වෘත්තීය වශයෙක් වැදගත් කරුණු සාකච්ඡා කිරිමට නියමතය.

දියතලාව හමුදා ඇකඩමියේ සිකුරාදා (28) පැවැත්වෙන විසිරයාමේ පෙළපාළියේ විශේෂ ආරාධිතයා ද ඔහුය.

 

 



අදහස් (0)

පකිස්තාන හමුදා නායකයෙක් එයි

පෙරේරා Friday, 28 June 2013 01:25 PM

අපට උදව් කළ ඔබතුමාව සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

වාසනා Friday, 28 June 2013 01:31 PM

ශ්‍රී ලංකා හමුදාපති දයා රත්නායක මහතා නේද ?(නදී)

:       0       0

රංග ශනි Friday, 28 June 2013 08:46 AM

නියමයි, රටේ තියෙන තත්වය ගැනත් පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. අන්තවාදීන් සමග කතා කරන්න දෙන්න එපා දන්නවනේ එයාලගේ තරම.(නදී)

:       0       0

රංග ශනි Friday, 28 June 2013 08:47 AM

මුස්ලිම් නායකයන් සමග කතා බහ කරන විට තනි කරන්න එපා ඒ ගොල්ලන්ව (අ)

:       0       0

අනුර Thursday, 27 June 2013 08:09 PM

සාදරයෙන් පිලිගන්නවා ඔබ තුමාව (අ)

:       0       0

චන්දන පෙරේරා Friday, 28 June 2013 09:18 AM

පකිස්ථානය අපේ හොදම මිතුරන්ගෙන් කෙනෙක්. අපේ කොල්ලෝ යාපනේ වැටුණු වෙලාවේ අපේ උදව්වට අවේ පකිස්ථානය. ඉන්දියාව අහක බලා ගත්තා. අපි ආදරෙන් ඒවා මතක් කරනවා ඔබ තුමා එන දවසේ. (අ)

:       0       0

උඩුමලගල ඉන්දික Friday, 28 June 2013 09:33 AM

යුද්දය දිනන්න අපට වැඩිපුරම උදව් කරපු රට පාකිස්ථානයයි. සමහර අවි ආයුධ දීර්ඝකාලීන ණය පදනම යටතේ පවා දුන්නා. අපේ නිලදාරීන්ට පුහුණුව දුන්නා. ඒවා ඉවසා ගන්න බැරුව එල්. ටී.ටී. ඊ. එක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහා කොමසාරිස්වරයාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් පවා එල්ල කළා. ඒවා අමතක කරලා කතා කරන සදරුවන්, රංග වැනි ශ්‍රී ලාංකිකයින් සිටීම ලැජ්ජාවට කරුණක්. (නි)

:       0       0

ඇසල Thursday, 27 June 2013 08:48 PM

ටී.එන්.ඒ නඩේ මුණ ගැහෙන්නේ නැද්ද, අර ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, කැනඩාවෙන්, එංගලන්තෙන්,ප්‍රන්සෙන්, නොර්වේ වලින් එන අය වගේ.

:       0       0

රංග ශනි Friday, 28 June 2013 09:53 AM

ඉම්රාන් වගේ අය මුස්ලිම් රටවලින් අපට දෙන උදව් ගැන කතා කරන අයගෙන් පරිස්සම් විය යුතුයි.(නදී)

:       0       0

රංග ශානි Friday, 28 June 2013 09:51 PM

මම හොදට කෙලෙහිගුණ දන්නවා. අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන තත්වය අනුව අපිට දැන් ජාතිවාදියෝ වෙන්න වෙනවා. නැත්නම් අපේ රටත් තව ඇෆ්ගනිස්ථානයක් වෙනවා . (නි)

:       0       0

සඳරුවන් Thursday, 27 June 2013 09:20 PM

ඉන්දියාවට රිදවන්න ගෙන්නගත්තට කමක් නෑ කරේ දාගන්නනම් එපා (අ)

:       0       0

රංග ශනි Friday, 28 June 2013 09:56 PM

අපි ජාතිවාදියෝ කියන ලංකන්ලා වගේ අය මුස්ලිම් රටක ජිවත් වෙලා බලන්න ඕනෑ (නි)

:       0       0

පීරිස් Saturday, 29 June 2013 07:58 PM

[චිරාන් ජීවන්ත ධර්මසේන/කසුන් කැලූම් ], එල්.ටී.ටී.ඊය පරාජය කෙරුණු ශ‍්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුමට පාකිස්තානය ආයුධ සැපයීමෙන් මෙන්ම දැනුමෙන්ද සහාය වූ බව එරට යුද හමුදාපති ජෙනරාල් අස්ෆාක් ෆර්වේස් ක්යානි පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ දියතලාව යුද හමුදා පුහුණු පාසලේ අද පැවති කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයක් අමතමින්. වසර දෙකහමාරක පුහුණුවක් සම්පූර්ණ කළ කැඩෙට් නිලධාරීන් 64 දෙනෙකු එහිදී විසිර ගියා. එම උත්සවය අමතමින් ජෙනරාල් අස්ෆාක් ෆර්වේස් ක්යානි වැඩිදුරටත් කියා සිටියේ ශ‍්‍රී ලංකාව මෙන්ම පාකිස්තානය ද සාමයට කැමැති රටක් බවයි. දෙරට අතර ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා. (නදී)

:       0       0

දම්මික පෙරේරා Thursday, 27 June 2013 09:34 PM

ඉන්දියාවෙන් නිතරම අපිට වෙන කරදර වලට . මෙවැනි පිළියම් යොදන්න ඕනේ . අපිට කොටි සමග සටන් කරන්න ලොකු උදව්වක් දීපු රටක් පකිස්ථානය . ඔබව අපි සාදරයෙන් පිළිගනිමු (අ)

:       0       0

ශහීම් Friday, 28 June 2013 10:47 AM

ප්‍රදීප්, ඔයාගේ තමයි අද දවසේ කියමන. (නි)

:       0       0

රිෂාර්ඩ් Thursday, 27 June 2013 09:41 PM

සාදරයෙන් පිළිගනිමු අපේ රණවිරුවන්ගේ විනීත භාවයත් අගේ කොට සලකමු.(අ)

:       0       0

කොස්වත්ත Thursday, 27 June 2013 10:09 PM

සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා ඔබතුමාව (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 11:04 PM

පාකිස්තානයේ බලවත්ම පුද්ගලයා හැටියට විරුදාවලිය ලත් හමුදාපති පර්වේස් කයානි දෙවෙනි වතාවටත් ලංකාවට පැමිණීම අගයකොට සැලකිය යුතුයි.අනාදිමත් කාලයක සිට අපේ හමුදා නිලධාරීන්ට පුහුණුව ලබා දුන්නේ එංගලන්තයේ සැන්ඩාස් යුධ අභ්‍යාස විදුහලත්,පාකිස්තානයත්,ඉන්දියාවත් කීවොත් නිවැරදියි.යම් මතභේද තිබුනත් කර ඇති උදව් උපකාරද අමතක නොකළ යුතුයි (නි)

:       0       0

කැටවල Thursday, 27 June 2013 11:38 PM

සාදරයෙන් පිලිගන්නවා ඔබතුමාව! (නි)

:       0       0

සමන් Friday, 28 June 2013 12:29 AM

කලගුණ සැලකීම අතින් අපි ලෝකයා ඉදිරියේ පළමු ස්තානය කවදත්. මම හරිද? (නි)

:       0       0

ධම්ම Friday, 28 June 2013 01:39 AM

මෙයත් ආපසූ යනකොට ජනරාල් පර්වේස් මුෂාරෆ්ට වෙච්ච දේ වෙයිද දන්නෙ නැහැ? (නි)

:       0       0

රොෂාන් Friday, 28 June 2013 01:54 AM

හැබැයි පාකිස්ථානයේ පර්වෙස්ලා ලංකාවට ඇවිත් යන්නේ පකිස්ථානයේ ජනාධිපතිලා වෙලා. මතකනේ ඔයාලට පර්වේස් මුෂාරෆ් මහත්තයා... ලංකාවට ඇවිත් යනකොට මොකද වුනේ කියලා,මැඩම්ගේ කාලේදී.... (නි)

:       0       0

ලංකන් Friday, 28 June 2013 12:36 PM

රංග ශානි කෙලෙහි ගුණ දන්නේ නැති කෙනෙකු වගෙයි (නි)

:       0       0

මොන්ඩෝ Friday, 28 June 2013 04:42 AM

පකිස්තාන් කාන්තාවන් නම් හොඳ ලස්සනයි. ම්ම්ම් (නි)

:       0       0

කොස්තා Friday, 28 June 2013 06:05 AM

අපිට කවදත් පාකිස්ථානය උදවු කළා. ඔබව සාදරයෙන් පිලිගන්නවා (නි)

:       0       0

ඉම්රාන් Friday, 28 June 2013 06:54 AM

සඳරුවන්, පකිස්ථානය එදා කොටිත් එක්ක සටනේදී කරේ දාගත්තේ නැත්නම් අපේ ලංකා හමුදාවට අද වෙනතුරුත් සටන ජය ගන්න හම්බ වෙන්නේ නැහැ. පාකිස්ථානයේ ගුවන් හමුදාව තමා ගුවන් ප්‍රහාරක යානා ක්‍රියාත්මක කලේ. ඉන්දියාව හා පකිස්ථානය කියන්නේ ලෝකේ ඉන්න බලවත් රටවල්. ඔවුන්ට තියෙන්නේ බලවත් හමුදාවක් අපිට වඩා.(නදී)

:       0       0

ප්‍රදීප් Friday, 28 June 2013 07:29 AM

සදරුවන් වැනි කලගුණය ගැන දන්නේ නැති ඕලමොට්ටයෝ ඉන්නකම් අපේ රට හදන්න බැහැ.(නදී)

:       0       0

සරත් Friday, 28 June 2013 08:01 AM

මම පකිස්ථානයට කීපවාරයක් ගිහිල්ල තියනවා බිස්නස් වලට. ඒඅය ලංකාවේ අයට තියෙන්නේ පුදුම ආදරයක්. කතා කාරන්නෙත් බොහොම අගය කරලා. පොඩි පොඩි දෙවල්වට සණ්ඩු කරගන්නේ නැතිව අපි කා සමගත් සාමයෙන් ඉන්න බලමු.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවයින පුරාම සවස් කාලයේ තද වැසි
2024 සැප්තැම්බර් මස 28 39 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 1334 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 429 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 5095 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1693 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 806 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37817 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24922 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site