මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩක් කර ගැනීමට පිට පළාතකින් ගිය විට පගාව ඉල්ලන බවත් පගාව නුදුන්නොත් විවිධ අඩුපාඩු පෙන්වා වැඩේ මග හරින බවත් මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පැවසීය.
විනිසුරුවරයා එසේ පැවුසවේ රාජ සන්තක කළ ත්‍රිරෝද රියක් ලියාපදිංචි කරවා ගැනීමට ගිය පුද්ගලයකු විවිධ අඩුපාඩු පෙන්වා එය ප්‍රමාධ කරනුයේ ඇයිදැයි විමසීමට කැඳවූ නිලධරයකු අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරා, අර පෙරේරා වෙන මොකක් හරි පුද්ගලික ආයතනයකට ගිහිල්ලා කරගත්තු වැඩක් ගැන, මතකය අඩු වෙලා කියනවා ඇත්තේ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව කියලා. අපි ගියොත් නම් පිදේනිය ඉල්ලනවාමයි. දෙන්නම ඕනේ. (නදී)
පගා ගැනීම හෙළ සංස්කෘතියේ අංගයක්. බටහිර දැනුම නිසා මොලේ විකෘති කර ගත්ත අයට හෙළ සංස්කෘතිය අරහන්. ඒ ගොල්ලන්ට ඕන හෙළ සංස්කෘතිය බටහිර සංස්කෘතියේම කොපියක් කරන්නයි. අපේ විදිය අපිට හොඳා. (නදී)
නිහාල් ඔයා හරියටම හරි. ලිපි ලේකන අඩුවෙන් නම් එතන වැඩ කරගන්න පුළුවන්.( ඒකට හැබැයි ඉතින් මොනර කොළ අවශ්‍ය වෙනවා) (නදී)
පෙරේරා මහතාගේ ප්‍රවුඩත්වය, දැකුම්කලු පෙනුම, ලංකා තිලක්ගේ සහ බන්දුල පෙරේරාගේ මෙන් මුකරිකම යනාදී බොහෝ කරුණු කාරණා නිසා එතුමාට සියලු දේ ඉතා පහසුවෙන් නොමිලේම සිද්ධ කරගන්නට පුළුවන් කම ලැබෙන්න ඇති. නමුත් ඒ කිසිවත් නැති අපේ සොකඩ,පෙනුමත් නිසා, අල්ලසක් නොදී කිසිවක් කර ගැනීමට බැරි වීම, අපේ නොහැකියාවම තමයි. ඒක ඉතින් අපේ කරුමේ.(නදී)
පගා නොදුන් බලපත් හිමියෙක් ලංකාවේ කොහෙවත් නැහැ (නදී)
පෙරේරා , ඔයාටත් කවුරු හරි ලොකු පගාවක් දීල තියෙනවා. ගොඩක් දේවල් ලියනවට වඩා මගේ රුදිරය පිරිසිදු කරගෙන නිහඩ වෙන්නම්. (නදී)
පෙරේරා මහතා වැඩ කරන්නේ එතැනද ? (නදී)
මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැන මගේ අද්දැකීම් ගැන ප්‍රකාශ කෙරුවම නොයෙකුත් උපහාසාත්මක කියමන් මෙතන යොදල තියෙනවා සමහරුන්. ඊට හේතුව ඒ කිසි කෙනෙක් අල්ලසක් දෙන අවස්තාව ආවම ඊට ඉහල සිටින නිලධාරීන්ව හමුනොවීමයි. මම ඔය දෙපාර්තමේන්තුවේ වැඩක් කරගන්න යනවිට ඒ වැඩේට අවශ්‍ය සියලු ලිපි ලේඛන අඩුවක් නැතුව අරන් යනවා කිසි කෙනෙකුට ප්‍රශ්න කරන්න ඉඩක් තියන්නේ නැතුව. අවස්ථා කීපයකදී පහළ නිලධාරින් බාධා පමුණුවන්න වෙර දැරුවත් මම කලේ ඊට ඉහල සිටින නිලධාරියාව හම්බුවීමයි. එවැනි අවස්ථා කීපයකදී නියෝජ්‍ය කොමසාරිස්තුමන්ලා ගාවටත් යන්න සිදුවුනා හැබැයි ඒ කිසි කෙනෙක් මම අඳුරන්නෙත් නැහැ ඒ කිසි කෙනෙකුට කීයක්වත් දෙන්නේ නැතුව වැඩෙත් කරගත්තා. අන්තිමට මම දැන් මාස හයකට කලින් අලුත් වාහනයක් ලියාපදිංචි කරගත්තා. ඔය දෙපාර්තමේන්තුවේ කිසි කෙනෙකුට කීයක්වත් අල්ලසක් දෙන්නේ නැතුව. මට පුළුවන් වුනා නම් අනිත් අයට බැරි ඔවුන්ගේ නොහැකියාවයි. (නදී)
ඕක විතරක් නෙමේ කස්ටම් එක. (නදී)
ඔව් සමරසේකර මම හිතන්නෙත් පෙරේරා දැකපු හීනයක් ගැනද මෙි කියන්නෙ කියලා. (නදී)
පගා නොගන්න තැනක් පෙන්නුවොත් මම පගාවක් දෙනවා (නදී)
මම මගේ වාහන දෙකක ලියාපදිංචි නම් වෙනස් කර මගේ නමට හරවා ගත්තා බැංකුවට පමණක් සල්ලි ගෙවලා. (නදී)
ඕකට පිට පලාතකින් ආවා කියලා විශේෂත්වයක් නැහැ. අහල පහල අයට බෙදන්නෙත් ඔතන කට්ටිය එකම හැන්දෙන්ම තමයි. (අ)
රජයේ 99.99%ක් ම එහෙම තමයි. මොකද එයාලටම නේ හැම බජට් එකකින්ම පඩි වැඩිවෙන්න සියලු පහසුකම් වරප්‍රසාද හිමිවන්නේ. ඉතින් අනිත් සිවිලියන්සලා මුකුත් නැතිව බකන් නිලන් ඉන්න නිසා එයාල එහෙම කරනවා. (නදී)
ගරු විනිසිරුතුමනි, බොහොම ස්තුතියි. අපි බලා පොරොත්තුවෙනවා ඉදිරියේදී අනිත් පගා කාරයෝ ගැනත් කවුරු හරි කතා කරාවී කියලා. මට දුක අල්ලස් කොමිසම ගැන. අනිසි විදිහට කෝටි ගණන් හොයපු සුදු ජාතික ඇඳුම අදින සමහර අයගේ ෆයිල් මිටි බැඳලා දුමේ දාලද කොහෙද? (නදී)
ශ්‍රී ලංකාවේ මේවාට බෙහෙත් නැත. (නි)
මේවායේ ඇත්ත නැත්ත හොඳින් සොයාබැලිය යුතුයි. (නි)
ගරු විනිසුරුතුමනි, ඕක දැන් සාමාන්‍ය දෙයක් වෙලා (නි)
මමත් ඕකේ රස්සවක් හෙව්වා... (නි)
අපේ විනිසුරුතුමා අදද ලංකාවට සැපත්වුනේ අපි නම් මෙය කලින් දන්නවා ඒත් කරන්න දෙයක් නෑ (නදී)
නිහාල් කියපු දේ හරියටම හරි (නදී)
මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැන නොයෙකුත් විෂමාචාර කතා අහන්න ලැබුවත් මම මගේ රියදුරු බලපත්‍රය ගැනීමේ සිට කීප වතාවක් අලුත් වාහන ලියාපදිංචි කිරීම්, මාරු ලියාපදිංචි කිරීම් ආදී වැඩ රාශියක් කරගෙන තියෙනවා එතන ඉන්න කිසි කෙනෙකුව මම දන්නෙවත් නැතුව එතන ඉන්න කිසි කෙනෙකුට සත පහක්වත් දෙන්නේ නැතුව. (නදී)
මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව පගා ගන්නේ කවුන්ටරය උඩින්. (ස)
අනේ අප්පොච්චියෙ අපේ විනිසුරු තුමා අද ද ඕක දන්නෙ. මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සියලුම ලිපි ලේඛන තියන වාහනෙක වැඩ කරගන්න අමාරු උනාට . ලිපි ලේඛන මොකුත්ම නැති වාහන වල වැඩ විනාඩියෙන් කරගන්න පුලුවන්. (අ)