IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘පගා නැත්නම් රැකියා නැතිලු’

‘රාජපක්ෂ රජය  බිහිකිරීමට  ඇප කැප වී කටයුතු  කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  සාමාජික සාමාජිකාවන්ටත්  අද පගාව දී  රැකියා ලබා ගැනීමට සිදු වී තිබෙනවා.බැංකු රැකියාවක් රුපියල් ලක්ෂ පහයි,දකුණු කොරියාවට යාමට ලක්ෂ පහයි.මැදපෙරදිග රුපියල් ලක්ෂ තුනයි. අද රජය රැකියා වෙළදාමේ යෙදී සිටිනවා.

 විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගලගෙදර  ගිරිහාගම දී එසේ කීවේය.

 ‘අව්වැසි නොතකා කඳුහෙල් නඟිමින් රාජපක්ෂ රජය බිහි කිරීමට  කටයුතු කළේ මුදලට රැකියා ලබා ගැනීමටදැයි  තරුණ තරුණියන් අපගෙන් විමසනවා’



අදහස් (62)

‘පගා නැත්නම් රැකියා නැතිලු’

චන්ද්‍රසේන Tuesday, 22 July 2014 01:37 AM

ජනතාව මේක දන්නවා. ඒත් කාටවත් කියන්න කෙනෙක් ඉන්නවද? (නි)

:       0       0

මිනිපෙ Tuesday, 22 July 2014 02:04 AM

මමත් මේ රැකියා දෙන ක්‍රමයට ඉතාම විරුද්ධව හිටියේ මට රැකියාවක් මන්ත්‍රීතුමා දෙනකම්. අනේ එතුමාට පින් සිදුවෙන්න මට බස් කොන්දොස්තර ජොබ් එකක් ලැබුණා. දැන් මම එයාගේ පැත්තේ. (නි)

:       0       0

නේතුක Tuesday, 22 July 2014 02:22 AM

දැන් අනුන්ට ඇඟිල්ල දික්කරන අය ඒ කාලේ කළේ කොහොමද කියලත් අපි දන්නවා (නි)

:       0       0

කාන්ති Tuesday, 22 July 2014 03:05 AM

මමත් අපේ මහත්තයාත් දරුවන් දෙන්නම සුදුසුකම් වලට අනුව පුද්ගලික අංශයේ රැකියා වලට යොමු කලේ. මේ යන රැල්ලට අනුව එක එක්කෙනාගේ පස්සෙන් යන්නවත් රැකියා නැහැ කියලා ආණ්ඩුවට බැණ බැණ ඉන්දලාවත් වැඩක් නැහැ. ඕන තරම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා. හැබැයි බහුතරයකට අවශ්‍ය අයිස් ගහ ගහ ඉන්න ගමන් විශ්‍රාම වැටුපට හිමි කම කියාගන්න පුළුවන් රැකියාවක් . බහුතරයක් දන්නවා පුද්ගලික අංශයේ හරියට වැඩක් නොකර කට්ටි පනින්න බැරි බව. ඒකයි මේ රජයේ රැකියා වලටම පොර කන්නේ .(අ)

:       0       1

කාන්ති Tuesday, 22 July 2014 03:05 AM

මමත් අපේ මහත්තයාත් දරුවන් දෙන්නම සුදුසුකම් වලට අනුව පුද්ගලික අංශයේ රැකියා වලට යොමු කලේ. මේ යන රැල්ලට අනුව එක එක්කෙනාගේ පස්සෙන් යන්නවත් රැකියා නැහැ කියලා ආණ්ඩුවට බැණ බැණ ඉන්දලාවත් වැඩක් නැහැ. ඕන තරම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා. හැබැයි බහුතරයකට අවශ්‍ය අයිස් ගහ ගහ ඉන්න ගමන් විශ්‍රාම වැටුපට හිමි කම කියාගන්න පුළුවන් රැකියාවක් . බහුතරයක් දන්නවා පුද්ගලික අංශයේ හරියට වැඩක් නොකර කට්ටි පනින්න බැරි බව. ඒකයි මේ රජයේ රැකියා වලටම පොර කන්නේ .(අ)

:       0       0

සිල්වා Monday, 21 July 2014 06:25 AM

මෙහෙම ගියොත් අපිවත් විකුණාගෙන කන දිනය වැඩි ඈතක නෙමෙයි වගේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 21 July 2014 06:31 AM

කතාව නම් සහතික ඇත්ත මහත්තයෝ (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 21 July 2014 06:32 AM

මට පැරණි කියමනක් මතක් වෙනවා මේක දැක්කහම (නි)

:       0       0

ගයාන් Monday, 21 July 2014 06:37 AM

මේවායේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. හැබැයි මේ ළඟදී රජයේ බැංකු පත්වීම් ලබාගෙන සිටින උදවිය ගැන කතාකරලා වැඩක් නැහැ. ගනුදෙනුකරුවන්ට කතා කරන්න දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වෘත්තීය හැසිරීමෙන් බොහෝ දේ පෙනෙනවා (නි)

:       0       0

සුරංග Monday, 21 July 2014 06:39 AM

අපේ ගමේ සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වෙලා රූපලාවන්‍යය හදාරමින් හිටි තරුණියකට බැංකු රැකියාවක් ලැබිලා. හරිම ආශ්චර්යයක්. (නි)

:       0       0

ජෙහාන් Monday, 21 July 2014 06:42 AM

පහුගිය කාලයේ බැංකු රැකියා ලැබුනේ එක්තරා ප්‍රදේශවල අයට පමණක් යැයි කියන්නේ ඇත්තක්ද? (නි)

:       0       0

අමල් Monday, 21 July 2014 06:50 AM

මගේ අක්කා රජයේ බැංකුවක මාණ්ඩලික සේවයේ. ළඟදී එයා යටතේ සේවයට අලුතින් පැමිණි තරුණියක් ආ දවසේ සිටම එතන අනෙක් අයට 'සැර' දාගත්ත ගමන්මලු. (නි)

:       0       0

රිසාක් Monday, 21 July 2014 06:57 AM

දැන්වත් තේරුම්ගත් එක ලොකු දෙයක්. (නි)

:       0       0

සෑම් Monday, 21 July 2014 07:03 AM

ලක්ෂ පහකට හරි කමක්නැහැ රැකියාව ලැබෙනවා නම්. බොහෝවිට සිද්ධ වෙන්නේ මුදලුත් රැකියාවත් යන දෙකම නැතිවීමයි. (නි)

:       0       0

ගුණසිරි Tuesday, 22 July 2014 04:24 AM

ඇත්තටම තමන්ට සුදුසු කම් තිබෙනවානම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා. එහෙම නැති උදවිය දැන් රජයේ රැකියාවක් සොයාගන්න ලැජ්ජාවක් නැති මාර්ග වල යනවා. අපේ නංගිගේ දුවට පුද්ගලික අංශයේ හොඳ රැකියාවක් ලැබුනා. මහා ලොකු පට්ටමක් නෙවෙයි. නමුත් ඒ ළමයා පොඩි තැනින් පටන් අරන් දියුණු වෙන්න කැමති කෙනෙක්.(අ)

:       0       0

සෙනරත් Monday, 21 July 2014 07:09 AM

මගේ හිතවතෙකුට රජයේ බැංකුවක රැකියාවක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින්, එසේ ලක්ෂ පහකට රජයේ බැංකු රැකියා ලබාගන්නා ආකාරය පිළිබඳව මා දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

ෆාරු Monday, 21 July 2014 07:10 AM

ඔබතුමා හරි නායකතුමනි (නි)

:       0       0

ජගත් Monday, 21 July 2014 07:15 AM

රජයක් පත්කරන්නේ පත්කළ අයට රැකියා ලබාගන්නද? එහෙම ගියොත් රටට වෙන්නෙ මොකක්ද? (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 21 July 2014 07:15 AM

එහෙමහරි කමක් නැහැ, රැකියා දෙනවා නම්. සමහර කාල වල සල්ලි වලට ගන්නවත් රැකියා තිබුනෙ නැහැනෙ. (නි)

:       0       0

රුවන් Monday, 21 July 2014 07:21 AM

එතකොට සියලුම උපාධිධාරීන්ට රැකියා දුන්නේ කවුද? ඔබතුමාලද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 22 July 2014 04:43 AM

බැංකු පමණක් නෙමෙයි රජයේ මොන අයාතනයත් පාරිභෝගිකයන්ට සලකන්න දන්නෙම නැහැ.ඩුබායි වල බැංකු සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ට සලකන හැටි සහ ලංකාවේ බැංකු වල සලකන හැටි දැක්කම දුක හිතෙනවා. (අ)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 21 July 2014 07:23 AM

එතකොට ඔයාලා දුන්නේ සුදුසුකම් වලටද...? මම මේ නොදන්නා නිසයි ඇහුවේ (නි)

:       0       0

දිල්ෂාන් Monday, 21 July 2014 07:25 AM

අව්වැසි නොතකා දේශපාලන පක්ෂ වලට වැඩකරන අයට ඔහොම වෙලා මදි, එක අතකට. මොවුන් නිසා සුදුස්සන්ට රැකියා ලැබෙන්නේ නැහැ. රැකියාවකට සුදුසුකම දේශපාලුවන් පස්සෙන් යන එක නොවේ. (නි)

:       0       0

ගැමුණු Monday, 21 July 2014 07:25 AM

යථාර්ථයද එයයි.මේ අනුව බලන කල පගාකරුවන්ට නිල තත්ත්වයන් ලබාදීමට සුදුසු කාලයකි මේ. (නි)

:       0       0

අබේසිංහ Monday, 21 July 2014 07:27 AM

1966දී එක්තරා බැංකුවකට දාලා දෙන්න මන්ත්‍රී කෙනෙක් මගෙන් රුපියල් 500 ක් ඉල්ලුවා (නි)

:       0       0

රවීන්ද්‍ර - ඕමාන් Monday, 21 July 2014 07:28 AM

ඡන්දය දුන් අයට සුභ අනාගතයක්! (නි)

:       0       0

ගාමිණී Monday, 21 July 2014 07:30 AM

ඒගොල්ලෝ සල්ලි හොයාගන්නවාට අපි නම් කැමතියි. දැන් රට දියුණුයිනේ (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Monday, 21 July 2014 07:32 AM

මේක තමා අපේ රටේ යථාර්ථය. නමුත් කවුරුන් හිටියත් මේ දේම තමයි, ඒකේ වෙනසක් නැහැ. අද අපේ රටේ අය පුරුදුවෙලා මේවාට. නමුත් මිනිසුන් ඡන්දෙ දෙන්නේ මීට වඩා සාධාරන සේවයක් වෙයි කියන බලාපොරොත්තු වෙන්. (නි)

:       0       0

කමිදු Monday, 21 July 2014 07:35 AM

සමහර කතා නම් ඇත්ත බව මමත් පිළිගන්නවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 22 July 2014 05:19 AM

මගේ කියල ව්‍යාපාරක් පවත්වාගෙන යන්න කියල මාසයක් ගානේ අවුරුදු 3 ණක් රජයේ බැංකුවක මුදල් තැන්පත් කරලා අවරුදු 3 ට පස්සේ ගිහින් ණයක් ගන්න ඉල්ලුම් කලහම කියනවා ඔයාල බැංකුවේ සල්ලි දැම්ම කියල අපි ණය දෙන්න බැදිලා නැහැ කියල.ඒකට මෙහෙනම් රුපියල් ලක්ස 50-60 ක ණයක් ගන්න වුනත්අවශ්‍ය ලියකියවිලි තිබේනම් යන්නේ සති දෙකක් වැනි සුළු කාලයක් පමණයි.(අ)

:       0       0

යමුනා Monday, 21 July 2014 01:09 PM

එක දන්නාවානම් ලොකු දෙයක් (දී)

:       0       0

පෙරේරා Monday, 21 July 2014 01:16 PM

මෙදාපාරත් ඡන්දය පැරදුනේ මිනිසුන් ඔය කියන කතා පිළිගත් නිසාද? අනේ මන්දා! (නි)

:       0       0

ගයාන් Monday, 21 July 2014 01:34 PM

ළඟදි බැංකු රැකියා වලට බඳවාගත් උදවියට නම් කිසිම වෘත්තීය සුදුසුකමක් තිබෙන බව පෙනෙන්නේ නැහැ. අඩුගානේ ගනුදෙනුකරුවන්ට කතා කරන හැටිවත් දන්නේ නැහැ. කවුන්ටරයේ හිටියට බැංකුවේ අදාළ සේවාව වෙන තැනට ගනුදෙනුකරුවා යොමු කරන්නවත් දැනුමක් නැතිපාටයි. (නි)

:       0       0

දර්ශන Monday, 21 July 2014 01:38 PM

දැන් බලනකොට රැකියා විරහිත 'උපාධිදාරියෙක්' ඉන්න ගෙදරකින් අබ මිටක් ගෙනෙන්න කියලා ඉදිරියට කියන්න වෙයි (නි)

:       0       0

හේමාල් Monday, 21 July 2014 01:41 PM

පුද්ගලික බැංකු වලට නම් සුදුසුකම අනුව නියමිත විභාග සහ සාධාරණ සම්මුඛ පරීක්ෂණ වලින් තමා තෝරාගන්නේ. ඒ නිසා එහි කාර්ය මණ්ඩලයේ වෘත්තීය දක්ෂකම් සහ හැකියාවන්ගේ ලොකු වෙනසක් තිබෙනවා. (නි)

:       0       0

රුවනි Monday, 21 July 2014 01:47 PM

අනේ! රජයේ බැංකු වල සමහර තරුණ නෝනලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ. කවුන්ටරයේ ඉඳගෙන ඇඹරි ඇඹරි කොමල කර කර ඉන්නවා මිසක් මෙලෝ සිහියකින් වැඩක් කරනවා පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

උමේෂ් Monday, 21 July 2014 01:59 PM

අපේ අසල්වැසි කෙනෙකුටත් ළඟදී රජයේ බැංකු රැකියාවක් ලැබුනා. රාවයක් යනවා මිනිහා සාපෙළ ගණිතය අසමත් කියලා. තුන්වැනි පාරට සමත් වුණ කෙනෙක්ද දන්නේ නැහැ. ඉංග්‍රීසි නම් එක දිගට වාක්‍යයක්වත් කතා කරන්න බැරි බව අපි දන්නවා. වැඩිය ලියන්න නොහිතෙන්නේ අපි ඉරිසියාකාරයන්ගේ ගණයට වැටෙන්න ඉඩ තිබෙන නිසා. පුවතට අදාළ නිසා මේ ගැන ලිව්වේ. (නි)

:       0       0

සයිමන් Monday, 21 July 2014 02:21 PM

අනේ ඇත්තට, රටට ගිය කල! (නි)

:       0       0

නිහාල් විතානගේ Monday, 21 July 2014 02:38 PM

ඔප්පුකර පෙන්වන්න පුලුවන්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 21 July 2014 03:18 PM

මම නම් රජයේ බැංකු වල දැන් සත පහක්වත් දාන්නේ නැහැ.අපි මොකටද අයලගේ ගණන් බලන්නේ අපි දාපු මුදල් ලබා ගන්න යනකොට.පුද්ගලික බැංකු සියල්ලම දන්නවා ගනුදෙනු කරුවන් සතුටින් තියා ගන්න. (අ)

:       0       0

කමනි Tuesday, 22 July 2014 07:02 AM

මේ රැකියා ප්‍රශ්නයට මුලික හේතව ලෙස මගේ පුද්ගලික අදහස නම් ලංකාවේ බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ , අතක් පයක් මහන්සි කරන්නේ නැතිව විශ්‍රාම වැටුපක් ගන්න පුළුවන් රජයේ රැකියාවක්. කීයෙන් කීදෙනාද ඇත්තටම පුද්ගලික අංශයේ රැකියාවකට කැමති. කාන්තිලා කියන එක ඇත්ත . ලේසියෙන් කරන්න පුළුවන් රැකියාවල් සොයන තාක් කල් ලංකාවේ අයට නම් රස්සා ප්‍රශ්නයෙන් ගොඩ ඒමක් නැහැ. (අ)

:       0       0

කුමාරි Tuesday, 22 July 2014 07:07 AM

ඇතැම් රැකියා පුරප්පාඩු නිසි ක්‍රම වේදයකට අනුව පිරෙන්නේ නැහැ. නුවර පළාතේ රජයේ තැනක , නිතරම නිවාඩු ගැනීම නිසා සේවය හැර ගියා සේ සැලකුන කෙනෙක් කොළඹ රජයේ තැනකට ආයෙත් රැකියාවක් හදා ගත්තා. ආරංචියේ හැටියට එයාට බලවතෙකුගේ අනුග්‍රහය ලැබුනාලු. .(අ)

:       0       0

ශාන්ති Monday, 21 July 2014 03:46 PM

එම කතාවට එකඟයි වෙන දේවල් ගැන එහෙම නැටි වුනත්....එය සත්‍ය බව වගකීමෙන් කියනවා මගේ පවලට සම්බන්ද දියණියකට මේ රජයට සුප්පොර්ට් කරලත් කාල උපාධි එකත් තියන් විශේෂවේදී උපාදියට ටෙඅචින්ග් පොස්ට් එකක් ගන්න දනටමට් 75,000 දුන්න ඉතිරිය දෙනකම් ???? (අ)

:       0       0

මිනිපෙ Monday, 21 July 2014 03:49 PM

ඒකනම් ඇත්ත රුවනි..මේවට දොස් කියන්න ඕන කළමනාකරණට.උසස් නිලදාරීන් පාරිබෝගිකයට සලකන අන්දම ගැන උගත යුතුයි.ඉන්පසු සේවකයාව ඔවුන් විසින් පුහුණු කල යුතුයි.අපි උවමනාවකට ආයතනයකට ගියොත්,සේවකයා අපිට සලකන්නේ, අපි ඔවුන්ගේ සේවකයෙක් හැටියට.(අ)

:       0       0

චානක. Monday, 21 July 2014 04:15 PM

ඔය ලංකාව කියන රටේ ඉපදීමම අභාග්‍යයකි. (අ)

:       0       0

ගාමිණී ඇෆ්රිචා Monday, 21 July 2014 04:47 PM

ඔය හැම නායකයාටම ඕව පෙන්නේ බලය නැතිවෙනකොට ඔබතුම රැකියා දෙන එක සම්පුර්ණයෙන් නතර කරපු එක මතකනේ .ජයවේව පරිස්සමෙන් කදු නගින්න .(අ)

:       0       0

මල්ලි Monday, 21 July 2014 05:06 PM

මෙයා දෙනවයි කියපු බ්‍රේස්ලට් තවම ලැබුනෙ නෑ(අ)

:       0       0

සුනිල් විතා‍නගේ Monday, 21 July 2014 07:22 PM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

මිනිපෙ Monday, 21 July 2014 07:56 PM

චානකගේ ඒ පසුතැවිල්ල, මම දේශපාලකයෙක් නම් ඉතාම තදින් හා ලැජ්ජාවෙන් සැළකිල්ලට ගනිමි.මේ කියමන ගැන මම චානකට දොස් නොකියමි.හරිම දුක හිතෙන කියමනක්. (නි)

:       0       0

චමින්ද Monday, 21 July 2014 08:55 PM

සමහර රටවල බැංකු සේවකයන් පාරිභෝගිකයන්ට කතාකරන විලාශය,සළකන විදිය ගැන වීඩියෝ පටයක්වත්, අපේ රටේ රාජ්‍ය බැංකු සේවකයන්ට පෙන්වන්න මට පුළුවන්කමක් තිබෙනවා නම්........... (නි)

:       0       0

සුසන්ත Monday, 21 July 2014 08:58 PM

කඩේ යන අයට රැකියා දීමේ ක්‍රමවේදය නවතින්නේ කවදාද? සුදුස්සාට සුදුසු රැකියාවක් ලැබෙන්නේ කවදාද? (නි)

:       0       0

දිමුතු Monday, 21 July 2014 10:38 PM

අපෝ! රජයේ බැංකු වල සේවාව ගැන කතාකරලා වැඩක් නැහැ. මමත් ළඟදි අපේ ආයතනයේ රාජකාරි වැඩකට රජයේ බැංකුවකට ගියා. එතන කවුන්ටරයේ ඉන්න නෝනා පිළිගැනීමේ නිලධාරිනිය නෙමෙයි, පළිගැනීමේ නිලධාරිනි තනතුරකට හොඳයි. (නි)

:       0       0

ගයානි Monday, 21 July 2014 10:46 PM

මේ සුදුසුකම් නැතුව එන උදවිය මොනතරම් පුහුණු කළත් අර අත්‍යවශ්‍ය කුසලතා ටික වර්ධනය කරගන්න බැහැ. (නි)

:       0       0

ගයානි Monday, 21 July 2014 10:46 PM

මිනිපේ මහත්මයා, සමහර වෙලාවට මේ සුදුසුකම් නැතුව එක එක බලවේග නිසා බඳවාගන්න උදවිය පුහුණුවක් ලැබුනත් එය වැදගත් කියලා ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන්නේ නැහැ. ඊළඟට පඩිය වැඩි කරගන්න විදියක් කල්පනා කර කර ඉන්නවා. අනෙක තමයි ඒ තනතුරට අදාළ ශිල්පිය දැනුම නැහැ. පුදගලික බැංකු වල බඳවා ගැනීමේදී විශේෂයෙන් බලන දෙයක් තමයි සුහදව කතා කර පාරිභෝගිකයා සතුටුවන ලෙස බැංකු සේවය කිරීමට ඇති හැකියාව. (නි)

:       0       0

හසිත් Monday, 21 July 2014 10:52 PM

මම රුවනිලා, ගයාන්ලගේ කීමට නම් එකඟයි. රජයේ බැංකු ශාඛා වලට අලුතින් බඳවාගෙන තිබෙන සමහර කට්ටිය පාසල් ගියාවද්ද කියා සැකයි. කිසිම ආචාරශීලී ගතියක් නැහැ. (නි)

:       0       0

කවිඳු Tuesday, 22 July 2014 12:46 AM

මම කියන්නේ සුදුසුකම් නැතුව රජයේ සේවයට බඳවා ගත්තොත් ඒ ආයතන වලට වෙන පාඩු එමටයි. අපේ ගමේ තරුණියකට ආණ්ඩුවේ බැංකුවක රැකියාවක් ලැබුනා. දැන් සති කීපයකට උඩදී මේ තරුණිය ගමේ තවත් කෙනෙකුගේ ගිණුමේ මුදල් තිබෙන බව ඔහුගේ ණයකාරයෙකුට කියලා. ගනුදෙනු වල රහස්‍යභාවය මුලික කොටගත් බැංකු සේවයට බඳවාගත් සමහරුන්ගේ වෘත්තීය සුදුසුකම් මෙන්න මෙහෙමයි. (නි)

:       0       0

භානු Tuesday, 22 July 2014 01:01 AM

කාට හරි කියලා දෙන්න බැරිද මේ බැංකු නෝනලාට ඈනුමක් කිඹුහුමක් යනකොට අතින් කට වහගන්න එක ආචාර ධර්මයක් කියලා. සමහරු කටේ කෑම තියාගෙන ගනුදෙනුකරුවන්ට කතා කරනවා. කොහෙන් පත්වුණ උදවියද මන්දා? (නි)

:       0       0

වරුණ Tuesday, 22 July 2014 01:05 AM

අපේ ගමේ ගණිතය අසමත්, ඉංග්‍රීසි භාෂාවෙන් එක වාක්‍යයක් කියාගන්න බැරි කෙනෙකුට ළඟදි බැංකු පත්වීමක් ලැබුනා. මම කියන්නේ අපිට විශාරද මට්ටමින් ඒවා තිබෙනවා කියලා නෙමෙයි. නමුත් බැංකු සේවය වැනි අන්තර්ජාතික සම්බන්ධතා ඇති වෘත්තියකට ගණිතය සහ ඉංග්‍රීසි දැනුම අත්‍යාවශ්‍යයි. (නි)

:       0       0

මේනකා Tuesday, 22 July 2014 01:14 AM

මම ගිය සතියේ රජයේ බැංකුවකට ගියාම කවුන්ටරයේ හිටි කෙනාගෙන් මගේ ගිණුමේ ශේෂය දැනගන්න ඕනෑ බව කිව්වා. මම හිතුවේ මට කොලයක හරි ලියා දේවි කියලා. මෙන්න දෙවියනේ අහල ගම් හතකට ඇහෙන්න කෑගහලා මගේ ගිණුමේ සල්ලි ගාන කිව්වා. පැමිණිලි කළවිට නිලධාරිනිය මට කිව්වා අලුත් කෙනෙක් නිසා වුණ වැරැද්දක් කියලා. අලුත් වුණත් තමන් කරන්නේ විශ්වාසය ප්‍රධානකොටගත් රස්සාවක් බව සිහි තබාගන්න ඕනෑනේ. (නි)

:       0       0

කුෂී Tuesday, 22 July 2014 01:20 AM

මට නම් රජයේ බැංකු වල සමහර සේවකයන්ගේ සේවා ස්ථාන තුළ හැසිරීම අන්තිම අප්‍රසන්නයි. ගනුදෙනුකාරයන් මෝඩයන් ගණයට දාලා කතා කරන්නේ. (නි)

:       0       0

සුමාලි Tuesday, 22 July 2014 01:26 AM

ඇත්තමයි භානු, මමත් එක දවසක් දැක්කා රජයේ බැංකුවක කවුන්ටරයේ හිටි නෝනා උදේ කෑම කටේ පුරවාගත් ගමන් වැඩ. (නි)

:       0       0

Isuru Thursday, 29 March 2018 06:10 PM

මම දන්න විදියට නම් සුදුසුකම් නොලැබූ අය රජයේ බැංකු වල නෑ. කාටත් තමන්ගෙ වෘත්තීට අදාල අවම සුදුසුකම තිබෙනවා. ඉහල සුදුසුකම් ඇති අය තමා වැඩියෙන්ම ඉන්නෙ. මම මේක කියන්නෙ මාත් වැඩ කරන්නෙ රජයේ බැංකුවක නිසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 117 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 140 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2520 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 924 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 524 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1563 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site