‘රාජපක්ෂ රජය බිහිකිරීමට ඇප කැප වී කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික සාමාජිකාවන්ටත් අද පගාව දී රැකියා ලබා ගැනීමට සිදු වී තිබෙනවා.බැංකු රැකියාවක් රුපියල් ලක්ෂ පහයි,දකුණු කොරියාවට යාමට ලක්ෂ පහයි.මැදපෙරදිග රුපියල් ලක්ෂ තුනයි. අද රජය රැකියා වෙළදාමේ යෙදී සිටිනවා.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගලගෙදර ගිරිහාගම දී එසේ කීවේය.
‘අව්වැසි නොතකා කඳුහෙල් නඟිමින් රාජපක්ෂ රජය බිහි කිරීමට කටයුතු කළේ මුදලට රැකියා ලබා ගැනීමටදැයි තරුණ තරුණියන් අපගෙන් විමසනවා’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට හරි කියලා දෙන්න බැරිද මේ බැංකු නෝනලාට ඈනුමක් කිඹුහුමක් යනකොට අතින් කට වහගන්න එක ආචාර ධර්මයක් කියලා. සමහරු කටේ කෑම තියාගෙන ගනුදෙනුකරුවන්ට කතා කරනවා. කොහෙන් පත්වුණ උදවියද මන්දා? (නි)
මම නම් රජයේ බැංකු වල දැන් සත පහක්වත් දාන්නේ නැහැ.අපි මොකටද අයලගේ ගණන් බලන්නේ අපි දාපු මුදල් ලබා ගන්න යනකොට.පුද්ගලික බැංකු සියල්ලම දන්නවා ගනුදෙනු කරුවන් සතුටින් තියා ගන්න. (අ)
එම කතාවට එකඟයි වෙන දේවල් ගැන එහෙම නැටි වුනත්....එය සත්‍ය බව වගකීමෙන් කියනවා මගේ පවලට සම්බන්ද දියණියකට මේ රජයට සුප්පොර්ට් කරලත් කාල උපාධි එකත් තියන් විශේෂවේදී උපාදියට ටෙඅචින්ග් පොස්ට් එකක් ගන්න දනටමට් 75,000 දුන්න ඉතිරිය දෙනකම් ???? (අ)
ඒකනම් ඇත්ත රුවනි..මේවට දොස් කියන්න ඕන කළමනාකරණට.උසස් නිලදාරීන් පාරිබෝගිකයට සලකන අන්දම ගැන උගත යුතුයි.ඉන්පසු සේවකයාව ඔවුන් විසින් පුහුණු කල යුතුයි.අපි උවමනාවකට ආයතනයකට ගියොත්,සේවකයා අපිට සලකන්නේ, අපි ඔවුන්ගේ සේවකයෙක් හැටියට.(අ)
ඔය ලංකාව කියන රටේ ඉපදීමම අභාග්‍යයකි. (අ)
ඔය හැම නායකයාටම ඕව පෙන්නේ බලය නැතිවෙනකොට ඔබතුම රැකියා දෙන එක සම්පුර්ණයෙන් නතර කරපු එක මතකනේ .ජයවේව පරිස්සමෙන් කදු නගින්න .(අ)
මෙයා දෙනවයි කියපු බ්‍රේස්ලට් තවම ලැබුනෙ නෑ(අ)
අනේ කාලේ වනේ වාසේ! (නි)
චානකගේ ඒ පසුතැවිල්ල, මම දේශපාලකයෙක් නම් ඉතාම තදින් හා ලැජ්ජාවෙන් සැළකිල්ලට ගනිමි.මේ කියමන ගැන මම චානකට දොස් නොකියමි.හරිම දුක හිතෙන කියමනක්. (නි)
සමහර රටවල බැංකු සේවකයන් පාරිභෝගිකයන්ට කතාකරන විලාශය,සළකන විදිය ගැන වීඩියෝ පටයක්වත්, අපේ රටේ රාජ්‍ය බැංකු සේවකයන්ට පෙන්වන්න මට පුළුවන්කමක් තිබෙනවා නම්........... (නි)
කඩේ යන අයට රැකියා දීමේ ක්‍රමවේදය නවතින්නේ කවදාද? සුදුස්සාට සුදුසු රැකියාවක් ලැබෙන්නේ කවදාද? (නි)
අපෝ! රජයේ බැංකු වල සේවාව ගැන කතාකරලා වැඩක් නැහැ. මමත් ළඟදි අපේ ආයතනයේ රාජකාරි වැඩකට රජයේ බැංකුවකට ගියා. එතන කවුන්ටරයේ ඉන්න නෝනා පිළිගැනීමේ නිලධාරිනිය නෙමෙයි, පළිගැනීමේ නිලධාරිනි තනතුරකට හොඳයි. (නි)
මේ සුදුසුකම් නැතුව එන උදවිය මොනතරම් පුහුණු කළත් අර අත්‍යවශ්‍ය කුසලතා ටික වර්ධනය කරගන්න බැහැ. (නි)
මිනිපේ මහත්මයා, සමහර වෙලාවට මේ සුදුසුකම් නැතුව එක එක බලවේග නිසා බඳවාගන්න උදවිය පුහුණුවක් ලැබුනත් එය වැදගත් කියලා ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන්නේ නැහැ. ඊළඟට පඩිය වැඩි කරගන්න විදියක් කල්පනා කර කර ඉන්නවා. අනෙක තමයි ඒ තනතුරට අදාළ ශිල්පිය දැනුම නැහැ. පුදගලික බැංකු වල බඳවා ගැනීමේදී විශේෂයෙන් බලන දෙයක් තමයි සුහදව කතා කර පාරිභෝගිකයා සතුටුවන ලෙස බැංකු සේවය කිරීමට ඇති හැකියාව. (නි)
මම රුවනිලා, ගයාන්ලගේ කීමට නම් එකඟයි. රජයේ බැංකු ශාඛා වලට අලුතින් බඳවාගෙන තිබෙන සමහර කට්ටිය පාසල් ගියාවද්ද කියා සැකයි. කිසිම ආචාරශීලී ගතියක් නැහැ. (නි)
මම කියන්නේ සුදුසුකම් නැතුව රජයේ සේවයට බඳවා ගත්තොත් ඒ ආයතන වලට වෙන පාඩු එමටයි. අපේ ගමේ තරුණියකට ආණ්ඩුවේ බැංකුවක රැකියාවක් ලැබුනා. දැන් සති කීපයකට උඩදී මේ තරුණිය ගමේ තවත් කෙනෙකුගේ ගිණුමේ මුදල් තිබෙන බව ඔහුගේ ණයකාරයෙකුට කියලා. ගනුදෙනු වල රහස්‍යභාවය මුලික කොටගත් බැංකු සේවයට බඳවාගත් සමහරුන්ගේ වෘත්තීය සුදුසුකම් මෙන්න මෙහෙමයි. (නි)
කතාව නම් සහතික ඇත්ත මහත්තයෝ (නි)
අපේ ගමේ ගණිතය අසමත්, ඉංග්‍රීසි භාෂාවෙන් එක වාක්‍යයක් කියාගන්න බැරි කෙනෙකුට ළඟදි බැංකු පත්වීමක් ලැබුනා. මම කියන්නේ අපිට විශාරද මට්ටමින් ඒවා තිබෙනවා කියලා නෙමෙයි. නමුත් බැංකු සේවය වැනි අන්තර්ජාතික සම්බන්ධතා ඇති වෘත්තියකට ගණිතය සහ ඉංග්‍රීසි දැනුම අත්‍යාවශ්‍යයි. (නි)
මම ගිය සතියේ රජයේ බැංකුවකට ගියාම කවුන්ටරයේ හිටි කෙනාගෙන් මගේ ගිණුමේ ශේෂය දැනගන්න ඕනෑ බව කිව්වා. මම හිතුවේ මට කොලයක හරි ලියා දේවි කියලා. මෙන්න දෙවියනේ අහල ගම් හතකට ඇහෙන්න කෑගහලා මගේ ගිණුමේ සල්ලි ගාන කිව්වා. පැමිණිලි කළවිට නිලධාරිනිය මට කිව්වා අලුත් කෙනෙක් නිසා වුණ වැරැද්දක් කියලා. අලුත් වුණත් තමන් කරන්නේ විශ්වාසය ප්‍රධානකොටගත් රස්සාවක් බව සිහි තබාගන්න ඕනෑනේ. (නි)
මට නම් රජයේ බැංකු වල සමහර සේවකයන්ගේ සේවා ස්ථාන තුළ හැසිරීම අන්තිම අප්‍රසන්නයි. ගනුදෙනුකාරයන් මෝඩයන් ගණයට දාලා කතා කරන්නේ. (නි)
ඇත්තමයි භානු, මමත් එක දවසක් දැක්කා රජයේ බැංකුවක කවුන්ටරයේ හිටි නෝනා උදේ කෑම කටේ පුරවාගත් ගමන් වැඩ. (නි)
ජනතාව මේක දන්නවා. ඒත් කාටවත් කියන්න කෙනෙක් ඉන්නවද? (නි)
මමත් මේ රැකියා දෙන ක්‍රමයට ඉතාම විරුද්ධව හිටියේ මට රැකියාවක් මන්ත්‍රීතුමා දෙනකම්. අනේ එතුමාට පින් සිදුවෙන්න මට බස් කොන්දොස්තර ජොබ් එකක් ලැබුණා. දැන් මම එයාගේ පැත්තේ. (නි)
දැන් අනුන්ට ඇඟිල්ල දික්කරන අය ඒ කාලේ කළේ කොහොමද කියලත් අපි දන්නවා (නි)
මමත් අපේ මහත්තයාත් දරුවන් දෙන්නම සුදුසුකම් වලට අනුව පුද්ගලික අංශයේ රැකියා වලට යොමු කලේ. මේ යන රැල්ලට අනුව එක එක්කෙනාගේ පස්සෙන් යන්නවත් රැකියා නැහැ කියලා ආණ්ඩුවට බැණ බැණ ඉන්දලාවත් වැඩක් නැහැ. ඕන තරම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා. හැබැයි බහුතරයකට අවශ්‍ය අයිස් ගහ ගහ ඉන්න ගමන් විශ්‍රාම වැටුපට හිමි කම කියාගන්න පුළුවන් රැකියාවක් . බහුතරයක් දන්නවා පුද්ගලික අංශයේ හරියට වැඩක් නොකර කට්ටි පනින්න බැරි බව. ඒකයි මේ රජයේ රැකියා වලටම පොර කන්නේ .(අ)
මමත් අපේ මහත්තයාත් දරුවන් දෙන්නම සුදුසුකම් වලට අනුව පුද්ගලික අංශයේ රැකියා වලට යොමු කලේ. මේ යන රැල්ලට අනුව එක එක්කෙනාගේ පස්සෙන් යන්නවත් රැකියා නැහැ කියලා ආණ්ඩුවට බැණ බැණ ඉන්දලාවත් වැඩක් නැහැ. ඕන තරම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා. හැබැයි බහුතරයකට අවශ්‍ය අයිස් ගහ ගහ ඉන්න ගමන් විශ්‍රාම වැටුපට හිමි කම කියාගන්න පුළුවන් රැකියාවක් . බහුතරයක් දන්නවා පුද්ගලික අංශයේ හරියට වැඩක් නොකර කට්ටි පනින්න බැරි බව. ඒකයි මේ රජයේ රැකියා වලටම පොර කන්නේ .(අ)
ඇත්තටම තමන්ට සුදුසු කම් තිබෙනවානම් පුද්ගලික අංශයේ රැකියා තිබෙනවා. එහෙම නැති උදවිය දැන් රජයේ රැකියාවක් සොයාගන්න ලැජ්ජාවක් නැති මාර්ග වල යනවා. අපේ නංගිගේ දුවට පුද්ගලික අංශයේ හොඳ රැකියාවක් ලැබුනා. මහා ලොකු පට්ටමක් නෙවෙයි. නමුත් ඒ ළමයා පොඩි තැනින් පටන් අරන් දියුණු වෙන්න කැමති කෙනෙක්.(අ)
බැංකු පමණක් නෙමෙයි රජයේ මොන අයාතනයත් පාරිභෝගිකයන්ට සලකන්න දන්නෙම නැහැ.ඩුබායි වල බැංකු සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ට සලකන හැටි සහ ලංකාවේ බැංකු වල සලකන හැටි දැක්කම දුක හිතෙනවා. (අ)
මගේ කියල ව්‍යාපාරක් පවත්වාගෙන යන්න කියල මාසයක් ගානේ අවුරුදු 3 ණක් රජයේ බැංකුවක මුදල් තැන්පත් කරලා අවරුදු 3 ට පස්සේ ගිහින් ණයක් ගන්න ඉල්ලුම් කලහම කියනවා ඔයාල බැංකුවේ සල්ලි දැම්ම කියල අපි ණය දෙන්න බැදිලා නැහැ කියල.ඒකට මෙහෙනම් රුපියල් ලක්ස 50-60 ක ණයක් ගන්න වුනත්අවශ්‍ය ලියකියවිලි තිබේනම් යන්නේ සති දෙකක් වැනි සුළු කාලයක් පමණයි.(අ)
මේ රැකියා ප්‍රශ්නයට මුලික හේතව ලෙස මගේ පුද්ගලික අදහස නම් ලංකාවේ බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ , අතක් පයක් මහන්සි කරන්නේ නැතිව විශ්‍රාම වැටුපක් ගන්න පුළුවන් රජයේ රැකියාවක්. කීයෙන් කීදෙනාද ඇත්තටම පුද්ගලික අංශයේ රැකියාවකට කැමති. කාන්තිලා කියන එක ඇත්ත . ලේසියෙන් කරන්න පුළුවන් රැකියාවල් සොයන තාක් කල් ලංකාවේ අයට නම් රස්සා ප්‍රශ්නයෙන් ගොඩ ඒමක් නැහැ. (අ)
ඇතැම් රැකියා පුරප්පාඩු නිසි ක්‍රම වේදයකට අනුව පිරෙන්නේ නැහැ. නුවර පළාතේ රජයේ තැනක , නිතරම නිවාඩු ගැනීම නිසා සේවය හැර ගියා සේ සැලකුන කෙනෙක් කොළඹ රජයේ තැනකට ආයෙත් රැකියාවක් හදා ගත්තා. ආරංචියේ හැටියට එයාට බලවතෙකුගේ අනුග්‍රහය ලැබුනාලු. .(අ)
අනේ ඇත්තට, රටට ගිය කල! (නි)
මෙහෙම ගියොත් අපිවත් විකුණාගෙන කන දිනය වැඩි ඈතක නෙමෙයි වගේ (නි)
මට පැරණි කියමනක් මතක් වෙනවා මේක දැක්කහම (නි)
මේවායේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. හැබැයි මේ ළඟදී රජයේ බැංකු පත්වීම් ලබාගෙන සිටින උදවිය ගැන කතාකරලා වැඩක් නැහැ. ගනුදෙනුකරුවන්ට කතා කරන්න දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වෘත්තීය හැසිරීමෙන් බොහෝ දේ පෙනෙනවා (නි)
අපේ ගමේ සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වෙලා රූපලාවන්‍යය හදාරමින් හිටි තරුණියකට බැංකු රැකියාවක් ලැබිලා. හරිම ආශ්චර්යයක්. (නි)
පහුගිය කාලයේ බැංකු රැකියා ලැබුනේ එක්තරා ප්‍රදේශවල අයට පමණක් යැයි කියන්නේ ඇත්තක්ද? (නි)
මගේ අක්කා රජයේ බැංකුවක මාණ්ඩලික සේවයේ. ළඟදී එයා යටතේ සේවයට අලුතින් පැමිණි තරුණියක් ආ දවසේ සිටම එතන අනෙක් අයට 'සැර' දාගත්ත ගමන්මලු. (නි)
දැන්වත් තේරුම්ගත් එක ලොකු දෙයක්. (නි)
ලක්ෂ පහකට හරි කමක්නැහැ රැකියාව ලැබෙනවා නම්. බොහෝවිට සිද්ධ වෙන්නේ මුදලුත් රැකියාවත් යන දෙකම නැතිවීමයි. (නි)
මගේ හිතවතෙකුට රජයේ බැංකුවක රැකියාවක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින්, එසේ ලක්ෂ පහකට රජයේ බැංකු රැකියා ලබාගන්නා ආකාරය පිළිබඳව මා දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. (නි)
ඔබතුමා හරි නායකතුමනි (නි)
රජයක් පත්කරන්නේ පත්කළ අයට රැකියා ලබාගන්නද? එහෙම ගියොත් රටට වෙන්නෙ මොකක්ද? (නි)
එහෙමහරි කමක් නැහැ, රැකියා දෙනවා නම්. සමහර කාල වල සල්ලි වලට ගන්නවත් රැකියා තිබුනෙ නැහැනෙ. (නි)
එතකොට සියලුම උපාධිධාරීන්ට රැකියා දුන්නේ කවුද? ඔබතුමාලද? (නි)
එතකොට ඔයාලා දුන්නේ සුදුසුකම් වලටද...? මම මේ නොදන්නා නිසයි ඇහුවේ (නි)
අව්වැසි නොතකා දේශපාලන පක්ෂ වලට වැඩකරන අයට ඔහොම වෙලා මදි, එක අතකට. මොවුන් නිසා සුදුස්සන්ට රැකියා ලැබෙන්නේ නැහැ. රැකියාවකට සුදුසුකම දේශපාලුවන් පස්සෙන් යන එක නොවේ. (නි)
යථාර්ථයද එයයි.මේ අනුව බලන කල පගාකරුවන්ට නිල තත්ත්වයන් ලබාදීමට සුදුසු කාලයකි මේ. (නි)
1966දී එක්තරා බැංකුවකට දාලා දෙන්න මන්ත්‍රී කෙනෙක් මගෙන් රුපියල් 500 ක් ඉල්ලුවා (නි)
ඡන්දය දුන් අයට සුභ අනාගතයක්! (නි)
ඒගොල්ලෝ සල්ලි හොයාගන්නවාට අපි නම් කැමතියි. දැන් රට දියුණුයිනේ (නි)
මේක තමා අපේ රටේ යථාර්ථය. නමුත් කවුරුන් හිටියත් මේ දේම තමයි, ඒකේ වෙනසක් නැහැ. අද අපේ රටේ අය පුරුදුවෙලා මේවාට. නමුත් මිනිසුන් ඡන්දෙ දෙන්නේ මීට වඩා සාධාරන සේවයක් වෙයි කියන බලාපොරොත්තු වෙන්. (නි)
සමහර කතා නම් ඇත්ත බව මමත් පිළිගන්නවා (නි)
එක දන්නාවානම් ලොකු දෙයක් (දී)
මෙදාපාරත් ඡන්දය පැරදුනේ මිනිසුන් ඔය කියන කතා පිළිගත් නිසාද? අනේ මන්දා! (නි)
ළඟදි බැංකු රැකියා වලට බඳවාගත් උදවියට නම් කිසිම වෘත්තීය සුදුසුකමක් තිබෙන බව පෙනෙන්නේ නැහැ. අඩුගානේ ගනුදෙනුකරුවන්ට කතා කරන හැටිවත් දන්නේ නැහැ. කවුන්ටරයේ හිටියට බැංකුවේ අදාළ සේවාව වෙන තැනට ගනුදෙනුකරුවා යොමු කරන්නවත් දැනුමක් නැතිපාටයි. (නි)
දැන් බලනකොට රැකියා විරහිත 'උපාධිදාරියෙක්' ඉන්න ගෙදරකින් අබ මිටක් ගෙනෙන්න කියලා ඉදිරියට කියන්න වෙයි (නි)
පුද්ගලික බැංකු වලට නම් සුදුසුකම අනුව නියමිත විභාග සහ සාධාරණ සම්මුඛ පරීක්ෂණ වලින් තමා තෝරාගන්නේ. ඒ නිසා එහි කාර්ය මණ්ඩලයේ වෘත්තීය දක්ෂකම් සහ හැකියාවන්ගේ ලොකු වෙනසක් තිබෙනවා. (නි)
අනේ! රජයේ බැංකු වල සමහර තරුණ නෝනලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ. කවුන්ටරයේ ඉඳගෙන ඇඹරි ඇඹරි කොමල කර කර ඉන්නවා මිසක් මෙලෝ සිහියකින් වැඩක් කරනවා පෙනෙන්නේ නැහැ (නි)
අපේ අසල්වැසි කෙනෙකුටත් ළඟදී රජයේ බැංකු රැකියාවක් ලැබුනා. රාවයක් යනවා මිනිහා සාපෙළ ගණිතය අසමත් කියලා. තුන්වැනි පාරට සමත් වුණ කෙනෙක්ද දන්නේ නැහැ. ඉංග්‍රීසි නම් එක දිගට වාක්‍යයක්වත් කතා කරන්න බැරි බව අපි දන්නවා. වැඩිය ලියන්න නොහිතෙන්නේ අපි ඉරිසියාකාරයන්ගේ ගණයට වැටෙන්න ඉඩ තිබෙන නිසා. පුවතට අදාළ නිසා මේ ගැන ලිව්වේ. (නි)
ඔප්පුකර පෙන්වන්න පුලුවන්ද? (නි)
මම දන්න විදියට නම් සුදුසුකම් නොලැබූ අය රජයේ බැංකු වල නෑ. කාටත් තමන්ගෙ වෘත්තීට අදාල අවම සුදුසුකම තිබෙනවා. ඉහල සුදුසුකම් ඇති අය තමා වැඩියෙන්ම ඉන්නෙ. මම මේක කියන්නෙ මාත් වැඩ කරන්නෙ රජයේ බැංකුවක නිසයි