දකුණු අප‍්‍රිකානු යොවුන් පිතිකරු ඬේවිඞ් මිලර්ගේ (නොදැවී 80) විශිෂ්ට ඉනිම නිසා ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 29 වැනි තරගය ලෙස මොහාලිහිදී අද (21 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් XI, පංජාබ් පිල කඩුලූ 7 කින් පූනේ වෝරියස් පිල පරාජය කළේය.
කිංග්ස් XI, පංජාබ් පිල ලකුණු 186 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19.5 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. පංජාබ් පිලට අවසන් ඕවරයේදී ලකුණු 16 ක් රැස්කළ යුතු වූ අතර ලූක් වයිට් යැවූ එම ඕවරයේ තෙවැනි සහ පස්වැනි පන්දුවට හයේ පහර දෙකක් ගැසූ ඬේවිඞ් මිලර් ජය තහවුරු කළේය.
ඬේවිඞ් මිලර් පන්දු 41 කදී හතරේ සහ හයේ පහර 5 බැගින් ඇතුළත් කරමින් නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
මෙහිදී පූනේ පිල නියෝජනය කළ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඕවර 4 ක් ක‍්‍රියාත්මක කර ලකුණු 38 කට එක කඩුල්ලක් දවා ගත්තේය.
පූනේ පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට සහභාගි නොවූ අතර අරෝන් ෆින්ච් නායකයා ලෙස කටයුතු කළේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 185 (රොබින් උත්තප්පා 37, අරෝන් ෆින්ච් 64, යුවරාජ් සිං 34, ලූක් වයිට් 34, අසාර් මහමූඞ් 42/2)
කිංග්ස් XI, පංජාබ් පිල ඕවර 19.5 කදී කඩුලූ 3 ට 186 (මන්දීප් සිං නොදැවී 77, ඬේවිඞ් මිලර් නොදැවී 80)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කිව්වේ උපන් රටට ද්‍රෝහී වී සල්ලි පස්සේ දුවලා මිනිස්සුන්ගේ සාපෙ වැදිලා. කාගෙන්වත් සුපිරි දක්ෂතා දැක්කේ නැහැ.(නදී)
අනේ මගේ කට. (නි)
දැන් ඕකට ගිහින් වින්ද නින්දා හොදටම ඇති. කට්ටිය කතාවෙලා ආපහු එන්න. (නි)
වරුණ, මේ අයට කාගේ හරි නැත්නම් මොකක්හරි සේනාවක භීතිකාවක් වැහිලා කියලයි මට නම් හිතෙන්නේ (නි)
දැන්වත් පූනේ වෝරියස් කණ්ඩායමේ නායකත්වයට ස්ටීවන් ස්මිත් දැම්මොත් හොඳයි නේද?මොකද යුවරාජ්ට බැරිවුණාට ගිය පාර ස්ටීවන් ස්මිත් නායකකම දරලා ජයග්‍රහණ අරන් දීලා තියෙනවා. (නි)