IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පාටියෙන් කෑ මුදල් රාජ්‍ය ඇමැති රෝහලට

(සුජිත් හේවාජුලිගේ )

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පෙරේදා( 2) ඇතුළත් කරනු ලැබීය.

භෝජන සංග්‍රහයකදී ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් පසුව ඔහු මෙසේ අසනීපවී ඇති හෙයින් එම ආහාර ඔහුට විස වන්නට ඇතැයි සැක කෙරෙන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් ඔහුගේ තත්වය අයහපත් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

කෑගල්ල ප්‍රදේශයේ උත්සවයකින් අනතුරුව පැවැති භෝජන සංග්‍රහයකදී ඔහු මෙම ආහාර අනුභව කර තිබූ බව කියති.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

ඇමතිවරයා ගත් ආහාර රජයේ රස පරීක්ෂක වරයාට යොමු කිරීමටද පොලිසිය කටයුතු කරගෙන යයි.

 



අදහස් (44)

පාටියෙන් කෑ මුදල් රාජ්‍ය ඇමැති රෝහලට

පිටිගල මිලානෝ Sunday, 03 September 2023 12:41 PM

පාටිය දාපු කෙනා රිමාන්ඩ් කරා නම් නියමයි...

:       9       17

AJITHSunday, 03 September 2023 07:00 PM

භෝජන සංග්‍රහයකදී ආහාර ගත් වෙනත් අයට අසනීප වී නොමැතිව මොහොතක් පමණක් අසනීප වීම සොයා බැලිය යුතු කරුණක්.. රජයේ රෝහල්වල සේවය ඉතාම හොඳ බව කියනා මොවුන් අසනීපයකදී පුද්ගලික රෝහල් වෙත යාමත් කණගාටුවට කරුණක්...

:       0       38

විජිත් Sunday, 03 September 2023 12:48 PM

"අනිච්චාවත සංකාරා..." ආ.. මොනවා? වලකජ්ජ ගහලා නැතිද? යකෝ මාරයත් දැන් ජරාව ගන්නවා වගේ...!!!

:       6       38

විජිත් Sunday, 03 September 2023 12:51 PM

"ජරාව" කන එකත් කිලෝ ගාණට කන්න ගියාම ඔහොම වෙනවා.

:       4       39

prasanna Sunday, 03 September 2023 01:18 PM

ගල් අරක්කු කලක් බිව්වා නම් හරි... සොරි... බොන්නේ ඩියුටි ෆ්‍රී ඒවනේ...

:       3       36

මුදිත් Sunday, 03 September 2023 01:22 PM

එතුමා ඇතුල්වෙලා තියෙන්නේ පුද්ගලික රෝහලකට. ආණ්ඩුවේ රෝහල්වල බෙහෙත් විශ්වාස නැති බව උන්නැහේම පෙන්වලා දීලා තියෙනවා...

:       1       60

Asanga Sunday, 03 September 2023 01:25 PM

ඉක්මන් සුවය පතමි. හැබැයි ඔය කවුරුත් ස්වභාවධර්මයට යටයි කියන එක තේරුම් ගත්තොත් හොඳයි.

:       5       35

Perakum Sunday, 03 September 2023 01:39 PM

අපරාදේ, ඇයි කොළඹ රෝහලකට ගියේ කෙලින්ම සිංගප්පූරු ගියා නම් ඉවරයි. අපි බිල ගෙවනවානේ...

:       5       58

වයිද්‍ය සංගමය Sunday, 03 September 2023 01:41 PM

අපේ ඉස්පිරිතාලෙකට ආවා නම් පණ පිටින්ම එම්බාම් කරනවා.

:       6       39

Ranil Sunday, 03 September 2023 01:50 PM

බඩේ අමාරුවක් වෙන්න බැහැ. මෙයා හොඳට ජරාව කාලා පුරුදුයි. වෙන මොකක් හරි අප්සට් එකක්... අමරතුංගට වුණු සන්තෑසිය මේ හාදයාටත් වෙලා කියලා තමයි බජාර් එකේ කතා වෙන්නේ...!

:       4       31

chithra Sunday, 03 September 2023 02:05 PM

මිනිහෙක්ද වලහෙක්ද?

:       2       28

siri Sunday, 03 September 2023 02:06 PM

"ජරාව" කෑවාම ඔහොම වෙනවා. ඉක්මනින් සුවවේවා...!

:       1       25

Lankaputha Sunday, 03 September 2023 02:10 PM

ඔවුන් පළමුව ආහාර හොඳ නැද්ද කියලා පරීක්ෂා කළ යුතුයි...

:       2       16

ravin Sunday, 03 September 2023 02:14 PM

දේශපාලකයෝ මහජන මුදලින් කාපු පාටියක්ද?

:       1       28

beau Sunday, 03 September 2023 02:31 PM

බඩජහරි දේශපාලුවන්...

:       1       26

ranjani Sunday, 03 September 2023 02:39 PM

මැරිලා නැද්ද?

:       3       22

ගමේ එකාලා Sunday, 03 September 2023 02:42 PM

ජනතාව ගසාකාපුවා විෂ වෙන්න ඇති...

:       2       25

amarasiri Sunday, 03 September 2023 02:44 PM

මොකක්ද ඔය පුද්ගලික රෝහල? අපිට තියෙනවා මෙයත් එක්ක විසඳාගන්න ප්‍රශ්න ගොඩාක්. මේක හොඳ අවස්ථාවක්, සෙකුරිටි බට්ටෝ වටේ නැතිව ඇති, ලෙඩ ලෙඩ කියලා බලන්නේ නැහැ. කරපු වැඩවලට සම්බෝල හදනවා...

:       4       24

ශාන්ත Sunday, 03 September 2023 02:48 PM

අපායට ඊ මේල් එකක් අරින්න ඕනෑ යමරජ්ජුරුවන්ට..., අපායට අවශ්‍ය කෙනෙක් ඉස්පිරිතාලේ ඉන්නවා.

:       3       26

P. D Goonawardena Sunday, 03 September 2023 02:53 PM

නිවන්සුව...!

:       4       20

sunil Sunday, 03 September 2023 02:55 PM

නැහැ නැහැ වෙන්න බැහැ. මෙයා සෑහෙන කාලෙක ඉඳන් 'ජරාව' කනවා. ඒත් කවදාවත් ප්‍රශ්නයක් වෙලා නැහැ. දැන් මේ හාදයාට ජරාව නැතිව බැරි තත්වයක් ඇවිල්ලා... ඒකයි මේ අසනීපේ. බෙහෙත් දීලා වැඩක් නැහැ. හොඳ ගාණක් හොරාකන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් බාරදුන්නා නම් මිනිහා පණගහලා ඒවි අද දවල්ම...!

:       2       21

chandanaSunday, 03 September 2023 03:31 PM

අරක්කු ස්ටිකර් අලුත් විදිහකට ගහන්න.. හොඳ ගානක් කොමිස් ලැබෙන කොන්ත්‍රාත් එකක් කාට හරි දෙමුද ඇමැති තුමෝ? එතකොට ඔය ලෙඩේ හොඳවෙයි...

:       1       14

ගාමිණී Sunday, 03 September 2023 02:57 PM

මොවුන්ට රටේ ජනතාවගෙන් හොරා කාපු ධනය විස වෙන්න තව වැඩි කාලයක් නෑ...

:       2       23

ajantha Sunday, 03 September 2023 03:09 PM

දුප්පත් මිනිස්සුන්ගේ ඊ පී එෆ් එකට කෙලින්න සම්මාදම් වුණු සියලුම දේශපාලුවන්ට බඩ යන්න ඕනෑ, නවතින්නේ නැතිවම....!

:       1       19

Ramani Sunday, 03 September 2023 04:54 PM

බුදු අම්මෝ ... මෙච්චර වෙලා නිරුවතින් ඉස්පිරිතාලේ ඇඳේ දාලා හිටිය වලහෙක් වගේ හිටියට මෙන්න නැෂනල් සුට් එකක් අන්දලා එළියට අරගෙන. එම්බාම් එක ජයරත්නලාගෙන්ද? නැතිනම් වෛද්‍ය සංගමයෙන්ද?

:       3       12

චින්තක Sunday, 03 September 2023 05:53 PM

ඉස්සර ජනතාව එකිනෙකට විස නොවෙන කෑම තමයි කෑවේ... උදාහරණයක් හැටියට මස් සමග මාලු කෑවේ නැහැ... මයියොක්කා සමඟ ඉඟුරු පාවිච්චියට ගත්තේ නැහැ... ඌරු මස් කාලා කිරි කෑවේ නැහැ.. ඒත් දැන් එහෙම දේවල් විශ්වාස කරන කෙනෙක් ඇත්තේ නැහැ. තවතවත් දේවල් තියෙනවා වුණත් මතක නැහැ... ඒ නිසා දැන්වත් දේශීය ආහාර සම්ප්‍රදාය ගැන අවධානයට ගතහොත් ඔහොම අසනීපවෙලා රටට අණබෙර ගහන්න අවශ්‍ය නැහැ...!

:       1       8

ranaviraSunday, 03 September 2023 06:43 PM

ඉතින් කාලා මැරුණා වේ. ඒක ස්වභාවිකවම වෙන එක හොඳ නැතිද? තව ටික කාලෙකින් මිනිස්සුන්ගෙන් ගුටිකාලා මහපාරේ මැරෙනවාට වඩා... මේ වගේ අය ජීවත් වෙන්න වෙන්න රටට අපලයි.

:       0       11

නන්දන පනා-මිලානෝ Sunday, 03 September 2023 06:07 PM

මහා මේරු පර්වතය වටේට ආමි දාගෙන හැන්ගිලා හිටියත් කළ වංචා, ගසාකෑම්, හොරාකෑම්වලට මේ දේශපාලුවන්ට අනිවාර්යයෙන්ම ස්වභාවධර්මයා විසින් දැඩි දඬුවම් දේවි. කරන කලට පව් මිහිරිය මීසේ... විඳින කළට දුක් දැඩිවෙයි ගිණිසේ...!

:       0       11

කුක්පක්ෂේ Sunday, 03 September 2023 06:19 PM

වහාම දේශපාලුවන්ගේ ආහාර පරීක්ෂා කරන්න නිලධාරීන් දෙදෙනා බැගින් පත්කිරීමට කටයුතු කරන්න...

:       1       8

City Sunday, 03 September 2023 07:19 PM

මගේ ආචාරය... ඉක්මනින් සුවපත් වේවා..!

:       8       7

chandima Sunday, 03 September 2023 07:21 PM

සමීප වෙයි...! වගේද?

:       0       10

Malan Sunday, 03 September 2023 07:44 PM

ගහපු බදු වලට වැදුන සාප තමයි..

:       1       13

Don perea Sunday, 03 September 2023 08:35 PM

සුබ ආරංචියක් වගේද?

:       0       13

Loki Sunday, 03 September 2023 08:43 PM

ගහපු බදුවලට, මෙයාගේ බඩට සැප වැදිලා...

:       0       13

Roshan Sunday, 03 September 2023 09:22 PM

ජරාව කාපුවට දැන් පොලිය ලැබෙනවා වගේ ....

:       0       12

surath Monday, 04 September 2023 04:12 AM

පෙරහැර පටන් ගත්තා වෙන්න බැරි නැද්ද?

:       0       2

සුන්දරා Monday, 04 September 2023 06:02 AM

මෙයත් අස්වැසුම අරගෙන කාලද බලන්න ඒක දුන්නට පස්සෙ නේද මේක වෙලා තියෙන්නෙ .අස්වැසුම දීලා තියෙන්නෙ මෙහෙම දුප්පතුන්ට තමයි කවදාහරි ජනතාවගෙන් සූරාගෙන බෙදන අස්වැසුම ගන්න ඇති හැකි අයටත් වෙන්නෙ ඕකම තමයි

:       0       1

සමන් Monday, 04 September 2023 06:50 AM

ඉක්මන් සුව පතනගමන් මේ රටේ දේශපාලකයන් කියනා පුද්ගලයන් සියලුදෙනාම මෙහි ඇති කොමෙන්ටු කියවලා බැලුවොත් රටේජනතාව ඔවුන් පිළගන්නේ කෙසේදැයි දැනගත හැක. කෙසේ ආරක්ෂා උනත් ඔවුන්ට ස්වභාව ධර්මයෙන් නම් බේරීමට නොහැකිය....

:       0       2

chandima Monday, 04 September 2023 07:16 AM

පෙරළීයන් බරකරත්තෙ පෙරළියන්

:       0       2

සල්ලි Monday, 04 September 2023 07:18 AM

රජයේ රෝහල් තියෙන්නේ යන්න බැරිද , දැන් ඔය පුද්ගලික රෝහලේ බිල ගෙවෙන්නෙත් අපෙන් ද?

:       0       2

chandima Monday, 04 September 2023 08:20 AM

කවුරු වුණත් දීලා තියෙන පරිදි ඉදිමෙන්න... පේන්නේ නැද්ද ඉදිමිලා තියෙන ඉදිමිල්ල... ඇස්රතු වෙන්නම බීලා වලියක් දාගෙන වගේ... හොරිවිල වෙදමහත්තයාවත් හම්බ වුණා නම්... ඉංග්‍රීසි බෙහෙත්වලට වැඩිය හොඳයි.

:       0       2

Wijenanda Monday, 04 September 2023 08:41 AM

රෝහල ඉස්සරහා මල් ශාලවක් තියනවද?

:       0       3

විජිත් Monday, 04 September 2023 07:48 PM

තියෙනවා තියෙනවා, "හැම රෝහලක් ඉදිරිපිටම මල්ශාලාවක් " කියන තේමාව හඳුන්වලාදුන්නු සෞඛ්‍ය භාර මාරයා වන "වානරයා" ට හැම මිනියකින්ම රුපියල් 250 ක් කියන කොන්ත්‍රාත් එක දැන් තදින්ම ක්‍රියාත්මක වෙනවා.

:       0       1

ලප කුමාර Monday, 04 September 2023 07:52 PM

පාටියෙන් කාලා අසනීප වෙලා රෝහල් ගත වුණු ඇමැතිවරයාට නිවන් සුව ලැබේවා...! ඔහුත් දුකින් මිදීමට අපි පතමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 104 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 39 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 76 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 230 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 431 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 344 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site