IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පෙට්‍රල් ලීටරයෙන් රජය අයුතු ලාබ ගන්නවා

සියලු බදු, වරාය ගාස්තු, නිෂ්පාදන ගාස්තු, පිරිපහදු ගාස්තු ද සමග පෙට්‍රල් ලීටරයක් රුපියල් 120කට දිය හැකිව තිබියදී දැන් රුපියල් 162කට විකුණමින් රජය රුපියල් 40ක ද, අයි ඕසී ඉන්දියා තෙල් සමාගම රුපියල් 45ක ද අධික ලාබයක් ලබතියි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියයි.

පෙට්‍රල් ලීටරයක් ශ්‍රී ලංකාවට ගොඩබාන විට මිල රුපියල් 84.18ක් බව ඔහු කියයි.

ඩීසල් ලීටරයක් රුපියල් 108කට අළෙවි කළ හැකිව තිබියදී දැන් රුපියල් 112කට අළෙවි කරන බවත් ඔහු කියයි.

තෙල් මිල වැඩිවීම නිසා හෙට අනිද්දා බස් ගාස්තු එළවළු ඇතුළු සියලු භාණ්ඩ මිල වැඩි වෙතියි ද, කබලෙන් ලිපට වැටී සිටි ජනතාවට ළඟදී විදුලි ගාස්තුද වැඩියෙන් ගෙවීමට සිදු වනු ඇතැයි ද ඔහු පවසයි.  



අදහස් (0)

පෙට්‍රල් ලීටරයෙන් රජය අයුතු ලාබ ගන්නවා

ලාල් Monday, 25 February 2013 12:01 PM

අපි කන පාන් ගෙඩියෙනුත් අන්තිමට බදු ගහනවා (දී)

:       0       0

ගාමිණී Sunday, 24 February 2013 02:52 PM

මොනවා කරන්නද අපි. අසරණයි නේ (දී)

:       0       0

යොහාන් Sunday, 24 February 2013 02:54 PM

මොනවා කරන්නද ලබා උපන් හැටි තමයි (දී)

:       0       0

මලින්ද Sunday, 24 February 2013 02:58 PM

100% ඇත්ත , මොකද මේ වැඩි උන තරමට අපේ පඩි වැඩි උනාද (දී)

:       0       0

හිල්ම් Monday, 25 February 2013 12:56 AM

රු500කින් පෙට්‍රල් ලීටර් කියාද වදින්නේ (දී)

:       0       0

සදුන් Sunday, 24 February 2013 03:07 PM

ඇත්ත කතාව (දී)

:       0       0

පාලිත Sunday, 24 February 2013 03:13 PM

අනේ අපේ ළමයි තමයි මේ වැඩවලින් අසරණ වෙන්නේ (දී)

:       0       0

රත්න Sunday, 24 February 2013 03:21 PM

නැතිව කොහොමද අර පරිවාර සෙනඟ නඩත්තු කරන්නේ? (නදී)

:       0       0

රණ රාල Sunday, 24 February 2013 03:28 PM

විපක්ෂ නායකතුමා මේකටත් විරුද්ධව මොකුත් කරන්නෙ නැද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

හේරත් Monday, 25 February 2013 01:48 AM

ලෝක වෙළද පලේ බොරතෙල් මිල පහල යන කොට මොකද තෙල් මිල පහල දාන්නේ නැත්තේ (දී)

:       0       0

දිසා Monday, 25 February 2013 01:48 AM

හැම තැනින්ම අපි තමයි තැලෙන්නේ (දී)

:       0       0

රත්නායක Monday, 25 February 2013 01:48 AM

අපි අසරණ වෙනවා (දී)

:       0       0

ජීව Monday, 25 February 2013 01:54 AM

අනේ ඉතින් හිත උණූවෙන කෙනෙක් ඇවිල්ලා අපට තෙල් නිකන්ම දෙන දවසක් උදාවෙන්නෙ කවදාද? (නි)

:       0       0

ක්‍රිස්ටි Sunday, 24 February 2013 03:38 PM

ඕස්ට්‍රේලියාවේ මිළත් එක්ක බැලුවහම ලංකාවේ තෙල් ලාභයි. (නි)

:       0       0

දේවා Sunday, 24 February 2013 03:39 PM

දැන් ඕවා ගැන මොනකවා කතාකළත් වැඩක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

සිරිල් Sunday, 24 February 2013 03:42 PM

දැන් නම් මේවාට මොනවා කෙරුවත් වැඩක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

මලික් Monday, 25 February 2013 12:39 PM

ඔහොම ගියොත් නම් අපිට ජීවිත කාලය පුරාවටම පිටරටට වෙලා තමයි ඉන්න වෙන්නේ. (නි)

:       0       0

මෝරලා Sunday, 24 February 2013 04:16 PM

ආසියාවේ ආස්චර්ය කියන්නේ මේකට තමයි.(නදී)

:       0       0

ලලිත් Sunday, 24 February 2013 04:33 PM

ඕකේ ඉන්න අය ගහපුවා මහජනතාවගෙන් අයකිරීම අසාධාරණයි.(නදී)

:       0       0

අසාම් Sunday, 24 February 2013 04:38 PM

හොදක් වේවිද මේ අයට? (නි)

:       0       0

අජිත් Monday, 25 February 2013 06:55 AM

ඇත්තම කියනව නම් මිල වැඩි කරන එක කලින් නොකිව්වේ පෙට්‍රල් ෂෙඩ් වල පෝලිම් හැදෙයි කියලා.(නදී)

:       0       0

නිමලා Monday, 25 February 2013 08:07 AM

ක්‍රිස්ටි, එහේ උපයන්නෙත් රුපියල්ද? (නි)

:       0       0

නාලක Monday, 25 February 2013 08:22 AM

එන්න එන්නම අපි කන බත් වෙල් ගණන අඩු වෙනවා මේ වැඩ නිසා (දී)

:       0       0

කල්ප Monday, 25 February 2013 08:47 AM

ජය වේවා! (නි)

:       0       0

නාමල් Sunday, 24 February 2013 06:14 PM

ඇයි ආණ්ඩුවට මිනිසුන්ගේ දුක නොතේරෙන්නේ? (නි)

:       0       0

සුජීව Sunday, 24 February 2013 06:21 PM

ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය දැනෙන්නේ මෙවන් මො‍හොතවල් වලදීයි. (නි)

:       0       0

අංජන Sunday, 24 February 2013 06:21 PM

විපක්ෂයක් වුණහම මෙන්න මේ වගේ දත්ත හොයා‍ගෙන කතාකරන්න ඕනෑ. (නි)

:       0       0

සමන් තුෂාර Sunday, 24 February 2013 06:25 PM

මොකක්ද අනේ මේ වෙන්නේ. අහිංසක මිනිස්සුන්ට නේද මේ බර පැටවෙන්නේ.(නදී)

:       0       0

තරංග Sunday, 24 February 2013 06:27 PM

වැඩ කරන්න, වැඩි කරන්න. තව ජනතාවට මොලේ පෑදෙන්න. ජයවේවා!(නදී)

:       0       0

ජමෙල් Sunday, 24 February 2013 06:28 PM

කලින් වේලක් ඇර වේලක් කෑවා. දැන් ඉතින් ඒකත් ඉවරයි. අළුත් ඇමති මන්ඩලය යැපෙන්නත් එපායැ.(නදී)

:       0       0

ගීතානි Sunday, 24 February 2013 06:37 PM

දැන්නම් ටික ටික එපා වේගෙන යනවා. ඒත් ඉතින් වෙන කාට කියලා ඡන්දෙ දෙන්නද? ජනාධිපතිතුමනි! අනේ අපි වගේ දුක් විදින අය ගැනත් හිතන්න.(නදී)

:       0       0

අජිත් Sunday, 24 February 2013 06:39 PM

හෙන ගහපන්, ගනන් බලාපන් කියලා කතාවක් ගමේ ගොඩේ තියෙනවනේ.(නදී)

:       0       0

සුසන්ත Sunday, 24 February 2013 06:40 PM

කබලෙන් ලිපට. මේ ආණ්ඩුවට වෙන කරන්න දෙයක් තිබුනේ නැද්ද?(නදී)

:       0       0

අජිත් Sunday, 24 February 2013 06:56 PM

විජිත හේරත් මහත්තයෝ. කතාව නම් ඇත්ත. ඒත් අහන කෙනෙක්නේ නැත්තේ.(නදී)

:       0       0

සමන්ත Sunday, 24 February 2013 07:01 PM

අලුත් ඇමති මන්ඩලයක් හදනකොට අපි නම් දැනගත්තා.(නදී)

:       0       0

නිමල් Sunday, 24 February 2013 07:07 PM

ජනාධිපතිතුමනි, යුද්දෙන් පස්සේ දෙනවයි කියූ සහනද මේ?(නදී)

:       0       0

ෂෂි කුමාර Monday, 25 February 2013 10:08 AM

ක්‍රිස්ටි, ඕස්ට්‍රේලියාවේ ගානට මෙහෙත් පඩි ගෙවනවද?(නදී)

:       0       0

උදේනි Sunday, 24 February 2013 07:07 PM

ජනාධිපතිතුමනි, අප ගැනත් හිතන්න. ජනතාවට තවත් මෙවැනි බර පටවන්න එපා.(නදී)

:       0       0

කරුණාරත්න Sunday, 24 February 2013 07:12 PM

රටක් දියුණු වෙනකොට බඩු මිල ඉහළයනවා. ඒත් යුද්දේ කාලේ මෙහෙම වැඩිවීමක් වුනේ නැහැ. මිනිස්දුන්ට එපා වෙලා කියන කතාව තරමක් දුරට ඇත්ත.(නදී)

:       0       0

ෂේන් Sunday, 24 February 2013 07:48 PM

නියමයි, ඔහොම යං.(නදී)

:       0       0

විමුක්ති Monday, 25 February 2013 10:49 AM

අනේ ක්‍රිස්ටි, ඔයාලාවගේ කිසිම දැනුමක් නැති අය නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද?(නදී)

:       0       0

මාලක Monday, 25 February 2013 10:52 AM

බලන්න කවදා හරි පෙට්‍රල් ලීටරය 1000ටත් යනවා (දී)

:       0       0

රංගන Monday, 25 February 2013 10:49 AM

ඇගට තෙල් හලාගෙන ගිනි තියාගන්නයි වෙන්නේ මෙහෙම ගියොත් නම්. (නි)

:       0       0

අසේල Monday, 25 February 2013 10:51 AM

ඒ කතාවනම් මට පෙන විදිහට හරි (දී)

:       0       0

සරත් Sunday, 24 February 2013 08:31 PM

ආයතනයේ පාඩු පියවන්න කියලානේ කියුවේ (දී)

:       0       0

සරත් Sunday, 24 February 2013 08:34 PM

කියන්න දේවල් නම් තියෙනවා. ඒත් ඇගේ ලේ මොකට පුච්චා ගන්නවද? (නි)

:       0       0

සරත් Sunday, 24 February 2013 08:39 PM

අපි ඉතින් මොකද්ද කල යුත්තේ (දී)

:       0       0

සුරංග Monday, 25 February 2013 11:01 AM

අපට ආදරේ නිසානේ මෙහෙම කරන්නේ. ඒක තේරුම් ගන්නකෝ.(නදී)

:       0       0

ඩිල්ෂාන් Monday, 25 February 2013 11:03 AM

රජයේ සමහර ආයතනවලන් කෝට් ගනන් ලැබෙන්න තියෙනවා. ඒ බර තමයි මේ අපට පටවන්නේ.(නදී)

:       0       0

නීලා Monday, 25 February 2013 11:13 AM

බෝක්කු කටක් හැදුවත් හුරේ දාන අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

පියල් Sunday, 10 March 2013 07:30 AM

මේක ලංකා‍වනේ. (නි)

:       0       0

ජසීම් Sunday, 24 February 2013 09:34 PM

වියදම් පියවා ගැනීමක් තමයි කරන්න ඇත්තේ. (නි)

:       0       0

අජිත් Monday, 25 February 2013 03:34 PM

අපි කියල මොනවා කරන්නද මහත්තයෝ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 904 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 442 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 389 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 324 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1584 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1716 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38808 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site