සියලු බදු, වරාය ගාස්තු, නිෂ්පාදන ගාස්තු, පිරිපහදු ගාස්තු ද සමග පෙට්‍රල් ලීටරයක් රුපියල් 120කට දිය හැකිව තිබියදී දැන් රුපියල් 162කට විකුණමින් රජය රුපියල් 40ක ද, අයි ඕසී ඉන්දියා තෙල් සමාගම රුපියල් 45ක ද අධික ලාබයක් ලබතියි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියයි.
පෙට්‍රල් ලීටරයක් ශ්‍රී ලංකාවට ගොඩබාන විට මිල රුපියල් 84.18ක් බව ඔහු කියයි.
ඩීසල් ලීටරයක් රුපියල් 108කට අළෙවි කළ හැකිව තිබියදී දැන් රුපියල් 112කට අළෙවි කරන බවත් ඔහු කියයි.
තෙල් මිල වැඩිවීම නිසා හෙට අනිද්දා බස් ගාස්තු එළවළු ඇතුළු සියලු භාණ්ඩ මිල වැඩි වෙතියි ද, කබලෙන් ලිපට වැටී සිටි ජනතාවට ළඟදී විදුලි ගාස්තුද වැඩියෙන් ගෙවීමට සිදු වනු ඇතැයි ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! (නි)
නියමයි, ඔහොම යං.(නදී)
ආයතනයේ පාඩු පියවන්න කියලානේ කියුවේ (දී)
කියන්න දේවල් නම් තියෙනවා. ඒත් ඇගේ ලේ මොකට පුච්චා ගන්නවද? (නි)
අපි ඉතින් මොකද්ද කල යුත්තේ (දී)
වියදම් පියවා ගැනීමක් තමයි කරන්න ඇත්තේ. (නි)
රු500කින් පෙට්‍රල් ලීටර් කියාද වදින්නේ (දී)
ලෝක වෙළද පලේ බොරතෙල් මිල පහල යන කොට මොකද තෙල් මිල පහල දාන්නේ නැත්තේ (දී)
හැම තැනින්ම අපි තමයි තැලෙන්නේ (දී)
අපි අසරණ වෙනවා (දී)
අනේ ඉතින් හිත උණූවෙන කෙනෙක් ඇවිල්ලා අපට තෙල් නිකන්ම දෙන දවසක් උදාවෙන්නෙ කවදාද? (නි)
ඇත්තම කියනව නම් මිල වැඩි කරන එක කලින් නොකිව්වේ පෙට්‍රල් ෂෙඩ් වල පෝලිම් හැදෙයි කියලා.(නදී)
ක්‍රිස්ටි, එහේ උපයන්නෙත් රුපියල්ද? (නි)
එන්න එන්නම අපි කන බත් වෙල් ගණන අඩු වෙනවා මේ වැඩ නිසා (දී)
රටක් දියුණු වෙනකොට බඩු මිල ඉහළයනවා. ඒත් යුද්දේ කාලේ මෙහෙම වැඩිවීමක් වුනේ නැහැ. මිනිස්දුන්ට එපා වෙලා කියන කතාව තරමක් දුරට ඇත්ත.(නදී)
ක්‍රිස්ටි, ඕස්ට්‍රේලියාවේ ගානට මෙහෙත් පඩි ගෙවනවද?(නදී)
අනේ ක්‍රිස්ටි, ඔයාලාවගේ කිසිම දැනුමක් නැති අය නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද?(නදී)
බලන්න කවදා හරි පෙට්‍රල් ලීටරය 1000ටත් යනවා (දී)
ඇගට තෙල් හලාගෙන ගිනි තියාගන්නයි වෙන්නේ මෙහෙම ගියොත් නම්. (නි)
ඒ කතාවනම් මට පෙන විදිහට හරි (දී)
අපට ආදරේ නිසානේ මෙහෙම කරන්නේ. ඒක තේරුම් ගන්නකෝ.(නදී)
රජයේ සමහර ආයතනවලන් කෝට් ගනන් ලැබෙන්න තියෙනවා. ඒ බර තමයි මේ අපට පටවන්නේ.(නදී)
බෝක්කු කටක් හැදුවත් හුරේ දාන අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
අපි කන පාන් ගෙඩියෙනුත් අන්තිමට බදු ගහනවා (දී)
ඔහොම ගියොත් නම් අපිට ජීවිත කාලය පුරාවටම පිටරටට වෙලා තමයි ඉන්න වෙන්නේ. (නි)
අපි කියල මොනවා කරන්නද මහත්තයෝ (දී)
මේක ලංකාවනේ. (නි)
ඇයි ආණ්ඩුවට මිනිසුන්ගේ දුක නොතේරෙන්නේ? (නි)
මොනවා කරන්නද ලබා උපන් හැටි තමයි (දී)
100% ඇත්ත , මොකද මේ වැඩි උන තරමට අපේ පඩි වැඩි උනාද (දී)
ඇත්ත කතාව (දී)
අනේ අපේ ළමයි තමයි මේ වැඩවලින් අසරණ වෙන්නේ (දී)
නැතිව කොහොමද අර පරිවාර සෙනඟ නඩත්තු කරන්නේ? (නදී)
විපක්ෂ නායකතුමා මේකටත් විරුද්ධව මොකුත් කරන්නෙ නැද්ද දන්නෙ නැහැ. (නි)
ඕස්ට්‍රේලියාවේ මිළත් එක්ක බැලුවහම ලංකාවේ තෙල් ලාභයි. (නි)
දැන් ඕවා ගැන මොනකවා කතාකළත් වැඩක් වෙන්නෙ නැහැ. (නි)
දැන් නම් මේවාට මොනවා කෙරුවත් වැඩක් වෙන්නෙ නැහැ. (නි)
ආසියාවේ ආස්චර්ය කියන්නේ මේකට තමයි.(නදී)
ඕකේ ඉන්න අය ගහපුවා මහජනතාවගෙන් අයකිරීම අසාධාරණයි.(නදී)
හොදක් වේවිද මේ අයට? (නි)
මොනවා කරන්නද අපි. අසරණයි නේ (දී)
ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය දැනෙන්නේ මෙවන් මොහොතවල් වලදීයි. (නි)
විපක්ෂයක් වුණහම මෙන්න මේ වගේ දත්ත හොයාගෙන කතාකරන්න ඕනෑ. (නි)
මොකක්ද අනේ මේ වෙන්නේ. අහිංසක මිනිස්සුන්ට නේද මේ බර පැටවෙන්නේ.(නදී)
වැඩ කරන්න, වැඩි කරන්න. තව ජනතාවට මොලේ පෑදෙන්න. ජයවේවා!(නදී)
කලින් වේලක් ඇර වේලක් කෑවා. දැන් ඉතින් ඒකත් ඉවරයි. අළුත් ඇමති මන්ඩලය යැපෙන්නත් එපායැ.(නදී)
දැන්නම් ටික ටික එපා වේගෙන යනවා. ඒත් ඉතින් වෙන කාට කියලා ඡන්දෙ දෙන්නද? ජනාධිපතිතුමනි! අනේ අපි වගේ දුක් විදින අය ගැනත් හිතන්න.(නදී)
හෙන ගහපන්, ගනන් බලාපන් කියලා කතාවක් ගමේ ගොඩේ තියෙනවනේ.(නදී)
කබලෙන් ලිපට. මේ ආණ්ඩුවට වෙන කරන්න දෙයක් තිබුනේ නැද්ද?(නදී)
විජිත හේරත් මහත්තයෝ. කතාව නම් ඇත්ත. ඒත් අහන කෙනෙක්නේ නැත්තේ.(නදී)
අලුත් ඇමති මන්ඩලයක් හදනකොට අපි නම් දැනගත්තා.(නදී)
ජනාධිපතිතුමනි, යුද්දෙන් පස්සේ දෙනවයි කියූ සහනද මේ?(නදී)
ජනාධිපතිතුමනි, අප ගැනත් හිතන්න. ජනතාවට තවත් මෙවැනි බර පටවන්න එපා.(නදී)