දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් වෙත යවන ලද කෙටි පණිවුඩයක තොරතුරු හෙළිදරව් කිරීමට අපොහොසත් වීම නිසා එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් කරන ලද මැද පෙළ පිතිකරු කෙවින් පීටර්සන්ගේ කි‍්‍රකට් අනාගතය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. කෙසේ වෙතත් අවසන් මොහොතේදී හෝ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන එංගලන්ත සංචිතයට පීටර්සන් ඇතුළත් කෙරෙනු ඇතැයි ඔහුගේ හිතවත්තු බලාපොරොත්තු වෙති. ලබන මස 18 වැනිදා සිට ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම නම් කළ යුතු අවසන් දිනය වන්නේ මේ මස 18 වැනි සෙනසුරාදාය. එංගලන්ත කණ්ඩායමේ අභ්‍යන්තර තොරතුරු පිටස්තර පුද්ගලයන් වෙත යාම නොහොබිනා බවත්, ඒ හේතුවෙන්ම කණ්ඩායම ඇතුළේ විවධ පාර්ශවයන් බෙදී ඇති බවත් ප‍්‍රකාශ කළ පීටර්සන්, පළමු වැනි ටෙස්ට් තරගය අවසානයේදී ප‍්‍රකාශ කර සිටියේ ඇතැම් විට එංගලන්ත - දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමන් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට ඉඩ ඇති බවයි. මෙම ප‍්‍රකාශයෙන් අනතුරුව, පීටර්සන් සහ එංගලන්ත කණ්ඩාමේ කී‍්‍රඩකයන් අතර පැවැති විරසකය දිගින් දිගටම පුවත් මවා දුන් අතර ‘පීටර්සන් විසින් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන් කිහිප දෙනකුට යවන ලද කෙටි පණිවුඩ මගින් එංගලන්ත කී‍්‍රඩකයන් හෑල්ලූවට ලක් කර නැත’යි යන්න ඔප්පු කරන ලෙස එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය පීටර්සන්ට දන්වා සිටියේය. එහෙත් එය සනාථ කිරීමට අසමත් වීම නිසා කෙවින් පීටර්සන් තුන්වැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කරන ලදි. එංගලන්තය සහ දකුණු අපි‍්‍රකාව අතර තුන්වැනි ටෙස්ට් තරගය හෙට (16 වැනිදා) ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර දකුණු අප‍්‍රිකානු පිල මේ වන විටත් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. තරගාවලිය ආරම්භ වන විට ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානය හිමිකරගෙන සිටි එංගලන්ත කණ්ඩායමට සිය ස්ථානය රැක ගැනීමට නම් ලෝඞ්ස් ටෙස්ට් තරගය ජයගත යුතුමය. ජූලි මස මුල් සතියේදී එක්දින සහ විස්සයි-20 කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට පීටර්සන් තීරණය කළ අතර විස්සයි-20 අන්තර්ජාතික තරග සඳහා ඉදිරිපත් වීමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණ නමුත් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය ඊට එක`ග නොවීය. මෙම කරුණ නිසා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද 30 දෙනකුගෙන් සමන්විත එංගලන්ත සංචිතයට පීටර්සන් ඇතුළත් නොවිණ. මේ අතර පීටර්සන් විසින් තමන් වෙත එවන ලදැයි කියනු ලබන කෙටි පණිවිඩ සමබන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප‍්‍රකාශ කිරීමට දකුණු අපි‍්‍රකානුවෝ ඉදිරිපත් නොවෙති. - ඕවා කී‍්‍රඩකයන් අතර නිතරම හුවමාරු වන විහිළු තහළු මිසක් වෙන දෙයක් නොවේ” යයි දකුණු අපි‍්‍රකානු කළමණාකරු කියයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පීටර්සන්ගේ කි‍්‍රකට් අනාගතය අවිනිශ්චිත තත්ත්වයක
චතුර Wednesday, 15 August 2012 05:16 PM
යොහාන්, ඇත්තටම මෙයා ආඩම්බරකාරයෙක් නම් නෙවෙයි. මට නම් හිතෙන්නෙ මෙයා විහිළුවක් තමයි කරන්න ඇත්තෙ. (නි)
ගාමිණී කුවෙට් Wednesday, 15 August 2012 08:22 PM
ක්‍රීඩාවට දක්ෂතා දැක්වූවාසේම තම රටේ,තම කන්ඩායමේ,සහ ක්‍රිඩාවේ ගරුත්වය ආරක්ෂා කලයුතුයි.තම කන්ඩායමේ තොරතුරු පිටස්තර අයට ලබාදීම තරග පාවාදීමකට සමානයි.
ජිවා Wednesday, 15 August 2012 12:51 PM
ඇත්තම කිවුවොත් මොහු වැදගත් ළකුණු අතර ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. (නි)
යොහාන් Wednesday, 15 August 2012 02:14 PM
ජීවා ඒ උනාට මෙයා හරි ආඩම්බරයි....(ස)
අජන්ත Wednesday, 15 August 2012 02:20 PM
අයියෝ සල්ලි
අසින්ත Wednesday, 15 August 2012 02:41 PM
අපේ රටේ ක්‍රිකට් වලට වෙච්ච දේමද මන්දා වෙන්න යන්නේ? (නි)