IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පිටවූ ප්‍රශ්න පත්‍රයම දීලා

 පිළියන්දල කලාපයේ දෙවැනි වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණිය සිංහල, ගණිතය  හා අද (17) පැවැති විද්‍යාව ප්‍රශ්න පත්‍ර පිටවී ඇති නිසා එම විභාග අවලංගු කර නැවත පවත්වන්නැයි ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක් කළේය.

නැවත විභාගය නොපැවැත්තුවහොත් දක්ෂ සිසුනට අසාධාරණයක් වන බවත්, පිටවූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත් ඇගයීමෙන් පසු නැවත විභාගය පැවැත්වුවහොත් ගුරුවරුන් අපහසුතාවට පත්වන බවත්, ඒ නිසා හැකි ඉක්මණින් විභාගය අවලංගු කර නැවත පවත්වන ලෙස ඉල්ලන බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

වාර විභාගයේ 11 ශ්‍රේණිය සිසුන් වෙනුවෙන් අද  (17) පැවැත්වීමට නියමිත විද්‍යාව ප්‍රශ්න පත්‍රයද කළින් පිටවීයැයි ලද තොරතුරකට අනුව ප්‍රධාන පෙළේ පාසලක  සිසුන්ගෙන් ඊයේ (16) ඒ ගැන විමසද්දී පිළිතුරු ලියාගෙන ආ කොළ ගුරුවරුන් අතට පත් කර ඇත.  සිසුන්ගෙන් ඒවා ලබා ගත් ගුරුවරු  ඒවා කලාප අධ්‍යාපන අධයක්ෂවරියට හා සෙසු අධ්‍යක්ෂවරුන්ට භාර දුන්හ.

එම පිළිතුරු පත් අද (17) පැවැත්වීමට නියමින විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත් සමග සන්සන්ධනය කරද්දී පළමු ප්‍රශ්න 15  පිළිතුරු ඒ ආකාරයෙන්ම ගැලපී තිබිණි. කළාප අධ්‍යක්ෂවරිය උපදෙස් දී ඇත්තේ කිසිදු විභාගයක් අහෝසි නොකර එලෙසම පවත්වන ලෙසයි. ප්‍රශ්න පත්‍ර පිටවීයැයි කියන සිංහල හා ගණිතය ප්‍රශ්න පත්‍රවලද පිළිතුරු පරීක්ෂා කර සිසුනට ලකුණු දෙන්නැයි ගුරුවරුන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව පිටවූ විද්‍යාව ප්‍රශ්න පත්‍රය අද පැවැත්විණි.



අදහස් (0)

පිටවූ ප්‍රශ්න පත්‍රයම දීලා

මහේෂ්‍ Thursday, 17 July 2014 09:39 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ජයසේන Friday, 18 July 2014 12:17 AM

අධ්‍යාපනය විනාශකර ගොඩක් කල්. පුදුම කාරණාව අපේ රටේ මිනිසුන් මේවා දිහා බලාගෙන නිහඬව ඉන්න එකයි. (නි)

:       0       0

සේරම් Thursday, 17 July 2014 12:07 PM

අධ්‍යාපනයටත් ඇමති කෙනෙක් හිටියනම් (නදී)

:       0       0

ප්‍රශාන්ත Thursday, 17 July 2014 07:22 AM

ඇමති ? (නදී)

:       0       0

කුසල් Thursday, 17 July 2014 07:35 AM

දැන් වාර විභාග සිසුන් අසමත් කරන විභාග නොවන නිසා පාඩුව කොපි කරන අයටමයි.(නදී)

:       0       0

සේන Thursday, 17 July 2014 07:59 AM

පිටවෙච්ච ප්‍රශ්ණ පත්තරයම විබාගෙට ගත්තේ නැතිනම් ප්‍රශණ පත්තරය ලබාගත්ත ළමයින්ටයි පිටකරපු අයටයි දෙගොල්ලන්ටම පාඩු සිද්දවනවා. එයාලගේ මානුෂික අයිතීන් ගැන කලාප අධ්‍යක්ෂකවරිය සලකාබලා තියෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 922 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 418 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 273 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 828 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 713 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site