මීරිගම අම්මලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද උදේ හතට බදුලු සීඝ්‍රගාමී දුම්රිය ලොරියක ගැටී ලොරියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගිය බවට නිලධරයෝ කියති..jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
මීරිගම අම්මලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද උදේ හතට බදුලු සීඝ්‍රගාමී දුම්රිය ලොරියක ගැටී ලොරියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගිය බවට නිලධරයෝ කියති..jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජනී ලන්ඩන්, ඔයා මිරිගමින් වයසක සුද්දෙක් එක්ක ලන්ඩන් ගිහින් දැන් ලංකාවට අවවාද දෙන්න යන්නේ. බොරු ෂෝ එපා රන්ජනී. රියදුරන්ගේ නොසැලිකිලිමත් කමට වෙන අනතුරු මේවා. රන්ජනී ලංකාවට ආදරේ නම් මොකද ලන්ඩන් ඉන්නේ.(නදී)
මොන රේල් ගේට්ටුද? අපි තව ගුවන් තොටුපොළවල්, වරායවල් හදමු. ඒක තමා දැන් ආශ්චර්ය කරා යන්න ඕනෑ දේවල් (නි)
අවසිහියෙන් උඩ බලාගෙන වාහන පැදෙව්වුවොත් ඔහොම වෙනවා (නි)
මේක ඩෙංගු වගේ වසංගතයක්,ඊයේ අලුත්ගම,ඊටකලින් බේරුවල,2005 දී යාන්ගල් මෝදර,ඊටත් කලි අම්බලන්ගොඩ,(86 දී ) ඔය අතරේ දන්නදා පටන් කීයක්ද?? කවුරුත් ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක්,,,හිතන්නේ නැති රියදුරන්ට තමා මේ ලෙඩේ බොහෝ විට බෝවෙන්නේ,''ඉන්ජෙක්ෂන් තියෙන්නේ මිනිස්සු ළඟ,කට්ට්ය එකතුවෙලා දුන්නනම් හරි..(අ)
රටකට ආණ්ඩුවක් පත් කරගන්නේ රටේ ජනතාවට සේවයක් වගේම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් (අ)
මේ පර දිහා බැලුවම පේන එක දෙයක් තමඊ එක පැත්තක පර දෙපෙතෙම්ම උස වේල්ලක් තියෙනවා. ලොරිය ඒපැත්තෙන් අවනම් කෝච්චිය පෙන්නේ නෑ (අ)
සරෝජ් එහෙම කියන්න එපා. මොනා වුණත් ඒ අයගේ මහත්තයලානේ (අ)
අසේල කියන දේ හරි. ඒ වගේම ජපානේ හැමකෙනාම රේල් පාර ගාවදි නවතා දෙපැත්ත බලා වාහනය පාර හරහා දාන්නේ. ඒ ක්‍රමය ලංකාවට අනිවාර්‍ය කළොත් ජීවිත ගානක් බේරාගන්න පුළුවන්.(නදී)
හැම අඩි 10 න් 10 ටම පොඩි පොඩි අඩි පාරවල්, දෙවටවල්. ලංකාවේ මිනිස්සු තරම් ෂෝර්ට් කට් කාරයෝ ලෝකේ කොහෙවත් නැහැ. ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි වල ඊස්ට්වුඩ් ඉඳන් ඉපින් අතර දුර කි.මී 4 යි. එක පාරක් වත් නැහැ මාරු වෙන්න මෙම නගර දෙක අතර තියෙන රේල් පාර. අනිත් පැත්තට යන්න ඕනෙනම් බස් එකෙන් හරි කාර් එකෙන් හරි යන්න ඕනේ. රේල් පාරට ගියොත් දඩය ඩොලර් 5000. මෙච්චර කාලෙකට මෙහෙ කවුරුවත් මේකට විරුද්දව කොච්චි පාරේ මාරාන්තික උද්ගෝෂණයක් නම් තාම නැහැ.(නදී)
අසේල කියන දේ හරි. පුලුවන් නම් මේක වගකියයුතු අයට දන්වන්න ලංකාදීපයේත් සහයෝගය අරන්. රටට කරන ලොකු දෙයක් වෙයි. ලොකු පිනක් ඒක. අනික තමයි මොකද අපේ රටේ මේ දෙපාර්තමේන්තු වලට වෙලා තියෙන්නේ? එයාලගේ අයිතිවාසිකම් දිනාගන්න විතරමද එයාලා අරගල කරන්නේ? රියදුරන් හදන්නට නිති දාලා, ආරක්‍ෂිත ගේට්ටුත් හදලා, දඩ ක්‍රමයක් හදලා, දෙපස බාධක දාලා ඔය හැමදෙයක්ම කරලා මේ මැරෙන මිනිස්සු රැක ගතයුතුයි. ඒකට තීරණ ගන්න ඇයි මේ බලදාරීන්ට, රජයට බැරි? මෙහෙම කොහොමද අපි දියුණු රටක් විදියට ලෝකෙට යන්නේ? අද පැය 3ක් යන ගමනට හෙට පැය 4ක් යනවා. (නි)
මේ වගේ රියදුරන්ට ලයිසෝන් දෙන අයට තමයි ඉස්සෙල්ලම සේවයෙන් අස් කරන්න ඕනේ. ලංකාවේ බහුතරයක් රියදුරන් අල්ලස් දීලා තමයි ලයිසෝන් ගන්නේ. ඒක නතර කරනකම් මේ මිනුස්සු හැප්පිලා මැරෙන එක නතර කරන්න සක්කරයා අවොත් බැහැ.ලෝකයේ දියුණු රටවල් වල පවා සමහර දුම්රිය පාරවල්වල ඕනා තරම් අනාරක්ෂිත හරස් මාර්ග තියෙනවා. වෙනස් ඒ රටවල් වල අල්ලස් දීලා ලය්සෝන් ගන්න ක්‍රම නැහැ. (අ)
අසංවර රියදුරනි, පොට්ට බීරි දුම්රිය ලොක්කනි හැකි තරම් බරන්න (අ)
තිස්ස මහතා ,ඔබගේ අදහස ඉතා ප්‍රායෝගිකයි කියලා මටත් හැගුනා. දුම්රිය හරස් මාර්ග වලට ඉදිරියෙන් ගැට්ටක් දැමීමෙන් වේගය අඩුවීම මෙන්ම රියදුරන්ගේ අවධානයට යොමුවේ .ඊට අමතරව *නවතිනු *හා දුම්රිය හරස් මාර්ග සලකුණ පැහැදිලිව පෙනෙන පුවරු සකස් විය යුතුයි .දියුණු ලෝකයේ මිට වඩා මේ සඳහා ඕනෑ තරම් දියුණු ක්‍රම වේද තිබුනත් ,අපරටේ වගකිව යුත්තන්ගෙන් මීට වඩා ආශ්චාර්යක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි .තවද ලංකාවේ රියදුරන්ගේ විනය හා හික්මීම ප්‍රගුණ කිරීමට ප්‍රයෝගික වැඩපිළිවෙලක් පොලිසිය හරහා ක්‍රියාත්මක කිරීමද ඉතා වැදගත් වේ .(අ)
අඩු වියදමින් අනතුරු ඇගවීමේ සංඥා එලි වගේ දෙයක් හදන්න බැරිද?මං හිතන්නේ ලංකාවේ මේවාට දක්ෂයෝ ඉන්නවා (අ)
මෙහි වගකීම රියදුරන් හට පැවරීම මහා අසාදාරනයක්.මාර්ගයේ කිසියම් තැනක දුම්රිය හරස් මාර්ගයක් තිබේ නම් එයට අවශ්‍ය ආරක්ෂක ගේට්ටු සවිකර ස්වයංක්‍රීය එලාමයක් සම්බන්ධ කර ඉදිරියේ දුම්රිය මාර්ගයක් කියා නාම පුවරුවක් මගින් රියදුරන් හට දැක ගැනීමට සැළැස්වීම මහාමාර්ග අධිකාරියේ වගකීමක්. එපමණක් නොව දුම්රිය හරස් මාර්ගය අසල සිග්නල් ලයිට් කණුවක් තිබිය යුතුමය.මේවා කරන්න මුදල් නැත කියා කීමට රජයකට පුළුවන් කමක් නැහැ.මන්ද මේ ස්ථාන ජනතාවට මරු කැදවන ස්ථාන නිසා එය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසිනුයි ගැනෙන්නේ (නි)
එක්කෝ දුම්රිය රියදුරා හැම හරස් පාරක් ගාවින්ම නවත්තල යන්න ඔනී. නැත්නම් හරස් පාර වලින් එන අය දුම්රිය පාර පන්නින ඉස්සෙල්ල බලලා යන්න ඕනි. අවම වශයෙන් තිස්සගේ යෝජනාව ක්‍රියාත්මක කලොත් ඉදිරියේ වෙන්න තියෙන අනතුරු අවම කර ගන්න පුළුවන් වේවි (අ)
විශාල දුම්රියක් නොදකින රියදුරෝ පුංචි ගේට්ටුවක් දකීද? දුම්රිය හරස් මාර්ගවල අනතුරු වලට මුහුණ දෙන අය ඉවසීමක් නැති අයයි. (නි)
ලංකාවෙ වාහන එලවන්නෙ මොන වගේ මිනිස්සුද මන්දා? (නි)
ප්‍රසාද් ඔබ හරි මම කැමතියි.(නදී)
මේ දේවල් වලට රජයට හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට බැනලා වැඩක් නැහැ. ඔය වාහන දෙකම පදවන්නේ රියදුරන් ඒ දෙන්නාටම වගකීමක් තියනවා වාහනයක් පාරක යන ආකාරය ගැන. අනෙක දුම්රිය රියදුරාට එය හදිසියට නවත්වන්න බෑ. අනෙක් වාහන රියදුරන් දුම්රිය මාර්ගයට ඇතුල් වෙන්න කලින් හොදට පාර බලලා වාහනය පාරට දාන්නා ඕනේ. ඒ අය එය හරියට කරනවානම් මේ වගේ අනතුරු වන්නේ නැහැ. රියදුරු බලපත දෙනකොට හොදින් කියා දෙනවා ගත්තට පස්සේ කරත්තේ දුන්න ගොනෙකුට තරම්වත් මොලයක් නැති විදියට තමයි පාරේ වාහන පදවන්නේ. මේකේ වරද අනාරක්ෂික ලෙස හා වැරදි ලෙස රිය පදවන අයට රටේ දඩුවම් නොකරන එක. එහෙම අයගේ වාහන පැදවීමේ බලපත් අහෝසි කරන්න ඕනේ යලි ගන්න බැරි වෙන විදියට. එවිට අනෙක් අය හරියට කටයුතු කරනවා. පාරේ යන හරක් රැලක්. වාහනයක් ආවහම පාරෙන් අහකට වී පාර ඉඩ දා දෙනවා. නමුත් අද ඉන්න රියදුරන් අනෙක් අය පාරේ යනවා කියලා හිතාගෙන නෙවේ වාහන පදවන්නේ මේවට දඩුවම් කරන්න ඕනේ. ඒවා නොකරන හින්දා තමයි මෙහෙම අනතුරු වෙන්නේ.(නදී)
මෙයාල ගේට්ටු දාන්නේ නැත්නම් කරන්න තියෙන්නේ වාහන වලට දුම්රිය හරස් පාරේදී අනිවාර්යෙන්ම වේගය අඩු කරවීමයි. එසේම දුම්රියද වාහන යන හරස් පාරකදී එහි නලාව පිබිය යුතු අතර එහිද වේගය අඩු කළ යුතුයි. මම හරිද කියන්න මම දන්නේ නැහැ. අනික ඒවා මෙහෙම කෙරේවිද කියන්න මම දන්නෙත් නැහැ. මමත් අවුරුද්දකට සැරයක් ලංකාවට යන්නේ. ඒ ගියාම වාහන පදවනවා. අනිත් හොදම දේ තමා අපේ ආරක්ෂාව අපිම සලසා ගන්න එක. (නි)
දෙශපලකයන්ට බැනල පව් පුරවන්නේ මොකටද?ජනගහනය අඩුවෙනතරමට උන් කැමතියි. වුණ් හිතන් ඉන්නේ ජනතාව ජීවත්වෙන්නේ වුණගේ සක්කුවලින් කියලයි ඒ නිසා තමයි ජනතාවට අත්‍යවශ්‍ය වැඩක් කරගන්න අමාරු.සුද්ද එදා රේල් පිල්ල හය කරනගමන් ආරක්‍ෂිත ගේට්ටු සවි කරා නම් කොතරම් අගේද?අනේ සුද්දට ලංකාවේ තිබුණ ඇල්ම රටකරවන අයට නැති එක ගණය දුක.(අ)
දුම්රිය හරස් පාරේ ඔච්චර විශාල දුම්රිය එනවා දකින්නේ නැති රියදුරන් කහ ඉරි උඩ පාර පනින අය කොහොම දකියිද ? (අ)
ඇත්තටම මේක අපි ආණ්ඩුවට බැන බැන ඉන්නම අවශ්‍ය නැහැ මොකද අපි පළමුව අපේ ආරක්ෂාව බල ගන්න ඕනේ අපි ගෙදර ඉඳන් පාරට වහනයක් එක පර දන්නේ නැහැ දෙපැත්ත බල තම දන්නේ නමුත් රේල් පාරටම ආපුවම එහම බලන්න බැහැ එකට ගේට්ටු ඕනේ .. ඇයි මෙතනට ඇවිත් වේගය අඩු කරලා දෙපැත්ත බලල දන්නා බැරි හැම දේටම ආණ්ඩුවට ඇගිල්ල දික් කරන්න බලන් ඉන්නේ හැමෝම ආණ්ඩුවෙන් වගකීමක් තියනවා ඒවාට පිළියම් යොදනන නමුත් අපි හැම දේටම ප්‍රථම අපේ ආරක්ෂාව සලසා ගත යුතුයි (අ)
එස් එල් ටී කේ .....රට ලොකු වුනත් පොඩි වුනත් දෙරටේම ඉන්නේ මොලයක් තිබෙන අත පය තිබෙන මිනිසුන් නොවේද? (අ)
අලුතින් ආරක්‍ෂිත ක්‍රම හොයන්න අවශ්‍ය නැහැ. දැනටමත් එවැනි දේ නිෂ්පාදනයකරපු දක්ෂයේ මේ ලක් දෙරණේ ඉන්නවා. ගැටලුව තියෙන්නේ ඒවා හේදුවේ ලංකාවේ ය වීමි. මොකද අපේ මිනිසුන්න්ට තමන්ගේ රටේ දේවල් ගැන අගයක් නැහ.විශේෂයෙන්ම පාලකයන්ට. මොකද ඒවගෙන් තමන්ට් කොමිස් හම්බ වෙන්නේ නැති නිසා. ඒවාට වග කියන්න වෙන්නේ අහිංසක ජීවිත වලින්. (අ)
නැතිවෙන ජීවිත, අනාථ වන පවුල්, විනාශ වන දේපල නවතාලන්න රුපියල් 200කින් පුළුවන්? දේශපාලන කුහකකම් පසෙකලා ජනතා සුභාසෙත ගැන සිතා උණබම්බු ගේට්ටු දාන්න පියවර ගන්න.(නදී)
මම හිතන විදිහට මේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන බලදාරින්ගේ කිසිම හැගීමක් නැහැ. ඡන්දයක් එනකොට විතරයි හිගන්නටත් නෑදෑකම් කියන්නේ. (නි)
මේ පාර එච්චර වේගෙන් එන්න පුලුවන් පායක් නෙමේ ඒක අපි අත්දැකීමෙන්ම දන්න දෙයක් ඒ වගේම මේ මාර්ගය මිනිස්සු හදාගත්ත කෙටි පාරකුත් නෙමේ අම්බලන්වත්ත ඉඳලා පනාවලලන්දට යන්න තියෙන එකම පාර මේක අඩු තරමින් සිග්නල් ලයිට් එකක්වත් සවිකරනවනම් ලොකු දෙයක් (අ)
අනාරක්ෂිත මිනිසුන්ගේ වැරදි ක්‍රියා, සමාජයට තවත් පාඩම් මදිද. කලබලය තවත් අගනා ජිවිත දෙකකින් වන්දි ගෙවීමක්.(නදී)
ආණ්ඩුවටයි, දුම්රිය දෙපාර්තමේන්තුවටයි බනින කට්ටිය පොඩ්ඩක් ඡායාරූප ටික බලන්න. මෙතන කෙලින් පාරක් තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් වාහනය නවත්තලා දෙපැත්ත බලන්න බැරි මොකද? මේක හදිස්සියට දාන්න ගිහින් වෙච්ච දෙයක්. බලපිටියේ සිද්ධියත් එතන හිටපු එක්කෙනෙක් එපා කියද්දී දාලා තියෙන්නේ. රියදුරන්ගේ නොසැලකිල්ලට ආණ්ඩුව මක් කරන්නද? තිස්ස මහත්තයාගේ අදහස ඉතාම වටිනවා. අඩුම ගානේ වේගයවත් අඩු කරයිනේ. (නි)
පෙරේරා, ඕස්ට්‍රේලියාව සහ ලංකාව සංසන්දනය කිරීම එච්චර නිවැරදි නැහැ. ජනගහනය අතින් සමාන වුනත් ඕස්ට්‍රේලියාව ලංකාව මෙන් සිය ගුණයක විශාල රටක්. (නි)
මේකට මුලින්ම වගකියන්න ඕනෑ ජෝර්ජ් ස්ටීවන්සන්. දුම්රිය එන්ජිම හදපු කෙනා. අනිකා හෙන්රි ෆෝඩ්. හැබැයි එයාලා හිතන්න නැතුව ඇති ලංකාවේ අය වාහන අතට ගත්තම හරක් වගේ හැසිරෙයි කියලා. (නි)
හොදම දේ අපේ රියදුරන් පොඩ්ඩක් විමසිල්ලෙන් දුම්රිය පාර හරහා දැම්මොත් නේද? (නි)
පෙර දින සිදුවුණාවූ අනතුරට ලක් වුවන්ගේ මරණ පහ මිහිදන් වෙන්නටත් කලින් තවත් එවැන්නක්ම අසන්න සිදුවීම ඉතා කණගාටුදායකය. අපේ රටේ ජනතාවට ජීවිත ආරක්ෂාව ගැන සැලකිල්ලක් නොමැති බව මෙයින් පසක් වෙනවා. යල් පැන ගිය අදහස් මත එල්බ ගෙන සිටින තුරාවට මෙවැනි දේ අසන්නට ලැබෙනවා. පිටරට ජීවත්වන අපට මේ රටවලදී අවදානයට යොමු විය යුතුම දෙය වන්නේ අපගේ සේෆ්ටි ෆස්ට් නොමැතිනම් අපිට දඩ මුදල් ගෙවන්නට සිදුවෙනවා. එවැන්නකට අපේ රට එන දවස නුදුරුද ?(නදී)
පිට රට අය හිනාවෙනවා ඇති මේ වගේ දේවල් දැකලා. මෙච්චර ලෝකය දියුනු කාලේ මේ වගේ අනතුරු අපිට වලක්වන්න බැහැනේ. ජනාධිපති තුමනි ඔබවත් මෙයට මැදිහත් වන්න.(නදී)
ලංකාවේ සෑම සිදුවීමක්ම හරියට බැලුවොත් වෛරසයක් වගේ. මරනකොට හැමතැනම කපනවා ,කොටනවා ,වෙඩි තියනවා ,ගිනිතියනවා. ත්‍රීවිල් හැප්පෙන විට හැමතැනම ලංකාවේ ත්‍රීවිල් හැප්පෙනවා. වාහන හැප්පෙනවිට ලංකාවේ හැමතැනම වාහන ඇක්සිඩන්ට්. දැන් හැමතැනම කෝච්චි, මේක හඹාගෙන යනවා. මිනිසුන්ටත් දැන් ජීවිත එපාවෙලා ඇති. තනියම කෝච්චියට පනින්න බයට වෙන්න ඇති කට්ටියක් සමග පැනල මැරෙන්නේ. මට කියන්න තියෙන්නේ එපමනයි.(නදී)
ලංකාව පුරාම තියෙන අනාරක්ෂිත ගේට්ටු හදන්න අමාරු තමයි. රියදුරු මහතුන් ටිකක් ඉවසීමෙන් පාරේ යන්න ටිකක් සංයමයක් ඇතුව. ටිකක් බලන්න පුද්ගලික බස් රියදුරන් වාහන පදවන හැටි. කුඩා වාහන වලට ඉඩක් දෙන්නෙම නැහැ නේද?ඒ වගේම බසය තුල සිටින මගීන් ගැන කිසිම තැකීමක් නැහැ නේද? (නි)
රටේ පාලකයින්, ආයතන ප්‍රධානීන්, නොසැලකිලිමත් රියදුරන්, මේ සියලු දෙනාම මේවට වග කිවයුතුය. දුර්ලභ මනුස්ස ජීවිතේ වටිනාකමක් නොතේරෙන හැටි. (නි)
මේක නොසැලකිල්ල.ගේට්ටුවට බැනලා මේක නවත්වන්න බැහැ.තමන්ගේ ජිවිතේ ගැන තමනුත් ටිකක් හිතන්න ඕනෑ නේද? (නි)
මේ දවස්වල හරියට වැස්ස රටටම. පාරවල් අනතුරුදායකයි, රිය අනතුරු තැන තැන. පරිස්සමින්... (නි)
ගේට්ටු තියෙද්දිත් අස්සෙන් දාන්න ගිහින් කී දෙනෙක් නම් මැරුනද? මේවා මේ ගේට්ටු නැති එකේ වරද නෙමේ. තමන්ගේ ජීවිතේ වටිනාකම තමන් නොදන්නා නොසැලකිලිමත් මිනිසුන්ගේ වරදවල්... (නි)
තාර පාරේ කෝච්චි යයිද? වරද සම්පූර්ණයෙන් රියදුරාගේ (නි)
මේවට වග කියන්න ඕනේ බලදාරින්.(නදී)
හැම තැනටම රේල් ගේට්ටු දාන්න දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් නැති නිසා මේකට තියෙන හොඳම විසඳුම මම කියන්නම්. හැම අනාරක්ෂිත තැනක්ම ආරක්‍ෂිත කරන්න ඕන ගේට්ටු හා සේවකයන් සඳහා වැය වෙන මුදල වාර්ෂික මෝටර් වාහන අදායම් බලපත්‍ර ගාස්තුවට එකතු කරන්න. බලපත්‍ර ගාස්තු වැඩිවීම එච්චර දැනෙන එකක් නෑ මොකද ඒක එක වාහනයකට අවුරුද්දකට රුපිල්යල් පනහක්, සීයක් විතර වෙයි. අපේ රටේ වාහන අයිති අය තව කෙනෙකුගේ ජීවිතයක් බේරන්න මේ මුදල ගෙවන්න අකමැති වෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ. හැබැයි තව එකක්. සියළු අනාරක්ෂිත තැන් ආරක්‍ෂිත කරනකම් වාහන හිමියන්ගෙන් මේ සල්ලි අයකරන එක අසාධාරණයි. ඒ නිසා පළමුව දුම්රිය දෙපාර්තමේන්තුව බැංකුවකින් හෝ ණයක් අරගෙන මේ වැඩේ ඉවර කරන්න ඕන. ඊට පස්සේ මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා එන මුදල් වලින් ණය හා පඩිනඩි ගෙවන්න පුළුවන්.(නදී) ඔයාල මොකද හිතන්නේ මගේ යෝජනාව ගැන?
අනේ දෙයියනේ, මේ ජීවිත නේද අකාලයේ මියැදෙන්නේ? අනාරක්ෂිත දුම්රිය මාර්ග 800 අඩු ගානක් ලංකාවේම තියෙන්නේ. ඔය ටිකට ගේට්ටුවක් හයිකරන්න බැරිද? ඒකට තමයි සල්ලි නැත්තේ,බොරු සංදර්ශන වැඩට නම් ඕනෑ තරම් සල්ලි තියෙනවා. සමහර තැන් පෙනෙන්නේ නැහැ රියදුරන්ටත්,ඒකයි අනාරක්ෂිතයි කියන්නේ (නි)
වරුණ, මෙතැනදී මූලික ගැටලුව නොසැලකිල්ල.(නදී)
තවමත් සුද්දගේ නීතියට දුම්රිය දාවනයවන්නේ. බලදාරීන් කර අරින්නේ ඒ නිසයි.(නදී)
මෙවා රියදුරන්ගේ වැරදි. හරක් වගේ පාර යන එවුන්. ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. තමුන් ආරක්ෂාකාරීව රිය පැදෙවිවාම ඉවරයි. අනෙක අනාරක්ෂිත දුමිරිය හරස් මග කියලා මාර්ග සලකුණක් තියනවනෙ.(නදී)
මමත් ඔය වටපිටාවෙ තමයි. ඔය කියන දූම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් නොදමන්න හේතුව අපේ ගමෙන් බාගයක් විපක්ෂේ නිසා. ඇයි අපට මෙහෙම කරන්නෙ? (නි)
බලන් හිටියා ඇති බලධාරිනි. දුම්රිය මාර්ගයේ ඇති හැම හරස් පාරකටම ඉදිරියෙන් රතු ස්ටොප් බෝර්ඩ් සවි කරලා ,දුම්රිය රියදුරන්ට කියන්න හරස් පාර ලග නවතා දෙපැත්ත බලා වාහන නැතිනම් පමණක් දුම්රිය ධාවනය කරවන්න කියලා. වෙන විකල්පයක් නැත. ගේට්ටුත් ඕනෑ නැත. (නි)
ලංකා රජය මේ වගකීම ගන්න ඕනෑ. (නි)
ලංකාවේ නාඩගන් නටන්න ඕනෑතරම් සල්ලි තියෙනවා එත් අලි වෙටවල් දුම්රිය හරස් මාර්ග වලට වලට ගේට්ටු ටික දාන්න තමා සල්ලි නැත්තේ අලි ප්‍රස්නෙන් හා දුම්රිය අනතුරු වලින් මේ දවස් දෙකට ජීවිත කීයක් නැති වුනාද?මිනිස් ජීවිතත් බල්ලෝ බලල්ලුන්ගේ ජීවිත ගානට වෙටිලා .අහෝ මෙවන් අස්චර්යයක්..(අ).
මෙවැනි අනතුරු කොතරම් ලංකාවේ සිදුවේද?පියවර නොගන්නේ මන්ද? (අ)
අසේල සහ ප්‍රසාද් කියන කතා 2 ඉතා වැදගත්. (නි)
අධිවේගී පාරවල්,ගුවන් තොටුපොළවල්,වරායවල්,කැසිනෝ,ලොකු ලොකු හෝටල්,සුඛෝපබෝගී වාහන ???? මේවා හදන්න පෙර අහිංසක ජීවිත ගැන හිතලා උණ බම්බු ගේට්ටු ටිකක් දාලා එක සේවකයක් දානවා නම් මිනිස් ජීවිත බේරගන්න තිබුනා. බලනකොට මොන ආශ්චර්යයක්ද? අපේ ගමේ මීරිගම බලන්නත් බැහැ.දුක හිතෙනවා.අපිට මේ රට හොදා. එත් අපේම මිනිස්සු නේද? (නි)
එක ගමකට පාරවල් කීයක් තියනවද රේල්පාර හරහා? මේවා අනුමත පාරවල් නෙමේ. මෙහෙම මිනිස්සු හදාගන්න හැම පාරකටම ගේට්ටු දාන එක ලේසි වැඩක් නෙමෙයි (නි)
අර අපේ ලංකාවේ කෙනෙක් ගේට්ටුවක් හදල තිබුණා නේද අඩු වියදමෙන්? එයා තාමත් ගේට්ටුව තමන්ගේ ගේ ගාව හයි කරගන ඉන්නවා. මෙහෙ මිනිස්සු මැරෙනවා නිකරුනේ. පිටරටින් ගෙනාවත් ලංකාවේ හැදුවත් එකම දේ නම් වෙන්නේ ඇයි තාමත් ප්‍රමාද? (නි)
මෙවන් විපත් මින් ඉදිරියට වැළක්වීමට දුම්රිය දෙපාර්තුමේනතුව ඉතා වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි. මෙය දුම්රිය දෙපාර්තුමේන්තුවේ අවධානය පිණිසයි. (නි)
දිනෙන් දින සිදුවෙන ජීවිත හානි ගැන බලදාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙනවා. මෙය සදහා ප්‍රතිපාදන නොමැති නම් දැනට භාවිතා කරනු ලබන දුම්රිය නාම වෙනුවට වෙළද නාම බාවිතා කළ හැක. එමෙන්ම දුම්රියේ පිටත සහ ඇතුලත වෙළද ප්‍රචාරක කටුතු සදහා අවසර දීමෙන් අවශ්‍ය පිරිවැය සපුරා ගත හැක. සංකල්ප කැපවීම උනන්දුව තිබේනම් සියල්ල ජය ගත හැක. (නි)
වැසි දවස්වල දෙගුණයක් පරිස්සමෙන් රිය පදවන්න. කොතැනත් අනතුරුදායකයි. කාටත් හිතාගන්න බැරි විදියට අනතුරු වෙන්න පුළුවන්. (නි)
ජපානයේ රේල් ගේට්ටුව ඇරලා තිබුනත් සීමා ඉරේ වාහනය නතරකර නැවත ධාවනය කල යුතුය.නැත්නම් දඩකොලේ තැපෑලෙන් ගෙදරට. (නි)
මම රටවල් පහක දුම්රියවල ගිහින් තියනවා. එම දුම්රිය මාර්ග කිසිවක අනාරක්ෂිත හරස් මාර්ග තිබුනේ නැත. ලංකාවේ දුම්රිය යන්නේ හැපෙන එකෙක් හැපිල මැරියන් කියලා වගේ (නි)
දුම්රිය පාරක් පනින්න තියෙන්නේ මීටර් 3ක් වුතර දුරක්. ඒ දුර පහුකරන්න ඉස්සෙල්ල දුම්රියේ පෙනවා කියන්න දුම්රිය ලගම තියෙද්දී දාලා තියෙන්නේ. මේවා තනිකරම රියදුරන්ගේ නොසැලකිල්ල.(අ)
ඇයි අපිට එක අවුරුද්දක් දැයට කිරුල නවත්තලා ඒ සල්ලි වලින් මුළු ලංකාවේම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු හයිකරන්න බැරි ? මේ ලංකාවට දැයට කිරුල විතරද අඩු ? ඇයි මේ දේවල් වගකිවයුත්තෝ තේරුම් ගන්නේ නැත්තේ? (නි)
මේ ලගදී එක්තරා එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාවක් ඔය අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සහ ප්‍රයෝජනයට ගත නොහැකි කෝටි ගානක් වටිනා දුම්රිය එන්ජීම් පිටරටින් ගෙන්වීම පිලිබදව ගැන සාකච්ඡාවක් කරගෙන යනකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ද කරගෙන විමසනකොට ඔහු කියනවා මම ඕවා දන්නේ නැහැ, ඒක යාන්ත්‍රික ඉංජිනේරුවාගෙන් අහන්න කියලා. යාන්ත්‍රික ඉංජිනේරුවාගෙන් අහනකොට කියනවා ඕවා මගෙන් අහන්න එපා ප්‍රධාන ඉන්ජෙනේරුතුමාගෙන් අහන්න කියලා. ප්‍රධාන ඉන්ජිනේරුතුමාට කෝල් කරනකොට එතුමාත් කියනවා ඕවා මගෙන් අහන්න එපා මම ඕවා දන්නේ නැහැ කියලා. අන්තිමට මේ ගැන අහන්න ප්‍රවාහන ඇමතිතුමාට කෝල් කරනකොට දුරකථනය වැඩ නැහැ. ඔන්න අපේ රටේ තත්වේ දැන් හිතාගන්න. (නි)
පාරට වාහනයක් දාන්න කලින් දෙපැත්ත බලන්න ඕනෑ වගේම දුම්රිය හරස් පාරකදිත් දෙපැත්ත බලන්න අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. රියදුරාගේ නොසැලකිල්ල සහ ඉවසීමක් නැතිකම. මොකක් හරි ඕපාදුපයක් කියවමින් එන්න ඇති. (නි)
රියදුරෙක් විදිහට අසේලගේ අදහසට මම කැමතියි. ඒත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඇත්තටම සල්ලි නැත්ද?(නදී)
අඩුම ගානේ තාර පාරේ ගැට්ටක් දැම්මා නම් අපේ රියදුරෝ වේගය අඩුකරලා දෙපැත්ත බලලා යයි නේද? (නි)
පළමුවෙනි කාරණය ලංකාවේ බොහෝ රියදුරන්ට ඉවසීම නොමැතිකමයි. මෙම අනතුර සිද්දවුන තැනට දෙපැත්තම ඉතාම හොඳින් පෙනෙනවා. මෙම අනතුර අනිවාර්යයෙන්ම ලොරි රියදුරාගේ වරදින් සිදුවූ බව මෙම ස්ථානය ගැන දන්නා කව්රුත් පිළිගනීවි.ලංකාවේ රියදුරන්ගේ නොඉවසිලිමත් බව මත අපිට හැමදාම මෙවැනි දේවල් තවත් අසන්න ලැබේවි.රියදුරන් වන අපි කව්රුත් මීට වඩා ඉවසිලිමත් සහ සැලකිලිමත් විය යුතුයි.මෙම නොසැලකිලිමත්කම නිසා හෙට කීදෙනෙක් (යැපෙන්නන්} අසරන වෙනවද? (නි)
ඡන්දදායකයන්ටයි ගහන්න ඕනෑ (නි)