IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පොඩි විජේ අත්අඩංගුවට

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ දෙකක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු  ඇතුළු දෙදෙනෙකු අද (03) දා අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ "පොඩි විජේ" නමැති  අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය කියයි .

වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයේ නිවාස තුනකට  පහරදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 01 දා ලද පැමිණිල්ලකට අනුව  සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .

පසුව  සිදුකළ  වැඩිදුර විමර්ශනයකදී "පොඩි විජේ" නමැත්තා සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ දෙකක් පොලිස් භාරයට ගත් බව කියයි.

සැකකරු ඉකුත් වසර එකහමාරක පමණ කාලයක සිට සිදුකළ  අපරාධ රැසක්  සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි පුද්ගලයකු බවද පැවසේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පොඩි විජේ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 228 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 365 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 257 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 464 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 445 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 335 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1686 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site