වල් අලි ප්‍රහාරයෙන් ගැමියකු මිය ගිය සිද්ධිය සැළවී පුත්තලම කල්අඩි හංදියට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් තමාටත් තම රියදුරාටත් පහර දුන් බව පුත්තලම ප්‍රාදේශීය ලේකම් එම් ආර් එම් මලික් මහතා පවසයි.
ඔහුගේ රියදුරා රෝහල් ගත කරනු ලැබ සිටියි.
මිනිසුන්ගේ දුක්ගැනවිලි විමසීමට තමා එහි ගිය බවත්, එහෙත් පිරිස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු නිසා ආපසු ඒමට සිදුවූ බවත් ප්‍රාදේශීය ලේකම් පුත්තලම පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන්න දෙයක් තියනව. ප්‍රදේශයේ ජනතාවගේ හැටියට තමයි ඒ අයගේ නියෝජිතයෝ තෝරාගන්නේ. කොලොන්නාවට දාපු අය, පුත්තලමට දාපු අය, ගුරුවරිය දැනගස්සපු අය වගේ අය. ඉතින් මේ ජනතාවගේ හැසිරීම ගැන පුදුමවෙන්න දෙයක් නෑ.(නදී)
උපාලිගේ,ඉන්දිකගේ කතාවලට මාත් එකඟයි. ප්‍රාදේශීය ලේකම් වරු ඕනා තරම් ඔයවගේ ප්‍රශ්ණ ගැන ඉහලට දැනුම් දෙනවා. ඒත් ඉහලින් ලැබෙන ප්‍රතිචාරය දේශපාලකයින්ගේ මතයට අනුව වෙනස් වෙනවා. ඒ වගේ කඹ ඇදිලි නිසා අලි වැටවල් ගැසීම වගේ ව්‍යාපෘති දවසින් දවස කල් යනවා. ඒකට ප්‍රා/ලේට ගහලා වැඩක් නෑ. ජනතාව තමන් විහින් පත් කරගත්ත දේශපාලකයන්ගෙන් උත්තර අහන්න ඕනා. ඒ වගේම තමයි අලි හැසිරෙන කැලෑ ඉඩම් අල්ලාගෙන හේන් කරන මිනිස්සුත් මේ ගැන දෙපාරක් හිතුවොත් හොඳයි.(නදී)
අර ගුරුවරිය දන ගහපු එකත් මේකත් අතර වෙනසක් මට පෙනෙන්නේ නැහැ. (නි)
කාටත් කතා කරන්න හරිම ලේසියි. අලින්ට ඉන්න තියෙන කැළේ ටික එලිකරලා දේශපාලකයෝ පස්සේ ගිහින් බලපත්‍ර හදාගන්න උත්සාහ කරරන මිනිස්සු ඉන්න රටක් මේක. හැමෝම දේශපාලකයන්ට නිලදාරින්ට වැරදී කියනවා. ඒත් තමන් කරන්නෙත් ඒ දේම නේද කියලා පොඩ්ඩක් හිතන්න (නි)
මන් හිතන්නේ දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කරන දහා ජරා වැඩ නිසා දකින තැන මිනිස්සු ගහනවා හොඳ එකා නරක එකා නොබලා.(නදී)
ගාමිණි-සිරි වගේ මැදිහත්ව කල්පනා කරන මිනිසුන් නොමැතිවීම රටේ අවාසනාව. පේන්නේ නැද්ද, නිමලා, සුධීර වගේ අය දාල තියෙන අදහස්. අඩු ගනනේ මේ ප්‍රවෘත්තියේ තියෙන දේවත් මේ අය කියවලා නැහැ. පුර්ව නිගමනවලින් අන්ධ වුනාම සත්‍යය හොයනවට වඩා තමන්ගේ පටු කල්පනා එලියට දාන එක තමයි බොහෝ අය කරන්නේ. (නි)
ප්‍රාදේශීය ලේකම්ට තමයි ඒ පළාතේ ජනතාවගේ ගැටලුවලට කෙසේ හෝ විසදුම් ලබාදීමේ හැකියාව තියෙන්නේ. වෙනත් ආයතන සම්බන්ධීකරණය කරගෙන හරි එයාලා ඒ වැඩේ කරන්න ඕනෑ. මොකද මහජනතාව විදියට අපිනේ දුක් මහන්සි වෙලා අලින්ගෙන් බැට කකා එයාලගේ වැටුප ගෙවන්න සල්ලි හොයලා දෙන්නේ. දැන් බහුතරයක් කරන්නේ තමන්ට ආදායමක් ලැබෙන වැඩ විතරයි. අනිත් එක එයා ගුටි කෑවා විතරයි. අර මැරිච්ච මිනිහගේ ජීවිතය, ඒ මිනිහගේ පවුලට යන කලදසාව ගැන කතා කරන්නේ කවුද? අලියෙකුට වෙඩි වැදුනා නම් එහෙම දගලන හැටි බලන්න එපායැ. (නි)
නිකන් අතගාල වැඩක් නැහැ. දෙන එක රට ගැන හිතල කම්මැලිකම යන්න ලිබියාවේ වගේ දෙන්න.(අ)
විදුලි,ලේසේර් ,වැටවල් ගහන්න ප්‍රති පාදන නැත්නම්,වනජීවී නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් දෙන්නට බැරිනම්, අලිත් , මිනිස්සුත් නොමරා ,රජයට කරන්න තියෙන එකම ප්‍රති කර්මය නම් ,ගම් වදින සියලුම අලි,ඇතුන් ජන ශුන්‍ය අභය භුමි,රක්ෂිතයන්ට ගිහින් ඇරලීමයි. මෙවැනි ප්‍රති කර්ම නොයෙදීමේන් දීමෙන් ගුටි කන්නේ කුරා,කුහුම්බියෙකුට වත් වරදක් නොකරන අහිංසක නිලධාරීන්! පව් අප්පා...(නදී)
හැසිරුණ විදියට කට්ටිය කවුද කියලා හිතාගන්න පුළුවනි. පැය විසිහතරක් ඇතුලත මළ සිරුර භූමදානය කරන්න ඕනේ නේද? සන්සුන් වෙලා ඒ කටයුතු කරගන්න. මියගිය කෙනාගේ පවුලේ අයට අපගේ බලවත් කනගාටුව.(නදී)
ඔබ හරි නිමල.(නදී)
පුත්තලම ගෑන නම් කියන්න දෙයක් නෑ මෙලෝ වැඩක් කරල නැති එකම දිස්ත්‍රික්කය. ඒකනෙ ගුරුවරියකුත් දන ගැහුවේ. මිනිස්සුන් දුක බලන්න යන්නෙ මිනිස්සු මැරුනහම නම් නොගහා වෙන මොනවද කරන්න ඕනා.(නදී)
නිලදාරිවාදී ජුන්ටාව විනාස කරන්ට නම් මිනිස්සු මේවගේ දැක්ක දැක්ක තැන ගුටි දෙන්ට ඕන කියලයි මන් නම් කියන්නේ. මොකෝ හැමදාම නිලදාරියෝ ගාවට මිනිස්සු දනින් වැටෙන්ට ඕන නැහැනේ. පඩි ගෙවන්නේ අපි නම් සේවකයෝ එන්ට ඕන අපේ කකුල් දෙක ලගට. අලි ගහනවා කියල දන්නේ අදද? කලින් පියවරක් ගන්ට බැරි වුනාද? (නදී)
විදුලි වැටක්,ලේසර් වැටක්,ශබ්ද තරංග වලින් වැඩ ගන්ට ලෝකේ පටන් ගත්තේ දැනට අවුරුදු 70 පමණ ඉස්සර. ලංකාවේ තාමන් නැහැ. කතාව නම් ඇමරිකාවටත් ගහන්ට.(නදී)
රජයේ නිලදාරීන්ගේ පන්ති බෙදේ, නිලදාරිවාදේ කියන උන්මත්තක මාන්නෙන් පිරිලයි ඉන්නේ. මාතලේ ගංවතුර සහනාදාර දෙන්ට ආපු නිලදාරියෝ සාරියෙ මඩ ගෑවෙනවා කියල හැරිලා ගියා. දිවා රෑ අමාත්‍යංශයේ උන්නතිය තකා ඇමති ගිය අවුරුද්දට 27 වතාවක් රට ගියාලු. හැබැයි ජැකට් එකක් නෑ ධීවරයන්ට. ඔන්න ලංකාව.(නදී)
රජයේ නිලධාරීන්ට පහරදීමත් දැන් විලාසිතාවක් කරගෙන. මේ අලියා ප්‍රාදේශීය ලේකම්ගේ අලියෙක් නෙමෙයිනේ. එක තැනක වෛද්‍යවරයෙකුගේ ගෙට ගිනිතියල එයා යන්න ගියා. කාටද පාඩුව? සිවිල් නිලධාරීන්ට ගැහුවම ඒ මිනිස්සු දුවනවා. පොලිසියට ගැහුවාම බැටන් පාර කන්න වෙනවා. මෝඩ මිනිස්සු. (නදී)
හොද වැඩේ.... මේ රට කන්නේ දේශපාලකයෝ පමණක් නොවේ. ඔවුන්ගේ පන්දමට එන නිලදාරියොත් අඩු වැඩි නැතිව රට කති. පාරට බැහැල ලිබියාවේ වගේ ගහන්ට.(නදී)