IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පුත්තලමේ බස් අනතුරකින් හතක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ / ඡායාරූප - එච්.චන්දන)

පුත්තලම - කොළඹ මාර්ගයේ මදුරන්කුලියේදී  බස් රථයක් අනතුරකට ලක්වීමෙන් හත් දෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

යාපනය - කොළඹ බස් රියක් එසේ අනතුරට ලක්ව ඇති අතර එම මාර්ගයේම ගමන් කළ ත්‍රී රෝද රියක් පසුකර යාමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බව කියති.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර

ඡායාරූප - එච්.චන්දන

 



අදහස් (22)

පුත්තලමේ බස් අනතුරකින් හතක් මරුට

jagath leanage Monday, 06 November 2017 05:45 AM

ඔය බස් රියදුරන්ගේ හිතන විදියේ ලොකු අවුලක් තියනවා. මුලින්ම ඒක හදා ගන්න වෙනවා සුක්කානම අතට ගන්න කලින් .

:       435       522

chamal Monday, 06 November 2017 06:21 AM

ඕනෑම අනතුරක එක පාර්ශවයක් වෙන්නේ ත්‍රීවිල් එකක් හෝ යතුරු පැදියක්..

:       165       450

bandara Monday, 06 November 2017 07:11 AM

අවිනීතම රියදුරෝ ඉන්නේ ලංකාවේ වෙන්න ඕනේ අහිංසක මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන මිනීමරුවෝ

:       43       239

hasitha Monday, 06 November 2017 07:32 AM

මෙහෙම රිය අනතුරුවලින් දිනකට 15ක් 20ක් මිනිස්සු මැරෙන්න ගියොත් තවත් ඉක්මණින් ජාතිය වඳවෙලා යයි.

:       1       89

Vipula Monday, 06 November 2017 08:20 AM

චමල්, ඔයා හරියට නිව්ස් එක බලල නෑ. මෙතන ත්‍රී වීල් එකේ වරදක් කියන්නේ කොහොමද? බස් එක ඕවර්ටේක් කරලා තියන්නේ පාලමක් උඩදීය...

:       75       133

gaminiMonday, 06 November 2017 09:01 AM

අපේ රටේ වැරැද්ද ඕක තමයි. අනික තමයි ලංකාවේ 60% වැඩියෙන් තියෙන්නේ ඔය වර්ග දෙක තමයි.

:       0       16

gayanMonday, 06 November 2017 09:23 AM

බස් එකත් වැරදි ඇති. එත් මේවගේ අනතුරු වෙලා තියෙනවා ත්‍රී වීල් එකේ වරද නිසාත්. බස්කාරයෝ වගේම ත්‍රී වීල් කාරයොත් බලන්නේ නැතුව ලේන් මාරු කරනවා.

:       0       10

Ruwani Monday, 06 November 2017 09:02 AM

ලංකාවේ රියදුරු බලපත්‍ර දැනට වඩා උසස් ලෙසින් දෙන්න ඕනෑ. වාහන වල තත්ව පරීක්ෂණ දියුණු කරන්න යුරෝපයේ ලෙසින්..

:       1       5

lanka Monday, 06 November 2017 09:08 AM

සයිටම් එක රජයට පවරාගන්න කියලා බස් ගැමුණු කියන්නේ. එහෙම නම් මේ මිනීමරන පුද්ගලික බසුත් රජයට පවරා ගන්න.

:       277       382

වීර Monday, 06 November 2017 09:12 AM

ඩෙංගු මර්ධනය කරන්න මාධ්‍ය එකමුතු වුණා වගේ මේ අනතුරු අඩු කරන්න අහිංසක මහජනතාව පැත්තෙන් සිතා කිසියම් වැඩසටහනක් කරන්න... අපි බස්වල, දුම්රියේ යන මිනිස්සු...

:       0       11

මගී එකමුතුව Monday, 06 November 2017 09:46 AM

ඔය පාලම උඩම මගේ බයික් එකත් අනතුරට ලක් කළා. ඔය විදිහටම වවුනියා යන බස් එක පාලම උඩදී මූණටම ආවා. මම කරගන්න දෙයක් නැතිකමට පාරෙන් අයින් කරන්න යද්දී පාලමේ ගැට්ටේ වැදිලා බයික් එක පෙරලුණා. මම දවස් 03ක් හොස්පිටල් එකේ.. බස් සංගම් වලින් කෝල් එනවා එක දිගට අන්තිමට පොලිසියට ගියාම පොලිස් නිලධාරියෝ ඇහුවා බස් එකේ වැදුනේ නැතිනම් ඔයාට විරුද්ධව නඩු දාන්න පුලුවන්ලු පාලමට හානි කෙරුවා කියලා. මම කිව්වා සොරි මම ඕක කලින් දැනන් උන්නා නම් බස් එකට බයික් එක වද්දනවනේ... එහෙනම් මගේ මිනියට තමයි නඩුව දාන්න වෙන්නේ කියලා. අපිට කොච්චර අලාබ වුණත් වැඩක් නෑ. උපරිම 10,000 යි වන්දිය අරන් දෙන්නේ... නැත්නම් ඔයාලා නඩු දාන්න කියලා පොලිසියේ අය ඇතුල් වෙද්දිම කියනවා.

:       0       153

wimal Monday, 06 November 2017 09:50 AM

නීතියට අනුව දඩ කොලයක් ලැබීමෙන් ඔය යාපනය, කොළඹ රියදුරු ලොකු වර්ජනයක් කරලා බලය පෙන්වල දිනුවා ලඟදි. එ්කට මගීනුත් උදව් කළා. දැන් ඔතනත් නිදි මරාගෙන රාජකාරිය කරන්නේ ඒ පොලිසියමයි. (මම පොලිසියේ කෙනෙක් නෙවෙයි) එදා නීතියට, නිල ඇඳුමට නිගා කළා මහජනයා. පොලිසියට මහජනයා උදව් කලයුත්තේ මේවා පාඩමට ගෙනයි.

:       0       48

Amal Monday, 06 November 2017 09:57 AM

දැනට දින 2ක 3කට කලින්, ඔය පුත්තලම් පාරේ යන කොළඹ යාපනේ බස් කාරයෙක් මට මහා සවුත්තු වැඩක් කරා යාපනයේදී. දඹුල්ලට යන්න පුලුවන්ද කියලා ඇහුවම පුළුවන් නගින්න කිව්වා. මම හිතුවේ මේක දඹුල්ල - කුරුණෑගල හරහා කොළඹ යන එකක් කියලා. එ්ත් මගදී මිනිස්සු ලෝඩ් කරා පුත්තලම් පාර කොළඹ කියලා. ඒ වෙලේ මම ඇහුවා දඹුල්ලේ යනවා කිව්වා නේද කියලා. එයා කිව්වා මම දඹුල්ල බස් එකකට දාන්නම්, වෙන බස් ආයේ නැහැ කියලා. එයාට බැන බැන මම බස් එකෙන් බැස්සා. එ්ත් මිනිස්සු මැරෙන්න පැතුවේ නැහැ. මේ වගේ අමන වැඩ කරන මිනිසුන් රස්තියාදු කරන රියදුරන් හා ගෝලයන්, මහපොළවේ ඉන්න එක නුසුදුසුයි. පාරේ යන්නේ ඒ අයගේ වගේ... අපි ඉන්නේ ඒ අයට සල්ලි දීලා ඒ අයට ඕනේ තැන බැහැලා යන්න ඕනේ වගේ. නිවන් සුව පතමි.

:       0       3

Anura Monday, 06 November 2017 10:09 AM

“මගී එකමුතුව“ කියන කරුණ හරියටම හරි. බස්වලින් මාසෙට වතාවක් ජරාව දුන්නාම බස්කාරයෝ නිවැරදියි. අනිත් පාරෙ යන අය වැරදියි.

:       0       6

dias Monday, 06 November 2017 10:48 AM

මේ බස් රියදුරන්ගේ බලපත්‍රය සදාකාලිකව තහනම් කළ යුතුයි. දැඩි දඩුවම්, දඩය 25000 මදි රුපියල් ලක්ෂ 2 සීමාවට නග්ගමු.

:       0       58

naradha Monday, 06 November 2017 11:10 AM

ලංකාවේ ඇති අවිනීත රියදුරන් යහමගට ගත හැකි එකම ක්‍රමය නම් දඩ මුදල් වැඩි කිරීම පමණයි.

:       0       24

de silav Monday, 06 November 2017 11:17 AM

මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් හරියට කාලසටහනට අනුව බස් ධාවනය කරනවද කියලා හරියට අධීක්ෂණය කරනවා නම් මෙවැනි දේවල් වෙන්නේ නැහැ. කොහෙද සෑම අංශයකම නිලධාරී පගාවට යටවෙලානේ.

:       0       2

kumar (galf) Monday, 06 November 2017 12:34 PM

ඉස්සර අපේ පැත්තේ රිය අනතුරු සිදුකළාම කරන්නේ රියදුරාට හොඳට නෙලන එකයි. දන්නා අය එතකොට එයාලා ඒ හරියේදී හරි හොඳට වාහන එලවනවා. දැන් රියදුරාලා පොලීසියේ හා දේශපාලකයන්ගේ අම්බැට්ටයෝ එයාලට අත තිබ්බොත් ගස්වල එල්ලලා ගුටිකන්න වෙන්නේ අපිට.., කොටින්ම පොලිසියත් එයාලට බොහොම ගරුසරුයි වගේ...

:       0       0

gamage Monday, 06 November 2017 12:41 PM

ත්‍රිවීල් පාරමැද කොටනවා කාටවත් කි.මී. 40ක තරම්වත් වේගයෙන් යන්න බැහැ. ගොඩාක් තැන්වල ත්‍රී වීල් තමයි අනතුරට හේතුව.

:       0       0

Chula Ekanayake,Kuwait Monday, 06 November 2017 01:07 PM

වව්නියා, අනුරාධපුර, යාපනය, මන්නාරම - බස් ඉතාමත් අවිනීත හැසිරීම් ඇති රියදුරන් ඉන්නේ. පොලිසියට ඒවා පේන්නේ නැහැ. හැමදාම ඔය තත්ත්වය එක වගෙයි.

:       0       0

Rohana Tuesday, 07 November 2017 10:11 AM

මගී ප්‍රවාහන රථ සඳහා රියදුරු බලපත්‍ර දීමේදී තවදුරටත් සොයාබලන්න වෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ ආකල්ප සිතුම්පැතුම් ගැන විශේෂ පරීක්ෂණයක් කලයුතු වෙනවා.

:       0       0

sanju Friday, 10 November 2017 05:46 AM

කතා කරන්න දන්නේ නැති, කිසිම මනුස්සකමක් නැති, මාර්ග නීති අහලවත් නැති කට්ටියක් තමා පුද්ගලික බස් රථ රියදුරෝ කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 1 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 24 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 66 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 210 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1367 5

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි
2025 අප්‍රේල් මස 21 820 3

ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 453 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 277 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site