(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය
සමහර පාතාල කල්ලි නිර්මාණය වූයේ දේශපාලන අනුග්‍රහය ඇතිව බවද ඔහු කීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාතාලයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ආනන්ද විජේපාල මහතා මෙසේද පැවසීය
උසාවියේ වෙඩික්කරු සිද්ධිය වී පැය අටක් ඇතුළත අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරීක්ෂණය ඉතා ශක්තිමත්ව සිද්ධ වෙනවා. මීට ස්වල්පය මොහොතකට පෙර මිදෙණියේ ඝාතනයේ සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවන් ප්‍රසාද් කුමාර, ප්‍රභාත් තුෂාර පොලිස් කොස්තාපල් ජනක ප්‍රසාද් මෙසේ අත්අඩංගුවට ගෙන අැති අය. මෙය අධිකරණයක් ඇතුළත සිදු වූ පළමු සිද්ධිය නොවෙයි. නමුත් එහෙම කියලා මේ සිද්ධිය ලඝු කරන්න සූදානම් නැහැ.
පාතාල කල්ලි නිර්මාණය වුණේ දේශපාලන අනුග්‍රහය ඇතිවයි. සමහර කල්ලි වලට දේශපාලන රැකවරණ ලැබුණා. එදා සමහර ක්‍රීඩකයන් සහ මාධ්‍යවේදීන් ඝාතනය වුණා. අද වෙනතුරු ඒ අපරාධවල වින්ඳිතයන්ට යුක්තිය ඉෂ්ට වී නැහැ. අපි යුක්තිය ඉෂ්ට කරන්න මැදිහත් වෙලා ඉන්නවා.
අපේ මන්ත්‍රීවරුන් පාතාලය සමග සම්බන්ධතා පවත්වන්නේ නැහැ. පොලිසියට පාතාලය සම්බන්ධයෙන් කටයුතු කරන්න නිදහස ලබාදී තිබෙනවා. පරීක්ෂණ දේශපාලනයෙන් තොරව සිද්ධ වෙමින් පවතිනවා.
විනිසුරුවරුන්ගේ ආරක්ෂාව ගැටළුවක් මතුවෙලා නැහැ. ඒ ආරක්ෂාව ඒ ආකාරයටම දෙනවා. මිනිසුරුවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ සභාවේදී සමහරැ මතු කරපු තොරතුරු සත්‍යයෙන් තොරයි.
අධිකරණයේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මට වාර්තාවක් ලබාදී තිබෙනවා. වෙඩික්කරු සමග පැමිණි කාන්තාවඅත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනවා. සිද්ධියට පොලිස් නිලධාරියකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩික්කරු ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වෙනි කොමන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළෙකු ලෙස කටයුතු කර 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉවත්වී තිබෙනවා. ඒ බව තහවුරු කර ගැනීමට යුද හමුදා වැටුප් ලේඛන අංශයට වාර්තා යොමු කරලා තියෙනවා. පාතාල ක්‍රියාකාරකම් සඳහා සමහර රාජ්‍ය ආයතන වල සහාය ලැබෙන බව තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.
විශේෂයෙන් පොලිසිය. මේ රටේ ජාතික ආරක්ෂාවට හානි වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දැනටමත් බොහෝ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’පාතාලයට රාජ්‍ය ආයතනවල සහාය ලැබෙනවා’’
Asela Friday, 21 February 2025 05:16 PM
මේක හෙළිදරව් කළාට ස්තූතියි. වෙන කිසිම දේශපාලනඥයෙකුට කතා කරන්න ධෛර්යයක් තිබුණේ නැහැ. දැන්, ඔබ මේවා දන්නවා නම්, ඔබේ රජයට FBI වැනි පුළුල් බලතල ඇති මේ ගැන විමර්ශනය කිරීමට බලය ලබා දෙන ස්වාධීන ආයතනයක් පිහිටුවිය හැකිද?
ගුණරත්න Friday, 21 February 2025 05:22 PM
මේ මාස දේකට මිනී මැරුම් 80ක් වුණා. ඒත් කයියෝ ටික නම් කියන්නේ නෑ. එහෙම නැහැ ඔක්කොම හොඳයි. හොඳට වෙනවා කියලා, අපිට කයි වලින් වැඩක් නැහැ.
ජිල්බු Friday, 21 February 2025 06:57 PM
කලින් හිටපු අය හරියට රට කෙරුව නම් කයියන්ට ඉඩක් ලැබෙන්නේ නෑ. ආර්ථික ඔස්තාර්ලා, රජ පිස්සෝ, මෝඩ කුමාරවරු වගේ මැතිතුමාලා හින්දා තමයි මේ විදියට අද දවස හැදිලා තියෙන්නේ...!
ලංකාව හන්දියේ බකල ජයා Friday, 21 February 2025 06:31 PM
ගෝනවල සුනිල්ගෙන් තමයි රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න පටන්ගත්තේ. ඊට පස්සෙ ඕ අයි සී ගේ පුටුවල වාඩිවුන අය, ජනාධිපති ආරක්ෂක හැඳුනුම්පත් මැර වැඩවලට පාවිච්චි කරපු අය, ආරක්ෂක අංශ තමන්ගේ පුද්ගලික පලිගැනීම් වලට ගත්තු අය, රහස් වහන්න ඝාතකයෝ ඝාතනය කරපු අය වගේ පුද්ගලයින්ගෙන් දේශපාලන ඉතිහාසේ වගේම වර්තමානයද පිරිලා. මේ ඔඩුදුවලා තියෙන පිළිකාව සෑහෙන කාලයක් යයි පාලනය කරගන්න. නැත්නම් හොඳකර ගන්න....
සෙනෙවිරත්න Friday, 21 February 2025 07:16 PM
මාස දෙකට මිනීමැරුම් 80 ක් වෙන්න ඇති තමුන්ලා රැක්ක බස්කාරයෝ මගමරපු අහිංසක මිනිස්සුත් එක්ක. ඒත් එච්චර නැහැ. පාතාලයින් රැකපු ඔවුන්ට කතිරේ ගහලා දැන් මෙතැන රඟන්නේ පාතාලය මාස දෙකෙන් හැදිච්ච දෙයක් වගේ...
රටවැසියා Friday, 21 February 2025 08:25 PM
රටේ දැන් මිනිසුන් මරන්නේ එක්දින සීමිත ඕවර තරග වගේ.
ddsFriday, 21 February 2025 09:45 PM
ඒ ටීම් වලට ගන්නේ පාතාලයින්ව විතරයි.