අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගන්නැයි ද, විසඳුමක් සොයා ගැනීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකාවේ ඉහළම තැන් සමග සාකච්ඡා කළැයි ද පොදු රාජ්‍ය මණ්ඩලීම මහ ලේකම් කමලේෂ් ෂර්මා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
පොදු රාජ්‍ය මණ්ඩලය මේ තත්ත්වය ගැන දැඩි කණස්සල්ල පළ කරන බවත්, අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර පැණ නැගී ඇති මේ පරස්පර තත්ත්වය ගැන විධායකය ඉක්මන් තීරණ නොගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව යනු ඒකීය නිදහස් රටකි. මෙහි ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මිස විදේශ රට වල ව්‍යවස්ථා නොවන බව විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් මතක තබා යුතුය. (නි)
අපේ වැඩ අපිට පුළුවන් විසදා ගන්න (දී)
ඒ මොකරද ඒ (දී)
අපේ රටේ වැළලෙමින් යන නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක දීමට ඉදිරිපත් වෙන ඕනෑම ප්‍රාර්ශ්වයකට අපි සහයෝගය දිය යුතුයි. (නි)
ලංකාව කියන්නේ ශිෂ්ට සම්පන්න රටක් නම් මෙහෙම අශිෂ්ටසම්පන්න වැඩ සිද්ධ වෙනවද? (නි)
පව් නේ ? (දී)
බණ්ඩාර මහත්තයා ගොඩක් දේවල් කියනවා. සේරම හරි කියා කියමුකෝ. එහෙත් පැටලීම ඇත්තේ මෙතැනයි. දෝශාභියෝග කතාවට සම්බන්ධ කිසිවෙක් පාර්ලිමේන්තුවට විනිසුරන් සම්බන්ධව විනය පියවර ගැනීමට ඇති බලයට විරුද්ධ වන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් වරට දුන් තීන්දුවෙත් එම බලය පිළිගැනීමට ලක්වෙනවා. එහෙත් මෙම තේරීම් කාරක සභාවට සාමාජිකයින් නම් කිරීමෙදී අගවිනිසුරුතුමිය වෙතින් මීට පෙර වරදකරු වූ අය පත්කිරීම, පිටු දහස් ගණනක ලේඛන පිරික්සා පිළිතුරු බැඳීමට එක දවසක් පමණක් ඉඩ දීම, සාක්ෂි කැඳවා හරස් ප්‍රශ්න මගින් විශ්වසනීය බව සනාත කරගැනීමට ඉඩ නොදීම හා අපහාස කිරීම වැනි දේවල් පොදුරාජ්‍ය මණ්ඩලයේ අනෙක් රටවල් වල සිදුවෙලා තියෙනවාද ? එහෙම තැනක් පෙන්වූවොත් ඔයා හරි කියා මමත් පිළිගන්නම්. ඔබ හා ඔබ වැනි අදහස් දරන අනෙකුන් කියන තරම්ම පොදුරාජ්‍ය මණ්ඩලය නොවැදගත් නම්, එහි සත්කාරකත්වය ගන්න අපේ අය මේ තරම් දඟලන්නේ ඇයිද කියාත් පෙන්වා දෙන්න. (නි)
බණ්ඩාර, අපේ රට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් වශයෙන් සැමදා තිබිය යුතුයි. (නි)
මේ අග මුල නැති ප්‍රශ්න වලට හේතුව අද පාර්ලිමේන්තුවේ නියම ජනතා හඩක් නොමැතිවීමයි. (නි)
ශ්රී ලංකාව තුළ සිදුවන අභ්‍යන්තර කටයුත්තක් සඳහා ඇඟිලි ගැසීමට මොවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැත. එක්සත් රාජධානියේ ඉහළ උසාවිවල විනිසුරුවන් ඉවත් කරන්නේ අපිටත් වඩා සරල ආකාරයටය. විමර්ශන කිසිවකින් තොරව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් විනිසුරුවන් ගෙදර යැවීමට හැකි එක්සත් රාජධානියේ ක්‍රියාපටිපාටිය ගැන මේ අයට කිසි ප්‍රශ්නයක් නොමැත. බ්‍රිතාන්‍යයේ ව්‍යවස්ථාවේ හැටියට, ශ්‍රේෂ්ඨාධිකරණයට දෝෂාභියෝගයකට විරුද්ධව පාර්ලිමේන්තුවට නියෝග නිකුත් කිරීමට නොහැක. එවැන්නක් කළහොත් විමර්ශනයකින් පවා තොරව ඔවුන් ගෙදර යැවීමේ බලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතුය.පො. රා. මණ්ඩලයේ මහ ගෙදර පවා නොමැති දේවල් දුප්පත් ශ්‍රී ලංකාව වැනි රටකින් බලාපොරොත්තුවීම විහිළුවකි . (නි)
අපිට පිටරට බණ වලින් වැඩක් නැහැ. අපි අපි ගැන බලාගනිමු. (නි)
අපිට වෙන රටවලින් මොකුත් එපා. පිටරටවල ඉන්න අපේ අය ආපහු මෙහේට එන්න. (නි)
අපි ගැන වද වෙන්න එපා (දී)
යුද්දෙන් මැරිච්ච මිනිස්සු ගැනත් කනස්සල්ල පල කරන්න (දී)
ඒ මොකටද ඒ (දී)
අපේ වැඩ අපි බලා ගානනම් (දී)
ලංකාව ගැන දැඩි සැලකිල්ලෙන් (දී)
බොරුව දානවා (දී)
අපිට නැති කදුලු එයාලා ළග තියෙන්නේ කොහොමද? (නි)
මේ අවුරුද්දේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව ලංකාවේ නේද තියෙන්නේ? (නි)
අනේ නිරන්ජන්, විරංජනය නොවී වැඩක් බලාගත්තොත් නේද හොද? (නි)
කිඹුල් කඳුළු (දී)
බල ලෝභයෙන් මතුවුණු අයට කන් ඇසෙන්නේ ඔවුන්ගේ වාසියට පමණි. (නි)
ලංකාව කියන්නේ ශිෂ්ට සම්පන්න රටක්. අපිට ඕවා කිවුවා කියලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)
රැවටෙන්න එපා (දී)
අපිට ඔයාලගේ උපදෙස් අවශ්‍ය වෙන්නෙ නැහැ. (නි)
මොනවා කරන්නද? (දී)
කනස්සල්ලෙන් ඉදල මොනවා කරන්නද? (දී)
ප්‍රශ්නයට විසදුම් කෝ .................. (දී)
දැන් තව තව කට්ටිය ඵයි. දැන් බළලා මල්ලෙන් ඵළියට පැනලා ඉවරයි. අපි අහුවෙයි ඕවට. (නි)
දුක් උනා කියල මොනවා කරන්නද? හොදම දේ ප්‍රශ්නය විසදන්න බලන එක (දී)
දුක් වෙනවට වඩා හොද ප්‍රශ්නයට උත්තරයක් හොයන එක (දී)
කිඹුල් කදුළු ඕවට්ග රැවටෙන්න එපා (දී)