පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූර කාලයේ දි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා වගවීම යන පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරිමට පරමාදර්ශී මෙහෙයක් කළ බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා අද මෝල්ටා රාජ්‍යයේ පැවති මාධ්‍ය හමුවේ දි කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද කැපවීම ඉතා යහපත් දෙයක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී කළ දේශනයෙන් ද පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය සදහා ප්‍රශස්ත කාලයක් වෙන් කිරීමට ද ඔහු කටයුතු කළා.“
මෙම මාධ්‍ය හමුවට මෝල්ටා අගමැති ජෝෂප් මස්කට් මහතා ද පැමිණ සිටියේය. ඓතිහාසික ශාන්ත ඇන්ජලෝ කොටුවේ දී සිකුරාදා (27) පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ආරම්භවීමට නියමිතය. වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින සිය සභාපති ධූරය මෝල්ටා අගමැතිවරයාට බාර දීමට නියමිතය.
මෝල්ටා අගමැති මස්කට් මහතා පවසන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් ලෙස නොව ජනතාවගේ පොදු රාජ්‍ය මණ්ඩලය බවට පත්කිරීමේ සිය දර්ශනය ලෙස ගෙන කටයුතු කරන බවයි.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොදු රද ලේකම් මෛත්‍රී ගුණ වනයි
වසන්ජය Thursday, 26 November 2015 09:51 PM
වගවීම කියන්නේ මොකක්ද කරුණාවෙන් පහද දෙන්න (අ)
කසුන් Friday, 27 November 2015 04:07 AM
අපේ ජනපතිතුමාට ජයවේවා! (නි)
සොපී Friday, 27 November 2015 05:20 AM
මම නම් හිතන්නේ දොස් පවරන්නන්ට වඩා ගුණවයන්නන්ගෙන් ප්‍රවේශම් වියයුතුයි කියායි (නි)
ඇසළ Friday, 27 November 2015 07:06 AM
බලාගෙන හොඳේ. කෑම මේසයට ආප්ප එහෙම තියෙයිද දන්නෙ නැහැ (නි)
දිසානායක Friday, 27 November 2015 07:12 AM
එතුමා ප්‍රශංසාව ලැබීමට සුදුසු කෙනෙක් (නි)
දුමින්ද Friday, 27 November 2015 07:35 AM
හිටපු ජනපතිටත් මෙසේම කළ බවට මතකයක් තිබෙනවා මට (නි)
ගිහාන් Friday, 27 November 2015 08:22 AM
ජනපතිඳුන්ට අපේ ප්‍රණාමය! (නි)