තුන්වැනි පන්තියේ ටිකට්වලින් දෙවන පන්තියේ ගමන් කළ මගීන් 110 දෙනකු කොළඹ කොටුව - පොල්ගහවෙල ශීඝ‍්‍රගාමී දුම්රියෙන් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන්ගෙන් 43 දෙනකු දඩ වශයෙල් රුපියල් 112100ක මුදලක් ගෙවූ බවත් දුම්රිය ආරක්ෂක හමුදාව කියයි. ඉතිරි මගීන් දඩ මුදල් පසුව ගෙවීමේ පොරොන්දුව මත ඇප මත මුදාහරිනු ලැබූහ.
දඩ වශයෙන් රුපියල් 2500ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවිය යුතු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චියේ උනත් පන්ති භේදය නැති කරන්න ඕනේ (දී)
උසස් පොදු ප්‍රවාහන සේවයක් ගොඩනැගීම සඳහා හොඳ ආරම්භයක්. (ස)
මෙවැනි වැඩ තමයි ලෙහෙසියෙන්ම කරන්න පුලුවන් වැඩ (නි)
3 වන පන්තියේ යන්න ප්‍රමාණවත් පහසුකම් සපයා දඩ ගැහුවනම් තමි හොද , පොල්ගහවෙලට යන්න තවත් පෙට්ටි 2 ක් වත් එකතු කලානම් මගීන්ට පහසුවක් දැනේවි. වැඩ ඉවරවෙලා මිනිස්සු කෝච්චියේ යන්න කොච්චර දුක් විදිනවද. (ස)
නීල් කෝච්චියේ උදේ හවා යනවද?අර හවසට යන ගාලු කුමාරි සමුද්‍රරේ,නයනා කුමාරි දුම්රිය වල මින්ස්සු විදින දුක බලන්න. ඒවාට 2 පන්තියෙ පෙට්ටි අමුණලා සාමාන්‍ය පෙට්ටි අඩුයි. ඉතින් මිනිස්සුන්ට නිදහසේ ගෙදර යන්න විදිහක් නැති වුණහම ගාඩ් පෙට්ටියේ හරි මිනිස්සු යන්නයි බලන්නේ (නි)
ඈත්ත තමා. හොඳ ආරම්භයක් නමුත් මේ මුදල් වලට කුමක් වෙයිද? (ස)
ඉතා හොදයි.කරුණාකර කාර්යාල දුම්රියත් පරික්ෂා කරන්න. එහි මේ වැඩේ තදින්ම කෙරෙනවා. එහෙත් පරික්ෂා කිරීම් නම් දැක නැත. (ස)
3 වැනි පන්තියේ ඉඩ තියාගෙන 2කෙ ගියානම් වැරදියි. නමුත් තුන්වන පන්තියට ප්‍රමාණවත් පෙට්ටි දමා නැතිනම් වැරැද්ද දුම්රිය දෙපාර්තුමේන්තුව අතෙයි. මේවාට ඉතින් නඩු කියන්න හයියක් දුම්රිය මගීන්ට තිබේද? (අ)
සම හරක් අදහස් දක්වලා තියෙන්නේ පීඩිත පන්තියට අපහාස වෙන විදිහට.දුම්රියේ ඉඩකඩ තිබුනා නම් ඔය මිනිස්සු 2 පන්තියේ යන්නේ නැහැ .ඔය කාර්යාල දුම්රියවලට පන්ති අවශ්‍ය නැහැ. අවශ්‍ය ඉඩ පහසුකම් විතරයි. (නි)
දඩ ගහන්නනම් හොදට දන්නවා.අල්ලගත්තාම බල්ලන්ට වගේ සලක්න්නේ.3 වන පන්තියේ යන්න ඉඩ තියනම් 2 යනවද? (අ)
ඔය දුම්රි වල පන්තියෙන් වැඩක් තියෙනවද? ඔක්කොම එකම විදිහනේ.. (ස)
මේක පන්ති අරගලයක්.(නදී)