(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මියයන පුද්ගලයන්ගේ මළසිරුරු තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ශීතාගාරයක් පානදුර මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීම එම ප්‍රදේශයේ දානපතිනියක් වන සන්ධ්‍යා සල්ගාදු මහත්මිය මූලිකව අද සිදු කෙරිණි.
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සහ ඉන් පිටතත් මළ සිරුර විශාල වශයෙන් තැන්පත් ව තිබීමෙන් දැඩි සෞඛ්‍යය ගැටළුවක් පැන නැගී ඇති බවට මාධ්‍ය මඟින් ඉකුත් දින කීපය තුළ ප්‍රචාරය වීමත් සමඟම සල්ගාදු මහත්මිය එයට කඩිනම් පිළියමක් යෙදීමට කටයුතු කළ බව පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය
රෝහලේ මෘත ශරීරාගාරයේ දැනට තිබෙන අධි ශීතකරණ දෙකේ තැන්පත් කළ හැකි මළසිරුරු ගණන් 12 කි.
පරිත්‍යාග ලෙස ලද රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා ශීතාගාර යේ තැන්පත් කළ හැකි මළ සිරුරු ප්‍රමාණය 40 කි .
මුදලින් නිම කළ නොහැකි මාහැඟි කාර්යයක් සල්ගාදු මහත්මිය විසින් ඇයට තිබෙන සම්බන්ධකම් අනුව පානදුර මූලික රෝහල වෙත ඉටුකිරීම අගය කළ යුතු කටයුත්තක් බව වෛද්‍ය අධිකාරිය වරිය කිය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පානදුර රෝහලට ශීතාගාරයක්
pakeer Sunday, 08 August 2021 07:32 PM
පානදුරේ සල්ගාදුලා කියන්නේ... බොහෝම ඉස්සර ඉඳන්ම දානපතියෝ... විශිෂ්ඨ සේවාවක්...
Ruhunu Sunday, 08 August 2021 09:10 PM
ඔබ තුමියට බොහොම ස්තුතියි.
සෙනවි Monday, 09 August 2021 03:28 AM
මැරෙන්න කලින් අසාධ්‍ය රෝගීන් සඳහා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අඩුපාඩු බලලා ඒකට උදව් කරන එක වඩාත් හොඳ නේද??
Raveendra Monday, 09 August 2021 06:36 AM
ඔබගේ සත්ක්‍රියාව අප හදවතින්ම අගය කරන්නෙමු. සහභාගී වූ සැමට යහපතක්ම වේවා..........
පිටිගල මිලානෝ Monday, 09 August 2021 11:19 AM
ආණ්ඩුවේ සල්ලි ආණ්ඩුවේ අයම හොරා කකා ඉවර කරලා හදිසියකදී උදව් කලයුත්තේ ධානපතියෝ.....
kamal Monday, 09 August 2021 11:45 AM
මන් දවල් හීනයකින් දැක්කා ධම්මික පෙරේරාත් ඔක්කොම පිනට දෙනවා
RaveendraMonday, 09 August 2021 12:48 PM
මම නම් දැක්ක දියවන්නාව පට්ටියේ හරකුන් 225 ම උඩ පැන පැන කෑමොර දෙනවා .අපිට අපේ වැටුප් එපා,කිසිදු දීමනාවක් එපා, අලුත් වාහනත් එපෝ...පරණ වාහනත් එපෝ.....ඒ සියලුම මුදල් රටේ සෞඛ්‍ය ය හා මහජනතාවගේ අඩුපාඩුකම් වෙනුවෙන් යොදවන්න කියලා . එළිවෙන ජාමෙත් යාන්තමට දැක්කා අප රටේ සියලුම විශේසඥ දොස්තර "මහත්තයලා " හූ කියමින් කෑමොර දෙනවා අපි පුද්ගලික සේවයෙන් උපයාගත් සොච්චම් මුදල් රටේ සියලුම ස්පිරිතාලවල අඩුපාඩු සැකසීමට ලබා දෙනවා කියලා .... එළිවෙලා බලනකොට දැක්කා ස්ටාලින් , කලුකුමාරයා සහ උගත් පුතානෝ ප්‍රමුක හරක් රැල අප මිය ගියත් සටන අත්නොහරින බවත් සියලු ඉල්ලීම් වහාම දියව් කියමින් පෝස්ටර් එල්ලාගෙන උම්බෑ නද දෙනවා....