ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුව මගින් වසර ගණනාවකට පෙර ආරම්භ කිරිමට නොහැකිව පැවති පින්නවල විවෘත සත්වෝද්‍යානය අප්‍රේල් 17 වැනිදා විවෘත කිරීමට නියමිතය.
සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, හා උසස් අධ්‍යාපන මහා මාර්ග ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂිම්, ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා මහතා පවසයි.
අක්කර 140 භුමි ප්‍රමානයක් තුළ ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානයේ සියලුම සතුන්ට සිර කිරිමකින් තොරව නිදැල්ලේ සැරි සැරිමට ඉඩසලසා ඇත. නරඹන්නන්ටද මෙහි සිටින සතුන් පැති කිහිපයකින් නැරඹිය හැකි විමත් විශේෂත්වයක් වේ.
17 වැනිදා විවෘත කිරීමෙන් පසු මේ මස 30 වැනිදා දක්වා නරඹන්නනට නොමිලේ මෙම විවෘත සත්වෝද්‍යානය නැරඹිය හැකි බවත් අධ්‍යක්ෂ ඡනරාල් වරයා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කොහෙවත් කියල නැහැ නේ දින 100 කතාවක්.. (බ)
හරිම හොඳ වැඩක් (නි)
සතුන්ටත් සමහරු දේශපාලනය පටළවාගෙන (නි)
මෙවැනි නව අත්හදාබැලීම් කරන එක හොඳයි (නි)
ඇත්තෙන්ම අගය කළයුතු කාර්යයක් (නි)
ඇත්තෙන්ම මෙවැනි ව්‍යාපෘති තව තවත් කරන්න පුලුවන් වෙනවා නම් හොඳයි (නි)
විපුල. හොරු සමග හෙළුවෙන්..(බ)
දාගත්තම මොකෝ. බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආණ්ඩු සහ සම්මන්ත්‍රණ ශාලාව තිබේනම් ප්‍රේමදාස ක්‍රීඩාංගණය තිබේනම් දාගත්තම මොකෝ (බ)
මංගලිකලා හැමදාමත් වගේ අදත් කුහකයි. කවදාවත් ඒ මනුස්සය කළ හොඳ වැඩ වලට ගරුත්වය දෙන්න දන්නේ නැ. චන්ද්‍රිකාල කළා නම් කරන්නේ මුල් ගල් තියන එක විතරයි. මත්තල ප්‍රදේශයේ නොවුනත් දකුණු පළාතේ ගුවන් තොටුපොළක් හදන්න මුල් ගල් තියල තිබ්බ චන්ද්‍රික. එකත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව (බ)
මේවා කාගේ වැඩද කියලා අපි දන්නවා (නි)
ලලිත්, පෙර පව් කරලා තියෙන්නේ ජනතාව යුද්ධය සමග තමයි සංවර්ධන වැඩ කළේ. ඒවගේ ජනතා නායකයන් හිටියානම් නිදහසින් පසු ලංකාව මීට වඩා දියුණු වෙනවා. නමුත් කාලය ගියා විතරයි (බ)
වසන්ත, ඔයා කියන්නේ සතුන්ව වැටක් ගහන්නේ නැතුව ඉන්න අරින්න තිබුනා කියලද? (නි)
වෙලාවට මහින්ද ගෙදර ගියේ නැත්නම් මේකට දන්නේ එයාගේ නම ...(බ)
මේ වගේ දේවලටත් දේශපාලනය ගාවගත්හ මේ වගේ නුගත් මිනිස්සු ඉන්න රටක් කවදා ගොඩයයිද? පොඩ්ඩක් හිතල බලන්න! (බ)
ලංකාවේ ඉන්න අයට තේරෙන්නේ නැහැ කවුරු කළත් මොනවා කළත් ඔක්කොම කරන්නේ ජනතාවගේ සල්ලි වලින් කියලා. හැමඑකක් දිහාම බලන්නේ පාට කණ්ණාඩි දාගෙන. (නි)
ඕනෑම මෝඩයෙකුට තේරෙනවා කව්ද මේ සත්තු වත්ත හැදුවේ කියල. දින 100 මේ වගේ දෙයක් කරාද???? මේ රජය බොහොම උජාරුවට පහුගිය රජය ඉවර කරන්න ඔන්න මෙන්න තිබ්බ දේවල් ටික දින 100 මැජික් වගේ විවෘත කරනවා. හරියට මහින්දෝදය විද්‍යාගාර ඉස්කෝල වල විවෘත කරනවා වගේ. ලංකාවේ මිනිස්සුන්ට කප් ගහල තියෙන්නේ මුල අමතක වෙන එකට. (බ)
දෙහිවල සත්තු වත්තේ හිර කරගෙන ඉන්න සත්තු ටිකත් මේ පින්නවල සත්තු වත්තටම දාල ඒ සතුන්ටත් නිදහස් ජීවිතයක් දෙන්න. (බ)
මටත් ආසයි බලන්න යන්න (නි)
මේකෙ අදහස් දැක්කහම තේරෙනවා අපේ අයගේ මොළයේ තරම (නි)
මේවා දින 100 න් හදන්න ඇති නේද? (නි)
හොඳ වැඩ අගයමු. ලංකාවට කර්මාන්ත ශාලා ගෙන එන්ඩ. තව හෝටල් හදන්ඩ. වැඩි වැඩියෙන් රැකියා ඇති කරමු. යහ පාලනය රැක ගනිමු. හොරුන්ට තක්කඩින්ට දඬුවම් දෙමු. (බ)
අනේ කවුරු හැදුවහම මොකද අහිංසක සතුන්ට නිදහසක් ලැබෙනවා නම්. වල්බිහිවෙන තරමටත් හොඳයි සත්තු කැමති කැලයටනේ. (නි)
නිලංක හොරුන්ගේ හෙළුව පෙන්නන්න බැරිව ආණ්ඩුව තවම ළතවෙනවා. (බ)
අපි බැලුවා සමහර ගෙවල් වල ඊට වැඩිය සත්තු ඉන්නවා (නදී)
අපේ රටේ මෙම දේ ක්‍රියාවට නංවල තිබෙන්නේ මහජන මුදලින් (බ)
මැතිවරණයෙන් පසු තවත් දේ බලාගත හැක (නි)
මේ අදහස් දකිද්දියි තේරෙන්නේ අපේ රටේ මිනිස්සු කොච්චර දේශපාලන පක්ෂ වලට කඩේ යනවද කියලා. දියුණු රටක අලුත් දෙයක් කළාම මිනිස්සු ඒක පක්ෂයට ගාවාගන්නෙ නැහැ. දැන්වත් දේශපාලන පක්ෂ වලට කඩේ යන එක නවත්තමු. ටිකක්හරි උගත්කමක් තියන කට්ටියව පාර්ලිමේන්තුවට යවමු. එහෙම නොකළොත් අපිට සදාකල් නොදියුණු රටක් විදියට ඉන්න වෙයි. (නි)
වනේ වන සතුන්ටත් යහපාලනයෙන් නිදහස ලැබුණා (නි)
සතුන්ටත් අවුරුදු සතුට ලැබිලා වගෙයි (නි)
සතුන්ට හොඳකලක් උදාවෙලා! (නි)
එලොව මෙලොව අතගාලා පාට පාට අදහස් දාන අයට කියන්නේ මේක පටන්ගත්තේ ධර්මසිරි සේනානායක ඇමතිතුමා.පස්සේ මේ අදහස නැවැත්තුවා (නි)
විශාල මුදලක් වියදම්කර හදන මෙවැනි දේවල් වලින් වෙනත් රටවල් හැමවිටම ලාබයක් උපයගන්න බලනවා.මගේ අදහස නම් මෙය නොමිලේ පෙන්වීම අපරාධයක් බවයි. මෙය පවත්වාගැනීමටත් දිනපතා කොතරම් මුදලක් රජයෙන් වැයකරනවද? (නි)
හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුව පටන්ගත් වැඩ ඉවර කරනවා. මේක තමා වෙන්න ඕනෑ. අරයා පටන් ගත්තා මෙයා පටන් ගත්තා කියලා දේශපාලනය ගාවන්න එපා. හොඳ දෙය අගය කරමු !!! ලංකාව දකුණු ආසියාවේ හොඳම රට කරමු!!! (නි) මාද්ය නිදහස සහ විවේචන අගය කරමු !!!
සතුන්ටත් හොඳ කලක් යයි වගේ (නි)
ඉතා හොඳ කාර්යයක් (නි)
සතුන්ට අලුත් අවුරුද්ද සුබයි වගේ... (නි)
අලි තාම බැඳලා ඉන්නේ. නාන්න විතරයි ලිහන්නේ. ඔවුන්ටත් මෙවැනිම සෆාරි පාර්ක් එකක් හදන්න. සිංහයන්ට හා අානක් සතුන්ට හදපු එහෙම තැන් ලෝකයේ තිබෙනවා (නි)
මේ වගේ දේවල් හැදෙන එක හොදයි. හැබැයි මේක හදන්න මුලික වුණ අයට මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕනෑ. මේක මෙය තනියෙන් කළ දෙයක් නෙමෙයි. මහින්ද කළ වැඩ පෙනෙන්න තිබෙනවා. වැරදි නොතිබුනා නෙමෙයි. (නි)
ප්‍රභාත් සත්‍ය සිදුවීම පැහැදිලිව කියො තිබෙනවා. (නි)
වසන්ත,ඒ යකඩ වැට දැම්මේ නැත්නම් වටේම ආවරණය වන පරිදි, මුවෝ, ගෝන්නු , වලස්සු ටික අල්ලපු ගමට යනවා. පසුගිය රජයට මගේ හද පිරි ස්තුතිය!!!! (නි)
මේවා රටේ බදු ගෙවන මිනිසුන්ගෙ සල්ලි. (නි)
මෙතන ඉන්න සත්තුවත් මේ අදහස් දමන සමහරු වගේ හිතන්නේ නැතුව ඇති. මෙතනට කෙරුවාවල් වැඩක් තියෙනවද? ජනතාවගේ මුදලින් හදලා, ජනතාවගේ මුදලින් නඩත්තු කරාවී. (නි)
මේක ආරම්භ කළේ ධර්මසිරි සේනානායක මහත්තය.ඒ කාලෙ හිටපු ලොකු නෝනා කෙනෙක් මේක කරගෙන යන්න දුන්නෙ නෑ.අවුරුදු ගානක් කැලේ වැවි වැවී තිබුනෙ.ඊට පස්සෙ ගිය ආණ්ඩුව පොඩ්ඩක් එලි පෙහෙළි කරලා ආරම්භ කරන්න සුදානම් කරලා තිබ්බ.මේ ආණ්ඩුව ඒක විවෘත කළා.සිම්පල් ප්ලෑන් එකක්. (බ)
අපි දන්නවා මේවා කාගේ වැඩද කියලා (නි)
මේවා දින කිහිපයකින් කරන්න බැරි බව නොතේරෙන අය ගැන දුකයි. පසුගිය රජයට ස්තුතියි !!! (නි)
දවස් 100 කට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද ?(බ)
පසු ගිය රජය කියල දෙයක් නෑ. අතරමග නොනවත්වා ඉදිරියට වැඩ කරගෙන යන එක තමා වැදගත් අරය පටන් ගත්ත මෙයා පටන් ගත්ත කියල මෙතන දේශපාලන විග්‍රහ නතර කරමු (බ)
කලින් ආන්ඩුවේ වැඩක් නේද? හොඳදේට ක්‍රෙඩිට් එක දීල විවෘත කරයි කියල හිතනවා (බ)
පසුගිය ආණ්ඩුවේ වැඩ මෙයාලා උත්සව තියලා නම දාලා විවෘත කරනවා (බ)
යහපාලන ආණ්ඩුවේ සෑහෙන පිරිසකට ඉඩ තියෙනවා ඔතන ඡන්දෙන් පස්සේ. (බ)
හොරා ගනිපු සල්ලි එක්ක බලනකොට මේවා පොඩි දේවල් (බ)
හා!ඉතින් තාමත් සමහර මිනිස්සු කියනවා දින සීයට වැඩ කළා මදියි කියලා. ඔය තියෙන්නේ (බ)
දමිත මේ ලිපියේ කොතනකවත් දින සීයෙන් කළා කියල ලියවිලා නැනේ. ඔබතුමා කල්පනාවෙන් ලිපිය කියවා තේරුම් ගත්තොත් නරකද? (බ)
මේකේ ගොඩක් ප්‍රතිචාර වලින් පෙනෙනවා අපේ මිනිස්සු රවටන්න බැහැ කියන එක. මේක කලින් ආණ්ඩුවෙන් පටන්ගත් දෙයක්. දැන් මහින්දෝදය විද්‍යාගාර වලටත් මේකම වෙයිද දන්නෙ නැහැ. (නි)
මෙවැනි දෙයක් ආරම්භ කිරීම ගැන පසුගිය රජයට සුබ පැතුම්.(බ)
මහින්දගේ වැඩක් (බ)
පසුගිය ආණ්ඩුව නෙමේ චන්ද්‍රිකා මැඩම් (බ)
මේක පටන් අරන් අවුරුදු 20 කටත් වැඩියි (බ)
දින 100 න් මෙවැන්නක් කරන්න පුලුවන්ද? යථාර්ථය තේරුම්ගන්න බුද්ධිමත් පාඨකයින් දන්නවා (බ)
සතුන්ටත් දේශපාලඥයෝ එපාවෙලා තිබෙන කාලයක් මේක. (නි)
සතුන් හරි සතුටින් සිටීවි (නි)
දින 100 න් මෙවැන්නක් කරන්න පුලුවන්ද? යථාර්ථය තේරුම්ගන්න බුද්ධිමත් පාඨකයින් දන්නවා (නි)
මේක ආරම්භ කළේ පසුගිය ආණ්ඩුව නේද? (නි)
සියලුම සතුන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩහැර ඇති බව කිව්වාට මුවන් යකඩ වැටකින් කොටුකර ඇති බවත් තමයි මට නම් පෙනෙන්නේ (නි)
මේවා දින 100 ට දාගන්න එපා. අඩුම ගානේ කවූද පටන්ගත්තේ කවූද වැඩිම ප්‍රමාණයකට දායකවූණේ කියලවත් කියන්න. පසුගිය ආණ්ඩුව කළ හොඳ වැඩක්. (නි)
තවත් කොන්ක්‍රීට් වනාන්තරයක් විතරක් නොවේවා! (නි)
ජයසේන, හොරෙක් නොවෙන කෙනෙක් අද නැහැ. (නි)
මිනිස්සු දන්නවා මේවා කාගේ වැඩද කියලා (නි)
අන්න හොඳ වැඩ! (නි)
නාමපුවරුව නම් හරිම ලස්සනයි (නි)
හොඳදේට හොඳයි කියන්න අපේ අය දන්නෙ නැහැ (නි)
හොඳයි (නි)
දෙහිවල සත්තු වත්ත පින්නවලට ගෙනියන කතාවකුත් ඒ කාලේ තිබුනා නේද? (නි)
බලමුකෝ ඉතින් සාර්ථක වෙයිද කියලා (නි)
සතුන්ට නිදහස තිබෙනවා නම් ලොකු පිනක් (නි)
දින 100 ඇතුළත මෙවැනි විශ්වකර්ම වැඩ කළහැක්කේ මේ ආණ්ඩුවට හැර වෙන කාටද? (නි)
සමන්,මෝඩ කතා එපා (නි)
ප්‍රබාත් කිව්වා වගේ මේකට කාටවත් ක්‍රෙඩිට් යන්න දෙයක් නැහැ. ජනතාවගේ මුදලින් ඉටුකළ රටට අවශ්‍ය දෙයක්. (නි)
ඕක තියෙන්නේ මගේ ගමේ. මේක පටන් ගත්තේ කවුද කියලා අපි දන්නවා (නි)
පහුගිය ආණ්ඩුව කළත් මැඩම්ගේ ආණ්ඩුව කළත් හොඳදේට හොඳයි කියමු. පින්නවල ඇතුන් බලන්න එන සංචාරකයෝ මේකටත් ඒවි. දෙහිවල ඉන්න සත්තු කොටුවෙලා දුක් විඳිනවා. දින 100 ඇතුළත හදන්න බැරි එක ඇත්ත. එහෙත් වල්බිහිවෙන්න නොදී මෙහෙම විවෘත කරන්න සළසපු එකත් ලොකු ජයග්‍රහණයක් නෙමෙයිද? (නි)
විපුල, ඕවට තමයි පෙර කළ පවු කියන්නේ. නාඩගම් නටන්නේ නැතුව කරන වැඩේ ඉක්මනට ඉවරකරලා විවෘත කළා නම් ඔහොම වෙන්නේ නැහැනේ? (නි)
යහපාලනයෙන් විවෘත කළත් මේක ආශ්චර්යවත් වැඩක්. (නි)
නෙළුම් කුලුනට මොකද කරන්නේ එතකොට? (නි)
දින 100කින් මෙපමණ වැඩ! අවුරුදු කීපයකින් ලංකාව සුරපුරයක් කරාවි. (නි)