පානම ඉඩම් එහි විසූ මුල් පදිංචිකරුවන් අතර බෙදා දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය වහාම ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පානම ප‍්‍රදේශයේ ගොවියකු ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමේ ඉඩම් කොමසාරිස්වරයා, පොලිස්පති , ඇතුළු වගඋත්තරකරුවන්ට ඔක්තෝබර් 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරු හමුවේ පෙත්සම සලකා බැලිණි.
පානම පුංචිරාළ සෝමසිරි මහතා විසින් ගොනු කැරුණු පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ඉඩම් කොමසාරිස්වරයා, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
1998 දී ත‍්‍රස්තවාදී කටයුතු වලින්ද ,2004 සුනාමි ව්‍යසනයෙන් ද ඔවුන්ට විවිධ බාධක සිදුවී ඔවුන් ගොවි බිමි අතහැර ගියත් , යළිත් සිය ජීවන තත්ත්වය නඟා සිටුවීමට සමත්වූහ.
සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යම් යම් බාධා කිරීම් සිදුවූ අතර පසුව වගඋත්තරකාර බලධාරීන්ගේ අනුදැනුම මත පොලීසිය විසින් ඔවුන් පලවා හැරීමටද උත්සාහ කළ බව පෙත්සම්කරු කියා සිටී.
පානම ඉඩම් එහි මුල් පදිංචිකරුවන් අතර බෙදා දීමටත් අක්කර 25 ක් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහාත් රජයේ අනුමැතිය ලැබිණි.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පානම ගොවියා ගොවි දුක උසාවියට කියයි