IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


'පුනර්ජායි' හරහා ඔබට දකින්න ලැබෙන ඉෂාන් මෙන්ඩිස්

2016-09-22-ent-93

කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන උපාධි ධාරියෙකු වන ඔහු රංගන ශිල්පියෙකි. මේ දිනල ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔබට දකින්න ලැබෙන ඔහු ඉෂාන් මෙන්ඩිස්ය. ඔහු දායක වෙන නවතම ටෙලි නිර්මාණය වන "පුනර්ජායි" ටෙලි නාට්‍ය මෙම මස 24 වන සෙනසුරා රාත්‍රී 9.00ට ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වෙයි.

 

"පුනර්ජායි" ටෙලි නාට්‍ය ජනකන් ශිවකුමාරන්ගේ චරිතය ගැන කතා කළොත්?

2016-09-22-ent-92මෙම නාට්‍යයයෙ යුද්ධයෙන් පසු ඇති වූ වාතාවරණය කතාබහට ලක්කරනවා. මෙහි මම ත්‍රස්තවාදියෙකුගේ චරිතයකට දායක වෙන්නේ. ඔවුන් පුනරුත්තාපනය වූ පසුත් ඔවුන් සිතන්නේ සිංහල මිනිසුන් ඔවුන්ගේ හතුරෝ බව. එවැනි චරිතයකට තමයි මම දායක වෙන්නේ. මෙම නාට්‍ය කේ.බී.හේරත් මහතා අධ්‍යක්ෂණය කරන්නේ. ද්‍රවිඩ දෙබස් එහි තිබුණා. මම හිතනවා මම එයට සාර්ථකව දායක වුණා කියලා.

 

මේ දිනවල දායක වෙන නිර්මාණ ගැන කතා කළොත්?

මේ දිනවල කැලුම් පාලිත මහීරත්නගේ "සුගලාදේවී" ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ "සතර සේයා" හා "ආදර සුවඳ අරන්", "සේයා" යන නාට්‍යවලට රංගන දායකත්වය ලබාදෙනවා.

 

නාට්‍ය පහක කටයුතු සිදු කිරීම ගැන මොකද හිතෙන්නේ?

"පුනර්ජායි" ටෙලි නාට්‍යය කොටස් හතළිහක නාට්‍යයක්. අතින් නාට්‍ය සියල්ල මෙගා නාට්‍යය තමයි. මෙගා නාට්‍යය එක්ක මගේ කිසිම විරෝධයක් නැහැ. ඒක ලංකාවෙ සමාජය එය පිළිගන්නවානම්, මිනිසුන් නරඹන්නේ ඒ ටෙලි නාට්‍යය. රූපවාහිනී නාළිකාවලින් ඉල්ලන්නේ ඒ ටෙලි නාට්‍ය ඉල්ලනනම්, මං විරුද්ධ වෙලා වැඩක් නැහැනෙ. මට වඩා ඉහළ තනතුරුවල ඉන්න අයත් එය අනුමත කරනවා නම්, මමත් එය අනුමත කරනවා. රංගන ශිල්පියාගේ කාර්ය හොඳ සාර්ථක රංගනයක් ඉදිරිපත් කිරීමයි. ඒ රාජකාරිය මම කරනවා.

 

ඒ කියන්නේ මේ කාර්ය කරන්නේ ආත්මතෘප්තියකින් නෙමේද?

ඒකෙ ගැටලුවක් තියෙනවා. සියලුම කලාකරුවන් ආත්මතෘප්තිය ලබන්නේ නැහැ. ඉන් 50෴ක් පමණයි ලැබෙන්නේ. ආත්මතෘප්ති වෙනුවෙන් නෙමෙයි අපි මේ දේ කරන්නේ.

 

කුමන කාර්ය සඳහාද සිදුකරන්නේ?

අපේ හැකියාවන් මිනිසුන්ට පෙන්වන්න අවශ්‍යයයි. අපිට 100% තෘප්තිමත් නිර්මාණයක් එනකම් බලන් හිටියොත්, මිනිස්සු අපිව අඳුරන්නෙ නැහැ. මිනිසුන්ට අපිව අමතක වෙනවා. අපිට පොඩි හරි හැකියාවක් පෙන්නන්න තිබ්බ අවස්ථාව නැතිවෙනවා. එහෙම නිර්මාණ කවදා එයිද කියලා දන්නෑ. බලන් ඉන්න ගියොත් වෙන්නේ හැමදාම බලන් ඉන්න තමයි. දැන් ඉන්දියාව, කොරියාව වැනි රටවල නාට්‍යවලට ලංකාවෙ චැනල්වල ඉඩ තියෙනවා. ලංකාවෙ නාළිකා සඳහා කොරියාවේ නාට්‍ය නිෂ්පාදනය කරනවා. ඉන්දියාවෙත් එහෙමයි. අපි මෙහෙමවත් දායක නොවුණොත්, ලංකාව ඉන්දියාවක් වෙනවා. ඒ නිසා ආත්මතෘප්තිය පැත්තකින් තියලා රට ගැනයි අනික් හැමදේ ගැනමයි හිතලා රංගනයට දායක වෙනවා.

 

වේදිකා නාට්‍යවලට යොමුවෙන්නේ නැත්තේ ඇයි?

මේ කාලේ වේදිකාව එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා. විශ්වවිද්‍යාල කාලෙදි වේදිකා නාට්‍ය බොහෝ ප්‍රමාණයකට සම්බන්ධ වුණා. දැන් කාර්ය බහුලත්වය එක්ක වේදිකාවෙන් ඈත් වුණා. වේදිකාවට ලොකු කැපකිරීමක් කරන්න ඕන. ෂූටින් යන ගමන් හරි, කාර්යාලයට යන ගමන් හරි දෙබස් ටික කියලා යන්න බෑ. සියලු දෙනා එකම වෙලාවකට පැමිණ කැපකිරීමක් කරන්න ඕන වැඩක්. වේදිකා නාට්‍යයක් භාර ගන්නවා කියන්නේ වේදිකා නාට්‍යයට කරන අසාධාරණයක්.

 

ඉදිරි වැඩකටුතු ගැන කතා කළොත්?

මම හිතනවා වසරකට එක වරක් හෝ දෙවරක් ලංකාවෙ තිබෙන දුප්පත් ඉස්කෝලවලට පොත්පත් ලබාදීමේ කටයුත්තක් සිදු කරන්න කටයුතු කරනවා.

 

හැඩගැන්වීම - කාවින්ද ලෙස්ලි.

ඡායාරූප - මිහිර බණ්ඩාර / රංගන මධුසංඛ

 

2016-09-22-ent-91
2016-09-22-ent-90
2016-09-22-ent-89



අදහස් (0)

'පුනර්ජායි' හරහා ඔබට දකින්න ලැබෙන ඉෂාන් මෙන්ඩිස්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1334 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1504 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 929 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1341 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site