පානදුර පින්වත්තේදී අසූ හැවිරිදි කාන්තාවක වාහනයක හැපුණු පසු වාහනය නොනවත්වා ගොස් ඇති බව පොලිසිය කියයි.
පාරේ සිටි අයකු එම වාහනයේ අංකය පාර අයිනේ බිම ලියා තැබීම නිසා එය සැකකරු සොයා ගැනීමට උදව් වී යැයි පොලිසිය පවසයි.
පානදුර පින්වත්තේදී අසූ හැවිරිදි කාන්තාවක වාහනයක හැපුණු පසු වාහනය නොනවත්වා ගොස් ඇති බව පොලිසිය කියයි.
පාරේ සිටි අයකු එම වාහනයේ අංකය පාර අයිනේ බිම ලියා තැබීම නිසා එය සැකකරු සොයා ගැනීමට උදව් වී යැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණවතී අය්යේ, නොනවත්වා පොලොසියට ගියානම් වාහනේ තිබුන හොර කුඩු ටික මාට්ටු වෙනවනේ (දී)
වාහනයක් අනවශ්‍ය වේගයෙන් ධාවනය කළොත් හෝ පාරට නිසි අවධානය යොමු නොකළහොත් තමයි බොහෝ විට කෙනෙක් යටකරගෙන යන තරමේ අනතුරක් වෙන්නේ. හැබැයි මනුෂ්‍යත්වය ගෑවිලාවත් තිබෙන කෙනෙකුට මේ විදියට පලායන්න බැහැ. (නි)
වැඩිහිටි අය මීට වඩා සැළකිල්ලෙන් මාර්ගය භාවිතා කළයුතුයි නේද? (නි)
අන්තිමට ඇල්ලුවහම කියයිද දන්නෙ නැහැ "මට මතක නැහැ" කියලා (නි)
පොලීස්යෙන් හැංගිලා ඉන්නේ නැතුව රියදුරන්ට පෙන්න ඉන්න කාලේ ඇවිත්. පාරවල් හැදුවට මදි සි.සි.ටි.වී හයි කරන්නත් ඕන.(දී)
මෙතන අදහස් දමන සමහරු ලංකාවේ ඉපදී ඇති අයද කියා සැකයි (නි)
මේ දවස් වල පානදුරයේ අනතුරු වැඩිවෙලා වගේ. තියෙන පොලිස් ආරක්ෂාව මදි වගෙයි (නි)
පරණ පිනක් නිසා පින්වත්තේ දී පන බේරාගෙන යන්න ඇත්තේ (නදී)
චමල්ව මොන්ටිසෝරියට යවන්නවත් දැනුමක් නැහැ වගේ මට පේන්නේ. ඒ මාතාවට නිවන්සුව ලැබේවා. (නදී)
හිතක් පපුවක් නැති මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ (නදී)
වෙනත් සිද්දීන් සි සි ටි වී කැමරා වලින් සොයා ගන්නවා වාගේ මේකත් සොයා ගැනීම අපහසු කමක් නැහැ. නමුත් මෙය ප්‍රබලයකුගේ වැඩක් නම් සි සි ටි වී කැමරා පද්ධතියත් එවෙලට ක්‍රියා නොකරා කියාවි (නදී)
පුබුදු ළමයෝ, රාළහාමිලා දැන් බයයි රාජකාරිය කරන්න . මොකෝ එයාලටනේ අන්තිමට ගුටි කන්න වෙන්නේ, (ස)
නොනවත්වා පොලිසිය දක්වා ගියා නම් තමයි ශ්‍රේෂ්ට (දී)
සිල්වා මහත්තයෝ මොකෝ එහෙම කියන්නේ? මටනම් තේරෙන්නේ ලංකාවේම ඉපිදිල ගමේම හැදිලා වැඩුණු අයවගේ (දී)
හැබැයි රියදුරාට පසුව පොලිසියට භාරවෙන්න තිබුණා. (නි)
මෙහෙමත් වැඩ මිනිසුන්ට කළ හැකිද? (නි)
වැඩිපුර සාධාරණ වෙන්න ගිහින් කවුද කැමති ගුටිකන්න? (නි)
අරෝෂ්ට වයසට ගියාම තේරෙයි පාර පැනීම කොහොමද කියලා. (නි)
එක පැත්තට තිබෙන ලෙස මං තීරු සහිත පාරවල් සෑදිය යුතුයි (නදී).
පාර පනින අයයි පාරේ වාහන වල යන අයයි දෙගොල්ලම වග කියන්න ඕනේ ඕවට (නදී)
රටේ නීතිය ගැන මිනිසුන් දැනුවත්. ඒකනේ නොම්මරය ලියලා තිබුණේ.මොළය ඇති මිනිසෙක් (නි)
මෙහිදී පදිකයන්ගේත් වරදක් තියෙනවා.. ඔවුන් වාහන අඩියක් දුරින් තියලා පාර මාරු වෙනවා. ඔවුන් හිතන්නෙ නැහැ මේවත් යකඩ ගොඩවල් කියලා.....!!! (දී)
මිනිස්සු මරාගෙන කන්නේ නැහැ වරදක් කළා දැන් වැරදි දෙකයි (දී)
මගේ තාත්තත් පින්වත්තේදී ත්‍රී රෝද රථ රියදුරෙක් හප්පලා දාල ගිහින් දවස් දෙකකට පස්සේ පොලිසියෙන් හොයාගත්තේ. අදටත් තාත්තට ඇවිදින්න බෑ. (ස)
මගියත් රියදුරත් යන දෙගොල්ලන්ම අවබෝධයෙන් අවදානයෙන්, මහමග භාවිත කල යුතු බව මතක තබා ගත යුතුයි, මන්ද අපි සියල්ලෝම යම් කිසි මොහොතක මහා මග පයින් යන නිසා වෙනි,,, ගම වැරදි නැත, කොහේ සිද්ද උවද ? නිතිය අතට ගැනීම දැන් දැන් , පොදු දෙයක් නිසාවෙනි .(අ)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ... (නි)
පවු අහිංසක ආච්චි! (නි)
අර නාරාහේන්පිට කෙනෙක්ව හප්පලා, කකුල කඩපු නයා මාක් ශෙල්බි මුස්ටාන්ග් රථය එළවාගෙනවත් කවුරුහරි ගියාද දන්නේ නැහැ නේද? (නි)
මේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දියයුතුයි (නි)
පින්වත්තේ පවු වැඩක්.මියගිය මාතාවට නිවන් සුව පතමි!බුද්ධිමත් මඟියාට ජය වේවා! (නි)
තැනට සුදුසු නුවණ පාව්චිචි කර එම පුද්ගලයා කළ ක්‍රියාව අගය කළයුතුයි (නි)
මිනිසුන් මෙතරම් කාර්යබහුල වී තිබෙන්නේ මොකද මන්දා? (නි)
ඔහු දැනගෙන තිබෙනවා කළ යුතු නිවැරදි දේ මොකක්ද කියලා (නි)
මෙහෙමයි ඔය පින්වත්තෙ වාහනය නැවත්තුව නම් වෙන්නෙ, වාහනය රියදුරත් එක්කම අතුරුදන් වෙන එක. (ස)
80 ක් හිටපු එක ලොකු දෙයක්. (ස)
මොලේ තියෙන මනුස්සයෙක් නිසා පරිෂණ පහසුයි (දී)
කිමී , මමත් ඔබගේ අදහසට එකඟයි. (දී)
වහනය පොලිසියට ගෙනියන්න තිබුන. පව් එම ආච්චිට. අපි හැම විටම අනුන් ගැනත් සිතිය යුතුයි . හිතලා කල අපරාදයක් නම් නෙමේ. (දී)
මිනිසුන් මෙතරම් තිරිසන් වන්නේ මොකද මන්ද? (දී)
ඔය ලියල තියෙන අංකය ලියපු කෙනාගේ තරහ කාරයෙකුගේ වහනයක් උනොත් කොහොමද... (දී)
පින්වත්තේ ඉන්නේ බුද්ධිමත්, සාධාරණ ජනතාවක්.ඒකයි වාහනය නොනවත්වා යන්න ඇත්තේ. නැවැත්තුවා නම් වෙන දේත් රියදුරා දන්නවා ඇති. (දී)
ලියා තිබුණු අංකය පළකළා නම් ඒ ගැන දන්නා කෙනෙක් හොයාගන්නත් තිබුණා. පානදුර කියන්නෙ ලොකු දුරක් නෙමෙයිනෙ. වාහනයේ ලේ පැල්ලම්, කැඩුනු බිඳුනු තැන් එහෙම තාම හදාගෙන නැතුව ඇති (නි)
මෙයත් දැන් රට යයිද දන්නේ නැහැ. (නි)
වාහනයේ හැපුණ කාන්තාවට මොකද වුණේ? (නි)
සිරුර පාර මැද තිබෙන නිසා හිතන්න පුළුවන් මේක පාර මාරුවෙන්න ගිහින් සිදුවූ අනතුරක් කියලා. පළාත ගැන දන්නා නිසා රියදුරු පැනලා ගියාද දන්නෙ නැහැ (නි)
මේ සතිය පානදුරයට අපලයි වගෙයි (නි)
මොනවා වුණත් රියදුරා පින්වත්ත ගැන දන්නා කෙනෙක්. ඒකනේ වාහනය නවත්වන්නේ නැතුවම ගිහින් තියෙන්නේ. (නි)
පානදුරට මොකද දෙයියනේ මේ වෙන්නේ (දී)
මාර්ග නීති සහ සාමාන්‍ය දැනීම පාවිච්චි නොකිරීම මීට හේතුවී ඇත .උදාහරණයක් වශයෙන් ඒ ඒ තැන් වලදී පදිකයන්ගේ මනස තුල තිබිය හැකි දේ සහ එම නිසා ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව දුර්වල විය හැක.විශේෂයෙන් රෝහල් ,පාසල්,උසාවි,දින පොළ ආදී තැන් වලදී.රියදුරන් තමා උදාහරණයට ගනිමින් රිය පදවනවානම් අනතුරු අවම කල හැක. (දී)
මෙතැනදී රියැදුරු කර තිබෙන්නේ වැරැද්දක් තමයි. නමුත් අපේ රටේ ජනතාවගේ හැටි ස්වභාවය අපිත් දන්නා නිසා දොස් කියන්නත් බැහැ. මේ වගේ අනතුරු වලදී නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ මිනිස්සුනේ. (නි)
පින්වත්ත විතරක් නෙමෙයි කොහේ හැපුනත් රියදුරාට වෙන්නේ එකම දේ තමයි. ගමට දොස් කියන්න එපා කාරුණිකව රිය පදවන්න් හිතටගන්න
ෂුවර් එකටම රියදුරා පින්වත්ත ගැන අවබෝධයක් තියෙන කෙනෙක්.උසාවි ඕන නැහැ නඩු තීන්දුව එතනම හම්බවෙනවෙනේ . (දී)
මගේ අතින් ඕක වුණත් මමත් පැනලා යනවා. පසුව හැබැයි පොලිසියට බාරවෙනවා. අපි දන්නවනේ පින්වත්තේ හැටි! (නි)
මේ වාහනය පැදවූ රියදුරා, පිටරට ඉගෙනීමට ගොස් නිවාඩුවට ලංකාවට ආ ගමන් විනෝදයට වාහන පැදවූ තරුණ බලවතෙක්ද දන්නේ නැහැ. (නි)
ඊයෙත් පානදුර බස් නැවතුම් පොළේ රිය අනතුරක් වුණා කියලා ආරංචියි. මොකද මේ වෙන්නේ? (නි)