ප්‍රැන්සිස් පාප්තුමා ලබන ජනවාරියේ ආසියාවේ සංචාරයක් කරන බව පසුගිය දා බ්‍රසීල සංචාරය නිමා කර යළි වතිකානය වෙත යමින් සිටියදී මාධ්‍ය වෙත පවසා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කර ඇත.
මේ වන විට වැඩකටයුතු අවසන් කර ඇති මීගමුව බෝලවලානේ 16 වන බෙනඩික් ආසියාතික දේවධර්ම ශාස්ත්‍රාලය විවෘත කිරීමේ උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට එතුමන්ට යැවූ ආරාධනාපත ද එතුමන් බාරගෙන ඇත.
ප්‍රැන්සිස් ශුද්දෝත්තම පියතුමන් සිය ජෙරුසෙලමේ සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ පිලිපීනයේ සංචාරය පිළබදව ද සලකා බලමින් සිටින බව වාතිකාන වාර්තාකරුවෙකු වන ජොන් ඇලන් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේ වැඩවලට එපමණ මනාපයක් නැහැ (නි)
අපි නම් ඇත්තටම කැමති නැහැ (නි)
බෞද්ධ අපිද ඔබතුමා සාදරයෙන් පිළිගනිමු,(අ)
හොඳයිනේ (අ)
ආගම් භේදයකින් තොරව බෞද්ධ අපි පාප්තුමාව සාදරයෙන් පිළිගනිමු .(අ)
මේක බෞද්ධ රටක් (නි)
අපේ සේනාවන් මේකට කැමතිද? (නි)
ඇයි මේ වතිකානය කියලා කියන්නේ? (නි)
ඉතාමත් හොඳ දෙයක්. මම බෞද්ධ. එහෙත් පාප් වහන්සේ එනවිට අපේ උපරිම සහයෝගය දීලා උන්වහස්සේට ගෞරව දක්වමු. සාමය අගයන ක්‍රියාවට දායක වෙනවා. (නි)
පාප් වහන්සේගේ ලංකාගමනය කතෝලික මෙන්ම සියලු ලක්වාසින්ට අශිර්වාදයක් වේවා! (නි)
පාප්තුමා ලංකාවට පැමිණීම කිසිදු බලවේගයකට නැවැත්විය නොහැක (නි)
පාප හෝ දළයි ලාමා ලංකාවට පැමිණීමේ කිසිදු වරදක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ මේ අය මේ තුන්වන ලෝකේ අප්‍රිකාව, ආසියාව සහ ලතින් අමෙරිකානු රටවල පැමිණීමෙන් වන සමාජ පෙරළියට මම කැමති නැහැ (නි)
නියම බෞද්ධයෝ නම් කවදාවත් පාප්තුමා එනවාට විරුද්ධ වෙන්නෙ නැහැ (නි)
පාප්වහන්සේ ලංකාවට එන්නේ බෞද්ධයන්ව කතෝලික ආගමට හරවා ගන්න නොවෙයි.කලබල වෙන්න එපා.එහෙනම් හාමුදුරුවරුත් වෙන රටවල වැඩ සිටින්නේ??? (නි)
මෙතුමන් ලංකාවට පැමිණීම රටට හොදයි (නි)
පාප් තුමා ලංකාවට ආවට වරදක් නැහැ. ඒක අපිට ආඩම්බරයක්. හැබැයි අරාබියෙන් හරි , ඉන්දියාවෙන් හරි නම් එනවට අපි විරුද්ධයි. (නි)
ලක්ෂ්මන් ඔයා නම් නියම අන්තවාදියෙක් (නි)
ආගමික නායයෙක් ලෙස බෞද්ධයන් වශයෙන් අප ඉමහත් ගෞරවයෙන් පිළිගන්නවා. (නි)
මම මුස්ලිම් භක්තිකයෙක් වුණත් එතුමා කරන සේවය ඉතා අගය කරනවා . බුද්ධිමතුන් ඉන්න ලෝකයේ රටවල ඉන්න උගතුන්, විද්‍යාඥයන්, සහ මනෝ වෛද්‍යවරුන් එතුමා සමග විශාල සේවයක් කරනවා (නි)
පාප් වහන්සේට ලංකාවට එන එක කිසිම බලවේගයකට නවතන්න බැහැ. බෞද්ධයනි, අමතක කරන්න එපා, ඉතාලිය ( රෝමය , මිලානෝ ) වගේ කතෝලික රටවලත් පන්සල් හදන්න ඉඩ දීලා තිබෙන බව. ඉතින් බෞද්ධයනි,ආගම් භේද ඇති නොකර එක මවකගේ දරුවෝ වගේ ඉන්න උත්සාහ කරමු (නි)
සළකා බලන්න එපා.අනිවාර්යෙන්ම එන්න. බුද්ධාගමේ වුණත් ඔබට ගරු කරමි. (නි)
නිපුන, නාලක, ලක්ෂ්මන්, මේ විසිවෙනි සියවසේ මට දුක ඔයාලා තවම හිතන්නේ පටු විදියට. පාප් වන්සේ එන්නේ සමාජ පෙරලි කරන්නවත් වෙන මොනවටවත් නෙමෙයි. එතුමා අපේ රටට අපි ලබන භාග්‍යයක්. එතුමා එතරම් ශාන්ත පුද්ගලයෙක් (නි)
ලක්ෂ්මන් කියන නමෙම්ම පෙනෙනවා මෝඩයෙකු බව. මම නම් දන්නවා ඔයාට කිසිම රටක යන්න අතේ සතේ නැති බව, ඒක නිසයි ඔයා කියන්නේ සල්ලි තියෙන බෞද්ධයන්ට කතෝලික රට වල සංචාරයට යන්න එපා කියා. (නි)
පාප් වහන්සේගේ පැමිණීම ඉතාමත්ම යහපත්.අපි උන්වහන්සේව උපරිමයෙන් පිළිගත යුතුය. යුරෝපයේ බුදුදහම කොහොම ප්‍රචාරය කළත් මේ රජයන්ගෙන්වත් මහජනතාවගෙන්වත් කිසිම කරදරයක් සිදුනොවේ.බලපෑම් සිදුනොවේ. ඒ ආදර්ශය අපිත් ලොවට පෙන්නන්න මහඟු අවස්ථාවක් මේ. (නි)
පාප්වහන්සේ ලංකාවට එනවට කිසිම බෞද්ධයෙක් බයවෙන්න වුවමනා නැහැ.මොකද උන්වහන්සේ එන්නේ කතෝලිකයන් වෙනුවෙන් හා සාමයට ලැදී සියල්ලන් වෙනුවෙන් මිස රටතුල ප්‍රශ්න ඇති කිරීමේ බලාපොරොත්තුවකින් නොවේ.බෞද්ධ රටක ජීවත් වෙන අපි හැම වෙලාවේම මහා සංඝරත්නයට හා බෞද්ධාගමට ගරු කරනවා. ඒ වගේම ඔබගේ ධර්මයට හානියක් නොකරන අපේ දේවල් වලටත් ඔබලාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම දෙයක් ගැනම සැකෙන් බලන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (නි)
මමත් බෞද්ධයෙක්. අපි පාප තුමා සාදරයෙන් පිළිගනිමු. බුදුන් වහන්සේ ගේ අහිංසා ධර්මයේ අගය කටක් ඇරලා කියපු පළවෙනි පාප් වහන්සේ මොහුයි (නි)
මාත් ඉන්නේ ඉතාලියේ.ඔය කියන විදෙස් මාධ්‍ය වාර්තාව ඉතාලියෙන් තියෙනවා මම නම් දැක්කේ නැහැ. (නි)
සාදරයෙන් පිළිගනිමු. මොකද්ද ඇති වැරැද්ද ? (නි)
ලංකාව කියන්නේ කාටත් දකින්න හොඳ රටක්.මෙතුමාත් ආපුවාවේ.දළදා වහන්සේත් වැඳලා යන්න කියන්න. (නි)
වතිකානුව කියන්නේ ලෝකයේ පුංචිම රටට. (නි)
හොදයි (නි)
සැබෑ බෞද්ධයා අනෙකුත් ආගම්, මත ඉවසන ඒවාට ගරුකරන කෙනෙක්! (නි)
අපේ රටේ ඉන්න හැම භාෂාවක්ම කතා කරන ජාතීන්ට මේකෙන් හොදක් මිස නරකක් නැහැ.අපේ රටේ දුක් විදින ජනගහනය බලලා වතිකානුව හරහා ජනතාවට හොදක් වේවි. (නි)
වාසනාවන් ලංකාවට ! (නි)
පැමිනෙනවාට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් රාජ්‍ය සම්මාන දෙනවට අපි විරුද්ධයි. (නි)
1505 සිට මේ දක්වාම මේ රටේ මිනිසුන්ගේ සංස්කෘතිය උරුමය විනාශ කරන බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් (නි)
දියානා, ඔයාගේ මුතුන් මිත්තෝ 1505 ත් ලංකාවේ හිටියා තාන්න මාන්න බලාගෙන ඔවුන් පස්සේ දුවපු. (නි)
හොදයි එහෙම එන එක (නි)
"සැබෑ බෞද්ධයා අනෙකුත් ආගම්, මත ඉවසන ඒවාට ගරුකරන කෙනෙක්!' එම කාලය පසුවෙලා බොහොම කල්. අපි ඉවසපු නිසා තමයි වෙනත් බලවේග ක්‍රියාත මක වුණේ. 1950 ගණන් වල බුරුමයේ 95% බෞද්ධ අද 45% බෞද්ධයෝ ඉන්නේ. ඒ බෞද්ධයගේ ඉවසීමේ ප්‍රතිපල. ලංකාවට එහෙම වෙන්න දෙන්න බැහැ. (නි)
හැම රෙද්දටම ' මේක බෞද්ධ රටක් " කියන එක ඉස්සර කර ගන්න එපා. මමත් බෞද්ධයෙක්. බුදු හාමුදුරුවෝ කවදාවත් අන්‍ය ආගම් පහත් කරලා සැලකුවේ නැහැ. සලකන්න උගන්නලත් නැහැ. මේ වගේ පටු අදහස් තියෙන මෝඩ අය නිසා තමා ලංකාව දිනෙන් දින අගාධයට යන්නේ. (ස)
එතුමාව සාදරයෙන් පිළිගනිමු. (ස)
හැම දෙයක් ගැනම සැකෙන් බලන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (ස)
සුද්ද වූ පාප්තුමා රටකට පය තබන එක ඒ රටට ලොකු වාසනාවක් වගේම ආශිර්වාදයක්.ආගම් බේදයකින් තොරව උන්වහන්සේව අප නමස්කාර පූර්වකව පිළිගත යුතුයි. ගියවර සුද්දෝත්තම පාප්තුමා ලංකාවට වැඩියේ වෙනත් ගමනක් යන අතරතුර පැය ගණනකට. එදා උන්වහන්සේ පිළිගන්න ගරු මර්සලින් ජයකොඩි,අර්නෙස්ට් පෝරුතොට පියතුමන්ලා සමග හරි හරියට වැඩ කළේ ලංකාවේ ශ්‍රේෂ්ට සංග පීතෘවරයකු වූ විපුලසාර හාමුදුරුවෝ. අන්තවාදී මන්දබුද්ධික ලක්ෂ්මන්ලා ,ඩැනියෙල්ලා, ජයන්තලා ඕවා දන්නේ නැහැ.කතෝලික සබාවෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා, මෙවර උන්වහන්සේව අවම වශයෙන් පැය 24ක් තබාගෙන ත්‍රයි නිකායක නායක ස්වාමින් වහන්සේලා මුණගස්වන්න. (නි)
මෙතුමා ලංකාවට එන එක රටට හොඳක්. හොඳ ප්‍රචාරයක්. මේකට විරුද්ධ වෙන්නේ ඇයි කියල මට හිත ගන්න බැහැ. (ස)
ආගම් භේදයකින් තොරව බෞද්ධ අපි පාප්තුමාව සාදරයෙන් පිළිගනිමු. (ස)
මෙතුමා ආගමික නායකයෙක් බෞද්ධ අපි මෙතුමා ගෞරවයෙන් පිළිගනිමු අපි අවිහිංසා වාදය ඉහලින්ම රැකගත යුතුයි. (ස)
තවත් යමක් සිදුවෙන්න ආසන්නයි වගේ (නි)
ගොඩක් හොදයි එන එක. (නි)
මේක කිසිම කෙනෙකුට කලබල වෙන්න කාරණාවක් නොවේ. එතුමා ලෝකයේ වෙසෙන සියලුම කතෝලිකයන්ගේ ( 2.2 බිලියන ) නායකයා. එතුමා එන එක ගැන බොරු ප්‍රචාර යවන්න ඕනෑ නැහැ. මන්ද එතුමා රාජ්‍ය නායකයෙක්. මීට කලින් පාප වහන්සේලා ලංකාවට ආවා. මෙයත් ඵෙතිහාසික අවස්ථාවක්. (නි)
අපේ පන්සලුත් ඒ රටවල තියෙනවනේ. මෙතුමා ඇවිල්ලා යයි. අපි නිකන් තරහ ගන්න ඕනෑ නැහැ. බෞද්ධයන් විදිහට අපි දන්නවනේ ලෝකේ පරම සත්‍ය තිබෙන්නේ බෞද්ධ ආගමේ විතරයි කියලා. (නි)
අපේ කට්ටිය එහෙනම් දැන් පාරට බහිමු.පෙළපාලි යමු. (නි)
උන්වහන්සේ එතුමාගේ රටේ ඉදන් ඔය ප්‍රචාරක කටයුතු කරානම් ඉවරනේ. දැන් බලන්න එතුමා එනවා කිව්වා විතරයි මිනුස්සු බෙදුනා. ඉතින් ආවොත් කොහොමට තියේවිද? (ස)
ඔව් ඇවිත් ඔබතුමා කතා කරන්න (නි)
මෙම පාප්තුමා අනෙක් පාප්තුමාලට වඩා වෙනස් උතුමෙක්. ආදර්ශවත් චරිතයක් ඇති විරල ගණයේ උතුම් මිනිසෙක්. උතුම් මිනිසුන් ආගම් අනුව බෙදීම වැරදියි. මෙතුමාගේ ඉතිහාසය කියවන්න. (ස)
වෙන යන්න කතෝලික රටවල් නැතුවටද මේ බෞද්ධ රටට එන්නේ. (ස)
අනිවාර්යයෙන්ම වඩින්න. බුද්ධාගමේ වුණත් ඔබට ගරු කරමි. (නි)
සාදරයෙන් පිළිගනිමු. (ස)
ආගමික නායකයෙක් පිලි ගන්න ආගම ප්‍රශ්නයක් කර ගතයුතු නැහැ. සැම ආගමකින්ම උත්සහ කරණුයේ යහපත් සමාජයක් ගොඩ නැගීමටයි. මම බෞද්ධයෙක් විදියට පාප් වහන්සේගේ පැමිණීම අගය කරමි. (ස)
පාප්තුමා කියන්නේ කතෝලිකන් ආගමේ අති උත්තම නායකයාණන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ පැමිණීම වැලක්වීමට ඉදිරිපත් වියහැක්කේ මහනායක ස්වාමින් වහන්සේලාට හා රජයට පමණි. කෙසේවත් එය සිදු නොවෙන වැඩක්. අනිත් එක හොඳින්ම මතක තියාගන්න ලංකාවේ කතෝලික බැතිමතුන් කියන්නේද 1505 ට පෙර ලංකාවේ සිටි බෞද්දයන්ගෙන් පැවත එන අය බව. නිකම් අනවශ්‍ය ආගමික ගැටළු ඇතිකරවන්න එපා. (ස)
ජෝන් පාවුළු, බෙනඩික් වැනි පාප් වහන්සේලා වගේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේශනා සෛධාන්තික බවෙන් අඩුයි කියලයි මට හිතෙන්නේ. මෙතුමා ලංකාවට පැනිණීමේ සූදානම ගැන මගේ නම් සතුටක් හෝ අසතුටක් නැහැ. ඒත් අපේ කතෝලික ප්‍රජාව වෙනුවෙන් ඇවිත් ගියාට කමක් නැහැ. (ස)
ජෝන් පාවුළු, බෙනඩික් වැනි පාප් වහන්සේලා වගේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේශනා සෛධ්‍යාන්තික බවෙන් අඩුයි කියලයි මට හිතෙන්නේ. මෙතුමා ලංකාවට පැනිණීමේ සූදානම ගැන මගේ නම් සතුටක් හෝ අසතුටක් නැහැ. ඒත් අපේ කතෝලික ප්‍රජාව වෙනුවෙන් ඇවිත් ගියාට කමක් නැහැ.
ලක්ෂ්මන්ලා කුසලලා ඉස්සරත් හිටියා නමුත් දැන් කාලේ වගේ මෝඩයෝ නෙමේ. ඔය වගේ අන්තගාමී පටු විදියට හිතන මිනිස්සු ඉන්න නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (ස)
මමත් බුදු දහම අදහෙන කෙනක් එත් මගේ ආච්චි කතෝලිකයෙක් පුළුවන් වෙලාවක මමත් පල්ලියට යනවා. මම නව පාප් තුමාට ගෞරව කරනවා. පාප්වහන්සේ කෙනෙක් ලංකාවට එන එක වටිනවා. ජීවිතයටම එක් වතාවක් දකින්න ලැබෙන්නේ. (ස)
මොන ආගමික නයකයා ලන්කාවට ආවත් අපිනම් බොහොම සාදරයෙන් පිලිගන්නව.උන්වහන්සේලා ගේ පැමිනීම රටටත් ජාතියටත් ලොකු ආඩම්බරයක්. (ස)
මෙම වටින අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රට වටේ රවුමක් අරගෙන යමු. විශේයෙන් යාපනය පැත්තේ. යථාර්තය වටහා දෙමු. දුර්මත දුරු කරමු. මහා නායක හිමියන් බැහැ දැකීමට ඉඩ සලස්වා ආගම් අතර සහයෝගී තාවය පතුරුවමු. (ස)
දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේත් 1994 දිද කොහෙද ලංකාවට ආවා නේද? උත්සවයේ සැරසිලි කටයුතු දේශීය විදියට කරන්න මූලිකත්වය ගත්තේ පූජ්‍ය මාපලගම විපුලසාර හාමුදුරුවෝ. විපුලසාර හාමුදුරුවන්ට කිවුවේ පල්ලියේ හාමුදුරුවෝ කියලා. ඒ වගේම පන්සලේ පියතුමා කියලා හදුන්වපු මර්සලීන් ජයකොඩි පියතුමාත් හොද යාළුවෝ ඒ කාලේ. "වෙසක් කැකුළු අතුඅග හිද නටන විලාසේ" ගීතය වැනි බොදු බැති ගී රාශියක් රචනා කළෙත් ඒ පියතුමා. අපේ අවාසනාවට ඒ වගේ හාමුදුරුවරු වත් ඒ වාගේ ස්වාමිලාවත් අද ජීවතුන් අතර නැහැ. (නි)
උපරතන හිමියන්ට මගේ ආචාරය. ලක්ෂ්මන්,මාලක අතීතයේ ලංකාවෙත් අන්‍ය ආගම් තිබුන රටක්. හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙන්න. (ස)
කුසලා තව යන්න කතෝලික රටවල් නැතුවට නෙවේ මේ රටට එන්නේ ආරාධනවකට. (ස)
මේක බෞද්ධ රටක්ද? සර්ව ආගමික රටක්ද? බෞද්ධ අය හිතන්නේ මේ රටේ ඉන්න ඕන බෞද්ධ අය විතරක් කියලද? පාප් තුමා එන්නේ බෞද්ධ අයගේ ආගම වෙනස් කරන්න නොවේ. (ස)
මමත් බෞද්ධ. එත් පාප් තුමා එන එක කිසිම වැරද්දක් නෑ. එක අපි ගෞරවයක් ලෙස සලකමු. (ස)
ලංකාවට පාප් වහන්සේ එන එක නොඑන එක දේව අභිමතයට වෙන දෙයක්. ඒක නවත්තන්න හෝ සිදුකරන්න කතෝලිකයන්ට හෝ බෞද්ධයන්ට හෝ වෙනයම් බලවේග වලට බැහැ.එම නිසා ඔය ගැන වැඩිය කතා නොකර ඉන්න එක හොදයි. ඒ වගේම මේ වගේ රටකට උන්වහන්සේගේ පැමිණීම විශාල ආශීර්වාදයක්.රටේ සියලුම ආගමිකයන්ට ගෞරවයක් වෙන ලෙස හැසිරෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. (නි)
කුසලා, සරෝජනී, ඔයාලා ඇයි ඕක ඔයාගේ ආගමේ කට්ටියගෙනුත් අහන්නේ නැත්තේ? කටින් විතරක් නොවෙයි මොලෙනුත් වැඩක් ගන්ඩ බලන්න (නි)
මගේ මතකයේ හැටියට 1995 ජනවාරි මස 20 දිනත් අපේ රටට පැමිණියා මමත් බෞද්ධයෙක්. අපි මෙතුමා ගෞරවයෙන් පිළිගනිමු. (ස)
ඉතාම සුබ ආරංචියක්. අනිවාර්යයෙන් අපේ කලබල සේනාව මොකක් හරි මෝඩ රංගනයක් එකක් දාවි. (ස)
සුරංග,මේක සර්ව ආගමික රටක් විදියට සමහරුන්ට හදුන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ සුද්දෝ ඇවිත් බලෙන් අගමැ පතුරුවපු නිසා. මිහිඳු හාමුදුරුවෝ වගේ මිනිසුන්ගේ දැනුම පරීක්ෂා කරලා කැමති නම් විටරක් වලදගන්න ඉඩ දුන්නේ නැහැ නේ. (ස)
පාප්තුමාගේ ලංකා සංචාරය සැම අතින්ම ශ්‍රි ලංකාවට සපැමිණිම ලංකාව පාර්ශ්වයට ඉතාම වැදගත් මංදයත් මෙතුමන් නියෝජනය වන යුරෝපා ප්‍රදේශයේ සිටින් කොටි ඩයස් පෝරාව හරහා අපේ රටට ප්‍රභල ලෙස කෙනෙහිලිකමි කරන ප්‍රදේශයක් එමෙන්ම මෙතුමාගේ සංප්‍රාප්තිය මගින් අපට හැකි වෙනවා ඔවුන් ප්‍රකාශ කරන අධම අසත්‍ය බොරුවක් බවට ලෝකයා වෙත ගෙනයැමට. (ස)
උන්වහන්සේව ගෞරවයෙන් පිළිගනිමු. (ස)
පටු විදිහට හිතන්න එපා පාප්තුමා ලංකාවට එන්නේ ඔයාලව කතෝලික දහමට හරවා ගන්න නෙවේනේ. මේ රටේ ඉන්නේ බෞද්ධ ජනතාව පමණක් නෙවේනේ ඇයි අන් ආගම වලට අගෞරව කරන්නේ හැමෝම ලේ මස් තියෙන මිනිස්සු. (ස)
ආඩම්බරයි ඔබතුමාව ලාංකික වශයෙන් සාධරයෙන් පිළිගන්න අපි බලාපොරොත්තු වෙනවා. (ස)
මෙහි ඇති විශේෂය මොකක්ද? මිනිස්සු යනවා එනවා. මීට කලිනුත් කට්ටිය ඇවිල්ලා ගියේ. (නි)
ඔබ වහන්සේ බෞද්ධ අපි සාදර ගෞරවයෙන් පිළිගන්නවා. ගාමිණී මහින්ද මම ඔබ සමග එකඟයි. නියම බෞද්ධයා කවදවත් අනිත් ආගම වලට නිගා කරන්නේ නැ. (ස)
බුදු හාමුදුරුවෝ මෙහෙම කියනව :- පරම්පරාවෙන් ආ පලියෙන්, දෙමාපියන් කී පලියෙන් කිසිවක් පිලි නොගන්න.. ඔබට සත්‍යයයැයි වැටහූනොත් පමණක් පිලි ගනඩ.. ඉතින් පාප් තුමා ඇවිත් දේශනා කලත් වරදක් නෑ.. එය සත්‍යය බව වැටහුනොත් පිලිගන්නව.. එතුමා පැමිනීම වටිනවා. (ස)
සමහර බෞද්ධයෝ දන්නේ නැහැ බුද්ධාගම කියන්නේ අහිංසාව, මෛත්‍රිය පදනම් කරගත් දහමක් කියලා. (නි)
ලක්ෂ්මන් ඔය කොහොමද මේක බෞද්ද රටක් කියල කියන්නේ ?ඔයාලට බැහැ අනිත් අයගේ ඓතිවාසිකම් උදුරා ගන්න .ඔන්න ඔය නිසා තමියි ඔය කියන බෞද්ද රටට හෙන ගහල තියෙන්නේ (දී)
අසංග අරාබි අය මෙහාට එන්නේ නැහැ ලංකාවේ අය තමය අරාබි රටවල් වලට යන්නේ (දී)
නාලක සහ ලක්ෂ්මන් කියන පුද්ගලයන් දෙන්නට කිව හැක්කේ උප්පට්ටියෙන්ම ආත්මාර්ටකාමි පුද්ගලයන් බවයි (දී)
බෞද්ධ දරුවෝ උඩදාලා කඩුවට අල්ලලා මරපු හැටි... බෞතීස්ම වුනේ නැති දෙමාපියන්ව අමු අමුවේ මරපු හැටි පංසල් කඩපු හැටි කියලා සංදේශයක් බාරදෙනවා... පාප්තුමා නෙවෙයි . ක්‍රිස්තියානි පියතුමෙක් හැටියටවත් නෙවෙයි මනුස්සයෙක් හැටියටවත් මේක බාර අරගෙන මේකට උඩගෙඩි දුන්න ක්‍රිස්තියානි රටවලට, පුද්ගලයන්ට නිසි දඩුවම් දෙන්න මනුස්ස කමක් තියෙද කියලා බලමුද? (දී)
ඔබ වහන්සේ ගේ පැමිණීම අපට මහත් ආඩම්බරයක්,බෞධයන් කලබල වෙන්නේ. ඇයි (දී)
ඇයි මෙතුමා යුදෙව්වන් පළදින පොඩි තොප්පිය පලදින්නේ? (දී)
ඇයි මේ ගොඩක් අය පාප් තුමා එනවට විරුද්ධ? මේක බෞද්ධ රටක්, වෙන කතෝලික රටවල් නැතුවටද මෙහෙට එන්නේ වගේ කථා? ඔච්චර කුහක වෙන්ඩ එපා. එතුමා එන්නේ ආරාධනාවකට නැතුව බෞධයෝ කතෝලික කරන්ඩ නෙමේ. අපි වගේ පුංචි රටකට එතුමා එනවා කියන්නේ කොච්චර හොඳ දෙයක්ද? ඉතාලියේ වැඩිම කතෝලිකයෝ හිටියත් කොච්චර පන්සල් තියනවද? කොච්චර හාමුදුරු නම්වල් වැඩම කරනවද? එහෙම එකේ ඒ රටේ කතෝලික මිනිස්සු බෞධයෝට එන්ඩ එපා කියනවද? බෞද්ධ ආගම කියන එක කොච්චර හොඳ ආගමක් උනත් සමහරක් එක නමට විතරයි. ලැජ්ජයි ඔය වගේ මිනිස්සු ගැන (දී)
කෙනෙකු කතෝලික කියන්නේ තම පරම්පරාවේ කෙනෙකු ආගම පවා දී ඇති බවයි .පරම්පරා දෙකතුනකට කලින් ඔය ඔක්කොම බෞද්ධ මේක තමයි ඇත්ත. (දී)
ලංකාව බෞද්ධ රටක් නං ඉන්දෙයව මොකක්ද?ඉන්දියාවෙන්නේ බුද්දහගම අවේ,නිකන් අගක් මුලක් දන්නේ නෙතුව කතා කරන්න එපා බොලව්,මේක වැද්දන්ගේ රට, ඒ අයගෙන් අරන් තමයි මේ කෑ ගහන්නේ (දී)
පහන් - කතෝලික ආගමෙයි මුස්ලිම් ආගමෙයි මුල යුදෙව් ආගම තමයි පස්සේ තුනකට කැඩිලා යුදෙව්, මුස්ලිම්, කතෝලික උනේ (දී)
රවිඳු - එදා කාලෙයි අද කාලෙයි ගොඩක් වෙනස්. හැබැයි අද ඕනේ තරන් අපරාධ වෙනවා මේ බුදුන් වැඩි රටේ. හැම දාම පත්තර බලන්ඩ වෙන අපරාධ ටික (දී)
රෝචෙල් ඇයි ඉතින් ඔයාල තොප්පිය දාන්නේ නැත්තේ ? (දී)
හැමෝම නිකන් මේ අද ඊයේ අහසින් වැටිලා වගේ කථාව. හැමදාම අපි වන්සේ කබල් ගගා ඉඳිමු. (දී)
පාප් තුමා ගේ පැමිණීම ලංකාවේ අප සියලු දෙනාටම ආශීර්වාදයක් ගෞරවයක්. මමත් බෞද්දයෙක් ඒවුනාට තලෙයිබාන් සේනාවේ සාමාජිකයෙක් නෙමේ. මිට ඉස්සෙල්ලා පැමිණි ජුවාන් පාවුළු පාප් තුමා ගේ සංචාරය වෙනුවෙන් ගෝල්ෆේස් පිටියේ පිළිගැනිමේ උත්‍සවේ මණ්ඩපය සැරසුවේ මාපලගම විපුලසර හාමුදුරුවෝ. අන්න නියම බුද්ධ පුත්‍රයෙක්. (ස)
පහන් - කතෝලික ආගමේ ප්‍රධාන අය විතරයි එහෙම තොප්පියක් දාන්නේ. ගැහැණු උදවිය ගොඩක් වෙලාවට පල්ලියේ යාච්ඤා කරනකොට ඔළුව වැහෙන්ඩ වේල් එකක් දානවා, බෞධයෝ පන්සලට යනකොට සුදු අඳිනවා වගේ (දී)
දහසය වන සියවසේ සිටම ජේසු නිකායිකයන් විසින් ලක්බිම සිදුකල විනාශය හොඳටම ඇති. තවත් ජේසු නිකායික නායකයෙක් මේ හතර මායිමටවත් එන්න එපා. මොවුන්ගේ අඩු කුලේ පහත් වැඩ අපි හොඳින් හඳුනනවා. විශේෂයෙන් මේ පාප් තුමා ඊයේ ප්‍රකාශ කළා සමලිංගික ක්‍රියා සහ සමලිංගික විවාහ වලට විරුද්ධ වෙන්න ඔහුට ශක්තියක් නැති බව. මඩේ සිටවූ ඉන්නක් වැනි එවැනි කෙනෙක් උතුම් දේශයක් වන ලංකාවට එන්න එපා.
නිල රනේ , ඔබ වැනි පටුක අදහස් ඇති මිනිසුන් නිසා තමයි මෙම උතුම් රට පිරිහෙන්න ගත්තේ... ඔලුව පරික්ෂ කර ගත්තොත් හොඳයි වගේ. (ස)
මම හිතන්නේ අවුරුදු ගානකින් ඇවිත් නැහැ එතුමා ලංකාවට (දී)
1500 ගණන්වල අක්ක්‍රමනිකයන්ට රටවල් බෙදල දුන්නේ පාප්ල. ඒකනිසා ඇවිත් අපේරටට කරපුදේට සමාව ඉල්ලන කියමු. (දී)
නිල රනා - ඔයාට එහෙම කියන්ඩ කිසිම අයිතියක් නෑ. අනික ඔයා කව්රු කියලද හිතාගෙන ඉන්නේ? ඔයා හැබැයි කතෝලික බහුතරයක් ඉන්න රටවල් වල රවුං ගහනවා නේද? හැබැයි කතෝලිකයොන්ට මේ රටට එන්ඩ එපාලු (දී)
රනා කනා ගහනවා වගේ... (දී)
මෙතුමාත් රෙදි ඇද ගත්ත සාමාන්‍ය මනුස්සයෙක් . බයවෙන්ඩ එපා ,ඇවිල්ලා මොනවහරි කියලා යයි . (දී)
නීල රනා ,කියන අයට ජාතියක්, කුලයක් ,උත්තමයන්ට ගරු කරන්න කියල ,අඩු තරමේ මෞපියන්වත් කියල දීල නැති බව පේනවා (දී)
පහන් - මේ ලෝකේ මිනිස්සු හොඳ ආගම මොකක්ද නරක ආගම මොකක්ද කියලා හොය හොයා මේ ලෝකෙට බිහිවෙන්නේ නෑ. ඔයාගේ මානසික මට්ටම ගැන මම තේරුම් ගන්ඩ උත්සහ කරන්නේ නෑ කරලා වැඩකුත් නෑ. හැබැයි කියන්ඩ ඕනේ මම කතෝලිකයෙක් වෙලා මේ ලෝකෙට ඉපදුන එකට මම සන්තෝස වෙනවා මොකද මම ඔයා වගේ ආගම නළල උඩ තියාගෙන අනික් ආගම් වලට ගරහන්ඩ අපිට උගන්නලා නැති නිසා අනික ඔයාට වගේ හිතේ මගේ වෛරයකුත් නෑ. ඒකයි ඔයාගෙයි අපෙයි වෙනස. (දී)
හුමන් ඔයා බෞද්ධ රටක ඉඳගෙන නිකන් බුරන්න එපා වැද්දන්ගේ රටේ ඇයි ඉන්නේ . මම බෞද්ධයෙක් ඒ උනත් පාප් තුමා එනකටනම් මගේ කිසිම අකමැත්තක් නැ. ඒ වගේ ආගම් නායකෝ අපේ රටට එන්න ඕනා. මොකද අපේ අනිත් ආගම් වලට තියන නිදහස බලන්න. අපේ රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් අදහන්න නිදහස තියෙන්න ඕනා.අපි හැම ආගමකටම ගරු කරන්න ඕනා. මම අනිත් අයගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා පාප් තුමා ලංකාවට එන එක අපි කව්රුත් සතුටින් පිළිගමු. (දී)
මා හිතා ගන්න බැහැ මිනිස්සු මොකද මේ හැටි විරුද්ද වෙන්නේ කියල අ(දී)
රෝචෙල්, මම ජේසු නිකායිකයන්ගේ රටවල රවුම් ගහන්නේ නැහැ. ප්‍රෝටෙස්තන්ත බැප්ටිස්ට් පාසලක ඉගෙනගත් කෙනෙක් මමත්. රෝමානු සහ වෙනත් නිකායික කතෝලිකයොත් මගේ මිතුරෝ. නමුත් මෙවැන්නෙක් මගේ මව්බිමට එනවට මම විරුද්ධයි. (දී)
ත්‍රිපිටකය පරතෙරට ඉගෙන ගන්න මෙතුමන්ලගෙන් අපිට කවදාවත් අයහපතක් වෙන එකක් නැහැ මොකද බුදු දහම කියන්නේ අවිහිංසාවාදී දහමක්නේ සරණ යන අයත් අවිහින්ස වාදින්නේ ඔහේ ආපුදෙන් සාදරයෙන් පිළිගනිමු (දී)
නිල රනා - ඇයි ඔයා විරුද්ද? (දී)
සම්පත් කියන කෙනා අඩු අධ්‍යාපන ලාබියෙක්ද නේද ? හිතා ගන්න කතෝලිකයන් බහුතරය සාමය මත ජිවත් වන්නන් බව. (දී)
සම්පත් - මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා (දී)
ලක්ෂ්මන්, මේක බහු ආගමික රටක්. ඒක අමතක කරන්න එපා. එහෙනම් අනෙකුත් ආගමික ජනතාව එලවන්නද කියන්නේ? ආගමවාදය වපුරන්න එපා (නි)
හුමන්, මේක වැද්දන්ගේ රට තමා. ඒ වැද්දෝ තමා විකාශනය වෙලා අද ඉන්න මිනිස්සු වෙලා තියෙන්නේ. (නි)
රොවෙල් , මම මගේ ආගම ජාතිය වෙනුවෙන් කතාකරනවා. එහෙත් මම මෙතන කතෝලික ආගමටවත් පාප් තුමාටවත් අපහාස කර නැහැ. රෝචෙල්, ඒ ඔයා ගේ බුද්ධියට අනුව තේරුම් ගත්තු හැටි. (නි)
අපි කුඩා කාලයේ සිටම ආගම ඉගෙන ගන්නවා .ලොකු වුණහම තවත් අයට ආගම උගන්වනවා .ආගම ගැන ලියනවා , කියවනවා.ආගම වෙනුවෙන් සටන් කරනවා.නමුත් අපි ආගමට අනුව ජිවත් වෙනවද කියලා හිතලා බලන්න.ඉහත සමහර අදහස් වලින් ඒ බව පැහැදිලි වෙනවා නේද? (නි)
රොවෙල්, ඔයාගේ ඇස් මිත්‍යාවෙන් වැහිලා. (නි)
මර්සලින් ජයකොඩි පියතුමා කිව්වේ ,මගේ ජාතිය සිංහල ,ආගම කතෝලික ,මගේ උරුමය බෞද්ධ කියලා.එතුමා ලියපු සාෆ් තේමා ගීතය ,'සේදමලින් සැදී මුතුමල් දෙරනයි' ඔයාලට තාම මතක ඇති (නි)
මේ අදහස් උදහස් දාන උදවිගේ පැටිකිරිය යාන්තම් වුණත් දැනගන්න පුළුවන් කලින් කරපු කියපු කතා විමසා බැලුවොත් ටිකක්. සැකයක් ඇතිවෙනවා විරෝධී ආකල්ප වැකි දාන්නෙත් සැබැ විරුද්ධවාදීන්මද කියා (නි)
මේකට අදහස් ලියන එක අයෙක් හට ලියන්න පුලුවන්ද තමන්ගේ කියන ආගම අරගෙන ආවේ කොහෙන්ද කියා. මගේ මව ක්‍රිස්තියානි පියා බුද්ධාගමේ, මවගේ පියා ඉස්ලාම් පියාගේ මව ද්‍රවිඩ හින්දු. සියල්ල කලවම් වෙලා තියෙන්නේ. මට නම් කොයි ආගමත් එකයි. ජීවත් වෙලා ඉන්න ටික කාලේ අනිත් අයට කරදයක් නැතුව ජීවත් වෙලා තමන් පිළිගත්ත ආගමක් අදහන එකයි තියෙන්නේ. ලොව උත්තමයැයි පිළිගත් පුද්ගලයින් සිටින්නේ ඉතාම අල්පයයි. එවැනි උත්තමයෙකුගේ පැමිණීම කාගේත් වාසනාවට හේතුවේවි. (නි)
ලෝක ප්‍රජාවට අපේ රටේ තියෙන සුන්දර බව කියන්න මේක ලොකු අවස්ථාවක් කර ගනිමු. ආගම් බේදයකින් තොරව හොද අවස්ථාවක් (නි)
නිල් රනා කියන කෙනාට මේ කියන්නේ, ඔයාගෙ මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා.. (නි)
මේක නම් හොඳ දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. (නි)
පාප්තුමා එන එක හොඳයි (නි)
සියලුම කතෝලික සහෝදර සහෝදරියන් වෙත , අපි නිවට ජාතියක් නොවන බව මුළු ඉතිහාසය පුරාවටම ඔප්පුකර තිබෙනවා. ඔබ සහෝදරත්වයේ දෑත අපට දිගු කළොත් අපද ඔබට සහෝදරත්වයේ දෑත දිගුකරන්නෙමු. පාප්වහන්සේ සාදරයෙන් පිළිගනිමු. (නි)
සමහරුන්ගේ අදහස් ගැන ලැජ්ජයි (නි)
මම දන්නා විදිහටනම් අති උතුම් කෙනක්.උන්වහන්සේගෙන් මගේ බුද්ධාගමට කිසිම හානියක් නැහැ.උන්වහන්සේ කරුණාබර, දුරදක්නා නුවනක් ඇති ශ්‍රේෂ්ඨ තැනැත්තෙක්. බෞද්ධ මගේ උණුසුම් සුභ පැතුම්. (නි)
වැද්දෝ අද දියුණු වෙලා තියෙන්නේ යුරෝපීය අයගේ සංස්කෘතීන් නිසා. කව්ද දුම්රිය, පාලම්, තේවතු, කොළඹ වරාය වගේ දේවල් හැදුවේ. (නි)
අපි සියල්ලන් ෆේස්බුක් හරහා එක්වෙමු (නි)
අපේ මිනිස්සු මොන හොද වැඩේ වුණත් දකින්නෙ වැරදියට (නි)
මමත් බෞද්ධ. අපි පාප් වහන්සේව පිළිගනිමු. අපේ ඉතාලියේ කී දෙනෙක් වැඩ කරනවද? එම රටේ පල්ලි වලින් කී දෙනෙක් ජීවත් වෙනවද? අපි පාප් වහන්සේව දළදා මලිගට කැඳවා දළදාවට නමස්කාර කරවමු. අපිත් පාප් වහන්සේට නමස්කාර කරමු. (නි)
බමුණා, බොරු ප්‍රචාර කරන්න එපා. තවමත් බුරුමයේ 90% ඉන්නේ බොද්ධයෝ තමයි. (නි)
ෆ්රෑන්ක් දන්නවද, සුද්දා වැද්දා කාලේ තමයි ලංකාවේ රාවනා රජ්ජුරුවෝ දඩුමොනරේ හැදුවේ කියලා.ජර්මනියේ ඉන්න සුද්දෝකොහොමද ඕවා දන්නේ ,නේද ෆ්‍රෑන්ක්? (නි)
මම කතෝලික. මම නම් එක හදවතින්ම කැමතියි පාප් වහන්සේගේ පැමිණීමට. ඒක අපේ රටට ආශීර්වාදයක්. (නි)
හැම දෙනාම දැනගන්න ඕනෑ පාප් වහන්සේ ආගමික නායකයෙක් විතරක් නෙමෙයි එතුමා වතිකානුවේ රාජ්‍ය නායකයා , ඉතින් උන්වහන්සේට රාජ්‍ය ගෞරව දීලා පිළිගැනීම අනිවාර්ය වෙනවා. (නි)
හිතවත් වසන්ත, ඔයාගේ අදහස තේරුම් ගන්නවා. නමුත් පාප් තුමන් දළදාවට වදින්නේ නැහැ. නමුත් ඔයාගේ සහයෝගය අගය කරනවා. (නි)
මමනම බෞද්ධයෙක් නමුත් මගේ අකමැත්තක් නැහැ (දී)
පහන් වෙත, කතෝලික කියන්නේ පරම්පරා තුනකට කලින් ආගම පාවා දුන්න අය තමයි එතකොට ඔය හිතන්නේ මේ රට පටන් ගැන්මේ සිටම බෞද්ධ කියලද එහෙනං ඔයා මේ රටේ ඉතිහාසේ දන්නේ නැහැ මේ රට හින්දු මුලික ආගම් වුන රටක් රටේ ඉතිහාසේ දන්නේ නැතුව කියවන්න එපා .
මම බුදු දහමට ගරු කරන කතෝලිකයෙක්.ගොඩක් අය ආගම් භේදයකින් තොරව කතා කරද්දී සමහරක් කියන කතා වලින් බුදු හාමුදුරුවෝ 2013 හිටියා නම් කරන්නේ ඕකමද කියලා හිතෙනවා! ජේසු කරන දේ කරන්න හදන මම මට කතෝලික කියලා කියාගන්නවා, බෞද්ධ කියලා කියාගෙන ප්‍රශ්න ඇති කරන අය හිතන්න ඔය කරන්නේ බුදු හාමුදුරුවෝ හිටියා නම් කරන දෙයමද කියලා. ජේසු පිහිටයි (නි)
මෙහි අදහස් දා තිබෙන වැඩි දෙනෙක් හරිම කුහකයි.පටු විදියට හිතන අය.මෙවැනි අය නිසා ඉදිරියේදී මේ රටේ ආගම් බේදයත් ඇතිවෙයි කියලා මට හිතෙනවා. (නි)
ගොඩාක් වටිනා වැඩක්
පාප් වහන්සේ ඉන්න රටේ පන්සල් ආරම්භ කරන්න හොදයි නම් ඇයි පාප් වහන්සේ ලංකාවට එනවට බෞද්ධයෝ අකමැති? (නි)
පාප්තුමන්ව අප ඉතා ආදරයෙන් පිළිගන්නවා. ලෝක බෞද්ධ නායකයෙකුත් සිටියා නම් කොපමණ හොදද? (නි)
මෙතුමා ලංකාවට එන්නේ ආශිර්වාදයක් හැටියට,, ලෝකයේ අනන්ත කතෝලික රටවල් හමුවේ මේ පුංචි බෞද්ධ රට, බෞද්ධයන්ගෙන් උදුරා ගන්න වුවමනවාක් නැහැ (අ)