IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පාපන්දුවට ලැබුණු කෝටි 48 කට වෙච්ච දේ සොයයි

ශී‍්‍ර ලංකාවේ පාපන්දු සංවර්ධනයට සුනාමි ආධාර යටතේ පිරිනැමුණු රුපියල් කෝටි 48කට ආසන්න මුදලක් වැයකර තිබෙන ආකාරය පිළිබඳව විශේෂ පරීක්ෂණක් ආරම්භ කර තිබේ. එහි අරමුණ මෙම වියදම්වල විනිවිදභාවය සොයා බැලීමයි.

පාපන්දු නිවසේදී පෙරේදා (27 වැනිදා) පැවැති විශෙෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසා සිටියේ මෙම පරීක්ෂණය පැවැත්වීම පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ කීපදෙනෙකුගේ නොසතුටට හේතුවුවත් අවසානයේදී ඊට විධායක සභාවේ අනුමැතිය ලැබුණු බවයි.

පාපන්දු නිවසේදී පැවති මෙම විශේෂ මාධ්‍ය හමුවට රුද්‍රිගු මහතාගේ ඉල්ලිමක් පරිදි පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණි.

මෙම පරීක්ෂණය පැවැත්වීමට තීරණය කිරීමත් සමග රුද්‍රිගු මහතා මතු ආරක්ෂාව සඳහා රහස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇතිබව ද වාර්තාවේ.

ඒ ගැන මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ බලපැම් එල්ලවීමේ අවධානමක් තිබූ බැවින් තමා මෙම පියවර ගත්බවය.

රුද්‍රිගු මහතාගේ පැමිණිල්ලට අනුව ඔහුට ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ආරක්ෂාව ලබාදීමට අපරාධ විමර්ෂණ ඒකකය අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී මතුරට මහතා එකගවී ඇතැයි ද දැනගන්නට ඇත.

මෙම විමර්ෂණ කටයුතු කෙළින්ම රහස් පොලීසියට පැවරීමට හැකියාව තිබියදී පරීක්ෂණ මණ්ඩලයක් මගින් එය කිරීමට කටයුතු කළේ ඇයිදැයි මාධ්‍යවේදීන් කළ විමසුමකදී පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා පැවසුවේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කිරීමේ අරමුණින් තමා එවැනි පියවරක් ගත් බවය.

විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව ඉදිරි මාස තුනක කාලයක් තුළදී ලබාගැනීමට පාපන්දු සභාපතිවරයා අපේක්ෂා කරයි.

විශේෂ පරීක්ෂණ කමිටුවේ සභාපතිවරයා වන්නේ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාය. බි‍්‍රගේඩියර් එම්. ඞී. ඩබ්ලිව්. කාරියවසම්, රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි පද්මසිරි මුණසිංහ, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ, බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරතුංග සහ පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ යන මහත්වරු මණඩලයේ සෙසු සාමාජිකයෝ වෙති.

බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරතුංග මහතා මෙම පරීක්ෂණයේදී කී‍්‍රඩා ඇමතිවරයාගේ අධීක්ෂණ නිලධාරියා ලෙස ද කටයුතු කරයි. පරීක්ෂණ පවත්වන අවස්ථාවේදී ඒ සඳහා වරලත් ඉංජිනේරුවරයෙකු, වරලත් තක්සේරුකරුවෙකු, ගොඩනැගිලි ඉදිකිරීමේ විශේෂඥයන්ගේ සහ නිර්මාණකරුවන්ගේ සහයෝගය ලබාගැනීමටත් පරීක්ෂණ මණ්ඩලයට බලය පවරා තිබේ.

මේ අතර අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ශී‍්‍ර ලංකාවට සුනාමි පාපන්දු සංවර්ධන ආධාර මුදල් ලබාගත් අවස්ථා කීපයකදී පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගැනීමට පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරියෙකු කටයුතු කර ඇතැයිද චෝදනා එල්ල වී තිබේ. මෙම පරීක්ෂණයේදී ඒ ගැනද අවධානය යොමුකර සිටින බව රංජිත් රුද්‍රිගු මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.

පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත්වූ රංජිත් රුද්‍රිගු මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර්ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයේදී එහි සභාපති ජෝශප් බ්ලැටර් මහතා නොබෝදා මුණ ගැසුණි. ඉහත සඳහන් විශේෂ පරීක්ෂණයට පාදක වී ඇත්තේ ඔවුන්ගේ හමුවීම වුවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශී‍්‍ර ලංකාවට දුන් ආධාර පිළිබඳව බ්ලැටර් මහතා කිසිඳු අදහසක් නොදැක්වූ බව රුද්‍රිගු මහතා පවසයි.

‘‘සුනාමි ආධාර ගැන කතාවෙන් අප අතර ඇතිවුණේ යාපනය හා ගම්පහ පාපන්දු කී‍්‍රඩාංගණවල නව ඉදිකිරීම් සඳහා කර තිබෙන වැයකිරීම් පිළිබඳව මට ඇතිවූ ගැටළු කීපයක් සම්බන්ධයෙන් මා ලෝක පාපන්දු සමුළුවේ බලධාරින්ගෙන් කරුණු විමසා සිටි නිසාය’’

”ඊට පස්සේ ශී‍්‍ර ලංකාවට ඔවුන් ලබාදුන් සියලූ සුනාමි පාපන්දු සංවර්ධන අරමුදල් ගැන මට විස්තර දුන්නා. ඒවා පරීක්ෂා කර බැලීමේදී අඩුපාඩු රැසක් මට පෙනුනා” යයි ද රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.

සුනාමි ව්‍යාපෘති අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා ඔවුන්ගේ ඉදිකිරීම්  (කොන්ත‍්‍රාත්) ආයතන එක්ව කළ කටයුතු බවත් ඒවාට ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධ නොවූ බවත් එහි සමහර නිලධාරීන් තමන්ට පැවසූ බවද රුද්‍රිගු මහතා ප‍්‍රකාශ කළේය. 

‘‘කරුණු සොයාබැලීමේදී ඒවා බොරුබව මට අවබෝධවුණා. බැද්දගාන පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයට මේ වෙනකොට රුපියල් ලක්ෂ 1222ක් වියදම්කර තිබෙන බව දක්වා තිබෙනවා. නමුත් එහි කී‍්‍රඩාංගණය පුහුණුවීම් වලටවත් තවම සුදුසු මට්ටමක නෑ. කී‍්‍රඩකයෙකුට හරියට පන්දුවක් පිරිනමන්නවත් එය සුදුසු මට්ටමක නෑ.” එතකොට මේ වියදම් ඇත්තටම වෙලා තිබෙනවද කියන එකයි අපි මෙම පරීක්ෂණයේදී සොයාබලන්නේ’’ රංජිත් රුද්‍රිගු මහතා ලංකාදීපයට පැවසීය.    

 



අදහස් (0)

පාපන්දුවට ලැබුණු කෝටි 48 කට වෙච්ච දේ සොයයි

වරුණ Tuesday, 30 April 2013 07:36 AM

අර චින්තකලාවගේ දේශප්‍රේමින් මේ වගේ ප්‍රවෘත්ති කියවන්නේ නෙතුව ඇති මම හිතන්නේ? ඔය සල්ලි ටිකත් කාගෙ හරි බැංකු ගිනුමක ඇති පොඩ්ඩක් හොයල බෙලුවනම් හොදායි.(නදී)

:       0       0

බෙන්ජ Monday, 29 April 2013 08:37 AM

හෙල්පින්ග් හම්බන්තොට.(නදී)

:       0       0

මුරුගන් Monday, 29 April 2013 06:43 PM

අනේ මහත්තයෝ තඹ සතයක් දෙන්න එපා. දියුණු කරන පාපන්දුවක් නෑ. ඕව ගන්න අයගේ බඩවල් නම් දියුණු වෙනවා පාපන්දුවක් වගේ.(නදී)

:       0       0

මුරුගන් Monday, 29 April 2013 06:44 PM

සදරුවන්ලා වගේ මහත්තුරු මේවට කට අරින්නේ නෑ. ඇරියොත් කඩේ යන්නේ කාටද කියල මට්ටු වෙන නිසා. මන් නම් කියන්නේ සල්ලි දෙන්නම එපා.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 29 April 2013 02:54 PM

පරීක්ෂණ සාර්ථකව නිමකරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා ! (ස)

:       0       0

ඩී. උපුල් Monday, 29 April 2013 09:25 PM

අපට මෙතෙක් ලැබුණු විදේශ ණය, විදේශ ආධාර එකතුකරලා බැලුවනම් මේ රට සුරපුරයක් කරන්න තිබුනා. ඒත් අපේ කරුමෙට ලොකු උදවිය බෙල්ලක් පේන්නේ නැති විදියට පෘෂ්ටිමත් වෙන්නේ. (නදී)

:       0       0

කිරාන් Monday, 29 April 2013 04:22 PM

සුනාමි ආදාර ලෙස ගාල්ලට ජර්මනියෙන් ලැබුණු බිලියන ගානක රොහලකට ලැබුණු සල්ලි ගැනත් පරීක්ෂණයක් පටන් ගන්න. (ස)

:       0       0

සෑම් Monday, 29 April 2013 05:51 AM

නාරාහේන්පිට පැත්තේ ගියොත් වැඩි විස්තර හොයාගන්න පුළුවන්. සහතික ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 14 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 53 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 563 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1306 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 173 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 88 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38402 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site