ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 17 දෙනකු සහ සෙසු නිලයන් 161 දෙනකු විසිර යෑමේ උත්සවය අම්පාර කොන්ඩවටුවාන යුද හමුදා සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එල්.ඩබ්ලිව්.සී.බි.බී. රාජගුරු එහි ආරාධිතයා විය. පුහුණු පාසලේ සේනා විධායක බ්‍රිගේඩියර් එස්.එස්.වඩුගේ සහ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්. කස්තුරි මුදලි මහත්වරු එම අවස්තාවට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපගේ උත්තමාචාරය! (නි)
යුද්දය නිමාකරන්න අපේ වීරෝදාර සෙබළුන්ගෙන් වෙච්ච සේවය මෙතෙක් කියල කියන්න බැහැ. එයාලගේ ජීවිත ශ්‍රමය කැපවීම යම් යම් සිදුවීම් නිසා මේ දවස් වල අඩු තක්සේරුවට ලක්වෙලා. සමහර අය දීල තියෙන අදහස් දිහා බැලුවම ඒක ඕනෙම කෙනෙකුට තේරෙනවා. ඉතාම සුලු කීපදෙනෙකුගේ නොගැලපෙන ක්‍රියාවන් නිසා මුලු යුධ හමුදාවම පහත් ආකාරයට දාල අදහස් ප්‍රකාශ කිරීම මම දකින්නේ ඉතාම පහත් නින්දිත ගුණමකු ක්‍රියාවක් ලෙසයි. (නදී)
අනේ කවුරු හරි පට පට ගාලා ටිකිරි බණ්ඩාරගේ කටෙත් මසුරන් කුට්ටියක් හිර කරන්නකෝ, කුමාරිහාමිලා වත් නැද්ද. (දී)
අනේ මන්දා අප්පා
ඔය පුංචි ටිකිරිලා වගේ ලංකාවට අරාබි වසන්ත එනකම් බලා ඉන්න අයගේ ආශිර්වාදය අපේ හමුදාවට අවශ්‍ය නැහැ. අවශ්‍ය කොටසගේ ආශිර්වාදය හැමදාමත් හමුදාවට තියෙනවා. කාගේ හරි මතය ඉවසන්න බැරි උනාම නම අනුකරණය කරලා ප්‍රතිචාර දාන පිරිසක් ඉන්නවා. ඒ තරමට අපේ හඩ බලවත් කියලා කට්ටියට දැනෙන එකත් සතුටක්.(නදී)
කෙවීන්, කියන නමින්ම තේරෙනවා සිංහල කම. ඉතින් කොහෙද ආඩම්බරයක්. ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයි නේද?(නදී)
සමහරු මගෙන් අහනවා මගේ ළමයෙක් වෙඩි කාල මරුනනම් කොහොමද කියලා. මට ළමයි නැත, ඉතින් මට කමක් නැත කවුරු මලත්, ඇත්ත මම කඩේ යනවා, අට පාස් මට ලොකු තැනකට එන්න පුළුවන් උනේ කඩේ ගිහිල්ලා. රටට ආදරේ කලා කියලා මගේ බඩ පිරින්නේ නැහැනේ. හැබැයි කඩේ ගියොත් ගොඩම තමයි.(නදී)
හමුදාව දිහා සිවිල් ඇසකින් නොබැලිය යුතුයි. හමුදාව තම ස්වාමියාගේ නියෝගය පිලිපදිනවා විනා හොද නරක හොයා බලා කටයුතු කරන කොටසක් නොවේ. ඊට කදිම උදාහරණ වැලිවේරිය සිද්දියෙන් රටටම ලැබුනා. 88-89 කාලය මතක නම් ඊට වැඩ හොද උදාහරණ එතන තියෙනවා. එම නිසා අනවශ්‍ය විදියට හමුදාව වර්ණනා නොකළ යුතුයි. එය පිහියකින් ගෙල සිධ ගැනීමක්. යුද්දයක් නැතත් මේ විදියට රට හමුදාකරණය වීම අනුමත කරන්න පුලුවන්ද? (නදී)
හැම දේම කරන්න පුරුදු වුනාද හොදට. විශිෂ්ටයි සර්, සුබ අනාගතයක් !(නදී)
හමුදාවට ජය වේවා! (නි)
අද කාලේ රණවිරුවාට වෙලා තියෙන දී දැක්කම "වනේ වන හතුරෙකුටවත් මෙහෙම විපත්තියක් නම් සිද්ධ වෙන්න එපා කියලා හිතෙනවා" (නි)
ඉස්සර මමත් මෙයාලගේ වීරත්වය ගැන උදම් අනපු කෙනෙක්.දැන්නම් හරිම කලකිරීමක් තියෙන්නේ. (නි)
බන්දුල පෙරේරා, ප්‍රබාකරන් ජීවත් වුන කාලේදී මම මගේ බයිසිකලයට බලපත්‍රය ගත්තේ රුපියල් 250 ට.දැන් යුද්ධයක් නැතුවත් රුපියල් 750 ක් කරලා.දුම් ටෙස්ට් කියලා තවත් රුපියල් 450 ගන්නවා.අනේ ප්‍රබාකරන් හිටියා නම් අපිට මේ දුක අත් වෙන්නේ නැහැ නේද? (නි)
පිටබැද්දර ජයා,ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ කියලා තියෙන්නේ. (නි)
ගොඩක් හොඳයි මව්බිම වෙනුවෙන් සේවය කරනවා නම්. ඒත් එක දෙයක් කියන්නේ ඕනෑ. හමුදාව ඉන්නේ රට සහ රටේ ජනය ආරක්ෂා කරන්න. මට අර වැලිවේරියේ සිද්ධිය මතක් වෙලා කියන්නේ. අපි දැකලා තියනවා සමහර රටවල හමුදාව ඒ රටේ මිනිස්සුන්ට කොයිතරම් ලැදිද කියලා. ඒ වගේ රටේ මිනිස්සුත් හරිම ආදරෙයි හමුදාවට. ඒත් අපේ රටේ මිනිස්සු හමුදාවට ආදරේ වුණාට හමුදාවෙන් හම්බවෙන්නේ වෙඩි උන්ඩ. ඒ ගැන හරිම කණගාටුයි (නි)
අධිෂ්ඨානයෙන් පෙරට! (නි)
ජය වේවා! (නි)
බන්දුල පෙරේරා සමග එකඟයි. අපේ හමුදාව අපිට අමතක වෙන්නේ නැහැ. (අ)
සුබ පතනවා. අපේ හමුදාව ගැන ආඩම්බරයි. විනයෙන් ඉහළ හමුදාවක්. අනෙක් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපේ හමුදාව ඉතාම ඉහළ මානසික මට්ටමකින් ඉන්නවා. (නි)
මේ රටේ තිබුණු මර බිය නැති කරලා අපේ දරුවන්ට නිදහසේ හුස්මක් ගන්න ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන්නු නුඹලට මේ ගුණමකුවෝ සීමිත පිරිසක් අපහස කළාට ශාප කළාට මේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ ආශීර්වාදය හැමදාටමත් නුඹලට තියෙනවා. ගෞරවාන්විත හමුදා සේවයක් නිම කරලා,අපේ උතුකම් කොටස රට වෙනුවෙන් කරලා අපි අද විවේක සුවෙන් ඉන්නේ නුඹලා ගැන විශ්වාසය තියලා.සිංහල වේවා මුස්ලිම් වේවා දෙමල වේවා ඕනෑම දේශ ද්‍රෝහියෙකුට මේ රටට වින කරන්න ඕනෑම වෙසකින් එන ඕනෑම කෙනෙකුට ඔය අවිය එල්ල කරන්න දෙපාරක් හිතන්න එපා කවදාවත්.. (නි)
මම සුභ පතනව....හැබැයි අර වැලිවේරියෙ සිද්ධියත් මතක් වෙනව. මොකද ජනතාව තබාගෙන තියෙන විශ්වාසය ආදරය නැති වුණොත් එදාට ඉතිරිවන්නෙ විශාල ප්‍රශ්න ගොඩක්. (අ)
පට පට ගාලා තියන හැටි හොඳට ඉගෙන ගත්තද දන්නේ නැහ ? (අ)
අහිංසක මිනිස්සුන්ට නෙවෙයි අපරාධකාරයන් රටේ හතුරන්ට විරුද්ධව අවි ඔසවන්න ශක්තිය ලැබේවා. (අ)
හිතට අවංකවම කිසිම සතුටක් දැනෙන්නේ නැහැ මේවා දැකල. හැමෝම වැරදි නැතුව ඇති. කොහොම වුණත් මේ පින්තුර දකින විට කලකිරීමක් හිතට එනවා.
ඔය ඔක්කොම අපේම කොල්ලෝ. අහසින් වැටිලා නොවෙයි (අ)
එඩිතරව දිරියෙන් පෙරට! (නි)
අපගේ ශුභ පැතුම්!!! (නි)
අපේ සුභ පැතුම්! (නි)