සිය පෙම්වතිය සමඟ හුණුපිටිය ගංගාරාම සිමා මාලකය අසල සිටි සෙබළකු පොලිස් කොස්තාපල්වරයකුට පහර දී වරඳ පිළිගෙන කොස්තාපල්ට රුපියල් 25000 ක් ගෙවීමට එකඟ විය.
දෙපාර්ශවයට සිද්ධිය සමතයකට පත් කැර ගැනීමට කැමති විය.
වන්දිය කොටස් වශයෙන් ගෙවන ලෙස මහෙස්ත්‍රාත්වරයා සෙබළාට දැන්වීය.
ගංගාරාම සිමා මාලකය අසල විශේෂ රාජකාරීයේ යෙදී සිටි කොස්තාපල් පැවසුයේ එහි අසභ්‍ය ලෙස හැසිරුණු ජෝඩු තුනක් සිටි බවයි.එසේ නොහැසිරෙන ලෙස සෙබළාට පැවසු විට තමා යුද හමුදාවේ කෙනෙකු යැයි කියමින් පහර දුන්නේ යැයිද කොස්තාපල් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැතුව ගුටිකාලා ඇවිත් කියලනේ.. (නි)
යුද්දේ නැති නිසා මේ දවස් වල හමුදාව පිස්සු වැටිලා වගේ වැඩ කරන්නේ (නි)
කොහොමත් බොහෝ ආරක්සක නිලදරීන්ට මේවගේ උණක් තියනවා (අ)
යුද්දේ කාලේ හමුදාවට බදවාගත් 5 පාස් ළමයින්ට නිසි අධ්‍යාපනයක් දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. නැත්නම් ඉස්සරහට තව ප්‍රශ්න වැඩිවෙයි. (නි)
මේ වගේ අය තමයි මුළු හමුදාවම කන්නේ. (නි)
අයියෝ සල්ලි ! (නි)
රටකට ගිය කලක්! (නි)
දයාබර පෙම්වතිය, ටිකක් හිතා බලන්න. මෙපමණයි මට කියන්න තියෙන්නේ (නි)
ඕක තමා මේ අයගේ තරම ෙ ගනු දුන්නොත් අපි අමාරුවේ (අ)
පොලීසියෙ මාමලා ගුටිකාලාහරි සල්ලි ගන්නවා (අ)
"සොරි සර් මට සමාවෙන්න" කියන වචනේ රුපියල් 25000/= කට මිලදී අරන් (නි)
වීරයෙක් වුණත් මෝඩයෙක් නම් වැඩක් නැහැ (නි)
හැමෝම පෙම්වතාටනේ බනින්නේ ? පොලවේ පයගහලා ඉන්න අය දන්නවා ඇති පොලිසියේ මහත්වරු කොහොමද පෙම්වතුන්ට කතා කරන්නේ කියලා. ළගදී අපේ ඇමති තුමාලා එහෙම කිවුවා නේද තරුණ තරුණියන්ට කාමර වලට නොගිහින් ප්‍රේම කරන්න උයන් හදලා දෙනවා කියලා. ඒවා ඉක්මනට හදලා දෙන්න තරුණ අයට නිදහසේ ටිකක් ඉන්න. (නි)
දැන් පොලිසියේ අය එතන ඩියුටි කරන්න පොරකනවා ඇති. (නි)
දම්මිට අත්දැකීම් තියෙනවා වගේ ගෙදර ඉන්න එක්කෙනා ගැන (නි)
මේ නම් රණවිරුවෙක් නෙවෙයි. (නි)
හමුදාවේ රැස් පෙන්නුවේ වැලිවේරියේදීත් අහිංසක මිනිස්සුන්ට. ඉතින් පොලිසියට ගහනවා කියන එක කජ්ජක්ද? (නි)
ඉල්ලන් කනවා කියන්නෙ මේක තමයි.(ස)
ආමි එකේ අයට කැම්පස් යවල නායකත්ව පුහුණුවක් ලබා දිය යුතුයි (දී)
ඇයි මෙයාට වෙනමම නීතියක් ඕනෑ වෙලාද? (නි)
කවුරුත් මිනිසුන්සේ හැසිරිය යුතුය. නීතියට ගරු කළ යුතුය. (නි)
මුළු ජීවිත කාලයටම පෙම්වතියට මෙම සිදුවීම අමතක කිරීමට නෙහැකි වනු ඇති. (නි)
මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ (නි)
රණවිරු මානසිකත්වයේ අස්වැන්න ලැබෙමින් පවතී. (ස)
හා..හා..යුද හමුදාව අපකීර්තියට පත් වේවි.අපේ හමුදා සෙබළු මේ වගේ වැඩ කරන්නේ නැහැ.හමුදාවේ අභිමානය නැති වෙන නිසා චිත්‍රපටයක්වත් පෙන්නන්න දෙන්න හොඳ නැහැනේ.(ස)
පෙම්වතිය දැම්ම තියා හදා ගත්තේ නැත්නම් ඔය ඉක්මන් කේන්තිය නිසා අනාගතයේදී ඔය ඉරණම තමනුත් අත්විඳිය හැක, (නි)
නියමයි මචං. ඔයාට සැලියුට් ගහන්න ඕනෑ. (නි)
මේ මිනිස්සුන්ගේ ඔලුවේ ඇතුලේ තිබෙන දෙය මොකක්ද කියො මුළු ලෝකෙම රතුපස්වලදී දැක්කා. තව මොන කතාද? (නි)
ඔතන ඇමති පුතෙක් හිටියා නම් පොලිසිය අහක බලාගෙන යනවා.ඒවාට කතා නැහැ.ගහපු එකා හරියට හරි.කොන්ද පන තියෙන හමුදාවේ කොල්ලෙක්. (නි)
ඉල්ලගෙන කනවා කියන්නේ ඕකට තමයි (නි)
මේ අපේ විනීතම රණවිරුවෝ නේද? (නි)
පෙම්වතියට මොලේ තියනවා නම් එම සම්බන්ධය වහාම නතර කරන්න ඕනෑ. ඉස්සර කාලේ පෙම්වතෙකුට උදේ මූණ හෝදන්න ලොකු කොප්පෙකට වතුර දීලා කෙල්ල ජනේලෙන් ඇතුලේ ඉඳලා කෝප්පේ දික්කරහම කොල්ලා ජනේලෙන් අත දාලා අල්ලාගෙන. කෙල්ල දුවලා ගිහින් අම්මට එන්න කියලා පෙන්නලා කිව්වලු මට බෑ අම්මේ මේ වගේ මෝඩ මිනිහෙක් බඳින්න කියලා. (නි)
මම දැනගෙන හිටියේ නැහැනේ ලංකවේ ආමි එකට විශේෂ බලපත්‍රයක් තියෙනවා කියලා ඕනෑ දෙයක් කරන්න. (නි)
අපරාදේ සල්ලි (නි)
කවුද දන්නේ මෙයාවම කසාද බඳීද කියලා (නි)
මේ නීතියට ගරු නොකළ විනයක් නැති පුද්ගලයට රණවිරුවෙක් කියල ඔන්න සැබැ රණවිරුවන්ට අපහාස කරන්න ලෑස්ති වෙන්න එපා. (නදී)
ඔය ඉන්නේ හමුදාවෙන් විනය පුහුණු කරපු අය.(නදී)
පන්සලක ඔහොම නම් පිටදි නියමේට ඇති.(නදී)