රාගම රෝහලෙන් පැන ගිය බව කියන හෙරොයින් මත් කුඩු සැකකරුගේ ගෝලයකු ඇතුළු අට දෙනකු බොරැල්ලේ කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බොරැල්ල හා කෙසෙල්වත්තෙන් කුඩු කිලෝ 2 ග්‍රෑම් 200 ක් ද ජා ඇළින් කුඩු කිලෝ හතක් ද සොයාගෙන ඇත.
සැකකරුවන් අතර ගැහැණු දෙදෙනෙක් ද වෙති.
තුසිත චාමර නොහොත් දිලාන් පසුගිය දෙවැනිදා රාගම රෝහලින් පැන ගිය නමුත් මෙතෙක් අල්ලා ගැනීමට හැකි වී නැත.
බ්‍රහස්පතින්දා (17) විවාහ වීමට නියමිත කුඩු සැකකරු ද ඔහුගේ පෙම්වතිය ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙතියි පිරිස කියයි.
පෙම්වතාගේ ගෙදරින් හා කෙසෙල්වත්තෙන් කුඩු කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් ද පෙම්වතියගේ නිවසින් කුඩු කිලෝ හතක් ද සොයාගෙන ඇත.මල් පෝච්චි ,බෆල් ආදීයේ මෙම කුඩු සඟවා තිබු බවද පොලීසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාවට නඟන්න පුළුවන් නම් සරත්ගේ අදහ හොඳයි. ඒක සමාජයෙන් කුඩු වසංගතය තුරන් කරන්න තිබෙන හොඳ ක්‍රමයක්. (නි)
අයියෝ ජනතාවනි, මගේ රට! (නි)
මොවුන් දෙදෙනා අල්ලලා ඔය කුඩු ඔවුන්ටම පොවලා මොකද වෙන්නේ කියා බලමුද? (නි)
අපේ ගමට ගංජා ගේනවා. විකුනන්නත් ගමේ කෙනෙක් හිටියා. ඔක්කොම කොල්ලෝ එකතු වෙලා විකුණන කෙනාට පහර දීල විකුනන්න එපා කිව්වා. දැන් අපේ ගමේ ගංජා හොයා ගන්නවත් නැහැ. ආණ්ඩුවට අපේ දරුවන්ව විනාශ කරන කුඩුවලට තිත තියන්න බැරි නම් අපිට හරි කරන්න වෙනවා (නදී)
කුඩු ? (නදී)
සරත් ගංජා කියන්නේ අපේම නිෂ්පාදනයක්නේ මේක එහෙමද ? මේවා ගෝලීය නිෂ්පාදන. මේවා විකුණන මිනිසුන්ට ගහන්න ගිහින් ඇඩ්‍රස් නැති වෙයි පුතෝ (නදී)
මෙහෙම ගියොත් අපේ රට ඉවරයි. නැගිටින්න වෙලාව හරි (නි)
මොවුන් මේවා ගෙනවිත් අපේ අනාගත පරපුර විනාශ කරනවා. එතකොට ඔවුන් දෙන්නාගේ දරුවන්ට කන්න දෙන්නේත් කුඩු සල්ලි වලින්. (නි)
තවත් මේ වගේ වැඩ අපිට ඉදිරියේදී බලාපොරොත්තු. වෙන්න පුලුවන් වෙයි. (නි)
මේ විවාහයත් රූපවාහිනියේ මංගල වැඩසටහනකින් ප්‍රචාරය කරන්නද දන්නේ නැහැ නියමිත වෙලා තිබුනේ? (නි)
මනමාලිගේ අම්මාට හරි ආඩම්බර ඇති දුව ගැන (නි)
බොහොම යහපත් පවුල් සංස්ථාවක් ගොඩ නඟන්න හිටි දෙන්නෙක්නේ! මධුසමයට පාකිස්තානයට යන්නද දන්නේ නැහැ සූදානම් වෙලා හිටියේ? (නි)
කුඩු දැන් කිලෝ ගණන් වලින් වැඩ. කොහොමද ආශ්චර්යය? ආසියාවේ කුඩු කේන්ද්‍රය. (නි)
කුඩු වලින් කී දෙනෙක් රැකෙනවද.(අ)
මේක දැන් ගෘහස්ත ව්‍යාපාරයක් බවට පත්වෙලා. ලොකු අය කන්ටේනර් පිටින් ගෙන්වනවා, පොඩි අය තොග සහ සිල්ලර වශයෙන් බෙදා හරිනවා. ඒ අතර පොඩි එකෙක් දෙන්නෙක් අල්ලලා හිරේ දානවා. මේක නැති වෙන්නේ නෑ.(අ)
කිලෝ 50 හේ සිමෙන්ති කොට්ට ගණනින් කුඩු ගෙන්වන රටේ කුඩු කිලෝ 7 ක් කියන්නේ මොනවද එක අතකට? (නි)
මේ වගේ හැමතැනම වැටළීම් කරන්න පුලුවන් නම් ඇත්තටම හොඳයි (නි)
මෙතන කවුරුවත් පොලිසියට ස්තුති කරන්නේ නැද්ද? (නි)
මේ උදවියගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි? දැන් අර අලුත්ම මෝස්තරේට පන්සලේද දන්නේ නැහැ විවාහ වෙන්න හිටියේ . (ස)
මේ පෙම්වතිය ගේ ඡායාරූපයක් නැද්ද ? මගුල් කන්න සල්ලි හොයන්න ඕන මෙහෙමයි කියලා අපේ හැදෙන ගෑනු ළමයින්ට හොඳ ආදර්ශයක් දීලා තියනවා. (ස)
පන්සලේ ද කතෝලික පල්ලියේද, මුස්ලිම් පල්ලියෙද කියල කොහොමද දන්නේ නිශේන්. (ස)
පවු කියලත් හිතෙනවා (නි)
පවු! දෑවැද්දටයි, මඟුල් ගෙදරටයි සල්ලි හොයන්න හිතාගෙන කරන්න ඇති (නි)
අන්තිමට කියන්න නම් එපා, මේක වැරදීමක් මඟුල් ගෙදරට කේක් හදන්න ගෙනා පාන් පිටි කියලා. (නි)
නියම පෙම්වතුන්නේ! (නි)
කුඩු ග්‍රෑම් 20ක් ළඟ තබා ගත් අයෙකුට මරණ දඬුවම නියම වුණා ලංකාවේ අධිකරණයකින්. මේ අයට දෙන දඬුවම මොකක්ද? දැන් ඔය අල්ලන කිලෝ ගණන් කුඩු වලට මොකද කරන්නේ? විවෘතව ඒවා විනාශ කරනවද? මම මේ නොදන්නා නිසයි අහන්නේ. (නි)
අපිට දැන ගන්න ආසයි මේ මඟුල් උත්සවයේ සාක්කියට අත්සන් කරන්න හිටියේ කවුද කියලා. (ස)
අනේ, අපිට බලන්න මේ ජෝඩුවගේ පින්තුරයක් පලකරන්නකෝ. කසාද බැදලා දරු මල්ලන්ටත් කුඩු ටිකක් පොවාගෙන දෙයියනේ කියල ඉන්ට තිබුනනේ. (නදී)
රටම වනසන මේ ජාවාරම් කාරයන්ට මරණ දඩුවම ලැබිය යුතුයි. (නදී)
කාංචනා, නිශේන් , ඔහොම කියන්නේ සුදු වෑන් වලට බය නැද්ද ? (නදී)
කුඩු සමාජ ගතවීම වලක්වන්න පුළුවන් උනා වගේම. කුඩු මාෆියාව කඩන්නත් ශක්තිය ලැබේවායි කියා ප්‍රර්ථනා කරමු. (නදී)
ඉක්මනින් කෝටිපතියෝ වෙන්න පුළුවන් කෙටිම මග. (නදී)
ඕවත් තව ටික දවසකින් ලී කුඩු හෝ හඳුනා නොගත් රසායනික කුඩු අගයක් වේවි (නදී)
මේවා මගුල් ගෙදරට කේක් හදන්න ගෙනාපු පාන් පිටි වෙන්නත් පුළුවන් නේද අනේ. (නදී)