සැකකරුවකු පැය 48ක් පොලිසියේ රඳවා ගැනීමට හැකිවනසේ අපරාධ නඩු විධිවිධාන විශේෂ පනත පාර්ලිමේන්තුවේදී අද සවස වැඩි ඡන්දයෙන් සම්මත විය.
පක්‍ෂව ඡන්ද 110ක්ද විපක්‍ෂව ඡන්ද 33ක්ද ලැබිණි. එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසිරිමත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කොහේට ගමන් කරමින් තිබේද? (නි)
එහෙනම් බඩු මිළ අඩුවෙයි නේද? (නි)
පැය හතලිස් අටක් පොලිස් කූඩුවේ සිටීමට සිදුවීම ආචාර්ය තුමාගේ මාතෘකාවට අදාළ නැති වැල්වටාරම් කමෙන්ටුවක් කියවනවාට වඩා සැප ඇති කියා සිතේ.
මට හිතුනා ඔය දේ වෙයි කියාලා (ස)
ආචාර්යතුමා මෙච්චර දවස් කොහේද ගිහිල්ලා හිටියේ? (නි)
දැන් ඉතින් පොලිසි ඇතුළේ මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
ආසියාවේ ආශ්චර්යය... (නි)
දැන් ඉතින් ස්ට්‍රයික්, වර්ජන, උද්ඝෝෂණ කරන්නේ පරිස්සමින් හොදේ. (නි)
මේ නීතිය කලින් ගෙනාවා නම් ඒඑස්පී ගෙ ගහෙන් කොස්ගෙඩි දෙකක් කඩාපු අයට හොද දඩුවමක් දෙන්න තිබුණා. (නි)
විපක්ෂයේ ඉන්නේ 33ද? (නි)
ඒ වුණාට බලය කියන්නේ තාවකාලික දෙයක්. (නි)
ඒකට කාටවත් විරුද්ද වෙලා වැඩක් නැහැ (දී)
ඒ නිතියට විරුද්ද වෙන්න හේතුවක් නැහැ (දී)
පැය 48 නීතිය විතරක් නෙමෙයි සම්මත වුණේ. ලංකාවෙ කොච්චර ඔලමොට්ටලයොද ඉන්නෙ කියලා තේරෙනවා අදහස් බලපුවහම. වතු කම්කරුවො ඉන්දියාවෙන් බාරගන්න ඉදිරිපත් වෙනකොට ඡන්ද වලට කෑදරකමේ කට්ටියම අත උස්සලා තමයි පුරවැසිකම දුන්නෙ. හැම එකකටම හුරේ දාන අයට තේරෙන්න ඇහේ ඇනෙන්නම ඕනෑ. (නි)
හා දැන් ඉතින් ඔය නියමයි කියලා උඩ පනින කස්ටිය දන්නවද ඕකේ තේරුම මොකක්ද කියලා? සැකකාරයෙක් පොලිසියෙන් අල්ලාගෙන ගියාම දවස් දෙකක් යනකල් රඳවා ගෙන ප්‍රශ්න කරන්න පුළුවන්. ඇප දෙන්නවත් උසාවි ඉදිරිපත් කරන්නේවත් නැතිව. අවුල තියෙන්නේ ලංකාවේ පොලිසිය අල්ලාගෙන යන්නේ වැරදිකරයින්ව විතරක් නෙමෙයිනේ. ඉතින් නිවැරදි අයටත් දවස් දෙකක් නිකරුනේ ගුටි කන්න තමයි වෙන්නේ. ඔය නීතිය විශේෂයෙන්ම දේශපාලන විරුද්ධවාදීන්ව මඩින්න යොදාගන්න පුළුවන්. හැබැයි අපේ ළගම කෙනෙක්ට හරි අපිට හරි වැරද්දක් නැතිව දවස් දෙකක් පොලිසියේ ලගින්න වුණදාට තමා ඔය පනතේ රඟේ තේරෙන්නෙ. (නි)
අයියෝ පැය 48 නීතිය සම්මත වුණාද ? . වැරදි කරන්න ලේස්ති වෙන්න එපා හොඳේ . කෝටු මස් වෙලා තමයි උසාවියෙන් මතුවෙන්න වෙන්නේ (ස)
අයියෝ! මේ තුන්ගොල්ලෝ ඡන්දය දෙන්නෙම නැහැනේ... (නි)
අහිංසකයෝ කී දෙනෙකුට තට්ටු වෙයිද දන්නෙ නැහැ (නි)
දැන් ඉතින් උද්ඝෝෂණය කරලා හමාරයි. (නි)
ඒව හොද වැඩ (දී)
නියමයි, ඒක පැය 72 විතර කලත් කමක් නැහැ (දී)
මුළු රට පුරාම හොරකම් , මිනීමැරුම්, අපරාධ ඉයවහා ගිහිල්ලා. පොලිසිය වැනි නීතිය සුරකින ආයතන කෙරෙහි ඇති මහජන අප්‍රසාදය තදබල ලෙස දිනෙන් දින උග්‍ර වෙනවා. නීතිය සම්බන්ධව ක්‍රියා කිරීමට ඇති පොලීසිය, අධිකරණය වැනි ආයතන වලට ඇති අයථා බලපෑම් දිනෙන් දින උග්‍ර අතට හැරෙනවා. රටේ මිනිසුන්ගේ විශ්වාසය බිඳ වැටෙමින් මේ රට ආරාජිකත්වය කරා යාමේ අනතුරක්ද විද්‍යමාන වෙනවා. මේ තත්වය යටතේ ක්ෂණිකව මේ රටේ යළිත් වරක් නීතිය ස්ථාපිත කර මිනිසුන්ට බයෙන් සැකයකින් තොරව මේ රටේ සමඟියෙන් සාමයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස්කොට තැබිය යුතුයි. එයයි මේ රටේ අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු ආරක්ෂක ලේකම්තුමාගේ හා අවශේෂ ඇමති මණ්ඩලයෙහි වගකීම. ඉතින් ඒ තත්වය මත රටේ නීතිය රටට ගැළපෙන පරිදි සංශෝධනය කර යළිත් සම්මත කරගෙන එය නිවැරදිව අකුරටම ක්‍රියාත්මක කළ යුතුය යන අදහසේ මම සිටිමි. ඒ නිසා මේ පිළිබඳව ධනාත්මකව හිතන අතර මේ නීති සංශෝධනය රටේ බහුතර මහජනතාවගේ අනාගත ශුභ සිද්ධිය තකා භාවිතා කළ යුතුය යන අදහසත් මම දරමි. (නි)
නියමයි කියමයි කියන කට්ටිය එහෙම කියන්නේ මොනවා දැනගෙනද? (නි)
ජේ. ආර් කිවුවේ මෙම ව්‍යවස්ථාවෙන් පිරිමියෙක් ගෑනියෙක් කරන්නයි, ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි බැහැ කියලා.. ඒත් ඉස්සරහට ඒකත් වෙයි වගේ පෙනෙන්නේ. (නි)
"සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩි කරනු" කියලා යෝජනාවක් ගෙනාවා නම් සේරම පැනලා අත උස්සන්නේ. ඉතිහාසය බැලුවහම ඔක්කොම එකට ඒකාබද්ධව අත උස්සලා තියෙන්නේ ඒකට විතරයි. (නි)
මේ විදියට හැම පනතක්ම සම්මත වේවිද? (නි)
දැන් ඉතින් පොලිසියට පාලුවක් දැනෙන්නෙ නැති වෙයි. (නි)
නීතිය නම් හොදයි තමයි. නමුත් කොහොම ක්‍රියාත්මක වේවිද කියලා දන්නෙ දෙවියො තමයි. (නි)
නියමයි. ජය වේවා! (නි)
හොදයි හොදයි. (නි)
කවමදාවත් පාර්ලිමේන්තුවේ ඡන්දයකින් එයාලා පරදින්නේ නැති බව මට විශ්වාසයි. (නි)