(තරිඳු ජයවර්ධන)
පියා වෙනුවට බොරැල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙන් පුතකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යටපත් කිරීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව එම දරුවාගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා පාසල නිමවී බස් රථයට ගොඩ වීමට බස් නැවතුම්පොළේ සිටියදී යම් සිදුවීමකට මුහුණ දී ඇතැයි කියමින් දරුවාගේ මව පෙරේදා (29) බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
දරුවා බස් රථයට ගොඩ වීමට නැවතුම්පොළේ සිටිය දී නැනෝ කැබ් රියක් පැමිණ නැවැත්වූ බවත්, එහි සිටි පුද්ගලයකු දරුවා දෙසට ඇඟිල්ල දිගු කළ බවත්, අනතුරුව එහි සිටි පිරිස වාහනයෙන් බසිද්දී දරුවා වෙනත් පැත්තකට දුව ගොස් ඇති බවත් මව කළ පැමිණිල්ලේ සඳහන් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙසත්, එලෙස පැමිණිල්ල ඉල්ලා අස් කරගතහොත් පියාට එරෙහිව ඇති විමර්ශන සියල්ල නතර කරන බවත්, පැමිණිල්ල ඉල්ලා අස් කර නොගතහොත් බෝම්බයක් දමා පියා අත්අඩංගුවට ගන්නා බවත් දැනුම් දී ඇතැයි දරුවාගේ මව පොලිස් මූලස්ථානයට දැනුම් දී තිබේ.
පියා වෙනුවට මෙම දරුවා අත්අඩංගුවට ගෙන තිබුණේ පෙබරවාරි මාසයේ දී ය. දරුවා පොලිසියට ගෙන ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන පොලිසියේ තබාගෙන සිටිය දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ගොස් දරුවා බේරා ගත්තේය.
මේ සිද්ධිය සම්බන්ධ විමර්ශනය ලබන තුන් වැනි දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතය.පොලිස් මූලස්ථානයෙන් ද මේ ගැන විමර්ශනයක් ආරම්භ කර තිබේ.
------------------------------------
ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.
වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බලා පිටත්ව යයි
වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත් වැඩි කරමින් ලොව විශාලතම සමාගම් වල වට
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
පියා වෙනුවට අත්අඩංගුවට ගත් පුතාට බලපෑම්
ravin Friday, 31 March 2017 12:00 PM
මේ නිතිය අනුව සියලුදෙනා වෙත කරන කාරුණික දැනුම්දීමයි !! ළමයින්ගේ අච්චිලව පරිසම් කරගන්න.
Nilmini Friday, 31 March 2017 12:45 PM
ඔන්න අපේ පොලොස් කොට්ටෝරුවොන්ගේ හැටි. පාරේ යන අපිටත් බෝම්බයක් දමා අත්අඩංගුවට ගන්න දවස වැඩි ඇතක නෙවෙයි.
Pushpa Friday, 31 March 2017 01:43 PM
ලංකාවේ සමාජය පුරා පළි ගැනීම පැතිරිලා, එක එක ආකාරයට හැම තලයකම මෙය දැකිය හැකියි. වැරැද්දකට දඬුවම් කිරීමට නීති පද්ධතියට නොහැකි කල මිනිස්සු හිතට එන දේවල් සාධාරණීකරණය කරමින් එකිනෙකාට පහර දෙති. පාසල් පද්ධතිය උපයෝගී කරගෙන සාධාරණය සහ ගැටුම් විසදීමේ මුලික සංකල්ප ඉගැන්විය යුතුයි. වැඩිහිටි සමාජය තදින් නරක්වී හමාරයි.
sathyapala Saturday, 01 April 2017 02:08 AM
එංගලන්තෙ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ!