IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පියුමිගේ ආලේපනත් සීඅයිඩීයේ විමර්ශනයට

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මීට අමතරව පියුමි හංසමාලි පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යයි.

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරය  සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ  ලියාපදිංචි වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙන්වා ගත් එම තොරතුරු සම්බන්ධයෙන් ද  විමර්ශන ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (8)

පියුමිගේ ආලේපනත් සීඅයිඩීයේ විමර්ශනයට

අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 03 July 2024 06:28 AM

සීඅයිඩීයේ කට්ටියක් දැන් සුදුවෙලා, ආවහාම කාටද ආඩම්බර...?

:       0       7

ජගත් ලියනගේ Wednesday, 03 July 2024 07:56 AM

එයත් එක්ක කවුරු හරි ලොකු තරහකින් ඉන්න බවයි පේන්නේ. ලාබෙට දෙන්න බැහැයි කියලා වගෙයි එයාගේ දේවල්...

:       10       2

Lalla Wednesday, 03 July 2024 07:57 AM

ඇගේ කතාව ඇත්ත නම් රජය ඇයට උදව් කරන්න ඕනෑ. ඒත් ප්‍රමිතිය ගැන හිතන්න ඕනෑ. රටක ව්‍යවසායකත්වය කියන දේට සලකන්නේ නැතිව කොහොම දියුණුවට යන්නද?

:       2       9

Jagath Jayantha Wednesday, 03 July 2024 09:43 AM

මෙයා උපයන විට බදු ගෙවනවාද ? ටැක්ස් ෆයිල් එක විවෘත කරලා නැද්ද inland revenue එකෙන්? inland revenue එක පොල් ගානවාද?

:       0       16

fairoos Wednesday, 03 July 2024 11:03 AM

නිකන් කාලය නාස්තිකිරීමක් පමණයි.

:       1       7

dasun Wednesday, 03 July 2024 12:41 PM

අඳුරේ අතපත ගාන දෙයක් නෑ. හරි සරල විමර්ශනයක්... ඔය චෝදනා කරන වත්කමට ආදායම් බදු ගෙවලා තියෙනවද? එච්චරයිනේ මේ විමර්ශනය...

:       1       17

de silva Wednesday, 03 July 2024 03:47 PM

අනිවාර්යයෙන්ම ආදායම් බදු ගෙවලා නැහැ. ආදායම් බදු ගෙව්වා නම් ඔච්චර ලිපි ලේඛන ගෝනි ගණන් උස්සන් යන්න අවශ්‍ය නැහැ. ඉදිරිපත් කරන්න ඕනේ පසුගිය අවරුදු 5 ආදායම් බදු වාර්තා සහ ගෙවපු රිසිට් පමණි. හරි නම් මේ විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වෙන්න ඕනේ...

:       0       10

Ruwan De Silva Wednesday, 03 July 2024 04:42 PM

මෙයා කියන විදියට ලංකාවේ ජනප්‍රිය සන්නාමයක් මේක, ඉන්දීයාවේ ජනප්‍රිය Lakmé Cosmetics වගේ සමාගම් වලට තරඟ කරන සමාගමක් පියුමිගේ සමාගම, යුරෝපයේ වුනත් All In One Makeup Kit එකක් ඩොලර් 100-150ක් (රු 30,000-35,000) වෙන්නේ නෑ .එක්කෝ luxury brand වෙන්න ඕනේ. පියුමි හංසමාලි විතරක් නෙමෙයි ,ලංකාවේ ඉන්න ගොඩක් ව්‍යාපාරයන්, දේශපාලන හෙන්චයියෝ ඔක්කොම පරික්ෂා කරන්න ඕනේ. මේක ඉතින් ලී ක්වාන් යූ 1960-70 දශකයේ ආරම්භ කරපු මෙහෙයුම දියත් කරන්න ඕනේ. එතකොට තමයි ලංකාව දියුණු කරන්න පුළුවන් හොරුන්ගේ සල්ලි ටික රාජසන්තක කරලා.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1060 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 305 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2008 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 476 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 957 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 584 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site