අනවසර වැලි ට්‍රැක්ටරයක් අත්අඩංගුවට ගත් කොස්තාපල්ට පහර දුන් බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රුවන්සිරි පෙරේරා ද ඇතුළු 18 දෙනාට පුත්තලම මහේස්ත්‍රාත් උසාවියේ දී ඇප නියම විය.
මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා, රුවන්සිරි පෙරේරා ඇතුළු හය දෙනකුට රුපියල් 5000 බැගින් මුදල් ඇප ද, රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් ද නියම කෙළ්ය.
සෙසු සැකකරුවනට රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තේරුම් ගන්න ජනතාවක් 3014 වත් ලංකාවේ උප දින්නේ නැත. රට අත්හැර ගිය අපේ ළමයි වාසනාවන්තයෝ. (දී)
අනේ හොඳයි.! (දී)
නිතිය සෑම දෙනාටම පොදු වෙන්න ඕනේ (දී)
ඕක තමයි අද රටේ තත්වය.වැරැද්ද කල සැනින් අනෙක් අතට එළියටත් දානවා ඇප මත. (දී)
පොලිසියට ගහලත් දවසෙන් ඇප දුන්නා එහෙනම්. (දී)
"ඕක තමයි අද රටේ තත්වය.වැරැද්ද කල සැනින් අනෙක් අතට එළියටත් දානවා ඇප මත" ඔක්කොම අපේ මිනිස්සු. මෙව ලියන ඔබලත් පළාත් සබිකයන් තේරුවා නේද (දී)
බමුණු මට දැන් 46 වෙනවා.දන්නා කාලෙක ඔය කිසිවෙකුට කතිර ගැහෙව්වේ නැහැ.ගහන්නෙත් නැහැ රටට වැඩක් නැත්තම්. (දී)
මේවා ඇහෙනකොට ජීවිතේ සැන්දෑ සමයේ පිනක් දහමක් කරගෙන සැනසීමෙන් ඉන්න මවුබිමට ආපසු එන අදහස ඉබේම නැවතුනා. (දී)
ඉසුරන්දි ඔබ හරියට හරි (දී)
" මවුබිමට ආපසු එන අදහස ඉබේම නැවතුනා." මවු බිමට එන එක කොහොම උනත් මේ පැත්තට හැරිලා නිදාගන්නවත් එපා (දී)
දැන් අර පුත්‍රයා දන්සලේ පස්ස දොරෙන් රින්ගෙවූවා මදිවට සංවිධායකට තඩි බාපු කෙනාට මොකද වුනේ ? එයාටත් ඇප ලැබුනාද? (දී)
මේ පාර පලා බබා ඊලඟ පාර පාර්ලිමේන්තු යන්න විභාගේ පාස් උනා. (ස)
මෙි පුවතේ ඇත්ත කතාව නොදැන බොහෝ අය අදහස් ඉදිරි පත් කරලා තියෙනවා ඒක හරිම කනගාටුයි.මේ වැලි ටැක්ටරයක් නොවේ වැලි ලෑන්මාස්ටර් එකක් පුත්තලම අනුරාධපුර පාරේ 17 කනුව පදේශයේ අහිංසක ගොවිමහතෙක් තමන්ගේ කටුමැටි ගෙදරට උල්දිය දානවට බිමට සිමෙන්ති ටිකක් දාගන්න මේ වැලි ටික අසල ඇළකින් ගේන අතරේ පොලීසිය මේ වැටලීම කර ඇත්තේ දවස ගානේ සාලියවැව පැත්තෙන් හොර ලී හොර වැලි ලොරි යනවා පොලිසිය මෙවට කිසිදු නීතියක් කරන්නේ නෑ මේවා සහ ගහන අපරාධ අපිට විල්පත්තු කැලේට හෝ ඒ අසන්නයට කෝටු කෑල්ලක් කපා ගන්න යන්න බෑ අක්කර 22000 කැලේ ඩොසර් කරලා ගම්මාන හදන්න පුලුවන් අහිංසක සිංහල අපිට ද මේ ඔක්කොම (අ)
හැබැයි ඉතින් තෝරු මෝරු පෙනි පෙනී දැලෙන් පැනලා යනවා (නි)
මාලිංග, මෙතන ප්‍රශ්නය ගෙනගිය වැලි ප්‍රමාණය හෝ ගොවිමහතාගේ අහිංසකකම නොවෙයි. රාජකාරී කරන නිලධාරියෙකුට පහරදීමයි. ඔබ වගකිවයුතු නිලයක් දරන කෙනෙක් නම් ඔබට මේ වැනි අය නිසා රාජකාරිය කරන්න පුලුවන්ද? (නි)
මේවා සාධාරණීකරනය කරන අයත් ඉන්නවනේ? (නි)