නිවිතිගල හංගමුවේ රත්නෝදය මහ විද්‍යාලයේ පරගස් කැලෑව අද සශ්‍රීක කුරුඳු වගාවකි.
අක්කර තුනක් පමණ එම බිමේ වැටමායිමේ පුවක් ගස් සිටුවා ඇත.
2010 නොවැම්බරයේ වගා කළ මෙම කුරුඳු වගාවේ මංගල අස්වැන්න සඳුදා (30) පෙරවරු 9.30ට නෙළන බව විදුහල්පති ඇත්ඔය මහින්ද හිමියෝ කියති.
පාසලේ කෘෂිකර්ම විෂය භාර චමරා ඕපනායක මහත්මිය පවසනුයේ මුහුදු මට්ටමේ සිට අඩි 300ත් 500ත් දක්වා කුරුඳු වගා කළ හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බලන්ගොඩ. බලන්ගොඩ මුහුදු මට්ටමේ ඉඳල අඩි 1700 විතර උසකින් තියෙන්නේ. එහෙත් කුරුඳු වගා කරනවා. කොහොම වුනත් පාසල් කාලේම තමගේ දෙයක් කරගන්න උගන්නන එකනම් වටිනවා. නැත්නම් එක එක්කෙනාගේ ලනු කාලා "සුදුසුකම් වලට රස්සා දියව්" කියලා පාරේ තමා ඉන්න වෙන්නේ (දී)
බොහොම අපුරු කටයුත්තක් ජයවේවා (බ)
මම මෙම විදුහලේ සිසුවෙක් වීම ආඩම්බරයක් (නි)
කෘෂි අධ්‍යාපනය ප්‍රයෝගිකව ඉගැන්වීමට කිසියම් දුරකට වගා කටයුතු පාසල තුල සිදු කිරීමේ බලවත් වරදක් නැතත් ආදායම් මාර්ගයක් ලෙස ළමුන් ලවා පාසල් භුමියේ වගා කරවීම වරදක්. ඉස්සර දුෂ්කර ප්‍රදේශවලට පත්වීම් ලැබූ ගුරුවරු වංචාවෙන් මුදල් රැස්කලෙත් ඔය ක්‍රමෙන්ම ළමුන් වහලුන් බවට පත්කර වැඩ අරගෙනයි. පිරිවෙනක හෝ පල්ලියක හැර පාසලක සේවයට සංඝයා හෝ වෙනත් ආගම් නියෝජිතයෙක් නුසුදුසුයි. එබැවින් විදුහල්පති කමට එවැන්නෙක් කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ.(නදී)
මේ ස්වාමීන් වහන්සේට මේ වගේ හොඳට කටයුතු කරන්න දීර්ඝායුෂ ලැබේවා! අර කර්නල් පදවිය සඳහා වන පුහුණුවට උන් වහන්සේව අසු නොවේවා! (දී)
හොද වැඩක් (දී)
ඉතා අනගි වැඩක් (දී)
වැඩේ නම් ආර්ථිකමය වශයෙන් හොදයි වුනත් ස්වභාවික කැලෑවක් විකෘති කිරීමට නම් විරුද්ධයි. ලෝකෙන්ම ඉස්තරම්ම කුරුදු තියෙන්නේ ලංකාවේ විතරයි. ඉතාමත් ලාභදායි ආර්ථික භෝගයකි. (දී)
මෙහෙම විදුහල්පතිවරු තමා පාසල් වල ඉන්න ඕනෑ. හොඳ ආදර්ශයක් (දී)
කුරුදු වලට දැන් දැන් ගොඩක් ඉල්ලුමක් තියෙනවා විශේෂයෙන් බටහිර රටවල. දියවැඩියාව මඩින ස්වභාවික ගුණයක් තිබෙන නිසා. කුරුදු වලින් සාදන බිස්කට් වර්ග , කුරුදු කුඩු පානය කරන්ටත් මෙහෙ අය පුරුදු වෙලා.රටට හොද අදායමක්. (දී)
හොද විදුහල්පති කෙනෙක්. එම පාසලේම දිගටම තැබිය යුතුයි. වෙනත් අය එන්න වලිකන්න පුළුවන්. ඒවට ඉඩ නොතැබිය යුතුයි.(නදී)
කුරුඳු වගා කළ කිසි කෙනෙක්ට වැරදිලා නැහැ.නිසි පරිදි වගාවට අවශ්‍ය නඩත්තුව ලබා දෙන්නේ නම් අනගි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.කාලෙන් කාලෙට මිල ඉතාමත් හොඳ තත්ත්වයක තියෙන්නේ.අක්කර 3ක් වගා කළා කියන්නේ තැපුම් කුලිය පියවීමෙන් පසු අතට හොඳ ගානක් ඉතුරු වෙනවා. පාසලේ මුල්‍යයම පැත්තට හොඳ කල දසාවක් උදාවේවා! සිසු දරු දැරියන්ට අනගි මෙහෙවරක් සිදු වේවා! ඌරගස්මන් හන්දිය ,කරන්දෙණිය ,කට්ටියට කියලා බලන්න.අස්ප ගණන් නැතුව හොඳට කරයි (නි)
සාදිගේ අදහස හරියටම හරි , මේ වගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා 200 හිටියා නම් මේ රට ගොඩේ ගොඩ (නි)
ඕනෑ නම් ,මමත් ඇවිත් වත්තේ කුරුඳු තලන්නම් (නි)
එක මිනිහෙක් රටට වැඩක් ඇති එක දෙයක් ගණනේ කලොත් කොතරම් සේවයක් රටට වෙනවද? ඔන්න බුද්ධ පුත්‍රයෝ.සාදු ! සාදු !! සාදු!!! (නි)
මේ විදුහල්පති හාමුදුරුවෝ මම හදුනන්නේ නැතුවට හොදින් දන්නවා. කලින් හිටිය පලාවෙල රත්නාකර් විදුහලේත් මෙවැනිම ක්‍රියාදාමයක් පාසලේ නඩත්තුවට ඇති කළ සිය වැටුපත් පාසලටම වියදම් කරන කාර්ය සුර දක්ෂයෙක්. පගාවට ජරාවට ලෝල් වුණු විදුහල්පතිලා ඉන්න රටක උන්වහන්සේ සැමට ආදර්ශයක් වුනු සබැ බුද්ධ පුත්‍රයෙක් බව අහල තියෙනවා.(නදී)
කුරුදු වගාව නරක දෙයක් නෙවේ, දැන් කලේ කුරුදු තලන්න කෙනෙක් හොයාගන්න එක තමයි අමාරු. ඉන්න මිනිස්සුත් අස්ප ගණන් ඉල්ලන්නේ.(නදී)
දිවයිනේ හොඳම පාසල් ගෙවතු වගාව අනිවාර්යයෙන්ම රත්නෝදය විදුහල විය යුතුයි.කුරුඳු ආධායමෙන් ළමයින්ට පරිගනකයක් වත් ඇරන් දෙන්නේ නම් සුභයි !(අ)
හොඳ නැකත, හොඳ මිනිසුන් සහ හොඳ අදහස් නිතරම හොඳ ප්‍රතිපල දෙවි. (අ)