පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නැයි කියන සිද්ධියට එරෙහිව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයෝ ද විරෝධතාවයක් ඇරැඹූහ.
ප්‍රාදේශීය ලේකම්ට පහර දුන් පිරිස නීතිය හමුවට පමුණුවන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
(ඡායාරූපය හිරාන් ප්‍රියංකර ජයසිංහ)
(වීඩියෝ එච් චන්දන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමට වැඩකරන නිලදරින්ට පහරදීලා රෝහල් ගතකිරීම සාදරණද ? (නි)
ඉන්දික මට ඔයා ගැනත් දුක හිතෙනවා පව්......අනේ ..., සරෝජ් ඔයා සෞදියේද ඉන්නේ? තව ටිකක් ඉගෙන ගන්න. බන්දුල ලන්ඩන් පැත්තේ ගියේ නැද්ද? (නදී)
රන්ජනී ලන්ඩන්වල නොවයි ලොන්ඩන් පෙදෙසේ ඉන්නේ (අ)
සුධීරගේ හත්මුතු පරම්පරාවක එකෙකුට වත් රජයේ රැකියාවක් ලැබිල නෑ වගේ. රාජකාරි කිරීමේදී රජයේ සේවකයෙකුට පහර දීම බරපතල වරදක්. මොවුන්ට විරුධව දැඩි පියවර ගත යුතුයි.(නදී)
ඔය රන්ජනී ලන්ඩන් කියලා මේකේ ප්‍රතිචාර දන කෙනා සෞදි වලද කොහෙද ඉන්න නුගත් කෙනෙක්. ලන්ඩන් වගේ ෂෝ එකක් දාන්නේ. (නි)
රංජනී ගැන මට දුක හිතෙනවා. (නි)
එතකොට ප්‍රාදේශීය සභාවේ ලොක්කෝ සාමාන්‍ය මිනිසුන්ට හැමදාම, කරන පහරදීම්, කාන්තාවන්ට අතවර කිරීම් , කුඩා දැරිවියන් අතවර... එතකොටත් ඔය කට්ටියට උද්ගෝෂණ කරන්න තිබුණනේ. ප්‍රාදේශීය දේශපාලුවන්ගේ ජීවිත විතරද මේ රටේ ඉතුරු වෙන්න ඕනෑ? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මිසක් වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග දෙන්න ප්‍රාදේශීය ලේකම්ට බලය නැහැ නේද? (නි)
අරගොල්ලද මේ ගොල්ලද ගහලතියෙන්නේ (අ)
පුත්තලමෙනෙ බූරුවො ඉන්නෙත්.(නදී)
එකක් ඉවර වෙනකොට තව එකක් පටන් ගන්නවා. මේ මිනිස්සුන්ට වැඩ නැද්ද මම අහන්නේ අපිනම් පුවත්පතක්වත් බලන්නේ නිදාගන්න තියන වෙලාවට. ගැහුවනම් නීතියේ පිහිට පතන්න.(නදී)
හරියට හරි. රාජකාරිය හරියට කරන්න ගිහින් ගුටි කන්න වුවමනා නැහැ. අසංවරකම නිසා නීතිය අතට ගත් දාමරිකයන්ට එරෙහිව බලපෑමක් කර හෝ යුක්තිය ඉෂ්ඨ කරවා ගතයුතුයි. (නි)
ඇත්ත ඒගොල්ලන්ට කියන්නේ පුත්තලම් බූරුවෝ කියල.(නදී)
මේ වරද හදන්න පුළුවන් ජනාධිපතිතුමාට හැබැයි එතුමා පාක්සිකයෝ රකින්න කරන උත්සාහය නිසා රටම අගාදයට යනවා. රාජපක්ස යුගයේ රජයේ සේවයට කරපු අපරාදය ගැන ඉතිහාස ගතවේවි.(නදී)
නිලදාරිවාදෙට පන්ති බේදෙට එරෙහිව පඩි ගෙවන මහජනයා ඉවසල ඉවසලා බැරි තැන ගුටිපුජාවක් දීලා. නිලදාරිවාදියෝ තමන්ගේ නිලදාරිවාදී තන්ත්‍රය රැකගන්ට බෝර්ඩ් උස්සලා මෙතන බෙරිහන් දීලා වැඩක් නැහැ. ගන්න පඩියට හරියන්න වැඩ කරන්ට. ඕකට කියන්නේ අදත්තා දානය. (නි)
ප්‍රාදේශීය ලේකම් මොකටද එතනට ගියේ? නීති විරෝධී ලෙස මිනිස්සු පාර අවහිර කරනවා නම් පොලිසිය ලවා ඔවුන් විසුරුවා හරින්නයි තිබුනේ. ඒ නිසා විරෝධතාකරුවන් අත් අඩංගුවට ගතයුතු නැහැ. (නි)
පහර දුන් අය අත් අඩංගුවට ගත යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)