(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පේරක කලාපයට අයත් කළාඔය නිළබැම්ම ප්‍රදේශයෙ පිහිටි දැවැන්ත ගස් කැපූ සැකකරුවන් අට දෙනකු ඊට යොදාගත් සමග යන්ත්‍ර සුත්‍ර තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කරුවගස්වැව අඩවි වනජීවි කාර්යාලකියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නිලබැම්ම ප්‍රදේශයෙ පදිංචි කරුවන් සිව් දෙනකු හා රාජාංගනය ප්‍රදේශවල පදිංචි තවත් සිව් දෙනෙකු ඇතුළු අට දෙනෙක් බව වනජීවි නිළධාරින් පවසයි.
විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමට අයත් පේරක කලාපයෙ පිහිටි වසර 300 කට පැරණි දැවැන්ත ගොඩ කිරීල්ල ශාඛයක් ඇතුළු තවත් ශාක 17 ක් කැපිම සදහා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයා ලබා දී ඇති බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් මෙම දැවැන්ත සංහාර සිදුකර ඇති බව කියයි.
ඉඩම දිර්ඝ කාලින බදු පදනම මත වගා කිරීමට ලබා දීමට පෙර කිසිදු ලෙසකින් ජාතික වන උද්‍යාන මායිම් සැලකිල්ලට ගෙන නොමැති බවත් එලෙසම මායිම් නොසලකා හරමින් අදාල ශාඛ කැපිමට ප්‍රාදේශීය ලේකම් අදාල බලපත්‍ර නිකුත් කර ඇති බව කියයි.
මේ පිළිබදව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතාගෙන් කල දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දෙමින් මෙසේ පවසන්නට විය.
“ මේ ගැන අදාල ග්‍රාම නිළධාරි ලබා දුන් වාර්තාවක් මත තමයි බලපත්‍ර ලබා දීම සිදුව ඇත්තේ අනික කළාඔයෙන් මෙහා කොටස විල්පත්තුවට අයිති නම් මායිම් ලකුණු කර තිබේන්න ඕනා කිසිම මායිමක් නැතිව අපි කොහොමද දන්නේ මේ විල්පත්තුවද තබ්බෝවද කියලා යැයි ඔහු පවසන්නට විය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රා.ලේගෙ අවසරයෙන් පේරකයේ ගස් කපලා
de silva Friday, 07 April 2023 03:33 PM
කොහෙට අයිති වුණත් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව මහ කැලේ ගස් කපන්න අවසර දුන්නේ කවුද?
Sunil Friday, 07 April 2023 04:04 PM
මෙයා කිතුල් ගහකට එහෙම නැග්ගාද?
Mr Don Friday, 07 April 2023 06:58 PM
කෝ මේ රිෂාඩ් බදියුදීන්...?
kahawita Saturday, 08 April 2023 12:05 PM
ගොඩක් ප්‍රාදේශීය ලේකම්ලා කියන්නෙත් පල්හොරු...
Bamunuarachchi Tuesday, 11 April 2023 06:04 PM
විල්පත්තුවේ හම්බ සෙට් එක පදිංචි කරන කොට කපපු ගස්වලට මොකද උනේ?