ලග්ගල ප්‍රාදේශීය සභාපතිවරයාගේ පුත් විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් ලග්ගල කිවුලවාඩියේ අට හැවිරිදි පාසල් සිසුවකු අද පස්වරුවේ තුවාල ලබා පල්ලේගම රෝහලට ඇතුළු කළ බව ලග්ගල පොලිසිය කියයි. දෙපිරිසක් අතර ගැටුමක් මීට හේතුවන්නට ඇති බවත් සභාපතිගේ පුත් ලෙස්ලි කන්නන්ගර සමග කැබ්රියේ ගමන් ගත් බව කියන අයකු ද කැබ්රිය ද අත්අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබූවේ යැයි කියන ගිනි අවිය සොයාගෙන නැත. තුවාල ලැබූ සිසුවා මාතලේ රෝහලට යැවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අහිංසක සභාපති පුතා. පිස්සු බල්ලෙකුට තියපු වෙඩිල්ලක්ද දන්නේ නැහැ ළමයට වැදුනේ. එයාට තව සතියක් යනකොට ඉතිහාසය සම්පුර්ණයෙන්ම අමතක වෙන ලෙඩේ හැදේවි. මතකනේ අර අහවලාට හැදුන ලෙඩේ. දැන්නම් සනීපයිනේ දැන් රට යන්නත් පුළුවන්. හැබැයි ඊලග ඡන්දෙට එයාට නාම යෝජනා දෙන්නත් පුලුවන් වේවි. මෙහෙව් රටේ. මේක තමයි ආශ්චර්යය. (නි)
මාතලේ මිනිස්සු මෙවර තීරණයක් ගත යුතුයි. නැතහොත් වැරැද්ද දේශපාලකයින් නොව ජනතාවයි. (නි)
මේ රටේ මිනිස්සු තනිකර කලින්න පිස්සු (අ)
වසා, ඔයා කෑගහන්න එපා. මොකද අනිත් අයට තේරේවි , ඔයා කව්ද කියලා. (නි)
මෙතන වැරදි කරය අත් අඩංගුවට අරන් තියෙනවා.ප්‍රදේශීය දේසපාලනේ වැරදි කරලා අහු වුනු හෙමෝම රටේනීතිය අනුව උසාවිය ඉදිරිපිට ඉන්නවා..නඩු අහනවා..නීතිය අනුව දඩුවම් ලැබෙනවා..කාවවත් අර දනුලව වගේ හංගගෙන නැහැ..ප්‍රාදේශීය දේසපාලනේ අද නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රදේශයේ දේසපාලන බලවතාගේ පැවෙත්ම වෙනුවෙන් ඔහුගේ දෙසපාලනයට උදව් උපකාර ලබා ගැනීම සදහා මිසක් රටට සේවයක් කරන්න නෙමෙයි..මේ සමානුපාත දේසපාලන රටාවේ හැටි ඔහොම තමා..දුෂිත් පුද්ගලින් බිහිවෙන එක වලක්වන්න බැහැ..අදහස් දාන අය කියන විදිහේ සුදු රෙදි පොරවගත්ත හතර පෝයට සිල් ගත්ත දෙසපලකයෝ පත් කර ගන්නකො.එහෙම නම් (අ)
සෑම් ටිකිරි ඔබ හරි එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබට ඉඳගැනීමට බැරිවෙනවා ප්‍රබා නුඹගේ පස්සට බෝම්බ තියන නිසාවෙන් ඔබල හිටියේ කොහෙද ලංකාවේද (අ)
හැබැයි පුතෝ, වැරදිලාවත් හරකෙකුට එහෙම වෙඩි තියලා අහුඋනොත්, අඬු දෙකම කඩලා තමයි පස්ස බලන්නේ. ඔන්න ආයේ නොකී වයි කියන්න එපා. (අ)
දැන්වත් මේ ප්‍රා දේෂීය මැර දේශපාලුවන්ව තුරන් කරන්න. (අ)
ගුරුවරිය දනගස්සපු කෙනාටත් නාමයෝජනා හම්බ වුන රටේ මේවා නොවෙනවා නම් තමයි පුදුම වෙන්න ඕනෑ. (නි)
අපි ජනාදිපතිතුමා හොද පුද්ගලයෙක් කියන ඉස්තාවරයේ තාමත් ඉන්නේ. ඒත් දැනට මේ වෙන සිදුවීම් කන්දරාව දෙස බැලුවම දේශපාලකයින්ගේ අමන මැර ක්‍රියාවල් නොදැක, ඒවාට මැඩලීමට නිසි ක්‍රියා මාර්ගයක් නොගෙන සිටීමෙන් අපිට පෙනෙන්නේ දැන් ජනාදිපති සහ ආරක්ෂක අංශයේ වගකිව යුත්තොත් මේ හා සමානවම කරට කර වැඩ පෙන්නනවා ඇතියි කියලා. එහෙනම් ඇයි මේ අපරාධ දිහා ඇහැක් ඇරලා නොබලන්නේ. විනාශ වෙන්නේ. අපි ඔබ හැමගේම රට, අපි ඔබ හැමගේම සිරිත් විරිත්, චාරිත්‍ර , මිනිස් කම්. මේවා නැති තැනක රටක් දියුණු කරන්නේ කාට වාසය කරන්නද? මොකටද, අඩු තරමේ මැති ඇමතිලගේ දරු මුනුපුරන්ටවත් ජීවත් වෙන්න රටක් ඉතුරු වෙන් නැහැ. ජනාදිපතිතුමෝ, දෑස හැර බලන් රට දෙස. උතුම් මිනිසෙක් ලෙස දඩුවන් කරනු වැරදි සැමහට.(නදී)
සමහරුන්ගේ අදහස් මිසුන්ට වඩා හරක් සම්බන්දයෙන් තමයි දක්වලා තියෙන්නේ. අපේ දරු පරපුර නැති නාස්ති වී යනවා. ඉගෙන ගත්ත කෙනාට විශ්ව විද්‍යාල තහනම්. එහෙ දිගටම ස්ට්‍රයික්,පුළුවන් කෙනා රටින් පනිනවා. බැරි කෙනා හිරේ විලංගුවේ තපිනවා. අතොලොස්සක් සැප විදිනවා. දරුවන් ටික අත් හැරලා හරක් ටික රැකගෙන පරිස්සමින් උන්ව රට පුරා දක්කාගෙන ඔහොම ඉදිරියටම යමු. ජනාධිපති තුමාට කව්රුත් බනින්න එපා අරලියගහ මන්දිරයට ඇහෙන්නේ නැහැ රටේ අදෝනාව(නදී).
කෙලින්ම අපේ ලොක්කට කියන්න. ප්‍රශ්නේ නියම විදියට විසදලා දේවි. ඔව් ,මෙච්චර කාලෙකට අපේ ලොක්කා හරි තීන්දු තීරණ විතරයි අරගෙන තියෙන්නේ.(නදී)
පළාත් සභා හා ප්‍රාදේශිය සභා වලට 13 ට එහා ගිය විසදුමක් දී , ඉඩම් හා පොලිස් බලතල ලබාදීමෙන් මේ අපරාද මැඩලීමට පුළුවන. (නි)
මෙයාව අත්අඩංගුවට අරන් තියෙනවා. උසාවියට දාලා නීතියට අනුව දඩුවම් ලැබෙයි. මොකටද මේ කෑ ගහන්නේ.ඔය කෑගහන කට්ටිය කියන විදියේ හතර පෝයට සිල් ගන්න දේශපාලකයෝ මේ අනුපාත දේශපාලන රටාවේ ඇත්තෙ නැහැ.මේ රටාව වෙනස් නොකර කවුරු බලේට ආවත් මේ ප්‍රතිපලයම තමයි ලැබෙන්නේ.දැන් කට්ටිය මට බනී කඩේ යනවා කියලා. හරි හරි කට්ටිය මේ දුෂිත ආණ්ඩුව එලවලා හතර පෝයට සිල් ගන්න සියලු කෙලෙසුන් නැසූ ධාර්මික දේශපාලකයෝ ඉන්න ආණ්ඩුවක් පත් කර ගන්නකො. අනේ අපි නොදන්නා ලයිව්.. (නි)
නියම සිංහලයන් විදියට මෙවැනි සිද්ධියකදී හැසිරිය යුතු ආකාරය පහත දක්වා ඇත. 1. වෙඩි තැබුවේ ආණ්ඩු පක්ෂයේ අයෙක් නම් - එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. 2. වෙඩි තැබුවේ විපක්ෂයේ අයෙක් නම් - වහාම අත්අඩංගුවට ගෙන සැගවූ ආයුධ පෙන්වීමට ගෙන යා යුතුය. 3. වෙඩි තැබීමට ලක්ව ඇත්තේ හරකෙක් නම් සහ වෙඩි තබා ඇත්තේ සුළු ජාතිකයෙක් නම් (විශේෂයෙන් මුස්ලිම් ) - සියලුම සේනා කැදවා විරෝදතා දක්වා සියලුම මුස්ලිම් ව්‍යාපාර විනාශ කල යුතුය. ප . ලි . හෙළයන් යනු ලොව සිටින බුද්දීමත්ම ජන කොටස බව අද වන විට ලෝකයම පිළිගෙන තිබේ. (අ)
දේශපාලකයින්ගේ බලය මෙයින් පෙනෙනවා. ඇයි මේවාට ඉකමනින් තීරණ ගන්නේ නැත්තේ? (නි)
මට තියන ප්‍රශ්නය මේ රටේ ඉන්නේ ප්‍රාදේශීය සබා මන්ත්‍රිලා විතරද කියන එකයි (නි)
මේ තැතට හිතන නැද්ද දැනේ පුතාට වැදෙන්න ? (අ)
බලය විමධියාගත වෙලා එක තම එහෙම වෙන්නේ (අ)
දේසපාලන පෙරහුරුවක් නියත ලබන වසරේ පළාත් සබැ අප්පෙක්සේකයා ජයනියතයි (අ)
සමන් කුමාර තමයි හරියටම ඕනෑ දේ දාල තිබුනේ. අනිත් දේවල් ඉතින් සාමාන්‍යය දේවල්නේ, අපේ ආශ්චර්ය මත රටේ සිදුවෙන. මෙහෙම අයව පත් කලේ ඉතින් අපිම තමයි. අපි අපිටම ගහගන්න කාලේ දැන් ඇවිත් තියෙන්නේ. (නි)
ලොකු ලොක්කෝ පත්තර බලන්නේ නැතෙයි? (නි)
අපි මොනතරම් කහහුවත් වැඩක් නැහැ. මේක නිකන් බීරි අලින්ට වීන වාදනය කරනවා වගේ. ඉස්සර තමා සක්කරයාගේ පඬුපුල් ආසනේ රත් උනේ. දැන් මේ වගේ විගඩම් දැකල දකල උන්නාන්සේටත් ඇති වෙළාද කොහෙද. මේවට වග කියන්න ඕන අපි වගේ ජනතාවමයි. මොකද අපි වගේ අයනේ මේ මෝඩ හරක් ටික පත් කර ගත්තේ ඉතින් අපිම දැන් එවල ප්‍රතිපල ටික වින්දවමුදහම්දීපයකට ගිය කළ . ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමි තව ටික කාලෙකින් මේක ඉන්දියන් සාගරයේ පාතාලේ වෙයි. අපි පව්ඉතින් (අ)
දෙසපාලකයන්ගේ ළමයින්ට දේසපාලනයට ඒමට එක සුදුසුකමක් තමා මිනිහෙකුට වෙඩිතියල වැදෙනවද කියල බැලීම (අ)
ගරු ජනාධිපති තුමනි. ඔබට දැනෙනවාද... පේනවද... සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස් හා හැගීම් ... කරුණාකර ඔබේ අවධානය යොමු කරන්න. මෙවන් නරුමයන් ලගාකරන්න හදන්නේ ඔබේ විනාසයද? (අ)
මේ රටේ මිනිස්සු හරියට නටන්නේ පිස්සු. මේ මිනිස් ජිවිත ගවයාගේ ජිවිත තරම් වටින්නේ නැහැ. ගවයා නොමරා මිනිසුන් මැරුවාට කමක් නැහැ. මමත් එය අනුමත කරමි (නි)
මොළ හෝදපු අයව පුනරුත්තාපනය කරලා රට ලෝකය දෙස සාධාරනව බලන්න ඉඩ සලසපු ලංකාදීපයට අපේ ගෞරවය. (නි)
මධ්‍යම පළාතෙන් ඉදිරිපත් වෙන මෙම අපේක්‌ෂකයාගේ පෝස්‌ටර් ගැසීමට එන එක් තරුණයකුට දිනකට රුපියල් දහසක වැටුපක්, බත් පාර්සලයක් හා අරක්‌කු බාගයක් දීමට කටයුතු යොදා ඇත. "ගිනිකෙළි සහ ගිනි අවි" ගැන දන්නවනම් අන්න දම්මික පෙරේරාට ජොබ් එකක් තියෙනවා.(නදී)
තරින්ද, හා හා කට කට... (නි)
මෙයාට අර අහවල් එක්කෙනාට වගේ අමතක වෙන ලෙඩක් තියෙනවද දන්නෙ නැහැ. (නි)
තාත්තල කරන දේවල් පුතාල නොකරනවානම් තමයි පුදුමේ. අනේ අර අහිංසක දෙමව්පියෝන්ගේ දරුවා. ඉක්මන් සුවය ලැබේවා. ලග්ගල ජනතාවට දැන්වත් ටිකක් හිතන්න වේවි අනාගතේ තමන්ගේ දරුවට යන කල දසාව ගැන. ටිකක් හිතලා බලන්න කොතනද වැරදි කියලා. එතන එහෙමනම් අනිත් තැන් වල කවර කතාද තාත්තලා පුතාලා ගැන මීට වඩා හිතන්න ඕනේ.(නදී)
මේක බලන හුඟක් අය තාම යථාර්තයෙන් බොහොම ඈත බව තමා පේන්නේ. ප්‍රාදේශීය සභා වලට මැරයන් පත් කරලා තියෙන්නේ මේ රටේ ලොකුම ලෝක්කෝ දෙතුන් දෙනාම තමා. මොකද ඔවුන්ගේ රජයට විරුද්ධ බලවේගයක් අවොත් එම බලවේග ප්‍රාදේශීය මට්ටමෙන්ම යටපත් කරන්න තමා ඒ අය පත් කරලා තියෙන්නේ. ඉතින් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගනීවි කියලා හිතන එකත් විහිළුවක්. (නදී)
මෙන්න අපේ සමහර සිංහල නම් තියෙන සමහර වසලයෝ හිතන හැටි.."ඇත්තටම මිනීමරු ප්‍රබාකරන්ගේ කාලේදී අපිට කිසිම ගේමක් තිබුනෙම නැහැ.දෙවියනේ කියලා ලංකාවට ඇවිත් නිදහසේ ඉදලා නැවත ආවා.දැන් අපිට ලංකාවට එනවා කියද්දීත් ඇගේ මයිල් කෙලින් වෙනවා.දැන් ලංකාවේ දේශපාලනයට සම්බන්ද හැම කෙනෙක්ම චන්ඩි වෙලා.කොහෙන්,කාගෙන් කන්න වෙයිද කියන බය තියෙනවා."අනේ මොවුන්ටනේ මේ රට ත්‍රස්තවාදෙන් නිදහස් කරලා දුන්නේ..?? (නි)
ජනාධිපතිතුමනි, දෑස් යොමා බලන්න ඔබ යටතේ ඉන්න අය කරන කියන දේවල් දෙස. ඇයි එවුන් එළවන්නේ නැත්තේ.(නදී)
පසුගිය දවස් වල හැමදාම සිද්ද වෙච්ච දේවල් බලනකොට ප්‍රාදේශීය සභා වල ඉන්නේ පාතාලයෝ කියලා තමා මට නම් හිතෙන්නේ. කරපු වැරදි වලට දඩුවම් ලැබුන බවක් කිසි තැනක අහන්න දකින්න ලැබුනේ නැහැ. තාත්තලාගේ හයිය අරගන පුතාලා මේවා කරනකොට තාත්තලා පුතාලව බේරාගන්නවා. අපි මේවා කාටද කියන්නේ? (නි)
වෙඩි තියපු තුවක්කුව හොයාගන්න නැති නිසා වෙඩි තිබ්බා කියලා කොහොමද ඔප්පු කරන්නේ මං අහන්නේ. උසාවියේ කාලය නාස්ති නොකර නිදහස් කරන්න. (නි)
බන්දුල මහත්තයෝ, අනේ ඔයා විතරයි ඉදල හිටලා හරි ඇත්ත කතාවක් කියන්නේ. ඔය අනික් අය කියන්නෙම "ගොන් කතා". නෑ,නෑ සමාවෙන්න ගැහැණු කතා. එයාල හරිම කුහකයෝ. අර අමිල කොලුවාගේ අදහස නමේ තේරුමටවත් ගැලපෙන්නේ නැහැ නේද? මේ අය හිතන්නේ එයාලගේ කට්ටිය හතර පෝයට සිල් ගත්තම පින් ලැබෙනවා කියල. මෝඩ මිනිස්සු, ඒ ඉස්සරයි එහෙම පින් ලැබුනේ.දැන් තියෙන්නේ ඔය කොහේ හරි වෙඩිල්ලක් දෙකක් පත්තු කරලා, මස් කඩයක් එහෙම ගිනි තියලා,කට වැඩි අයව නඩුවකට දෙකකට පටලවලා පින් ලබාගන්න වැඩනේ.අනික අත් අඩංගුවට අරගෙන තියෙද්දී ඔච්චර කෑ ගහන්න ඕනද නේද?දැන් කට උත්තරයක් උනත් ඉල්ලා අස් කර ගන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් එයාලට නැද්ද මන් අහන්නේ? (අ)
හා හොදි කියන්න බලන්න ඔය එක් කෙනෙකුටවත් දඩුවම් දුන්නද කියො.අඩුම වශයෙන් එක් කෙනෙකුටවත්.රටක නීතියේ ආධිපත්‍යය බිද වැටුනා කියන්නේ සියල්ලම උඩු යටිකුරු වෙනවා.අද ලංකාව කියන්නේ මිනී කන්නන්ගේ දේශයක්.කොහොම තිබුන රටක්ද මේක.හරිම දුකයි. (නි)
සිසිර,ඇත්තටම මිනීමරු ප්‍රබකරන්ගේ කාලේදී අපිට කිසිම ගේමක් තිබුනෙම නැහැ.දෙවියනේ කියලා ලංකාවට ඇවිත් නිදහසේ ඉදලා නැවත ආවා.දැන් අපිට ලංකාවට එනවා කියද්දීත් ඇගේ මයිල් කෙලින් වෙනවා.දැන් ලංකාවේ දේශපාලනයට සම්බන්ද හැම කෙනෙක්ම චන්ඩි වෙලා.කොහෙන්,කාගෙන් කන්න වෙයිද කියන බය තියෙනවා. (නි)
එයා බැනුම් අහන්නත් ඇති මෙච්චර උගන්නලත් කෙලින් වෙඩි තියාගන්න බැරි වුනාට. (නි)
එක පුතෙකුටනම් ලංකාවේ ඉඩම් ඉන්දියන් සමාගමකට විකුනුවට ලක්ස 4000 ක් කොමිස් ලැබිල තිබුන .(අ)
හැමතැනම රටේ දුෂණය, භීෂණය,වංචාව,හොරකම,කොමිස් ඉහවහා ගිහින්. අනේ මගේ රටට ගිය කල! (නි)
මට මේ දවස් වල ප්‍රවෘත්ති කියවනකොට මතක් වුනේ අපි පොඩි කාලෙ ඉගෙන ගත්ත නපුරු ගිරවගේ කථාව. අපි තොරතෝන්චියක් නැතිව මරාපියව් කොටාපියව් කිය කියා ඉදලා දැන් ඒ හැම දෙයක්ම අපේ ජීවිත ඇතුලටම කිදා බැහැලා. මේ පුවතේ ඉන්න ප්‍රා. සභාපතිගේ පුතා එක් චරිතයක් පමණයි. සමූහයක් විදියට අපිට මේ මොකද වෙලා තියෙන්නේ කියලා බලනකම් මේ වගේ පුවත් හැමදාමත් අහන්න ලැබෙයි. කොච්චර ලස්සන රටක්ද ලංකාව. හැමෝගෙම ජීවිතත් ඒ තරමටම ලස්සන වුනානම්. (නි)
හැම තැනම රටේ දුෂණය, භීෂණය ඉහවහා ගිහින්. අනේ මගේ රටට ගිය කල! (නි)
ලංකාදීප පාටක සහෝදරින්ටයි මේ කියන්නේ. අපි බලමු මේ අවුරුද්ද ඉවර වෙනකම්, රටේ යහපාලනයක් ඇතිකරයිද කියලා. පාලකයෝ අඩු තරමේ එල්ලුම් ගහවත් ක්‍රියාත්මක කරයිද කියලා අපි බලමු. එහෙම නැති වුනොත් අපිටත් පුළුවන් අර ගිය සතියේ අපි දැක්කේ ,ඊජිප්තුවේ ජනතාව ගත් තීරණය. අපිටත් පුළුවන් අපේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න. අපි ජනතා වරම දුන්නේ අපිට අපේ දරුවන්ට නිදහසේ එක හැලියේ බත් ටිකක් උයාගෙන කාලා නිදහසේ අපේ සෙවනේ මරණ බයක් නැතිව ජීවත් වෙන්න. නිදහස් හැගීමෙන්, කොටි විනාශ වුනාට පස්සේ අපි උදම් වුනා,අපි තමයි ලෝකේ ඉන්න පින්කාර මිනිස්සු කියලා. අපිට දැන් නිදහසේ අපේ දරු මල්ලන් සමග නිදහස කියන අර්ථය භුක්ති විදලා,නම්බුකාර විදියට මැරෙන්න පුළුවන් කියලා. හනේ දෙවියනේ! අපිට දැන් පිට සක්වල ජීවීන්ගේ සරණ පතනවා හැර වෙන සරණක් නැත. බුදු බන බොරු නෙමේ. අපාය තියෙන්නේ මේ මිහිපිටමයි (නි)
මේව දැකල පුදුම වෙලා වෙඩක් නැහැ. මේවා ඉස්සරහට වෙනවා. නවත්තන්නත් බැහැ. හේතුව මොවුන් පත් වෙලා ඉවරයි. මෑතකදී අපි හොදට දැක්කා ප්‍රාදේශිය දේශපාලකයෝන්ගේ වැඩ. මොවුන් පත් කරා වගේ ඉවත් කරන්න ඕනෙත් ජනතාවයි. ඒ කියන්නේ වැඩේ තියෙන්නේ ජනතාව අතේ! හැමෝම පාරට බහින්නම වෙනවා! නැත්තම් ඉස්සරහට මේවා සුලු දෙයක්.(නදී)
ගුරුවරිය දණ ගස්සපු තුමාට ඡන්දයට නොමිනේෂන් දෙනවානම් තුවක්කු පත්තු කරපු පුතාගේ තාත්තට නොමිනේෂන් දෙන්න බැරිද. මේයා කවදා හරි ආයෙත් නොමිනේෂන් ගන්න කරපු වැඩක් මේක.(නදී)
ප්‍රභාකරන් ගෙන් අපිට මෙච්චර කරදර තිබුනේ නැහැනේ.(නදී)
අමිල කියන නමේ තේරුමට කිසිම ගැලපීමක් නැත. මෙයාට බුද්ධාගම ගැන බලසේනා ගෙන තියෙන්නේ පුදුම තරහක්නේ..මෙයා මම හිතන විදියට වෙන නමකින් අදහස් දාන වෙන ජාතියේ කෙනෙක්. කටේ තියෙන්නේ බැලුවොත් ආශ්චර්යය..අපරාදේ ලේ පුච්චාගෙන තව අවරුදු කීයක් තප්පුලන්න වෙයිද මෙයාට. (නි)
ආනන්ද ආර්, ඔයාගේ අදහසම තමයි මම දරන්නෙත්. දිනපතාම ප්‍රාදේශීය සභාවට සම්බන්ද අයගේ දූෂණ, මැරකම් සම්බන්ද සිද්දි දෙක තුනක්වත් අහන්න ලැබෙනවා. නමුත් කරන සේවයක් අහන්න ලැබෙන්නේ නැති තරම්. මේ සභා ඇත්තෝ චන්ඩිකම් කරන්න ගත්ත ලයිසන් එකක් විතරයි මේ.(නදී)
හෙට මස් කඩයකට ගිනි තිබ්බම මේක මිනිස්සුන්ට අමතක වෙලා යාවි. ළමයෙකුට නැතිව හරකෙකුට එහෙම වෙඩි තියල තිබුන නම් අපි බෞද්ධයෝ විධිහට විශාල විරෝධයක් පානවා. හැබයි මට තේරෙන්නේ නැහැ ළමයිද හරක්ද වැඩියෙන් වටින්නේ කියලා. ගවයා වෙනුවෙන් නම් අපි දිවි හිමියෙන් සටන් කරනවා.(නදී)
පුතා කලිසම් සාක්කුවේ මාරු සල්ලි ගන්න ඇත දානකොට වැරදිලා පත්තු වුනේ.අපේ පුතා හාවුන්ට, නරියන්න්ට තිබ්බට මිනිස් පරානෙකට ඔය තිබ්බමයි. දන්නැද්ද ඉතින් කොලු කමට.(නදී)
මේක පොඩි අයගේ සෙල්ලමක් වෙන්න ඇති. අනිත් එක ඇසින් දුටු ශාක්ෂි නැතුව ඇති. බය වෙන්න දෙයක් නැහැ කට උත්තරත් ඉල්ලා අස්කරවගන්න පුළුවනි නේ. මල් මාලා ටිකක් දල තත්තාවයි පුතාවයි වීරයෝ කරලා පිළිගමු. අපි ගමන් කරන්නේ සුභ අනාගතයක් කරා නේ.(නදී)
මේ දවස්වල යුරෝපයේ වසන්ත සමය උදාවෙලා මම රැකියාව කරන්නේ ඉතාලියේ දැනට වසර 13ක් වෙනවා. මගේ රැකියා ස්තානයේ රැකියාව කරන ඉතාලි ජාතික මිත්‍රයෙක් ඉන්නවා ඔහු මට කිව්ව දවසක් උබලගේ රට බලන්ඩ ආසයි යමුද ලංකාවට කියලා. මම කිව්වා මට රටක් නෑ කියලා. එතකොට මගේ යාලුවා ඇහුවේ මොකක්ද දන්නවද ? ඉතාලිය වගේම ලංකාවත් නැතී කෙරුව දේශපාලනය කරන උදවිය නේද ? කියලා මම ආයේ කතාකෙරුවෙත් නෑ ඔහු මගෙන් වෙන මුකුත් ඇහුවෙත් නෑ ? ඔන්න රටකට වෙච්ච දේ .(නදී)
මේක අමතක වෙන්නත් එක්ක හරක් මස් වලට විරුද්දව ජල්ලියක් අල්ලලා ක්‍රිකට් මැච් එකක් පෙන්වන්න අපට.(නදී)
දැන් ඇතිනේ මේවගේ ගොන් වැඩ. රට හදන්න කලින් මිනිස්සු හදමු.(නදී)
ඈත්තටම ප්‍රාදේශීය සභා වල ඉන්නෙ පිස්සො විතරමයි.(නදී)
ඇමති පුත්තු ලඟට දැන් ප්‍රාදේශීය සබාපති පුත්තුත් ඇවිත්. ඔක්කොම පුත්තු ටික එකතු වෙලා ඔන්න ඔහොම මිනිස්සුන්ට ගගහා, වෙඩි තිය තියා යනකොට දැහැමි සමාජයකුත් ගොඩ නැගෙනවා. රටත් සංවර්ධනය වෙනවා. අනේ වාසනාවන්. (නි)
අපි ඉගෙන ගත්තේ අ ,ආ යන්න මුන් තාත්තගෙන් ඉගෙනගෙන තියෙන්නේ අ, ආයුද කියලා. කොහොම හරි පුතා දේසපාලනයට එන්න අත් පොත තිබ්බා.(නදී)
අවිය අතුරුදන්, ඊළඟට පුතා අසනීප වෙලා අර අමුතු ඉස්පිරිතාලෙට යයි, ඒකෙන් එලියට ආවම කියයි මට මොකුත් මතක නෑ කියලා. ඔන්න එතකොටම අර වෙඩි කාපු අවුරුදු අටේ ළමයා කියයි මම තනියම මටම වෙඩි තියාගත්තා. ඊට පස්සේ තුවාල පිටින්ම ගිහින් තුවක්කුව අතුරුදන් කෙරුවා කියලා. මේ අසිරිමත් රටේ ඔව්වා බොහොම සාමාන්‍ය සිද්ධි.(නදී)
මෙහෙම ගියොත් පළාත් සභා මිනිසුන්ට එපා වේවි.(නදී)
ප්‍රාදේශීය සභා මැති ඇමති වරුන්ගේ බලය දැන් ඔවුන්ගේ බිරින්දැවන් සහ පුත්තු අතට අරන්. අනේ අපේ රටට ගිය කලක්. කසිප්පු කාරයෝ කුඩු කාරයෝ මැති ඇමති වරු උනාම රටේ ඔහොම දේවල් සිදු වෙනවා.(නදී)
බාල වයස්කාර දැරියන් දුෂණය කිරීම, වෙඩි තැබීම සහ හිංසා කිරීම ,ඩෙංගු රක්තපාතය ,යනාදිය නිසා දිනෙන් දින විනාශ වෙන දරු පරපුර වෙනුවට ගව පරපුර රැකගනිමු. දේශපාලන රැස්වීම් වලදී දරුවන් වඩා දරුවන්ගේ මව් වරු සතුටු කරමු. එවිට මේවා අමතක කර නැවතත් එල හරකුන්, එල දෙනුන්,පමණක් නොව මී හරකුන් ද අපේ ජය තහවුරු කරාවී.(නදී)
අනේ කාලේ වනේ වාසේ. ලංකාවේ පිස්සෝ රටේ මහා නීතිය අතට අරන්. අහිංසක මිනිස්සු කළේට රිංගා පල්ලා.(නදී)
අනේ මේ පුතාගේ මව් තුමියට අපහු කිරි එරෙන්න ඇති කරලා තියෙන හුරතල් වැඩේ දැක්කම.(නදී)
මම හිතන්නෙ මෙයා නින්දෙන් ගිහින් වෙඩි තියන්ඩ ඇති? ඒ වෙඩි වැදුණු ළමයගේ තාත්තව ගිහින් දණ ගැස්සුවනම් හරි. ඒ මන්ත්‍රීතුමාත් එහෙනම් ඉහළින්ම විභාගෙ සමත් උනා.(නදී)
මේ සභාපති පුතා නින්දෙන් ඇවිදින රෝගයෙන් පෙළෙනවා. ඒක හින්දා වෙඩ් වැදුණු සිසුවාට කියන්න ඔහුගෙන් සමාව ගන්න කියලා. අරයගේ හිත නරක් වෙනා හින්ද නඩු දාන්නත් එපා කියන්න. රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න මොහුට හැකිවේවි. ජනතාවට තවදුරටත් දෙවියන්ගේ පිහිට තමා.(නදී)
ප්‍රා: සභාපතිගේ පුතාලා නෙවි මේ අය. මේ අයට නාම යෝජනා දෙන්නේ මොන පුතාද?(නදී)
මේ ප්‍රාදේශීය සභා අය පෝලිමට තියලා දණ ගස්සන්න ඕනා.(නදී)
මෙන්න පළමු වෙනියා ලග්ගලින්. හොද ප්‍රවාත්තියක්.(නදී)
මෙන්න ආශ්චර්ය මහත්තයෝ.අපිත් දැන් ඇමෙරිකාවටත් වැඩිය ඉහලට යන කාලය එතරම් දුර නැති බව පේනවා.හෙට අනිද්දා කොළඹ කැසිනෝ හොඳට පටන් ගත්තම අපේ ගමේ කෙල්ලන්ටත් හොඳට හම්බ කරගන්න පුළුවන්. අපේ රට ආශ්චර්ය කරා වේගයෙන් පියාඹනවා. (නි)
හෙට කියයි වෙඩි වැදුන ළමයා තමාට වෙඩි තියාගත්තා කියලා, අනේ පවු අපි වේගේ ශ්‍රී ලාංකිකයෝ.(නදී)
පින්වත් ජනාධිපති උතුමාණෙනි රටම කන පළාත් සභා අපිට එපෝ.(නදී)
වෙඩි වැදුණු සිසුවා මාතලේ රෝහලට යවලා මේ සභාපති පුතා කොළොඹ පුද්ගලික රෝහලකට ඇතුල් කරන්න. එයාට පොලිසිය අධිකරණය වගේ තැන්වලට යන්න හොඳ නැති අසනීප තත්වයකුත් තිබෙන්න පුළුවනි. (අ)
ගරු ජනාධිපති තුමනි... ඇයි ඔබ මෙවැනි දුෂකයන්ට නිසි දඩුවම් නොදෙන්නේ. මෙවැනි පුද්ගලයෝ දහස්ගණන් ඔබට නැති උනාට කමක් නෑ. එක අහිංසක කෙනෙක් ආරක්ෂා කරන්න. එදාට ඔබ වටේට ලක්ෂ ගණන් එකතුවේවි. මෙවැනි දේවල් දිගටම සිදු උනොත්....?(අ)
රට මේ තත්වයට ගෙන ආ සියල්ලටම බුදු සරණයි, දෙවි පිහිටයි. (නි)
කොහොමද ආශ්චර්යය? දැන් බලනකොට ප්‍රභාකරන් හිටියා නම් මීට වැඩිය හොදයි කියලා හිතෙනවා. (නි)
නාලක, සරත්, ඔයගොල්ලෝ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ. අර කැලණිය පැත්තේ කෙනෙක් ඉන්නවා, එයා වෙනදාටත් වඩා හොඳ යහතින් ඉන්න හැටි පේනවනේ? (නි)
ජය වේවා! ලැජ්ජයි (නි)
මේ වගේ මිනිසුන් නැති රටක මතු අපි ඉපදේවා...! (නි)
මේක යකෝ මාර ආණ්ඩුවක් නේ ඇයි මේවට දඩුවම් නොදෙන්නේ?(අ)
ප්‍රාදේශීය මන්ත්‍රීලගේ ත්‍රස්තවාදයත් මඩින්න නම් හංගපු ගිනි අවි සොයන මෙහෙයුම මේ ගොල්ලන්ටත් ක්‍රියාත්මක කලයුතුය (නි)
මේ වෙඩිල්ල හරකෙකුට වැදුන නම් අනෙක් හරක් තප්පුලන හැටි උදේම බලන්න තිබුන. දරුවෙකුට වැදුන නිසා හරක් ටික නිදිද කොහෙද!(අ)
කොහොමද රටේ ආශ්චර්ය ? ජය වේවා.(අ)
දැන්වත් ජනාධිපතිතුමා නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් එතුමාගේත් නම ගොඩ ගන්න බැරි විදිහටම කැත වේවි.ජනාධිපතිතුමනි, ඔබට තවත් කල් තිබේ. ඔබගේ නමත් කැත කරන මේ චන්ඩින්ට ඉඩ දෙන්න එපා.මෙවන් දේ මෙලෙස සිදුවද්දී ජනතාවටද ජිනීවා යනවා හැර වෙන කුමන පිහිටක්ද? (නි)
මෙහෙම ගියොත් මේ වගේ පුතාලගේ මව්වරුන්ට කිවිසුම් ඇරලාම මැරෙන්න වෙනවා . සිංහල ජනගහනය අඩුවෙන්නත් හේතු වේවි . ඒ ගැන අපේ ගරුතර සේනාව සලකල බැලුවොත් හොදයි (අ)
මෙම ප්‍රා සංවිධානය මුලින් උපුටා දමන්න දැන් කාලය ඇවිත්. (අ)
තවත් ප්‍රාදේශීය සභා ආරංචියක්. මේගොල්ලෝ පුවත් මවනවනේ (අ)
මධ්‍යම පළාතේ ජනතාවට ඕනෑකමක් තියෙනවනම් මේ ප්‍රශ්නෙට විසඳුම සැප්තැම්බර් මාසේ වෙනකොට දෙන්න පුළුවන්. (අ)
මේක කාගෙවත් වරදක් නෙමෙයි මහජනතාවගේ වරද. බලන්න,ප්‍රාදේශීය සභා සබාපතිවරු කී දෙනෙක් සාමාන්‍යය පෙල පාස් අයද කියලා, දුකයි රට ගැන. (නි)
ළමයෙකුටද වෙඩිවැදිලා තියෙන්නෙ?මං හිතුවා ගවයෙකුට කියලා.එහෙම නම් අපි කෑගහනවා.(නි)
කොහොමද ආශ්චර්යය? දැන් බලනකොට ප්‍රභාකරන් හිටියා නං මීට වැඩ හොදයි කියලා හිතෙනවා. (නි)
බාල වයස්කාර දැරියන් දුෂණය කිරීම, වෙඩි තැබීම සහ හිංසා කිරීම ,ඩෙංගු රක්තපාතය ,යනාදිය නිසා දිනෙන් දින විනාශ වෙන දරු පරපුර වෙනුවට ගව පරපුර රැකගනිමු. දේශපාලන රැස්වීම් වලදී දරුවන්ටවඩා දරුවන්ගේ මව් වරු සතුටු කරමු. එවිට මේවා අමතක කර නැවතත් එල හරකුන්, එල දෙනුන්,පමණක් නොව මී හරකුන් ද අපේ ජය තහවුරු කරාවී.(නදී)
රට මේ තත්වයට ගෙන ආ අපේ නායකයන්ට තුන් සරණේ පිහිටයි. (නදී)
හොද පුතා....හු...හු..හුගක් හොඳායි.(නදී)
පෙරමුණ දැන්නම් නියම පාතාලයක් වේගෙන එන්නේ.(නදී)
මේ වගේ බුරු පුතෙක් හැදුවට තාත්තට වෙඩි තියන්න තිබුනේ.(නදී)
ආයුබෝවේවා....රනවිරුවනි!(නදී)