අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කළින් පිටවීදැයි සෙවීමට පත් කළ කමිටුව අනාවරණය කරගත් කරුණු ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත්, විභාගය අවසන්වීමට පෙර විමර්ශන අවසන් කරන බවට විභාග කොමසාරිස්වරයා පැවසුවත් ඊයේ (20) විභාගය අවසන් වන තුරු ඒ ගැන කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් ලංකා ගුරු සංගමය කියයි. එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතාකියනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සියල්ල බාර දී සිටීමට විභාග දෙපාර්තමේන්තුවට නොහැකි බවයි. විභාග පනත අනුව ප්‍රශ්න පත්‍ර පිටවීයැයි චෝදනා එල්ල වුවහොත් ඒ ගැන මූලික විමර්ශනයක් පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවට පැවරෙන බවත්, වංචාවක් සිදුව ඇතිදැයි යන්න එම දෙපාර්තමේන්තු සොයා බලා තීරණයක් ගත යුතු බවත්, ඒ අනුව වංචාව සිදු කළ ආකාරය ගැන සොයා බැලීමට හා අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බාර දිය හැකි බවත් ස්ටාලින් මහතා පැවසීය. ආතර් වෙදමුල්ල මහතා විභාග කොමසාරිස්වරයාව සිටින කාලයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවීයැයි ලැබුණු තොරතුරක් අනුව විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ගත ගත් බව පැවසූ ස්ටාලින් මහතා නීතිය ක්‍රියාත්මක නොවූ අවස්ථාද මෑත ඉතිහාසයේ තිබෙන බැවින් මේ අවස්ථාවේ හෝ හරි හැටි එය කළ යුතු බව ද පැවසීය. සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ තිබූ බහුවර්ණ ප්‍රශ්න 18ක් ඒ අයුරින්ම ටියුෂන් ගුරුවරයා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රයේ ඇතුවා පමණක් නොව එයින් ප්‍රශ්න 15 ක පමණ නිවැරදි පිළිතුර තේරීමට ලබා දුන් වරණ හතර ද සමාන බවත්, ප්‍රශ්නයකට අදාළ නිවැරදි පිළිතුර හා වැරදි පිළිතුරු තුන සමාන වන පරිදි කිසිසේත් අනුමානයෙන් ඒ ආකාරයටම සැපැයිය නොහැකි බවත් ජෝසප් ස්ටාලින් මහතා කීය. 2011 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් කඩඉම් අගය ගැන මතුවූ ගැටලුවේදී හිටපු විභාග කොමසාරිස්, අධ්‍යාපන ඇමති ඇතුළු බලධාරීන් පුණ පුනා කීවේ ගැටලුවක් නැති බව ද, දෙපාර්තමේන්තුවෙන් සහනයක් නොවූ තැන සිසුන්ගේ සාධාරණය පතා ලංකා ගුරු සංගමය අධිකරණයේ පිහිට පැතූ බව ද, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණය ඉටු වූ බව ද ස්ටාලින් මහතා පැවසීය. ඔහු පැවසුවේ පරීක්ෂණවල අරමුණ විය යුත්තේ වැරදිකළ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් කිරීම හා සිසුන්ට සාධාරණයක් ඉටු කිරීම බවයි. සාමාන්‍ය පෙළගණිතය ප්‍රශ්න පත්‍රයේ ද ප්‍රශ්න කිහිපයක් කිලින් පිටවී ඇති බවට සැකයක් පවතින බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ. ඒ ගැන විභාග දෙපාර්තමේන්තු සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු බවට ඒ හිමියෝ කීය. විභාග දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුව ගැන විසමීමට හා දෝෂ සහගත රූපසටහනක් ප්‍රශ්න පත්‍රයේ පළ කර තිබීම ගැන ගන්නා ක්‍රියාමාර්ග විමසීමට විභාග කොමසාරිස් ජනරාජ් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සම්බන්ධ කර ගැනීසට කිහිප වරක් උත්සාහ කළත් එය අසාර්ථක විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුවේ විද්‍යා ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන පරීක්ෂණ තවම අවසන් නැති බවයි. සබැඳි පුවත් විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා? ප්‍රශ්න 18ක් සමානයි ටියුෂන් ගුරුගෙන් ප්‍රශ්න කරයි
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ දරුවාවත් සරසවියට යවන්න මට තිබුණා ලොකු හීනයක්. ඒත් දැන් රට යන අත බැලුවහම ඒකත් ලොකු හීනයක්ම තමයි. (නි)
මෙවැනි රටක ඉපදුණු අපේ දරුවන් කොතරම් අවාසනාවන්තද කියලා හිතෙනවා මට. (නි)
පරීක්ෂණවල අරමුණ විය යුත්තේ වැරදිකළ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් කිරීම හා සිසුන්ට සාධාරණයක් ඉටු කිරීම .රටේ අධ්‍යාපනයත් දැන් ඉවරයි (ස)
ප්‍රශ්න පත්‍රය හීනෙන් පෙනුනාවද්ද? (නි)
"උපුල් 2012-12-21 07:19:23 පරණ දේවල් ගැන කතානොකර හෙට රට ගැන හිතුවොත් නරකද?" හෙට රට යන අත ගැන තමයි මේ කතාවත්. ඇයි ඔයාගේ හිත රිදෙන දෙයක් කියවුණාද? (නි)
"අසන්ක 2012-12-20 23:55:30 දක්ෂ ගුරුවරයෙකුට මෙවන් වූ දෙයක් කළ හැකියි. ප්‍රශ්න පත්‍ර පිටවූ බව අපට නම් පිළිගත නොහැකියි." එක කාරණයක් විතරක් පැහැදිලි කරන්න. ඇයි අර ප්‍රශ්න පත්තරේ සමාන වුණ ප්‍රශ්න 18ට විතරක් සිනා මුහුණක ලකුණක් දාලා තිබ්බේ? (නි)
රටේ අනාගත දරුවන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)
පරණ දේවල් ගැන කතානොකර හෙට රට ගැන හිතුවොත් නරකද? (නි)
ඉන්දියානු සාගරයේ මුතු ඇටය ගැන මට ඉතාම කණගාටුයි. (නි)
දක්ෂ ගුරුවරයෙකුට මෙවන් වූ දෙයක් කළ හැකියි. ප්‍රශ්න පත්‍ර පිටවූ බව අපට නම් පිළිගත නොහැකියි. (නි)
කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා. ඒත් කියන්න හිතෙන්නෙ නැහැ. (නි)
පැහැදිලි වංචාවක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
වැස්සට හා ගං වතුරට සේදී ගියා (ස)
මෙවන් අක්‍රමිකතා නැවත සිද්ද නොවේවා (දී)
පරීක්ෂණ පවත්වනකොට එහි විනිවිද බවක් තියෙන්න ඕනේ (දී)
රටේ අනාගත දරුවන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)
අපිටත් අහන්න තියෙන්නේ ඒකම තමයි (දී)
රටේ අධ්‍යාපනය ගැන අපිට හරිම දුකයි. (නි)
ලංකාවේ පොලිසියේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඔවුන්ට සොයාගන්න බැරි අපරාධ පිටුපස දේශපාලනය ගෑවී තිබෙන බවයි මගේ අදහස. (නි)
දැන් හුගක් අයට අධ්‍යාපනයේ වටිනාකමක් නැති පාටයි. (නි)
මේසැරෙත් ඇදගෙනම නායිවගේ..!(නු)
ස්ටර්ලින් මහත්තයා මෙයාලාගෙන් ඕව අහලා වැඩක් නැහැ..!(නු)
අයියෝ, ලංකාවේ සම්පත් ? (නි)