IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පෙරටුගාමීනට පොලිසියෙන් අරියාදු?

‘‘තවත් කළු ජූලියක් එපා“ යැයි කියමින් සම අයිතිය ව්‍යාපාරය විශාල බැනරයකට අත්සන් ගැනීමේ වැඩසටහන අද බොරැල්ලේ පැවැත්වෙද්දී ඊට පොලිසිය බාධා කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා කියයි.

පෙර අවසරයකින් තොරව බැනර් නොගැසිය යුතුයයි   කියමින් පොලිසිය අත්සන් සහිත බැනරය ගෙන ගිය බව ද,  පරිසර දූෂණය වන බව කියමින් අත්පත්‍රිකා බෙදීම නතර කළ බවද ජාගොඩ මහතා පවසයි.

සේනාධීර ගුණතිලක (ඕපාත) සහ තවත් පුද්ගලයකු පොලිසියට රැගෙන ගොස් මුදා හරිනු ලැබූහ.

කොළඹ කොටුව, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක මීට පෙර මේ වැඩසටහන පැවැත්වුවත් කිසිදු ගැටළුවක් ඇති නොවූ බව වැඩසටහනේ සංවිධායකයෝ කියති.

යාපනය, බණ්ඩාරවෙල, යටියන්තොට, නාවලපිටිය සහ ගාල්ල නගර වල ද අද මේ වැඩසටහන පැවැත්වෙයි.

IMG_20140723_125353 IMG_20140723_133356

_DSC0205[1] P230714_1016[02] P230714_1123

DSC_8836 DSC_8860



අදහස් (0)

පෙරටුගාමීනට පොලිසියෙන් අරියාදු?

සෝනා මැලේෂියා Wednesday, 23 July 2014 12:13 PM

මංගල මහත්තයාගේ කතාව හරි. ලංකාවේ තියෙන සහ ජිවනේ හොදටම ඇති. හැබැයි ලංකාව ඇතුලේ අන්තවාදී මුල දර්ම ගොඩ නගන්න හැදුවොත් කළු ජූලියට වඩා හපන් වෙනවා. ලංකාවේ හිටපු මුස්ලිම් මිනිස්සු අන්තවාදී කොටසක් නෙමෙයි. මේ ලෙඩේ ආවේ මැද පෙරදිග ගිහින් ආපු මෝඩයින් සුළු කොටසක් නිසා. වහාම අන්තවාදය නැවැත්විය යුතුයි. ප්‍රභාකරන්ට උණු දේ මතකයිනේ. (නදී)

:       0       0

අංජන Wednesday, 23 July 2014 12:25 PM

මංගල, ඔබ හරි (නි)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 23 July 2014 12:38 PM

මංගල කියන කතාව හරි (නි)

:       0       0

ලංකා Wednesday, 23 July 2014 01:08 PM

මේක අත්සන් ගහන කවුරුත් දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. (නදී)

:       0       0

සුනෙත් Thursday, 24 July 2014 06:32 AM

ලංකාවේ තියෙන තරම් සම අයිතියක් වෙන කොහෙවත් නැ . වෙනත් රට වල නීති මගින්ම සුළු ජාතීන්ගේ අයිති වාසිකම් සීමා කරනවා. උද:- මලයාසියාව, ඉන්දුනිසියව බලන්න ටිකක් හදාරල. නමුත් මේක සිංහල බෞද්ද රටක් කියන එක සිංහලය වගේම අනික් හැමෝම පිලි ගන්න ඕනේ. (නදී)

:       0       0

ගාමිණී Wednesday, 23 July 2014 01:34 PM

සෝනා, ඉතින් මැද පෙරදිග මිනිස්සු යවන එක නවත්වමු. ඔය ගෑනු උදවිය යවන එකට නම් මම කොහොමත් කැමති ණෑ. මගේ නෝනත් ඔහේ ගිහිල්ල ආවට පස්සේ හරිම අන්තවාදී වෙලා. මට කට අරින්ඩවත් දෙන්නේ නැහැ (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 24 July 2014 07:22 AM

සුනෙත්,අපි කවදාවත් මේක බෞද්ධ රටක් කියන එක ප්‍රතික්ෂේප කර නැහැ. ඔය අදහස් හා තර්ක කිසිවෙක් කිසිවිටක පිළිගන්නේ නැහැ. මුලින්ම ලාංකිකයින් කියන හැඟීම අපි තුළ එනතුරු මේ රට ගොඩගන්නත් බැහැ. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 23 July 2014 06:37 PM

සමහර ශෝබන වාදීන් (හාන්සිපුටු මාක්ස්වාදීන් ද ඇතුළුව) සිංහලුන් ලෝකයා ඉදිරියේ හොඳ මුහුණ පෙන්නන්න කළු ජූලියේ ලේ සමස්ත සිංහල ජාතියේම ගාන්න සෑදී පැහැදී ඉන්නවා. ඊනියා උගතුන්ද මේ පෝලිමට එකතු වීම ජාතියේ අවාසනාවක්. (නදී)

:       0       0

සමන් Wednesday, 23 July 2014 07:59 PM

කොහොමත් ආණ්ඩුවට හොද ඇසක් තියෙනවා. හැබැයි ආණ්ඩු විරෝධය නිවැරදිව හඳුනාගන්න. සුභ අනාගතයක් ඒවි ඉක්මනින් (නි)

:       0       0

සමන් Wednesday, 23 July 2014 08:03 PM

මංගල මහත්තයා නිකන් නොදන්නා දේ කතාකරන්න එපා.මොන බටහිර රටේද දන්නේ නැහැ ඔය කියන සම අයිතිය ඒ විදියටම දෙන්නේ? කියන්නකෝ අපිට දැනගන්නත් එක්ක (නි)

:       0       0

නිසාර් Wednesday, 23 July 2014 09:24 AM

කළු ජුනි ජුලි නැතිව කොහොමද ආණ්ඩු ගෙනියන්නේ (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 23 July 2014 09:39 AM

තවත් 1971 අපිට එපා. (නදී)

:       0       0

සෑම් Wednesday, 23 July 2014 09:40 AM

එතකොට පොලිසිය කියන්නේ තවත් කළු ජූලියක් ඕනෑ කියලද? (නදී)

:       0       0

නඩරාජා Wednesday, 23 July 2014 09:45 AM

ඒ ගමන මේ අය මේ මොකාටද එන්නේ (නදී)

:       0       0

අහිංසා Wednesday, 23 July 2014 09:47 AM

දැන් පොලිසියේ ඉන්න වැඩි පිරිසක් ලෝකය ගැන කිසිම දෙයක් දන්නේ නැති මෝඩ රැලක්. ඔයවගේ මෝඩ වැඩ ඉස්සරත් කළා. 1989 අඳුරු යුගයේදී ' ගම්පෙරලිය ' නවකතාව ළඟ තිබිලා කොල්ලන්ව පොලිසියට අල්ලාගෙන ගියාලු. (නදී)

:       0       0

ගාමිණී ප්‍රනාන්දු Wednesday, 23 July 2014 09:48 AM

අපරාදේ ඒ අයත් කීයක් හරි හම්බකරන්න එපැයි (නදී)

:       0       0

අප්පුහාමි Thursday, 24 July 2014 04:37 AM

මේ පෙරටුගාමීන් කියන පරපුටුවෝ රටේ තවත් ලේ හැලීමක් නිර්මාණය කරන්න තමයි මේ හදන්නේ. කළු ජූලියක් ඕන කරලා තියෙන්නේ මේ අයට තමයි. කටුනායක, රතුපස්වල සහ හංවැල්ල අමතක කරන්න එපා. මේවායේ අත්සන් කරන්න තරම් මෝඩ වෙන්න එපා. (නදී)

:       0       0

දිමුතු Thursday, 24 July 2014 04:51 AM

ඔය පෙරටු ගාමින් තමයි රෝහණ විජේවීර සහෝදරයාගේ දර්ශනය පාවා දුන්නේ. අහුවෙන්ඩ එපා (නදී)

:       0       0

මංගල Wednesday, 23 July 2014 10:56 AM

මට කියන්න තියෙන්නෙ එක දෙයයි. ඔය කියන සම අයිතිය ලෝකෙ මොනම රටකවත් නැහැ. ඔය බොරුව බටහිර රටවල් මවාපාන බොරුවැල්වලින් තවත් එක බොරුවක් විතරයි. ලෝකෙ ඕනම රටක සුලු ජාතීන් ඉන්නවා ඒ වගේම ඒ අයට කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. මහ ජාතිය සමග සහජීවනයෙන් ඉන්නකල්. කරුණාකරලා දැන්වත් ඔය බොරුව නවත්වන්න. ලංකාවෙ තියෙන ආගමික සහ ජාතික නිදහස ඉතාමත් හොදයි. මම මේ කියන්නෙ බටහිර රටක ජීවත්වෙන ගමන් සහ ඔය කියන සම අයිතියත් විදින ගමන් තමයි. (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 23 July 2014 11:03 AM

රට ගැන මේකෙන්ම පෙනෙනවා. (නදී)

:       0       0

අනුර Wednesday, 23 July 2014 11:19 AM

මංගල කියනා කතාව හරි ඕවා විකාර වැඩ (නදී)

:       0       0

ගිහාන් Wednesday, 23 July 2014 11:24 AM

පව් අප්පා. අහිංසාගේ උන තාම බැහැලා නැහැ වගේ. මොලයක් නැති කෙනෙකුට උන හැදුනම ඔන්න ඔය වැඩේ තමයි වෙන්නේ. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 24 July 2014 05:38 AM

අහිංසක දෙමළ මිනිස්සු අලෙවි කරලා ඩයස්පෝරාව හම්බ කරන සල්ලි වලින් යැපෙනවට වඩා කැට එකතු කරලා යැපෙන යාචකයො නම්බුකාරයි. රට ජාතිය පාවලා දීල ජීවත් වීම ලජ්ජාවක් නැද්ද මන්දා?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 485 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 231 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3192 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1133 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 593 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1963 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site