ටැංකි මාළුවා වශයෙන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ ධීවරයන් විසින් හැඳින්වෙන ටැංකි ශෝධක නම් මාළුවන් ගෙන් කරවල උම්බලකඩ හා සැමන් නිෂ්පාදනය කළ හැකි බව පේරාදෙනි විශ්ව විද්‍යාල කෘෂිකර්ම පීඨ ධීවර අංශය කියයි.
නිවෙස්වල මාළු ටැංකි සුද්ධ කිරීම සඳහා යොදා ගත් ස්කැවෙන්ජර් නම් මාළුන් පස් වසරකට පමණ පෙර පොල්ගොල්ලට දමන්නට ඇතැයි ද දැන් එහි එම මාළුන් ගහනය බෙහෙවින් වැඩි වී දැලක් දැමූ විට මිරිදිය මාළුන් තිදෙනකු අසුවන විට ටැංකි මාළුන් විස්සක් පමණ අසුවෙතියි ධීවරයෝ කියති.
මෙම මාළුන් සෙසු මාළු බිත්තර හා පාසි ආදී දේ කා දැමීම නිසා වෙනත් මාළුන්ගේ බෝවීමද සීමා වී ඇතැයි ද දැල් පවා ඉරී යතියි ද ධීවරයෝ කියති.
ඇතැම්විට ටැංකි මාළුවා අඩි දෙක හමාරක් දිගට වැඩෙන බව ද ඔවුන් සඳහන් කරති.
දැල්වලට අසුවන මාළුන් කෑමට නොගන්නා බවත් ඔවුහු පවසති.
පේරාදෙණි සරසවි පර්යේෂකයන් පවසනුයේ රජයෙන් හෝ පළාත් සභාවෙන් ව්‍යාපෘතියක් අරඹතොත් ඊට අවශ්‍ය සහාය දීමට හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමන් කියන්නේ වෙනම මාළු වර්ගයක් නේද? (අ)
මාලුවෙක් ටින් කරන්න හදපුවම හැමෝම අකමැතියි වගේ. හෙරෝයින් ටින් කරලා කන්ටේනර් ගණන් එන්නේ. ඒ වගේ ඒවාට විරුද්ද වෙන උදවිය එහෙම නැද්ද මේ රටේ.(නදී)
සල්මන් කියන්නේ ටින් මාලුවලට කියන නම නෙමෙයි. ටින් මාලු වලට කියන්නේ සාඩින් කියලා. (නදී)
ජෛව විවවිධත්වයට මෙම මාළුවා දැඩි තරජනයක්. දැන් බොහෝ මිරිදිය ජලාශවල මේ මාළුවා බෝවෙලා. උලාකන්නෙක් බැවින් පෘෂ්ඨයන්හි තැන්පත්ව ඇති මාළු බිත්තර මෙම මාළුවාගේ ආහාර බවට පත්වෙයි. දේශීය මිරිදිය මත්ස්‍ය ගහනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන මෙම මත්ස්‍යයින් ගහනය කඩිනමින් පාලනය කළ යුතු වෙයි.(නදී)
ඔය තර්කය හරි නම් ලංකාවෙන් පිස්සු බලු රෝගය තුරන් කරන්න තියෙන හොදම ක්‍රමය මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.(නදී)
මේ මාලුවා අපේ පරිසරයට ඉතාමත් හානියක් කරන මත්ෂ්‍ය වර්ගයක්. මොවුන් අපේ දේශිය මත්සයින් විනාශ කරනවා. මම නම් හිතනවා මොවුන් විනාශ කරන හොඳම ක්‍රමය මෙය තමයි.(නදී)
ඇත්තටම සැමන් කියන්නේ උතුරු අත්ලන්තික් වගේ මුහුදු කලාපවල වෙසෙන මාලු වර්ගයක්. ලංකාවේ අපි සැමන් කියන්නේ ටින් මාලුවලට, ඒවට ගන්නේ මැකරල් කියන පොදු නමින් හඳුන්වන මාලු ජාති මම දන්නා විදියට. මිල අතින් ගත්තත් සැමන්වල මිල වැඩියි.(නදී)
මිනිසා විසින්ම පරිසර තුලිතතාවය වෙනස් කර අහිංසක සතුන් පිට වරද පටවා එම අහිංසකයන් මරාගෙන කෑම කෙතරම් වැරැදි ක්‍රියාවක්දැයි සිතා බලන්න.. සියලු සතුන් ජීවත් වීමට අශා කරයි (දිල්)
සැමන් කියන්නේ වෙනත් මාළු වර්ගයක්... දන්නා තරම තමයි.. (අ)
අපේ රටේ මිනිස්සු වගේ සත්තුත් වෙනස් වෙලා වෙන්න ඇති (අ)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුපපත් වෙත්වා (අ)
ලංකාවේ සැමන් ටින් වල විකුනන්නේ පිටරට වල මිනිසුන් නොකන ලාබම මලු වර්ගය , (අ)
අපේ අය 'තණකොළ නොබුදිති සිංහ පැටවූ' කියලා හොරෙන් හොරෙන් කාවි.(නදී)
රට වටේම මුහුද මදිවට දැන් මේ මාළුවා ව වත් මරාගෙන කන්න හදනවා .අනේ මේ සත්තු වදවීගෙන යන කුලයට අයිති උනා නම් මුන්ගේ ජීවිත බේරෙනවා. (අ)
සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය මාළු කෑම 100% ගෙන්වන්නේ පිට රටින්. මෙම මාළුන් ගෙන් අවශ්‍ය මාළු කෑම නිෂ්පාදනය කල හැකියි.(නදී)
ගජබා කියල අපේ රටේ හිටපු රජ කෙනෙක්ගේ නමක් දාගෙන අදහස් දක්වන කෙනාට මන් කියා හිටිනවා පින් අයිති වෙයි ඔය නමින් ඔය ගොන් අදහස් දාන්න එපා කියලා. ඒ වගේම කෝ අපේ සේනාව අන්න අහිංසක සතුන් මරන්න පරීක්ෂණ හිටන් කරනවා ඒකට කතා කරන්නේ නැත්තේ ඇයි? (නදී)
දැනට 20ක් අහුවෙනවා නම් තව ටික කාලයක් යද්දී වෙන මාළුවෝ ඉතුරු වෙන එකක් නෑ. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හිතෙන හිතෙන දේවල් ආනයනය කරාම මෙහෙම වෙන්නේ.(නදී)
පේරාදෙනි විශ්ව විද්‍යාල කෘෂිකර්ම පීඨ ධීවර අංශය අවට පරිසරය ගැන තමන්ගේ යුතුකම ඉටු කරන අධ්‍යනාංශයක් බවයි අදහස් කලේ. කණගාටුවෙන් වුවත් සදහන් කලයුතු දෙයක් තමයි, අපේ විශ්විද්‍යාල වල පර්යේෂණ සමග රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල කාර්මික සහයෝගීතාව එකට බැදීම අඩු බව. මෙම පර්යේෂණය එවැනි සහයෝගීතාවයකට කදිමයි . (නදී)
දැන් ඉතින් උම්බලකඩ ගේන්න කඩේ යන්න ඕනෙත් නැහැ වියදමකුත් නැහැ ටැංකියට අත දැම්මා කෑල්ලක් ගත්තා සම්බෝලේ හැදුවා. සැමන් නම් ඉතින් ටින් කරන්න යන වියදමත් ඉතුරුයි.(නදී)
මෙම මාළුවන් වෙනත් රට වලට යවන්න විදේශ විනිමය එන වැඩක්.(නදී)
සැමන් කියන්නේ ටින් කිරීම සදහා බහුලව ගන්නා මාළු වර්ගයක් නේද? (නි)
අවට පරිසරය ගැන තමන්ගේ යුතුකම ඉටු කරන අධ්‍යනයක් බවයි පෙනෙන්නේ. ඔබගේ පර්යේෂණය අගය කරමි. මෙම පර්යේෂණය සඳහා අරමුදල් ලබාදී ඉදිරියට ගෙන යනවා ඇතැයි බලාපොරොත්තු වෙමි. (නදී)
මේ ප්‍රවෘත්තිය දැක්කම මගේ ඇඟ කිලිපොලා ගියා. මොකද මේ වැඩේ අර කට්ටියට ආරංචි උනොත් අර පර්යේෂණ කරපු නිලධාරියත් ඉවරයි. (නදී)