පැයකට පසු ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළ නමුත් ඒ9 හා ඒ6 මාර්ග තවමත් වසා ඇත.
මේ වන විට මාර්ග වසා පැය පහකට වැඩි කාලයක් ගතවී ඇති බව ප්‍රදේශවාසීහු කියති.
ලොකු ලූනු ගොවීන්ගේ උද්ඝෝෂණයක් නිසා දඹුලු ආර්ථික මධ්‍යස්ථානය පැයකට වසා දැමූ බව එහි පාලකයෝ කියති.
මහනුවර යාපනය ඒ නවය මාර්ගය ද, දඹුල්ල කොළඹ ඒ හය මාර්ගයද ගොවීන් විසින් අවහිර වී ඇති බව පොලිසිය කියයි.
දඹුල්ලේ ලොකු ලූනු කිලෝවට රුපියල් 80ක 90ව මිලක් ඉල්ලමින් ලොකු ලූනු ගොවියෝ 500ක් පමණ අද උදේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලාගෙන උද්ඝෝෂණ ඇරැඹූහ.
එළවළු රැගත් ලොරි සියයක් පමණ පාර දිගේ නතර කර ඇති අතර කිසිම ලොරියකට මධ්‍යස්ථානයට ඇතුළු විය නොහැකි ලෙස ගේට්ටුද වසා තිබේ.
ගොවීන්ගේ ඉල්ලීම වනුයේ තමන් ඉල්ලන මිල දෙන්නට බැරි නම් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන ලෙසයි.
ගොවීන් පවසනුයේ ලොකු ලූනු කිලෝව රුපියල් 40-60 අතර මිලකට ඉල්ලන බවයි. ඒ මිලට දීමෙන් වියදමවත් නොලැබෙන බව ඔහු කියයි. ගොවීන්ගේ තවත් මැසිවිල්ලක් වනුයේ රටින් ගෙන්වන ලූනු දඹුල්ලේ නැතත් කොළඹ හා තවත් ප්‍රදේශවල අඩු මිලට විකුණන බවයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ගොවි මහතුනි...! රජයේ සේවකයන් මෙන්ම බත සපයන ගොවියා ගැනත් ඇස් ඇරෙන්න මේක හොඳ ආරම්භයක් වේවා..! (නි)
ගොවි සටනට සහය පතමු. කවදත් හඬක් නැති අසරණම මිනිස්සු. තමන්ගේ ශක්තිය එකමුතුකම බව දැනගැනීමත් සතුටක්. (නි)
මේ මිනිස්සුන්ගේ සටන සාධාරණ වුණත් මේ පාරවල් වහගෙන විරෝධතා දක්වන එකනම් නීතියක් මගින් හරි තහනම් කරන්න ඕනේ. එකෙනුත් පිඩාවට පත් වෙන්නේ එදිනෙදා ගමන් බිමන් යන අහිංසක ජනතාවමයි. අඩුමගානේ පාරවල් අවහිර නොකර අදාල දේශපාලකයන්ගේ ගෙවල් ළඟටවත් ගිහින් විරෝධතා කළා නම් පාලකයන්ටවත් පෙනිලා විසදුමක් දේවි. (අ)
උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙන්න ඕන , එත් පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණ කිරීම තහනම් කිරීමට අපේ රටේ තියෙන නීතියේ ප්‍රතිපාදන නැතිද ? (ර)
ලොකු ලූනු හොද මිලක් ගන්නනේ යහපාලනයට ඡන්දෙ දුන්නනේ ,දැන් ඉතින් හැමදාම පාරේ ළඟින්න වෙයි ,ලොකු ලූනු ,මාළු මිරිස් ,අමු මිරිස් ටික කුනුවෙනකන්ම .වෙනස සැපයි නේද යාලුවේ . (අ)
ඉල්ලීම් සාධාරණ වුණත් මාර්ග වහන එක ගැන නම් ලංකාවට ලොකු අපකීර්තියක් ගෙන දෙන්නේ. මෙහෙ ඉන්න විදේශ ජාතිකයින් අහන ප්‍රශ්න වලට දෙන්න අපිට උත්තර නැහැ (අ).
තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අනෙක් අයගේ අයිතිවාසිකම් නැති කරන එක වැරදියි නේද? මේක දොස්තරලාගේ වර්ජනයෙන් ලෙඩුන්ට කරන අසාධාරණයට සමානයි. (නි)
සමන්, ඔබ හරියටම හරි. යහපාලනයේ කෙරුවාව රට පුරා අද ඇතිවී ඇති තත්වය අනුව හොඳින්ම පෙනීයනවා. (නි)
මේ මිනිස්සුන්ගේ සටන පාරවල් වහගෙන විරෝධතා දක්වන එකනම් නීතියක් මගින් හරි තහනම් කරන්න ඕනේ. (ම)
රට පුරාම වර්ජන ..මේවාගෙන් තලෙන්නෙත් අහිංසක මිනිස්සුමයි..මේවාට උත්තර දෙනවාට වඩා මිනී ගොඩ දාන එක වඩා වැදගත්. (ම).
හැම දෙයක්ම පාලකයන්ගේ කර පිට නොපටවා.මහජනයා වන අපි යමක් කළ යූතූයි. සුළු දෙනෙක් කරන ඉල්ලීම් වලට මෙහෙම කරන එක හරි ද ?මොහුන්ව දැනුවත් කළ යුතුයි.අහිංසක ජනතාව ... (ම)
මේ මිනිස්සු තමන්ගේ මහන්සියට සරිලන මුදලක් ඉල්ලන්නේ ඒකට පාර කඩ වැහුවම මොකද අරු රටෙන් කොටසක් ඉල්ලන්න කඩ සාප්පු වහගෙන පෙළපාලි ගියේ අැයි ඒ ලංකාවේ නොවෙයිද නැත් නම් උන්ට බයේද (බ)
අස්වනු නෙලන කාලයට ආනයනික නිෂ්පාදන සීමා කිරීමට හෝ ඒවාට වැඩි බදු පැනවීමට බැරි ඇයි. ?දේශීය නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කිරීම රජයේ යුතුකමක්. ඒත් රජයේ වෙළඳ ප්‍රතිපත්තියෙන් ලාභ ලබන්නේ අතරමැදි මුදලාලිලා පමණයි. (ම)