මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව එම පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කරන විමර්ශන තවදුරටත් කරගෙන යෑමේ අරමුණින් පර්පෙචුවල් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු කරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකින් අත්හිටුවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ.
අදාළ අත්හිටුවීම ඊයේ (5) පස්වරු 4.30 සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව 2017 ජූලි මස 6 වැනිදා මුල් වරට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැනි පටන් අඛණ්ඩව මාස හයෙන් හයට එම අත්හිටුවීම දීර්ඝ කරන ලදි.
055
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කෙරේ
සිරිබිරිස් Tuesday, 07 July 2020 02:32 AM
අත්හිටුවන අන්තිම පාර තමයි ඔය... ඊට පස්සේ ඒ කට්ටිය ඔක්කොම එක බෝට්ටුවේ...
SHANAKA Tuesday, 07 July 2020 05:06 AM
මිනිසුන් රවටනවා... ඡන්දෙන් පස්සේ සේරම හොරු නිදහස් වෙයි.
athula Tuesday, 07 July 2020 10:17 AM
ඒ කියන්නේ සමාගම තහනම් කරලා එහෙම නැහැ. ඡන්දෙන් පස්සේ නඩුව සුහදව අවසන් වීමට නියමිතයි වගේ.